PDA

View Full Version : පැරණි ගී 2 (සත්‍ය ආදරය සහ පැරණි ගී)



Rebel
03-25-2013, 04:30 PM
කොහොමද යාලුවනේ..අදත් මන් පැරණි ගීතයක් හා ඒ හා බැදුණු ආදර කතාවක් ඔයාලට අරන් ආව.මන් මේ තරමට පැරණි ගී ගැන උනන්දු අපි ඉස්සර ඒ කියන්නේ 2010 A/L පන්ති යනකොට අපේ සර් ගොඩක් වෙලාවට පන්තියේ සින්දුවක් කියන්න අපිට අවස්ථාවක් දෙනවා.එක දිගට ඉගෙනගන්නකොට එපා වෙනවත්නේ.එතකොට අපි සිංදුවක් කියනවා.සර් කියන්නේ පරණ සිංදු.සිංදුව කියලා ඉවරවෙලා සර් අපිට එකේ තියෙන කතාවත් කියලා දෙනවා.එහෙම තමයි මන් පැරණි ගී වලට ආසාවක් ඇති උනේ.අද සින්දුවේ තේරුම බලමුකෝ.දන්න අයත් ඇති..

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලිහිණි..
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස වසා ඉගිලී..

http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/images1_zps6d465cca.jpg
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ..
තෙමි තෙමි ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/images2_zpsc2f5b51b.jpg
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ..
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ..


මේකත් පේරාදෙණියේ කැම්පස් එකේ සිදුවීමක් ඇසුරින් ලියවුනු ගීතයක්.ගොඩක් පැරණි ගී වලට මුලික වෙලා තියෙන්නේ කැම්පස් ජිවිතයේ ආදර කතා.කැම්පස් එකේ ගොඩාක් ආදරයෙන් හිටපු ජෝඩුවක් කැම්පස් 1න් අවුට් වෙලා යනකොට කෙල්ල සල්ලි තියෙන කොල්ලෙක්ව බැඳලා.ගොඩාක් කෙල්ලෝ එහෙමනේ.දුප්පත් කොල්ල එක්ක Luv කරලා සල්ලි තියෙන කොල්ලෙක්ව බදිනවා.නැත්නම් සල්ලි තියෙන කොල්ලෙක්ට සිරා කරනවා.දැන් ඒ දෙන්නා වෙන් වෙලා ගිහිල්ලා ටික කාලයකට පස්සේ අපහු මුණ ගැහෙනවා මේ විදියට..

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලිහිණි..
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස වසා ඉගිලී..

අහසේ වැහිලිහිණි පියාබන වැස්ස ටිකින් ටික වැඩි වී ගෙන එන වෙලාවක කොල්ලා ඉස්සරහින් කාර් 1ක් යනවා.ඒ කාර් එකේ glass 1 පහත් කරලා කෙනෙක් බලනවා.ඒ අර කොල්ලා ආදරේ කරපු පෙම්වතිය.එතකොටම කොල්ලට මතක්වෙනවා මේ වගේම වහින දවසක්..

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ..
තෙමි තෙමි ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

දේදුන්න පායලා අඳුරුවෙලා සෙංකඩගලට වහින වෙලාවක කොල්ලයි කෙල්ලයි වැස්සේ තෙමි තෙමි සීතලට තුරුල්වෙලා ගියා.එත් අද ඒ දෙන්නම ඒ වැස්සේ ගමනාන්ත දෙකක යන්නේ..

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ..
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ..

කාර් එක ඇතුලේ ඉන්න කෙල්ලට කාර් එකේ උණුසුම ලැබෙද්දී එළියේ සීතලේ ඉන්න කොල්ලව ඒ කාර් එකේ රෝද වලින්ම මඩ වතුර විදගෙන යනවා.ඒත් කොල්ලට තරහක් ඇති වෙන්නේ නෑ එදා දවස මතක් වෙන නිසා.මොකද එයාලා ආදරේ කරපු හැටි කාර් එක දැනගෙන හිටපු නැති නිසා..

පැරණි ගීතවල කොයි තරම් අර්ථවත් බවක් තියෙනවද.ඒවා කොයි තරම් හැගීම් බරද.හිතා ගන්නවත් බෑ නේද යාලුවනේ.අද ඒ වගේ ගීත බිහි වෙන්නේ නැති එක ගැන නම් ගොඩක් දුකයි.මගේ post එකට ඔයාලා කැමතිනම් සලකලා යන්න අමතක කරන්න එපා..



http://i1354.photobucket.com/albums/q682/Thishd/thanks_zps418984b3.gif

Time Traveler
03-25-2013, 05:21 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. බොහොම ස්තූතියි!

Castiel
03-25-2013, 06:35 PM
http://yoursmiles.org/msmile/pozitive/m1218.gif

chathurazeez
03-25-2013, 07:32 PM
නියමයි මචෝ. දිගටම මේ වැඩේ කරගෙන යමු. අනිවා රෙප් දෙන්න ඕනෙ මේකටත් කලින් එකට වගේම. Rep 2+

මරු හිරා
03-25-2013, 10:01 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Rebel
03-25-2013, 10:44 PM
නියමයි මචෝ. දිගටම මේ වැඩේ කරගෙන යමු. අනිවා රෙප් දෙන්න ඕනෙ මේකටත් කලින් එකට වගේම. Rep 2+

ස්තුතියි යාලුවා.....:thumbsup::thumbsup:

thilanka mihiranga
04-04-2013, 01:52 PM
:thumbsup: