PDA

View Full Version : මරණාසන්න රෝගියෙකු බලාගන්නේ මෙහෙමයි



Time Traveler
04-07-2013, 03:23 PM
මරණාසන්න රෝගියෙකු බලාගන්නේ මෙහෙමයි.

http://dahamsabava.files.wordpress.com/2013/01/eutanasia51.jpg

මරණය ඕනෑම කෙනෙකුට පොදු දෙයකි. එසේම තමා කෙදිනක හෝ මිය යන බව නොදන්නා කෙනෙකුද නැතිය.
රෝගීන් පිළිබඳව ද එසේය. කෙනෙකු රෝගී වූ විට ඔහු උපරීම උත්සාහ කරන්නේ කෙසේ හෝ තම රෝගය ඉක්මනින් සුව කර ගැනීමටය. නමුත් එසේ සුව නොවන රෝග ද නැත්තේ නොවේ. එවැනි සුව නොවන රෝග නිසා කෙටි කලකින් මිය යන රෝගීහු ද බොහෝ සිටිති.
ඒඩ්ස් රෝගය වැලඳුණු රෝගියෙකු ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් මා සමඟ කතා කළේය. ඔහු දැනටමත් ඒ සඳහා දේශීය, විදේශීය ඖෂධ භාවිත කරමින් සිටින අයෙකි. ඔහුගේ දැඩි උත්සාහයක් පැවතුණේ කෙසේ හෝ තම රෝගය සුව කර ගැනීමටය. ඒඩ්ස් රෝගය නිට්ටාවට සුව කළ හැකි ක්‍රමයක් ගැන ඔහුට දැනගන්නට ලැබුණේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ “නැත” යන්නයි. ඔහු නිවැරැදිය. එසේ නම් ඔහු මා හමුවීමට හේතුව කුමක්දැයි මම පෙරළා ඇසුවෙමි. එවිට ඔහු ලබා දුන් පිළිතුර සෑම දෙනෙකුටම දැනගැනීමට වැදගත් කරුණකි.
http://www.silumina.lk/2012/05/27/patient-2.jpg
ඔහුගේ විශ්වාසය වූයේ “මනස” ශක්තිමත් කිරීම මඟින් ඕනෑම රෝගයකට සතුටින් මුහුණ දීමට හෝ රෝගයක් පාලනය කිරීමට හෝ සුව කිරීමට හැකිවන බවයි. තමා ජීවත්වන තුරු සතුටින් සිටීමටත්, රෝගය සමඟ සටන් කිරීමටත්, යම් දිනෙක රෝගය නිසා තමාට මිය යන්නට සිදුවුවහොත් සතුටින්, සාමකාමී මරණයකට මුහුණ දීමටත් ඔහුට අවශ්‍ය විය. ඔහුගේ අදහස් පිළිබඳව ඔබ සිතන්නේ කුමක් ද?
සුව කළ නොහැකි, මාරාන්තික, කෙටි කාලයක් ජීවත්වන රෝගීහු කොතෙකුත් අප අතර සිටිති. එසේම රෝහල්වල රෝග නිශ්චය කිරීම්වලදී එවැනි රෝගීහු අලුතින් හඳුනා ගැනෙති. එම රෝග සුව කළ නොහැකි වුවද ඔවුන්ව තාවකාලික ප්‍රතිකාර ක්‍රමවලට යොමු කරනු ලබති.
ඉන්පසු ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය ගතවන්නේ කෙසේ ද?
ඔබ නිරෝගී පුද්ගලයකු යැයි සිතන්න. නමුත් හදිසියේ ඔබ රෝගී වීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඔබට මාරාන්තික රෝගයක් ඇති බවත්, තව ටික කලකින් ඔබට මිය යාමට සිදුවන බවත් දැනගතහොත් ඔබට සිතෙන්නේ කුමක් ද?
අසාධ්‍ය රෝග තත්ත්වයක් ඇති රෝගීන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට එම කතාව ප්‍රමාණවත්ය. ඔවුන් සහ ඔවුන්ගේ නැදෑ හිත මිතුරෝ මහත් වූ අර්බුද රැසකට මුහුණ දී සිටිති. එවැනි තත්ත්වයට පත්වූ රෝගීන්ගේ මානසික තත්ත්වය ගොඩනැඟීම සඳහා කළ හැක්කේ කුමක් ද?
http://www.silumina.lk/2012/05/27/patient.jpg
මෙහිදී මුලින්ම සලකා බැලිය යුතු කාරණය මෙයයි. යම් අයෙකුට මාරාන්තික, සුව කළ නොහැකි පිළිකාවක් වැනි රෝගයක් ඇති බව නිශ්චය කළ පසු ඒ බව මම රෝගියාට පැවසිය යුතු ද යන්නයි.
එවැනි ආරංචියක් අසන්නට ලැබීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ දුක්ඛදායකම කාරණය විය හැකිය. රෝගියකුට තමන්ගේ රෝගය පිළිබඳව දැනගැනීමට පූර්ණ අයිතියක් තිබේ. ඒ පිළිබඳව වාදයක් නැත. නමුත් එවැනි රෝගයක් ගැන දැන්වීමට පෙර රෝගියාගේ මානසික තත්ත්වය පිළිබඳව සලකා බැලිය යුතුය.
මා දන්නා එක්තරා පිළිකා රෝගියෙක් සිටියේය. ඇය වයස අවුරුදු 60 ක් පමණ වන මවකි. ඇය ඉතා සංවේදී මවකි. ඒ නිසා ඇයගේ දරු මුනුපුරන් කිසි දිනෙක ඇයට පිළිකාවක් ඇති බවත් හෝ ඒ නිසා මියයන බවත් කීවේ නැත. අවශ්‍ය අනෙකුත් ප්‍රතිචාර සියල්ල ලබා දුන් අතර ඇය ද ඒ බව නොදැන කල් ගෙව්වාය. තම දරු මුනුපුරන් නිතර තමා බලන්නට පැමිණීමත් ඔවුන්ගේ ආදර කරුණාවත් ලබමින් ඇය මියයන තුරුම ඉතා සතුටින් ජීවත් වූවාය. ඇය යම් කිසි ආකාරයකට තම රෝගය ගැන දැන ගත්තේනම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබිණි.
රෝගයක් නිසා ඉක්මනින් මිය යාමට සිදුවීම දුක් සහිත දෙයක් වුවත් ඒ සඳහා මුහුණ දීමට ශක්තියක් ඇති අයෙකුට නම් කළ හැකි දේ බොහෝ තිබේ. ඒ නිසා තමාගේ රෝගය පිළිබඳව මනා අවබෝධයක් තිබීම වැදගත් කරුණකි.
සුව කළ නොහැකි රෝගීන් දිගටම රෝහලේ තබාගන්නේ නැත. අවශ්‍ය ප්‍රතිකාරවලින් පසු ඔවුන්ව ඥාතීන්ට බාර දී, ඔවුන්ව හොඳින් රැක බලා ගන්නා ලෙස උපදෙස් ලබා දෙනු ලැබේ. ඔවුන්ට කියන්නේ කැමති දෙයක් කන්නට, බොන්නට දෙන්න කියාය. ඉන්පසු ඔවුන් ජීවත් වන්නේ තම නිවෙස්වලය.
එසේ සිටින අතර රෝගය නිසා ඇතිවන විවිධ දුක්, වේදනා ආදිය දරා ගැනීමට ඔවුන්ට සිදුවෙයි. ඖෂධ, ප්‍රතිකාර ආදිය සඳහා මුදල් වියදම් වෙයි. තමන් නිසා තම පවුලේ අයට විඳින්නට වන ගැහැට පිළිබඳව ඔවුහු කම්පා වෙති.
වකුගඩුවක් බද්ධ කිරීම සඳහා සොයා ගැනීමට නොහැකි වූ රෝගියෙකු රෝහලේ ඉහළ මහලේ සිට බිමට පැනීමෙන් සියදිවි නසාගත් පුවතක් කලකට ඉහත දී අසන්නට ලැබිණි. තවත් එවැනි අසාධ්‍ය රෝගීහු තම ජීවිත නැතිකර ගනිති. මෙයට හේතුව ඔවුන්ගේ දුර්වල මානසික මට්ටමයි.
එබැවින් ඔවුන් ජීවත්වන තුරු ආදර, කරුණාවෙන් රැක බලා ගත යුතුය. ඔවුන් කැමති අකමැති දේ සොයා බලා ඒවා ඉටු කළ යුතුය. ඇතැම් අය ආගමික කටයුතුවලට නැඹුරු වෙති.
http://www.lakehouse.lk/budusarana/2013/01/11/z_p09-marana2.jpg
මියයමින් සිටින පුද්ගලයා විශ්වාස කරන ආගමට අනුව ඒ ඒ ආගමික කටයුතු(බෞද්ධනම් සංඝයාවහන්සේලා වැඩම කරවාලා ධර්මය ඇසීමට සැලැස්වීම වැනි දේවල්)සිදු කරලීම වඩා හොඳ දෙයකි. සිරුරේ දැඩි අපහසුවකින් සහ හිතේ දැඩි වේදනාවකින් සිටින විට ඔවුන්ගේ ඉවසීම අඩු මට්ටමක පැවතිය හැකිය. ඒ පිළිබඳව අවධානයකින් සිටිය යුතුය. රෝගියකු සිහි මඳ තත්ත්වයෙන් සිටින අවස්ථාවල වුවත් ඔහුට අවට පරිසරයේ අය කියන කරන දෙය පිළිබඳව වැටහීමක් තිබිය හැකිය. එබැවින් රෝගියාගේ මනසට පීඩා වන කිසිවක් කතා කිරීම නොකළ යුතුය.
රෝගියකු මියයන වේලාව හරියටම පැවසීමට වෛද්‍ය විද්‍යාවට තවමත් හැකි වී නැත. නමුත් ආසන්න වශයෙන් අදහසක් ප්‍රකාශ කළ හැකිය. මරණයට පත්වීම එක් එක් පුද්ගලයාට දැනෙන්නේ විවිධ ආකාරයට බව පෙනී යයි.
මරණය දුකක් මෙන් පෙනුණත් එය ‘අස්වැසිල්ලක්’ වන අයත් සිටිති. දැඩි වේදනාවල් විඳිමින් විඳ වනවාට වඩා මියයාම හොඳ බව පවසන අය සිටිති. තමන් මේ ජීවිතයේ කළ යුතු සියලු යුතුකම් කොට අවසන් නිසා, තමාට සතුටින් මිය යා හැකි බව පවසන අය සිටිති. ඒ සඳහා බලපාන්නේ ඔවුන්ගේ ආකල්ප, අදහස් සහ ආගමික විශ්වාස ආදියයි.
රෝගය අසාධ්‍ය වීමෙන් මියයන අය කොතෙකුත් අපට හමු වී ඇත. ජීවත් වන විට අපට ඒ බව දැනෙනවා මෙන්, මිය යන රෝගීන්ට ද තමා මිය යන බව හොඳින් දැනෙයි.
ඒ නිසා ඔවුනට කරුණාවෙන් සැලකිය යුත්තේ තමන්ට ද එවැනි අවස්ථාවක් පැමිණෙන නිසාය.

http://www.silumina.lk/2012/05/27/dr.-damith-hettiarachchi.jpg

උපුටාගැනීම silumina.lk (http://www.silumina.lk/2012/05/27/_art.asp?fn=am1205272)වෙබ්අඩවිය නි.

http://www3.picturepush.com/photo/a/12627006/1024/Extras/Copy-of-Death.jpg
http://www.lakehouse.lk/budusarana/2009/08/05/z_p11-maranaya.jpg

:47_002:

http://www2.picturepush.com/photo/a/10657470/1024/Projector-Screen/The-End-3.gif
සියළුදෙනාට සම්මා සම්බුදු සරණයි!

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

isuru503
04-07-2013, 03:27 PM
Api Kawadahari Merenawa........Jiwathwena Kalaye Hodin Inna one.................

isuru503
04-07-2013, 03:28 PM
Niyama Wedak ,,,,Thanks Sahodaraya...................:thumbsup::thumbsup:: thumbsup::thumbsup:

janith nilanga
04-07-2013, 03:33 PM
GOOD POST & GOOD WORK ,,,,,,,,,,,,,,,,,Thank's Machan.................:thumbsup::thumbsup::thumbs up::thumbsup:

මරු හිරා
04-07-2013, 03:45 PM
හොඳ පෝස්ට් එකක්
රෙප් 10++++++++++

CJA
04-07-2013, 04:05 PM
Book Marked... Rep

Time Traveler
04-07-2013, 04:26 PM
Niyama Wedak ,,,,Thanks Sahodaraya...................:thumbsup::thumbsup:: thumbsup::thumbsup:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

damith225
04-07-2013, 04:29 PM
Thanks for info macho

Time Traveler
04-07-2013, 04:34 PM
Api Kawadahari Merenawa........Jiwathwena Kalaye Hodin Inna one.................
ජීවත්ව ඉන්න කාලේ සංතෝෂයෙන් කාටවක්වත් වරදක් කරන්නැතිව, ලෝකයට යහපතක් කරමින් ජීවත්ව ඉඳලා කවදාහරි අපි මැරෙන දවසේදී ඒ ත්‍රාසජනක අභියෝගෙටත් නිර්භීතව, සතුටින් මුහුණදෙමු නේද?
:)

Time Traveler
04-07-2013, 04:35 PM
Book Marked... Rep

:yes:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Time Traveler
04-07-2013, 04:35 PM
GOOD POST & GOOD WORK ,,,,,,,,,,,,,,,,,Thank's Machan.................:thumbsup::thumbsup::thumbs up::thumbsup:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Time Traveler
04-07-2013, 04:36 PM
Thanks for info macho
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Rebel
04-07-2013, 04:37 PM
Good Post Buddy...
rep++

Time Traveler
04-07-2013, 04:38 PM
හොඳ පෝස්ට් එකක්
රෙප් 10++++++++++

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-07-2013, 04:40 PM
Good Post Buddy...
rep++
:cool:
ස්තූතියි මචෝ!

Naveen
04-07-2013, 07:20 PM
:yes:

hirushan123
04-07-2013, 07:47 PM
Onna puluwan widiyata salakuwa

Ushantha
04-07-2013, 08:32 PM
වැදගත් ලිපියක් යාලු. රෙප් ++++

Axio
04-07-2013, 09:43 PM
Watina post ekak TT'ya...!!!

Rep +++

tanuja
04-08-2013, 06:12 AM
good post. rep+

Sithum Dinesh
04-08-2013, 06:22 AM
honda lipiyak TT.

Daedunu
04-08-2013, 06:44 AM
වැදගත් ලිපියක්.

kiripaan
04-08-2013, 06:46 AM
වටිනා අදහස් ටිකක්. හැමෝටම දැනගන්න සලස්සුවට ස්තුතියි
Rep + +

shashi1987
04-08-2013, 11:08 AM
සුපිරිම පෝසට් එකක්.... රෙප්...

Story Teller
04-08-2013, 11:15 AM
ජීවත්ව ඉන්න කාලේ සංතෝෂයෙන් කාටවක්වත් වරදක් කරන්නැතිව, ලෝකයට යහපතක් කරමින් ජීවත්ව ඉඳලා කවදාහරි අපි මැරෙන දවසේදී ඒ ත්‍රාසජනක අභියෝගෙටත් නිර්භීතව, සතුටින් මුහුණදෙමු නේද?
:)



හැමෝම මේ වගේ හිතනව නම් අද ලෝකෙ මීට වඩා සුන්දර තැනක් වෙන්න තිබුනා.

Time Traveler
04-08-2013, 02:25 PM
:yes:

:yes:

Time Traveler
04-08-2013, 02:27 PM
Onna puluwan widiyata salakuwa

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:28 PM
වැදගත් ලිපියක් යාලු. රෙප් ++++

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:29 PM
Watina post ekak TT'ya...!!!

Rep +++

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:31 PM
good post. rep+

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:32 PM
honda lipiyak TT.

:cool:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:34 PM
වැදගත් ලිපියක්.

:cool:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:36 PM
වටිනා අදහස් ටිකක්. හැමෝටම දැනගන්න සලස්සුවට ස්තුතියි
Rep + +

:cool:
ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 02:37 PM
සුපිරිම පෝසට් එකක්.... රෙප්...

:cool:
ස්තූතියි මචෝ!

KH7
04-08-2013, 02:37 PM
Good Info Machan.. Rep+

Time Traveler
04-08-2013, 02:39 PM
හැමෝම මේ වගේ හිතනව නම් අද ලෝකෙ මීට වඩා සුන්දර තැනක් වෙන්න තිබුනා.

:yes::yes::yes:
ඒක සම්පූර්ණ ඇත්ත.

Time Traveler
04-08-2013, 02:41 PM
Good Info Machan.. Rep+

:yes:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Gayan Gamage
04-08-2013, 02:43 PM
ගොඩක් වටින දැනුවත් කිරීමක්...
ගොඩක් ස්තූතියි....
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
04-08-2013, 03:24 PM
ගොඩක් වටින දැනුවත් කිරීමක්...
ගොඩක් ස්තූතියි....
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

:cool:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

thilanka mihiranga
04-09-2013, 09:56 AM
ස්තූතියි මචන්.. ඔන්න අරව දුන්න

Time Traveler
04-09-2013, 10:21 AM
ස්තූතියි මචන්.. ඔන්න අරව දුන්න

:cool:
ස්තූතියි මචෝ!

isuru503
04-09-2013, 01:13 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
04-09-2013, 04:22 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

ස්තූතියි යාළුවා!
:)

kasun chathuranga
04-09-2013, 05:18 PM
ස්තූතියි යාලු...වටිනා පොස්ට් එක :thumbsup:

Time Traveler
04-09-2013, 05:20 PM
ස්තූතියි යාලු...වටිනා පොස්ට් එක :thumbsup:

:cool:
කමාන්ටුවට ස්තූතියි මචෝ!