PDA

View Full Version : ලෝක උරුමයක්‌ වූ සීගිරිය



janith nilanga
04-08-2013, 12:10 PM
ලෝක උරුමයක්‌ වූ සීගිරිය


සීගිරි චිත්‍ර, කුරුටු ගී හා සීගිරි පුරවරය පිළිබඳ අපි බොහෝ දැ අසා ඇත්තෙමු. එමෙන්ම මේ විශිෂ්ට නිර්මාණයේ නිර්මාතෘවරයා වන කාශ්‍යප රජතුමාගේ කලා රසිකත්වය ගැනද පොත්පත්වල විස්‌තරාත්මක ලෙස පැහැදිලි කොට ඇත්තේය. සැබැවින්ම සීගිරිය වනාහි දැනට ආසියාවේ ශේෂව ඇති ඉපැරැණි නාගරික සංකීර්ණ අතුරින් එකකි.

මෙහි ක්‍රි. ව. 5 වැනි සියවසට අයත් ජල උද්‍යාන කලාව, වාස්‌තුවිද්‍යාව, නාගරික සැලසුම් කරණය, චිත්‍ර කලාව ආදී ක්‍ෂෙත්‍ර ගණනාවක විශිෂ්ට ලක්‍ෂණ මනාලෙස පෙන්නුම් කොට ඇත්තේය. සීගිරිය පිළිබඳ මහාවංශ කතුවරයා දක්‌වන්නේ අපූරු අදහසකි. මිනිසුන් විසින් නැංග නොහෙන ඒ පව්වට සිසාරා සුද්ධ කරවා පව්රෙකින් පිරිකෙව් කොට එහි හිණි ගෙවල් සිංහයන් බඳුකරවිය එහෙයින් සීගිරි නම් වී" (මහාවංශය 39(2-3)

එහෙත් අප මේ කියන්නට යන්නේ සීගිරිය වැනි මහා නිර්මාණයක්‌ කිරීමට තරම් සම්පත් හා දත්තයන් ඒ යුගයේදී රටේ පැවැති බවය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව සීගිරිය දීර්ඝකාලීන විශේෂ සැලැස්‌මකට අනුව ඉදිකළ නාගරික සංකීර්ණයකි. දුටුවන් මවිත කරවන මෙවැනි නිර්මාණයක්‌ කිරීමට නම් ඒ යුගයේදී රටේ ස්‌ථාවර තත්ත්වයක්‌ මෙන්ම ආර්ථික වශයෙන් යහපත් තත්ත්වයක්‌ද රට තුළ තිබෙන්නට ඇත. පුරාවිද්‍යාත්මක සාධක වලින් ඒ බැව් තහවුරු වන බව පවසන්නේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතාය.

කාශ්‍යප රජුට පවුරු පදනම් සහිතව මෙවැනි සුවිශාල නාගරික සංකීර්ණයක්‌ ගොඩනැගීම සඳහා එකල රටේ පැවැති කෘෂිකාර්මික හා කාර්මික දියුණුව මෙන්ම ඉදිකිරීම් සඳහා ස්‌වභාවික සම්පත් උපයෝගී කරගත් අයුරු අප සමඟ විස්‌තර කළේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වලයන්ය. ගාමිණී දොඩම්වල සීගිරි ව්‍යාපෘතියේ දිගුකලක්‌ සේවය කළ අයෙකි. සීගිරි මහවැව පිළිබඳ ඔහු ගවේෂණයක්‌ද කළේය. මොහු පුරාවිද්‍යාවන්ට අදාළ පොත්පත් රාශියක්‌ රචනා කොට ඇති විද්වතෙකි. ලේඛකයෙකි.

මේ ලිපිය දිග හැරෙනුයේ ගාමිණී දොඩම්වල සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරෙනි.

සීගිරිය ගැන සඳහන් කරනවිට අපේ මතකයට නිතැතින්ම එන්නේ කාශ්‍යප රජතුමන්ය. කාශ්‍යප රජතුමාගේ පියාවන ධාතුසේන රජතුමන් ගැන සඳහන් වන්නේ ඉතා අඩුවෙනි. පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වලගේ මතයට අනුව නම් කාශ්‍යප රජතුමන්ට සීගිරි නාගරික සංකීර්ණය ගොඩනැගීම සඳහා අවශ්‍ය වටපිටාව, ආර්ථික තත්ත්වය ධාතුසේන රජතුමා විසින් රට තුළ නිර්මාණය කළ බවය. ධාතුසේන රජතුමන් විසින් ඔහුගේ පාලන කාලයේදී (ක්‍රි. ව. 461-479) රටතුළ ප්‍රධන වැව් 16 ක්‌ හා කුඩා වැව් විශාල සංඛ්‍යාවක්‌ ඉදිකොට රට කෘෂිකාර්මික වශයෙන් ස්‌වයංපෝෂිත කළේය.

එමෙන්ම විදේශීය ආක්‍රමණවලින් රට මුදවාගෙන රටතුළ ස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කළේය. ධාතුසේන රජතුමා විදේශීය රටවල් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේය. වැව්වලට අමතරව ප්‍රධාන විහාරස්‌ථාන 16 ක්‌ ඉදිකරනු ලැබීය. මේ නිසා රටතුළ සංස්‌කෘතික ප්‍රබෝධයක්‌ ඇතිවිය.

මේ තුළින් පැහැදිලි වන්නේ කාශ්‍යප රජුට සීගිරිය වැනි මහා නිර්මාණයක්‌ කිරීමට අවශ්‍ය පසුබිම ධාතුසේන රජතුමා විසින් රටතුළ ගොඩනගා තිබූ බවය. කෙසේ වුවද මහාවංශයට අනුව පිතෘ ඝාතක කාශ්‍යප රජු මුගලන් කුමරුගෙන් බේරීම සඳහා සීගිරියේ බළකොටුවක්‌ තැනූ බව සඳහන් වේ. සීගිරිය පිළිබඳ පර්යේෂණ කළ විද්වතකු වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කාශ්‍යප රජු පිතෘ ඝාතකයකු ලෙස සැලකීමට කැමැති නැත. මහාවංශයේ කුමන ආකාරයකට සඳහන් වුවද සුවිශේෂී පරිසර පද්ධතියකට ජීවය දෙමින් දෙවිරාජ සංකල්පයේ උපරිමය දක්‌වා ගමන් කළ කාශ්‍යප රජු වැනි අයකුගෙන් එවැනි දෙයක්‌ සිදුවිය නොහැකි බව පරණවිතාන මහතාගේ අදහසකි.

කෙසේ වුවද කාශ්‍යප රජුගේ (ක්‍රි. ව. 479 - 497) වසර දහඅටක පාලන කාලය තුළදී සීගිරිය නාගරික සංකීර්ණය ඉදිවීමත් සමඟ එම ප්‍රදේශය තුළ ආර්ථික, සමාජීය හා පාරිසරික ක්‍ෂේත්‍රවල ශීඝ්‍ර වර්ධනයක්‌ වී ඇති බැව් පුරාවිද්‍යාත්මක සාධකවලින්ද තහවුරුවී ඇත. කොටින්ම කිවහොත් මෙකී ප්‍රදේශය ප්‍රධාන විපර්යාසයන්ට භාජන කළ පුද්ගලයා කාශ්‍යප රජුය.

සීගිරිය නාගරික සංකීර්ණය ඉදිකිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම උපයෝගී කරගෙන ඇත්තේ ප්‍රදේශයේ තිබූ ස්‌වභාවික සම්පත්ය. සීගිරිය වැවත් සමඟ ඇතිවූ කෘෂිකාර්මික දියුණුවත් සමඟ සීගිරිය වැනි විස්‌මිත නිර්මාණයක්‌ කිරීමට තරම් සම්පත් හා දත්තයන් මේ යුගයේදී තිබූ බව ඉතා පැහැදිලිය.

මෙහිදී සීගිරි වැව මෙන්ම එහි අතීත ජලවහන පද්ධතිය ගැනද සඳහන් කළ යුතුවේ. ප්‍රදේශයේ ප්‍රධාන ජලවහන පද්ධතිය ආරම්භ වන්නේ නුවරගල කඳු ආශ්‍රිත ප්‍රදේශයෙනි. නුවරගල කඳු වැටියේ වූ නුවරගල වැවේ සිට නාගොල්ල ඔය වශයෙන් ආරම්භවන ඇළ වෑවල ප්‍රදේශයේදී හරස්‌ කොට වෑවල වැව නිර්මාණය කොට තිබේ. මෙම ප්‍රදේශයේදී එය හඳුන්වන්නේ වෑවල ඔය වශයෙනි. ඉක්‌බිති වෑවල ඔය කිරි ඔය වශයෙන් හඳුන්වන අතර එහි ජලය මින්නේරිය වැවට එකතු වේ. වෑවල වැවෙන් හා කුඩා ගෝණ වැවෙන් ආරම්භවන ඇළවල් මගින් සීගිරිය මහවැව පෝෂණය වේ. වෑවල වැව ප්‍රදේශයේ වූ ජල මූලාශයක්‌ සහිත ප්‍රධාන වැවකි. අතීතයේ සුවිශාල වූ වැවක්‌ ලෙස පැවැති සීගිරිය මහවැවට ජලය සපයන ලද්දේ මෙහි සිටය.

සීගිරි මහවැව කුඩා වැව් කිහිපයක්‌ එක්‌කොට ඉදිකළ වැවකි. අතීතයේදී සීගිරි මහවැව වේගොල්ල, ගල්ඉදියා, හුඹස්‌ගමුව, ඉරහඳකෙටූ නායටන්වල ආදී කුඩා වැව් කිහිපයකින් සමන්විතව තිබූ බව ගාමිණී දොඩම්වල පවසන්නේය. මෙකි මහ වැවේ වෑකන්ද කිලෝමීටර් 15 ක පමණ දිගකින් යුක්‌තය. වර්තමානයේ මෙකී ප්‍රදේශයේ ගම්මාන බිහිවී ඇති අතර ඇතැම් ප්‍රදේශ ජනාවාස බවට පත්ව ඇති බවද ගාමිණි දොඩම්වල කියන්නේය.

සීගිරි වැවේ සිට ආරම්භවන යාංඔය සීගිරි ඔයට මෙහි සිට හුරුල්ල දක්‌වා ගමන් කරයි. මෙහි අවට වූ වැව් අතර කුඩාගෝණ වැව, හුළං කැපුවැව, ඉහළවැව, පහළවැව, හිරිවඩුන්න වැව, මකරයාවැව, වන්නිගමයා වැව, කුඩා උල්පත පිදුරුගල වැව, අලකොළ වැව ආදී වැව් රාශියක්‌ හඳුනාගත හැකිය. මේ තුළින් පැහැදිලි වන්නේ එකළ මෙම ප්‍රදේශයේ ඉතා සාර්ථක වැව් පද්ධතියක්‌ තිබූ බවය. මේ නිසා ඈත අතීතයේදී සීගිරි වැවෙන් විශාල කුඹුරු ප්‍රමාණයක්‌ අස්‌වද්දන්නට ඇත. කෘෂිකර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක්‌ තිබූ බවද මේ තුළින් පැහැදිලි වන්නේය. සීගිරි මහවැව ධාතුසේන රජතුමා විසින්ද නැතහොත් කාශ්‍යප රජතුමා විසින් ඉදිකළාද කියා නිශ්චිතව සඳහන් කළ නොහැකි බැව් ගාමිණී දොඩම්වලයන්ගේ අදහසයි.

කෙසේ වුවද සීගිරිය වැනි විස්‌මිත නිර්මාණයක්‌ කරන්නට මේ තුළින් වූ පිටිවහල සුළුපටු නොවන බව නම් පැහැදිලිය. ගාමිණී දොඩම්වලයන් පවසන්නේ මහාපරාක්‍රම සමුද්‍රය තෝපාවැව, එරමුදුවැව, දුඹුටුළු වැව, භූවැව, තලගහවිල වැව යන කුඩා වැව්වලින් සමන්විත වූ ආකාරයටම සීගිරි මහවැවද කුඩා වැව්වලින් සමන්විතව තිබූ බවය. අනිත්කාරණය වන්නේ සීගිරිය ප්‍රදේශයේ ගල්ළිඳ, අලකොළවැව, වෑවල හා ලේනව යන ප්‍රදේශ එක්‌ කාලයකදී යකඩ කර්මාන්තය ව්‍යාප්තව තිබූ බවය. මේ අනුව සීගිරි ප්‍රදේශය අතීත ලංකීක යකඩ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ සුවිශේෂවූ කාර්යයක්‌ ඉටුවූ ප්‍රදේශයකි. මේ සඳහා කාශ්‍යප රජතුමාගේ පාලන කාලයේදී විශාල රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබී ඇති බව නිෂ්පාදනය කළ යකඩවලින් පැහැදිලිය. අලකොළවැව හා වෑවල කරම්යාය යන ප්‍රදේශවලදී කරනු ලැබු කැණීම්වලදී යකඩ නිෂ්පාදනය පිළිබඳව සුවිශේෂ අංග රැසක්‌ හඳුනාගැනීමට හැකිවී ඇත.

ඒ අනුව යකඩ නිෂ්පාදනය හා සීගිරි ප්‍රදේශය කෙබඳු ආකාරයකින් වැදගත් වන්නේද යන්න මේ තුළින් පැහැදිලි වන්නේය. අතීතයේ යකඩ නිෂ්පාදන අංශයෙන් සීගිරිය ඉතා පොහොසත්ය. යකඩ නිෂ්පාදන දත්ත අනුව අතීත රාජධානියක්‌ ගොඩනැංවීම සඳහා හා කෘෂි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යකඩ නිෂ්පාදනයන්ට අමතරව අතිරික්‌ත යකඩ විදේශයන් සඳහා යෑවූ බව හඳුනාගෙන ඇත.

කාශ්‍යප යුගයේදී ප්‍රදේශයේ වූ සම්පත්වලින් විපුල ප්‍රයෝජන රැසක්‌ ලබාගත් යුගයකි. දැනට දක්‌නට ඇති නටබුන් මගින් ඒ බව මනාව හඳුනාගත හැකිය. සීගිරි නිර්මාණ සංකීරණයේ ඉදිකිරීම් සඳහා සීගිරිය අවට කැලෑබද ප්‍රදේශයෙන් අතිවිශාල ප්‍රමාණයක්‌ දැව ලබාගෙන ඇත. දැව ශක්‌තිමත් කිරීම සඳහා යකඩ විශාල වශයෙන් යොදාගනු ලැබීය.

විශේෂයෙන් මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික උපකරණවලට වඩා වැඩි වශයෙන් නාගරික සංකීර්ණයේ විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා යකඩ උපයෝගීකොට ගෙන ඇති බවද පැහැදිලිවේ.

එමෙන්ම සීගිරිය නාගරික සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා හුනුගල් යොදාගෙන තිබේ. හබරණ නාලන්දා හුනුගල් වැටියෙන් හුනුගල් ලබාගෙන ඇත. සීගිරියේ සියලුම පියගැට පේළි හුනු ගලින් නිමවා ඇති අතර සීගිරියේ මාළිගාවද හුනු ගලින් නිමවන ලද්දේ ස්‌ඵටික මෙන් දිස්‌වීම සඳහා බව පරණවිතාන මහතාගේ අදහසයි.



රෙප් දුන්නට හිතේ කිසිම කහටක් නෑ..........:thumbsup::thumbsup:

මරු හිරා
04-08-2013, 12:13 PM
හොඳ විස්තරයක්

You must spread some Reputation around before giving it to janith nilanga again.

thilanka mihiranga
04-08-2013, 12:48 PM
good post....

You must spread some Reputation around before giving it to janith nilanga again.

KH7
04-08-2013, 01:32 PM
Good Post Rep+

shashi1987
04-08-2013, 02:42 PM
හොඳ පෝසට් එකක් යාළුවා..
You have given out too much Reputation in the last 24 hours, try again later.
http://img837.imageshack.us/img837/7903/3ea9be93074072b93209541.png

Anushiz
04-08-2013, 02:46 PM
හොද ලිපියක් :)

Time Traveler
04-08-2013, 02:55 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි!
රෙප් 6++++++

damith225
04-08-2013, 02:55 PM
good post macho

Amnisha85
04-08-2013, 03:09 PM
නියමයි යාළුවා ගොඩක් හොඳ ලිපියක්
තව මේවගේ ලිපි දාන්න
සුබපතනවා

isuru503
04-08-2013, 03:48 PM
GOOD POST
You must spread some Reputation around before giving it to janith nilanga again.

isuru503
04-08-2013, 03:50 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

Wolf95
04-11-2013, 09:06 PM
niyamayi aiyye......
Kashyapa enna kalin Sigiriya nirmanaya karapu kena gana wisthara dannawa nag ewath kiyanna :) :thumbsup:

apkumara
04-11-2013, 09:27 PM
full thanks yaluwa :yes:

yohan
04-12-2013, 06:45 AM
එලෙත් එල මචන්

janith nilanga
02-26-2014, 10:42 PM
එලෙත් එල මචන්

Thanks Yohan

Code#M
02-26-2014, 10:53 PM
:cool: