PDA

View Full Version : බුදු දහම කවුරුන් උදෙසා ද ?



janith nilanga
04-08-2013, 08:10 PM
බුදු දහම කවුරුන් උදෙසා ද ?


ලොවෙහි ඇස වූද, ලෝකයට එකම ආලෝකය වූද තථාගතයන් වහන්සේගේ උපදේශය අනුව යන කවර තරමේ කෙනකුට වුවද සංසර සාගරය තරණය කරමින් භව දුක නසා සදාකාලික වූ සැනසුම් සුවය ළඟා කර ගැනීමට ඒකාන්තයෙන්ම හැකි වන්නේය. සියලු දුකින් මිදීම වූ නිර්වාණය ලැබීම පිණිස එකම මාර්ගය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමය. කවර බුදුවරයන් වහන්සේ කෙනෙකුන් හෝ දේශනා කර වදාරන්නේ මේ සත්‍ය සතරමය. එයින් අන්‍ය වූ ධර්මයක්‌ නොවේ. මුළුමහත් භවයම එකම දුක්‌ කඳක්‌ බව පළමුවැනි දුක්‌ඛ ආර්ය සත්‍යයෙන් පැහැදිලි වේ. සාරවත් යයි කියාගත යුතු කිසිවක්‌ නැත. දෙවැන්න වූ සමුදය ආර්ය සත්‍යයෙන් දුකට හේතුව පැහැදිලි කරයි. තණ්‌හාව නිසා දුක ඇති වේ. තණ්‌හාව විසින් සත්වයා සසර සැරි සරවයි. සසර වෙසෙන තුරුම ඇත්තේ දුකමය. කාම, භව, විභව නම් වූ තෘෂ්ණාවේ ත්‍රිවිධ අංගයම බදා වැළඳ ගන්නා ආශාව ජනිත වන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව සම්මා දිට්‌ඨ§යට ප්‍රතිවිරුද්ධ ධර්මතාවකි. අවිද්‍යාව පදනම් වී හටගත් තෘෂ්ණාවෙන් උපාදානය ඇති වේ. උපාදාන යනු අල්ලා ගැනීමය. අල්ලා ගනු ලබන්නේ කුමක්‌ද? භවය යි. කාම වස්‌තූන් කෙරෙහි නොලිහෙන බැඳීම මේ උපාදානයන් නිසා හටගනී. භව හෙවත් පැවැත්ම උපාදානයන් නිසාම ය.

භවය ඇතිවිට උපතක්‌ ඇත. (භවෙ සති ජාති හොති) භවය නැති කළ උපතක්‌ද නැත. (භවෙ අසති ජාති න හොති) දුක හටගන්නේ උපත නිසාය. උපත නිරුද්ධ වීමට භව නිරුද්ධ විය යුතුය. භව නිරුද්ධ වීමට උපාදාන නිරුද්ධ විය යුතුය. උපාදාන නැති විමට නම් තණ්‌හාව නිරුද්ධ විය යුතුය. මේ සියල්ලම අහෝසි වීමට නම් වැඩිය යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමය. ජාති ජරා මරණාදී පටිච්ච සමුප්පන්නතාව නිසා දුක්‌ඛස්‌කන්ධය ඇති වේ. මෙපරිද්දෙන් අවිද්‍යාව සහ තෘෂ්ණාව පදනම් කොටගෙන නිර්මාණය වන රූප, වේදනා, සංඥ, සංස්‌කාර, විඤ්ඤාණ යන උපාදානස්‌කන්ද පහ විනා නිත්‍ය වූ කිසිවක සදාකාලික වූ ආත්ම යෑයි සිතා ගන්නා කිසිවක්‌ බුදු දහම විසින් පිළිගන්නේ නැත.

දුක හා දුකට හේතුව පමණක්‌ දේශනා කිරීමෙන් නොනවතින තථාගතයන් වහන්සේ දේශනා කර වදාළ තුන්වැනි ආර්ය සත්‍යයෙන් දැක්‌වෙන්නේ තෘෂ්ණාව සහමුලින්ම දුරු කිරීමේ (දුක්‌ඛ නිරෝධය) ආර්ය සත්‍යයයි. තෘෂ්ණාව මූලෝත්පාටනයත් සමගම දුක අවසන් වේ යනු මේ සත්‍යයයි. පුනර්භවය ගෙන දෙන කර්ම රැස්‌ වන්නේ තෘෂ්ණාව නිසා බවද එය ප්‍රහීන කිරීමෙන් දුකද ප්‍රහීන

වන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. තෙල් නැති වීමෙන් පහන නිවීයන පරිද්දෙනි.

සිව්වන ආර්ය සත්‍යය වූ නිර්වාණය දුක පූර්ණ වශයෙන් නැති කළා වූද, තෘෂ්ණාව මුළුමනින් සිඳ දැමුවා වූද තත්ත්වයයි. නිර්වාණාවබෝධය ලැබූ සත්වයාගේ පංචස්‌කන්ධයට ආවේනික වූ ධර්මතාව වන්නේ පරිනිර්වාණයයි. නිර්වාණය නම් වූ පරම සුවය සම්පූර්ණ වන්නේ එවිටය. මෙතෙක්‌ දුකම අත්කර දෙමින් භවය පුරා යළි යළිත් උත්පාදනය වූ පංචස්‌කන්ධය මුළුමනින්ම අත්හැර දැමීමකි ඒ.

සිවුවැනි ආර්ය සත්‍යය නම් මාර්ග සත්‍යයයි. බෞද්ධ සදාචාර ධර්මයේ උත්තම නිෂ්ඨාව වන්නේ නිර්වාණයයි. තථාගත ධර්මයට අනුව අර්හත් භාවය සාක්‌ෂාත් කරගත් තැනැත්තා සත්වයා පිළිබඳවත් ලෝකය පිළිබඳවත් දැනගත යුතු සියලුම දේවල්වලින් පරිපූර්ණ වූවෙකි. ආචාර ධර්මයේ හා ප්‍රඥවේ පරිපූර්ණත්වය බුදුන් වහන්සේය. බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගත් මේ ධර්මය අති ගාම්භීරය. අසංඛ්‍ය කල්ප ලක්‌ෂ සතරක්‌ වැනි සංඛ්‍යාත්මකව ගිණිය නොහැකි තරමේ අති දීර්ඝ කාලයක්‌ පෙරුම් දම් පිරූ බව සඳහන් වීමෙන්ම එම ධර්මය සොයා දැන ගැනීම අප්‍රමාණ වූ උත්සාහයකින්ම කළ යුතු බව ඇඟවේ. ප්‍රඥව වූ කලී එම ධර්මය අවබෝධය සඳහා තිබෙන අති සූක්‌ෂම නුවණ වේ. කැප කිරීම් සම්භාරයක්‌ද සහිතව මඟට අවතීර්ණ වීමට කැමැති පුද්ගලයෝ නම් අතලොස්‌සක්‌ම වෙති. එබැවින් බුදු දහම කවුරුන් උදෙසා ද යන කරුණ විමසුමට ලක්‌ කිරීමට ධර්මාභිසමය ලැබීමට, එම ධර්මය ස්‌වකීය ජිවිතයේ උත්තම පුරුෂාර්ථය කොට සලකා කටයුතු කිරීමට අවශ්‍ය පරිදි එහි අවශ්‍යතම අංග කිහිපයක්‌ සාකච්ඡාවට භාජන වේ.

භගුරට සුංසුමාර ගිරියේ වැඩවසන බුදුපියාණන් ගෙන් අනුරුද්ධ හිමියෝ මෙබඳු පැනයක්‌ විමසූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය කවුරන් උදෙසා දේශනා කරන ලද්දක්‌ද යනු එම විතර්කය විය. එවිට බුදු පියාණන් මෙසේ පිළිතුරු දුන් සේක. ඒ පිළිබඳ කරුණු සතක්‌ ගෙන හැර දැක්‌වූහ.

1. අල්පේච්ඡතාව ඇති අයට යන්න එයින් එක්‌ වැදගත් නිර්දේශයකි. ඉන්ද්‍රිය ධර්මයන් හමුවෙහි සුරක්‌ෂිතතාව නම් එය වේ. මහා සාගරයට කොතරම් ගංගාවල ජලය ලැබුණත් වෙරළ නොඉක්‌මෙන්නා සේ ඉන්ද්‍රියයන්ට කොතෙක්‌ ආරම්මන ලැබුණත් ඒ පසුපස හඹා යන්නේ නොවේ. ආශාවන්ගේ ඉමහත් බව වැඩිවත්ම ඒවා ළඟා කර ගැනීමට විවිධ ක්‍රමෝපායයන් සලසා ගැනීම පෘථග්ජන ස්‌වභාවයයි. රූපය දිගටම පවත්වා ගැනීමේ ආශාව නිසා ඒ සඳහා දිගටම ක්‍රියාත්මක වීමෙන් ඉන්ද්‍රිය අසංවර වේ. දිව සළු, දිව්‍ය මාළිගා පිදුම් ලැබුවත් එයින් සිත නොකෙළෙසී පරිහරණය කෙරේ නම් ප්‍රශ්නයක්‌ නැත. ඉච්ඡාව යනු අපේක්‍ෂාවය. අල්ප යනු සළු ප්‍රමාණයකි. ඉමහත් බලාපොරොත්තු රඳවා තබා නොගෙන තමන්ට අවශය ප්‍රමාණය කෙරෙහි පමණක්‌ තෘප්තිමත්ව විසීම ඉතා සැහැල්ලුවකි. ඉමහත් බලාපොරොත්තු සහිත වීම තෘෂ්ණාව වැඩීමට හේතු වේ. අපේක්‍ෂා භංගය නිසා තැවුල, කලකිරීම, ද්වේෂය වැඩීමෙන් දිවිමඟ අවුල් වේ. ධර්මය අධර්මයට පෙරළේ. බුදුන්ට හමුවූ භද්ද වග්ගිය කුමරුන්ගෙන් බුදුරදුන් විචාළේ ගැහැණියක සෙවීම උතුම්ද තමන් සෙවීම උතුම්ද යන්නය. ඔවුන් ඒ වන විට ලබා සිටි ජීවිත පරිඥනය අනුව සත්‍යය ඇති සැටියෙන් වැටහී තමන් සෙවීම උතුමැයි තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීමට පිළිපන්නේය. ඔව්හු පැවිද්ද ලබාගත්හ.

2. දෙවැන්න ලද දෙයින් සතුටුවන තැනැත්තා බුදු දහමින් උසස්‌ ඵල නෙලා ගනී. වැරැදි වැඩ සියල්ලටම හේතු වන්නේ ලද දෙයින් තෘප්තියක්‌ නොලැබීමය. එය ඉක්‌මවා අන් අයවළුන් සසඳමින් ඒ අනුව යන විට ඔහුගේ ප්‍රතිපත්ති පිරිහේ. අදහමින් සතුට සොයා යන විට පිරිහෙන්නේ සතුටමය. ලද දෙයින් ලබන සතුට යථාර්ථවාදී වේ. නැති දේවල් ලබා ගැනීමට ඇති කැමැත්තට වහල් වී කරන වැරැදි නිසා සතුට පිරිහේ. ලැබෙන දේ ප්‍රමාණවත් යයි සිතා කටයුතු කිරීම ලෝභය ක්‍රමයෙන් තුනී වී දුකින් නිදහස්‌ වීමට හේතු වේ. සත්වයා යන මඟ යැමෙන් නම් දුක තුනී කළ නොහැකි වග වදාළ බුදුන් වහන්සේගේ ප්‍රථම දම් දෙසුම වූ ධම්මචක්‌කප්පවත්ත සූත්‍රයෙන් පෙන්වා වදාළේ මැදුම් පිළිවෙතය. එම දේශනාව අසා පස්‌වග මහණුන් අතරින් කොණ්‌ඩඤ්ඤ තවුසා ප්‍රථමයෙන්ද, ඉතිරි සිවුදෙන දින සතරක්‌ තුළදී ද සෝවාන් වූහ. අනතුරුව ඒ පස්‌ දෙනම රහත් වූයේ අනන්ත ලක්‌ඛණ සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි. ආත්මයක්‌ ඇතැයි යන්න අත්හළ ඉක්‌බිති මම යන හැඟීම හෙවත් අස්‌මීමානය දුරු වී රහත් භාවය නම්වූ නිර්වාණාවබෝධය ලැබූහ. මේ තවුසන්ට බුදු දහම තේරුම් ගැනීමට ලැබුණේ බොහෝ කලක්‌ තවුස්‌ දම් පුරමින් නුවණ මුහුකුරා දැඩි පරිශ්‍රමයකිනි. එසේම ඔව්හු ආත්මවාදය නම්වූ කඩතුරාව විදර්ශනා නුවණින් අත්හල වහාම ප්‍රඥව පහළ කරගෙන අර්හත් භාවයට පත්වූහ.

3. තෙවැන්න විවේකය කැමැති පුද්ගලයන්ට ධර්මාවබෝධය මැනවින් ඉටු වේ. ඝණයාගෙන් (පිරිසෙන්) බැහැර වීම චිත්ත විවේකය සඳහා යෝග්‍ය වේ. ධර්මය ඉතා ගැඹුරුය. ඉතා ගාම්භීර ධර්මයක්‌ තේරුම් ගැනීමට විවේකී සන්සුන් මනසක්‌ද අවශ්‍ය වන්නේය. කාර්ය බහුලතාව අවිවේකයට හේතු වේ. භාවනාවෙන් සිත සන්සුන් කරගන්නේ නිවුණු සිතේ ශක්‌තිය ගැඹුරු යමක්‌ තේරුම් ගැනීමට සමත් වන හෙයිනි.

4. සිව්වැනිව උදාසීන වූ පුද්ගලයාටද දහම නොයෙදේ. ධර්මයෙහි හැසිරීම කළ යුත්තේ කම්මැලි නොවී පර්යාප්ති ප්‍රතිපත්ති දෙකෙහි නොපැකිල යෙදීමෙනි. ප්‍රතිවේධය පරිපූර්ණ කළ හැක්‌කේ එවිටය. ආරම්භයේ දී ඇති කරගත් ජවය අවසානය දක්‌වාම නොපිරිහෙළා පවත්වා ගැනීම කළ හැක්‌කේ කුසීත වූවන්ට නොව ධෛර්යමත් පුද්ගලයන්ටය.

5. ධර්මාවබෝධය ඒකාන්තයෙන්ම ලැබෙන්නේ මොට වූ සිහිය ඇත්තවුනට නොව එළැඹ සිටි සිහියෙන් කටයුතු කරන තැනැත්තා හටයි. තමා දැන් සිටින මොහොතේ සිටම අකුසල් වැඩෙන්නට ඉඩ නොදී කුසල ධර්ම වැඩෙන්නට අවශ්‍ය පරිදි සිහිය උපදවාගෙන (යොනිසො මනසිකාරයෙන්) සිටිය යුතුය. කාලයක්‌ උත්සාහයෙන් එපරිදි හැසිරෙන විට පුරුද්ද ඇති වී සිත වැඩේ. කුළු හරකෙකු කෙමෙන් මෙල්ල වී හීලෑ බවට පත් වන්නා සේ සිතද දියුණු කිරීමෙන් ම මෙල්ල කරගත යුතුය.

6. තැන්පත් වූ සිතද දහමට නැඹුරු කිරීමට පහසු වේ. විවිධ මාන ඔස්‌සේ ඉබාගාතේ ගමන් කරන පුද්ගලයා ධර්මය තේරුම් ගන්නේ කෙසේද? භාවනාව උපයෝගී වෙන්නේ විසිර යන සිත එක්‌ අරමුණකට ගෙන ඒමට පුහුණු කිරීම උදෙසාය. කැළඹුණු ජලාශයක්‌ ගැන සිතන විට එහි ගැඹුර හෝ පතුල පිළිබඳ කිසිවක්‌ දත නොහැකිය. එය නිසසල වත්ම ජලාශය පැහැදිලි වේ.

7. අවසාන වශයෙන් ප්‍රඥව වෙත ළඟාවීමට යෝග්‍යවන තියුණු නුවණ අති පුද්ගලයන්ට දහමෙහි රස විඳගත හැක. ත්‍රිලක්‌ෂණය දැනගත්තා වූද ධර්ම ප්‍රපංචය නැති, අධර්ම බලවේග මුහුකුරා නොගියා වූද තැනැත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පහසුය.

"පඤ්ඤා වන්තස්‌සායං ධම්මෝ - නායං ධම්මෝ දුප්පඤ්ඤත්තස්‌ස" යනුවෙන් මේ ධර්මය ප්‍රඥවන්තයන් උදෙසාය. අඥණයන් හෙවත් මෝඩයන් සඳහා නොවේ යයි බුදු පියාණන් දේශනා කර වදාළේ එබැවිනි. එහෙත් පෙර බුදුවරුන් විනා අන් කිසිවෙකු විසින් අවබෝධ කර නොගත් දහමක්‌ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද්දේ යෑයි සිතූ බුදු පියාණන් එහි ගාම්භීරත්වය සලකා එය තේරුම් ගත හැකි පුද්ගලයන් නැතැයි සිතා ධර්මය දේශනා කිරීමෙන් පලක්‌ නැතැයි අදහස්‌ කළ සේක.

ප්‍රඥව නොඑසේ නම් සම්‍යක්‌ දර්ශනය යනු හේතු ප්‍රත්‍ය පිළිබඳ නියමයන් නිවැරැදිව දැන ගැනීම විනා අනෙකක්‌ නොවේ. හේතුන් හා ඵලයන් අතර පවත්නා සැබෑ බන්ධනය යථා පරිදි දැන ගැනීමය. ඒ වු කලී සත්‍ය වු ලෝක ස්‌වභාවය දක්‌නා අන්තර් ඥනය හෙවත් ප්‍රඥවම වේ. මෙහිදී ඉතා අවශ්‍ය පරිදි සිත්හි තබාගත යුත්තේ තමන් වටා ඇති විශ්වයේ ස්‌වභාවය තේරුම් ගැනීමට වැඩියෙන් වටින්නේ තමා පිළිබඳවම තේරුම් ගැනීමය. මන්ද යත් පුද්ගලයා අවට අති විශ්වය ඔහුගේ ඉන්ද්‍රිය දැනුමෙන් පේනවා දක්‌වන දෙය විනා අනෙකක්‌ නොවන බැවිනි.



සම්පුර්ණයෙන්ම උපුටා ගැනීමකි ...SINHALA BAUDDAYA BOOK

Story Teller
04-08-2013, 08:14 PM
අමූලික ඇත්ත!!!

මරු හිරා
04-08-2013, 08:23 PM
හොඳ පෝස්ට් එකක් යාළුවා
මේක උපුටා ගැනීමක් නම් කොහෙන්ද ගත්තේ කියල මතක ඇතුව දාන්න

ajiya
04-08-2013, 08:41 PM
mama me gana lipiyak danna karunu tika hoyagena enakotama meka dalane...eka welawakata meke bana ahannai ..bana kiyannai kattiya inna eka gana nam mata godak sathutui...ithin ape yaluwa mahansiyen dapu post eka kiyawala wath ...jiwithayata deyak ekathu karagamu
You must spread some Reputation around before giving it to janith nilanga again ,,

Time Traveler
04-08-2013, 08:42 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
සාදු! සාදු! සාදු!
හොඳ පෝස්ට් එකක්. පින් සිද්ධ වෙනවා!
රෙප් 6++++++

shashi1987
04-09-2013, 09:09 AM
Good post යාළුවා...
You have given out too much Reputation in the last 24 hours, try again later.

thilanka mihiranga
04-09-2013, 09:45 AM
ස්තූතියි යාළුවා....

janith nilanga
04-09-2013, 10:26 AM
Thank's For All.................:thumbsup::thumbsup:

gayan159
04-09-2013, 10:31 AM
ela salakuwa

chathurangalahiru
04-09-2013, 11:27 AM
http://www.glittergraphics.org/graphics/thank-you/images/10.jpg

isuru503
04-09-2013, 12:03 PM
GOOD POST & GOOD WORK.........Thanks Sahodaraya,,,,,,,You must spread some Reputation around before giving it to janith nilanga again.:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Gayan Gamage
04-09-2013, 01:21 PM
සාදූ...! සාදූ...!! සාදූ...!!!

Amnisha85
04-09-2013, 03:10 PM
වටිනා thread එකක් යාළුවා

බුදුසරණයි

Wolf95
04-11-2013, 08:49 PM
http://1.bp.blogspot.com/-tt9WwdULWOQ/TpcRxbteJjI/AAAAAAAAAAs/AWs-gn6lkGA/s1600/Budu_Hamuduruwo.jpg

Wolf95
04-11-2013, 08:51 PM
gdaaaaaaaak watinawa meka :)
well done bro...... :yes:
:clap:

isuru503
06-07-2013, 11:36 AM
වටිනා thread එකක් යාළුවා

බුදුසරණයි

:yes::yes:

chathurazeez
06-14-2013, 09:24 PM
:yes:

janith nilanga
06-15-2013, 07:13 PM
:yes:

Ela Ela

janith nilanga
06-25-2013, 07:36 PM
සාදූ...! සාදූ...!! සාදූ...!!!


වටිනා thread එකක් යාළුවා

බුදුසරණයි


http://1.bp.blogspot.com/-tt9WwdULWOQ/TpcRxbteJjI/AAAAAAAAAAs/AWs-gn6lkGA/s1600/Budu_Hamuduruwo.jpg


Thanks :rolleyes: :rolleyes:

Dark Prince
06-25-2013, 08:05 PM
http://i.imgur.com/CzmzHb3.gif

janee
06-25-2013, 09:49 PM
හොද වැඩක් යාලුවා.දිගටම කරගන පලයන්.

janith nilanga
06-25-2013, 09:59 PM
http://i.imgur.com/CzmzHb3.gif

:yes: :yes: :yes:

S.T.A.L.K.E.R.
06-28-2013, 11:17 AM
ගොඩාක් හොද Post එකක්

naduniza83
06-30-2013, 10:31 PM
niyamai yaluwa.

janith nilanga
02-26-2014, 10:46 PM
niyamai yaluwa.

Thanks Macho

Code#M
02-26-2014, 10:57 PM
:yes:

janith nilanga
05-21-2016, 10:16 AM
mama me gana lipiyak danna karunu tika hoyagena enakotama meka dalane...eka welawakata meke bana ahannai ..bana kiyannai kattiya inna eka gana nam mata godak sathutui...ithin ape yaluwa mahansiyen dapu post eka kiyawala wath ...jiwithayata deyak ekathu karagamu
You must spread some Reputation around before giving it to janith nilanga again ,,

Thanks Saho