PDA

View Full Version : සැම්සුන්ග් සමාගමෙන් Galaxy Mega නමින් විශාල දුරකථන 2ක්



thilanka mihiranga
04-13-2013, 09:49 PM
සැම්සුන්ග් සමාගමෙන් Galaxy Mega නමින් විශාල දුරකථන 2ක්


සැම්සුන්ග් සමාගම Galaxy S4 දුරකථනය නිකුත් කර වැඩි කාලයක් යන්නට මත්තෙන්ම Galaxy Mini දුරකථනය ගැන කතා බහ ඇති වුණා. එයින් නොනැවතී ඔවුන් දැන් Galaxy ඛාණ්ඩයේම තවත් අලුත් දුරකථන දෙකක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති මේ ජංගම දුරකථන දෙක Galaxy Mega 6.3 සහ Galaxy Mega 5.8 නමින් හඳුන්වනවා.

මේ දුරකථන දෙකම Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ධාවනය වන dual core processors සහ 8MP cameras සහිත ජංගම දුරකථන දෙකක්. මෙහි පෙනුම උදක්ම Galaxy S3 සහ Galaxy Note 2 වලට සමාන වනවා.


Samsung Galaxy Mega 6.3



http://lionlk.com/wp-content/uploads/2013/04/Galaxy-Mega-6.3.jpg

Samsung Galaxy Mega 6.3

Galaxy Mega 6.3 නිකුත් වන්නේ අඟල් 6.3ක HD විභේදනයෙන් යුත් TFT capacitive තිරයක් සමගින්. 1.7GHz dual-core processor එකක්, 8MPප්‍රධාන කැමරාවක්, 1.9MP ඉදිරිපස කැමරාවක් මෙහි ඇති අනෙක් අංගයන්. තවද 1.5GB RAM එකක් මෙහි අන්තර්ගතයි. මෙහි සම්පූරණ විස්තරය පහත පරිදියි.


6.3-inch HD 720p TFT capacitive තිරය
1.7GHz dual-core ප්‍රොසෙසරය
1.5 GB RAM
8GB හෝ16GB Internal Memory
64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
1.9MP ඉදිරිපස කැමරාව
7.9mm ඝණකම
බර ග්‍රෑම් 199 යි
4G LTE, Bluetooth 4.0, NFC තාක්ෂණයන්
3200 mAh බැටරිය


Samsung Galaxy Mega 5.8


http://lionlk.com/wp-content/uploads/2013/04/Galaxy-Mega-5.8.jpg

Samsung Galaxy Mega 5.8


කලින් සඳහන් කළ Mega 6.3 ට වඩා මෙය තරමක් කුඩයි. මෙහි ඇත්තේ අඟල් 5.8ක තිරයක්. මෙහි බොහෝ විශේෂතා කලින් දුරකථනයට වඩා අඩු වුවත් මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය වන්නේ ඩුවල් සිම් භාවිතා කිරීමට ඇති හැකියාවයි. අනෙක් විශේෂතා පහත පරිශි වනවා,

5.8-inch qHD TFT capacitive තිරය
1.4GHz dual-core ප්‍රොසෙසරය
Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
1.5 GB RAM
8GB Internal Memory
64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
1.9MP ඉදිරිපස කැමරාව
Dual SIM (GSM + GSM) භාවිතයට හැකියාව හා dual standby
9.0mm ඝණකම
බර ග්‍රෑම් 182 යි
2600 mAh බැටරිය


සැම්සුන්ග් සමාගමේ Galaxy ඛාණ්ඩයෙන් නිකුත් වූ තරමක් විශාල උපාංග අතර Galaxy Note 2 හොඳ අළෙවියක් පෙන්නුම් කොට තිබියදීත් මෙතරම් විශාල දුරකථන දෙකක් නැවතත් ඉදිරිපත් කළේ ඇයි දැයි ගැටළුවක්. බොහෝ විට ඒ අප වැනි ඉහල ආර්ථික තත්ත්වයක් නැති රටවල් වල වෙළඳපොළ ඉලක්ක කර ගෙන විය හැකි බවද මේ දුරකථන දෙකේ අවම පහසුකම් දෙස බැලූ විට පසක් වනවා. කෙසේ වෙතත් මෙහි මිළ අපට දැනගැනීමට ලැබෙන්නේ ලබන මැයි මාසයේ මෙය නිකුත් වූවාට පසුවයි.



මොනාහරි කියාගෙන යන්නත් අමතක කරන්න එපා හොදේ
:79:

මරු හිරා
04-13-2013, 09:55 PM
අපේ ගෙදර පරණ ටීවී කට්ට විකුණලා මේ වගේ පාරක් ගත්ත නම් හරි.
හැබැයි මිල ඇහුවට පස්සේ ගෙදර උකස් කරන්න වෙයිද දන්නෙත් නෑ

princekrish
04-13-2013, 09:57 PM
අපේ ගෙදර පරණ ටීවී කට්ට විකුණලා මේ වගේ පාරක් ගත්ත නම් හරි.
හැබැයි මිල ඇහුවට පස්සේ ගෙදර උකස් කරන්න වෙයිද දන්නෙත් නෑ

එක තමයි මටත් හිතුනේ . . . .
මිල නම් වැඩි වෙයි . . . .

Time Traveler
04-13-2013, 10:10 PM
අපේ ගෙදර පරණ ටීවී කට්ට විකුණලා මේ වගේ පාරක් ගත්ත නම් හරි.
හැබැයි මිල ඇහුවට පස්සේ ගෙදර උකස් කරන්න වෙයිද දන්නෙත් නෑ

:lol:

janith nilanga
04-13-2013, 10:24 PM
අපේ ගෙදර පරණ ටීවී කට්ට විකුණලා මේ වගේ පාරක් ගත්ත නම් හරි.
හැබැයි මිල ඇහුවට පස්සේ ගෙදර උකස් කරන්න වෙයිද දන්නෙත් නෑ

:59:

madhawa.
04-14-2013, 06:57 AM
මගේ චයිනීස් කට්ටට හුවමරුවක් දගන්න බැරි වෙයිද දන්නෙනෑ.
:smart::smart::smart::smart::smart::smart:

hashan92
04-14-2013, 07:56 AM
:yes::yes::yes:

yohan
04-14-2013, 08:05 AM
:cool:

dinusha123
04-14-2013, 08:15 AM
අපේ ගෙදර පරණ ටීවී කට්ට විකුණලා මේ වගේ පාරක් ගත්ත නම් හරි.
හැබැයි මිල ඇහුවට පස්සේ ගෙදර උකස් කරන්න වෙයිද දන්නෙත් නෑ

:lol::lol::lol:

ajiya
04-14-2013, 09:13 AM
මට නම් සංසාරේට මෙ සැන්සුම් පෝන් කට්ට ගන්න බැරි වෙයි.....හි හි

thilanka mihiranga
04-14-2013, 10:56 PM
මට නම් සංසාරේට මෙ සැන්සුම් පෝන් කට්ට ගන්න බැරි වෙයි.....හි හි

:giggle::giggle::giggle::giggle:

prasannalive
04-14-2013, 11:21 PM
:cool:

Amnisha85
04-15-2013, 01:54 AM
නියමයි යාළුවා

වටිනා thread එකක්

තව මෙවගෙ thread දාන්න සුබපතනවා

:clap:

aragon
04-15-2013, 07:51 AM
yako mun gahana gahana hama phone ekakma eka vage ne ban,screen size eka vitharayi venas vennem,
dan nam samsung nikan ala vegena enne,un android dagena phone nikan elolu vage vikunanna hadanne sawalen

kasun chathuranga
04-15-2013, 09:12 AM
මේක ගන්න කොල්ලොන්ටත් handbag පාවිච්චි කරන්න වෙයි :giggle::giggle::giggle::giggle: