PDA

View Full Version : Android උපාංගයක් Root කිරීමේ ඇති අවදානම



chathuravt
04-15-2013, 11:17 AM
Android උපාංගයක් Root කිරීමේ ඇති අවදානම

ඔබත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කරනවා නම් Rooting යන වචනය ගැන දන්නවා ඇති. අලුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් හිමි බොහෝ දෙනා එහි උපරිම ආශ්වදය ලැබීමේ අටියෙන් එය රූට් කරන්නට සිතනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කිරීමේදී එහි ඇති වාසි වගේම අවාසි සහ යම් අවදානමකුත් තිබෙනවා. මේ ලිපියෙන් අපි උත්සාහ කරන්නේ එහි ඇති වාසි වලට වඩා අවාසි සහගත තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්න.

http://lionlk.com/wp-content/uploads/2013/04/z.jpg

මොකක්ද Root කරනවා කියන්නෙ ?
සරළව පැහැදිළි කළොත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරනවා කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන උපාංගයක ඇන්ඩ්‍රොයිඩ් Subsystem එකට ප්‍රවේශ වීමට හා ඒවා වෙනස් කිරීමට ඉඩ සලසා දීමේ ක්‍රියාවලියයි. මෙය සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලිය නම් නිශ්පාදකයා විසින් උපාංගයේ පද්ධතිය අහුරා දමා ඇති යම් යම් සීමා බිඳ හෙලීමයි.

තවත් සරළව කියනවානම් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට යම් යම් ඇප්ස් ස්ථාපනය කළ නොහැකි ලෙස, යම් ඇප්ස් ඉවත් කළෑ නොහැකි ලෙස දුරකථන නිශ්පාදකයා විසි දමා ඇති සීමා බිඳ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පද්ධති ගොණු වලට පිවිසීමට හා වෙනස් කිරීමට ඉඩ ලබාදීමේ ක්‍රියාවලියයි.
කලින් ස්අඳහන් කළා සේම මෙහි වාසි සහගත තත්ත්වයන් සේම අවාසිද තිබෙනවා. වාසි ගැන ඔබ දැන සිටියත් අවාසි ගැන අවධානය යොමු වනවා අඩුයි.

රූට් කිරීමේ ඇති වාසි
කාර්‍යක්ෂමතාවය (performance) වැඩි දියුණු වීම
අනවශ්‍ය ඇප්ස් ඉවත් කිරීමට හැකි වීම
අහුරා ඇති සෙටිංග්ස් වලට යාමට හැකි වීම
අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට මාරු වීමට හැකි වීම

රූට් කිරීමේ ඇති අවාසි
දුරකථනයේ Warranty එක අහිමි වීම
රූට් කිරීම නිසා අනිවාර්‍යෙන්ම දුරකථයේ නිශ්පදකයාට දුරකථනය කෙරෙහි ඇති වගකීම අහෝසි වනවා. ඉන්පසු කුමන හෝ ගැටලුවක් නිසා නිශ්පාදකයාට ඔබ දුරකථනය යොමු කළහොත් වගකීම් සහතිකය නිසා ලැබෙන වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. එනම් යම් නිශ්පාදන දෝශයක් නිසා දුරකථනය මාරු කිරීමට සිදු වුණත් ඔබ රූට් කර ඇති නිසා එය මාරු කර නොදෙන්නට සමාගමට හැකියාව තිබෙනවා.
දුරකථනය වැඩක්ම නැති වේවි

රූට් කිරීම හා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගැන හරි දැනුමකින් තොරව රූට් කිරීමට යාමෙන් ඔබගේ දුරකථනය වැඩ නොකරන තත්ත්වයට පත් විය හැකියි. රූට් කිරීමට භාවිතා කරන විවිධ මෙවලම් මෘදුකාංග ගැන සම්පූරණ විශ්වාසය තැබිය නොහැකියි. මන්ද ඒවා සාදා තිබෙන්නේ පිළිගත් සමාගම් වලින් නොව බොහෝ විට තනි පුද්ගලයන් විසින් වීමයි. එනිසා ඒවා ඔබගේ පරිගණකයට හා දුරකථනය ගැලපෙන්නේ දැයි හරියාකාරව වටහා නොගෙන රූට් කිරීමට යාමෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හානි විය හැකියි.

කාර්‍යක්ෂමතාවය අවම වීම
බොහෝ විට අප දුරකථන රූට් කිරීමට පෙළඹෙන්නේ එහි කාර්‍යක්ෂමතාවය වැඩි කර ගැනීමටයි. නමුත් මෙහෙයුම් පද්ධතියේ සිදුකරනු ලබන සියුම් වෙනස් කම් නිසා හා රූට් කිරීමෙන් පසු ඔබ ස්ථාපනය කරන අනේක විධ නිර්දේෂ නොකළ ඇප්ස් නිසා දුරකථනය මන්දගාමී වෙනවා.

වයිරස් බලපෑම
රූට් කිරීමේ ඇති ප්‍රධාන අවධානම රූට් කිරීමෙන් අනතුරුව දුරකථනය වයිරස් වලට නිරාවරණය වීමයි. මෙහෙයුම් පද්ධතියේ ඇති අරක්ෂාව බිඳී යන නිසා මෙසේ සිදු වනවා.
ඉතින්, ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔබ මේ ගැන දරන්නේ කිනම් මතයක්ද ?


http://imageshack.us/a/img849/2233/5464619wfskl.png




copy write by LionLK.com (http://lionlk.com/)

Rebel
04-15-2013, 11:34 AM
වැදගත් පොස්ට් එකක්..
thanks for sharing
rep++

chathuravt
04-15-2013, 11:43 AM
sorry re post...

Daedunu
04-15-2013, 12:59 PM
ඔන්න මචන් රෙප් 1 කින් සැලකුවා.

Time Traveler
04-15-2013, 01:27 PM
වැදගත් පොස්ට් එකක්. ඔන්න සැලකුවා.

janith nilanga
04-15-2013, 01:50 PM
GOOD POST & GOOD WORK.....................Thanks:thumbsup::thumbsup ::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-15-2013, 01:50 PM
:40_002::40_002::40_002::clap::clap::clap::clap::t humbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-15-2013, 01:52 PM
ඔන්න සැලකුවා....Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
04-15-2013, 04:52 PM
Re Post
But TFS

Axio
04-15-2013, 05:33 PM
Watina post ekak machan...!!!, Rooting walada waasiy , awaasiy dekama samaana thathwayaka thiyenne...!!!

Rep +

thilanka mihiranga
04-15-2013, 05:46 PM
මේ පොස්ට් එක මන් මීට කලින් දැම්ම මෙතනින් (http://www.zoom.lk/forums/mobile-corner/10828-android-%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B 6%BA%E0%B6%9A%E0%B7%8A-root-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B 7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B 6%B8.html) යන්න ඒකට..

:45::45::45::45:

kasun chathuranga
04-15-2013, 06:35 PM
:yes: repost, anyway TFS

gayan1983
04-15-2013, 08:00 PM
:yes:

chathuravt
04-16-2013, 10:19 AM
:yes::yes: mama passe dakke bro sorry

thilanka mihiranga
04-16-2013, 10:33 AM
:yes::yes: mama passe dakke bro sorry

අවුලක් නැ බන් වැරදීමක්නෙ වෙලා තියෙන්නෙ. මම මේක දැම්මෙ අනිත් අයත් එක්ක බෙදාගන්නනෙ, උබත් ඉතින් ඒකනෙ කරල තියෙන්නෙ ඒකනිසා අවුලක් නැ.

shashi1987
04-16-2013, 10:48 AM
හොඳ පොස්ට් එකක්......