PDA

View Full Version : Galaxy Tab 3 එලියට ආවෝ



thilanka mihiranga
05-02-2013, 12:37 PM
Samsung සමාගම Galaxy Tab 3 නිකුත් කරයි


සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ ටැබ්ලට් පරිගණක පවුලට අලුත් සාමාජිකයෙක් එක කර තිබෙනවා. ඒ Samsung Galaxy Tab 3. මේ බව ඔවුන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මීට අවුරුදු දෙකකට පමණ කලින් නිකුත් කිරීමට තිබූ ටැබ්ලට් එකක් දැන් නිකුත් කර තිබෙන්නවා වැනි හැඟීමක් මේ දෙස බැලූවිට පෙනී යනවා.


http://lionlk.com/wp-content/uploads/2013/05/gsmarena_001.jpg

බලාපොරොත්තු වූ තරම් පහසුකම් නොමැති මෙම ටැබ්ලට් එකේ තිරය අඟල් 7ක, 1024×600 විභේදන සහිත එකක්. Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මෙහි ක්‍රියාත්මක වනවා. dual-core 1.2GHz processor එකකින් බලගැන්වෙන ටැබ් 3 , ගිගාබයිට් 8ක හෝ 16ක internal storage memory එකක් සහිතව නිකුත් කෙරෙනවා. එය memory cards භාවිතයෙන් ගිගාබයිට් 64 දක්වා වැඩිකරගත හැකියි.

මෙගාපික්සල් 3ක ප්‍රධාන කැමරාවක්ද මෙගාපික්සල් 1.3ක ඉදිරිපස කැමරාවක්ද ගැලැක්සි ටැබ් 3හි අන්තර්ගතයි. මෙය 111.1 x 188.0 x 9.9mm ප්‍රමාණයෙන් හා 302g බරින් යුක්තයි.

Wi-Fi සහ 3G යන සංස්කරණයන් දෙකකින් නිකුත් වන 7-inch Galaxy Tab 3 හි Wi-Fi සංස්කරණය ලබන මැයි මාසයේද 3G සංස්කරණය ලබන ජූනි මාසයේද වෙළඳපොළට නිකුත් කෙරෙන බව සැබ්සුන්ග් සමාගම පවසනවා.






මගේ අනිකුත් ට්‍රෙඩ් සදහා මෙතනින් යන්න (http://www.zoom.lk/forums/search.php?searchid=587456)