PDA

View Full Version : BIOS System වල Master Password.



Harsha Sri
09-13-2011, 08:42 AM
:)අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්‍ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් Bypass ක...රන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඔයාලාගේ පරිගණකයේ BIOS System එක හදපු ආයතනයෙන් BIOS එකට දාපු Master Password එකක් පාවිච්චි කරන එක. එක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන. ඔක්කොටම කලින් ඔයාලගේ BIOS එක මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕන.

මෙතන තියෙනවා අපි භාවිතා කරන ගොඩක් පරිගණක BIOS System වල Master Password. හැබැයි මේවා වැරදි විදියට තුන පාරකට වඩා කරන්න ගියොත් ඔයාලගේ System එක සම්පුර්ණයෙන්ම ලොක් වෙන්න ඉඩ තියෙනවා කියලා මම මේක හොයාගත්තු තැන කියලා තිබුනා. එක නිසා ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක මේක. එහෙනම් මෙන්න ලිස්ට් එක.



Award BIOS backdoor passwords:



ALFAROME BIOSTAR KDD ZAAADA ALLy CONCAT Lkwpeter ZBAAACA

aLLy CONDO LKWPETER ZJAAADC aLLY Condo PINT 01322222 ALLY

d8on pint 589589 aPAf djonet SER 589721 _award HLT SKY_FOX 595595

AWARD_SW J64 SYXZ 598598 AWARD?SW J256 syxz AWARD SW J262

shift + syxz AWARD PW j332 TTPTHA AWKWARD j322 awkward



AMI BIOS Backdoor Passwords:



AMI

BIOS

PASSWORD

HEWITT RAND

AMI?SW

AMI_SW

LKWPETER

CONDO



Phoenix BIOS Backdoor Passwords:



phoenix

PHOENIX

CMOS

BIOS



Misc. Common Passwords



ALFAROME

BIOSTAR

biostar

biosstar

CMOS

cmos

LKWPETER

lkwpeter

setup

SETUP

Syxz

Wodj



Other BIOS Passwords by Manufacturer



Manufacturer Password



VOBIS & IBM merlin

Dell Dell

Biostar Biostar

Compaq Compaq

Enox xo11nE

Epox central

Freetech Posterie

IWill iwill

Jetway spooml

Packard Bell bell9

QDI QDI

Siemens SKY_FOX

TMC BIGO

Toshiba Toshiba



Toshiba BIOS

බොහොමයක් Toshiba වර්ගයේ ලැප්ටොප් පරිගණක සහ ඩෙස්ක්ටොප් වර්ග බූට් කරන අතරතුර කීබෝර්ඩ් එකේ වම් පැත්තේ ඇති Shift එක ඔබාගෙන සිටින විට BIOS පාස්වර්ඩ් එක අතහැරලා ඉදිරියට යනවා.



IBM Aptiva BIOS

බූට් කරන අතරතුර මවුස් එකේ වම් සහ දකුණු යතුරු දෙක වරින් වර එකවර ඔබන්න.



මීට අමතරව Motherboard එකේ තියෙන BIOS වලට අදාල ජම්පර් වෙනස් කිරීමෙනුත් මේවා කරන්න පුළුවන්. ඔයාලගේ Motherboard එකේ එක තැනක ඒ ගැන ලියලා තියෙනවා. ඒක හොයාගන්න පරිගණකය ගලවන්නම වෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා ඒ පරිගණකයේ CMOS බැටරිය ගලවලා ටික වෙලාවක් තියලා නැවත සවි කිරීමෙන්. ඒත් සමහර පරිගණක වල මේ බැටරිය ගලවන්න බැරි විදියට පාස්සලා තියෙන්නේ.

විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ මෙය අනුන්ගේ පරිගණකයකට කිරීමට නොයන ලෙසත් අත්හදා බැලීමට තමන්ගේම පරිගණක යොදාගන්නා ලෙසයි.



(මෙම සියලු තොරතුරු අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත් තොරතුරු වන අතර මෙය භාවිතා කිරීමෙන් සිදුවන යම් දෝෂයක් සම්භන්ධයෙන් වගකියනු නොලැබේ. මෙය අධ්‍යාපනය සඳහා පමණක්ම වේ.):D

dani_baba
09-13-2011, 08:53 AM
වැදගත් ලිපියක් රෙප්+

gceal
09-13-2011, 09:22 AM
thanks for sharing

පොඩ්ඩා
09-13-2011, 10:02 AM
මචන් සමහර අකුරු පෙන්නේ නෑ පාටත් එක්ක පුලුවන් නම් ටිකක් වෙනස් කරපන්කෝ
රෙප්+

බොරලුගොඩ
09-13-2011, 10:07 AM
නියම වැඩක් හැබැයි ඉතින් කොරන්න බයයි

Pubudu lakmal
09-13-2011, 10:27 AM
ශා.... එලනෙ බන් හර්ශයෝ....
උස්සපු එකක් නෙමෙයි නේද? :O
++++++

$king
09-13-2011, 10:32 AM
Niyamai............

gamage
09-13-2011, 11:33 AM
ela ela thanks wewa

Harsha Sri
09-13-2011, 02:32 PM
මචන් සමහර අකුරු පෙන්නේ නෑ පාටත් එක්ක පුලුවන් නම් ටිකක් වෙනස් කරපන්කෝ
රෙප්+එලකිරි පොඩ්ඩා..ඔන්න දැන් නම් බලන්න පුලුවන් වෙයි..රෙප් 1ට තෑන්ක්ස්..

Harsha Sri
09-13-2011, 02:33 PM
ශා.... එලනෙ බන් හර්ශයෝ....
උස්සපු එකක් නෙමෙයි නේද? :O
++++++
naa..hamba una 1k :P

Harsha Sri
09-13-2011, 02:34 PM
නියම වැඩක් හැබැයි ඉතින් කොරන්න බයයි

බොරලු,.. තරහ කාරයෙක්ගෙ 1කේ කරලා බලපන්. රෙප්1ට තෑන්ක්ස්.

Punisher
09-13-2011, 06:47 PM
මෙය භාවිතා කිරීමෙන් සිදුවන යම් දෝෂයක් සම්භන්ධයෙන් වගකියනු නොලැබේ

බුදු අම්මියෝ එහෙනම් කරන්න ඕන නැතෝ

Harsha Sri
09-13-2011, 06:54 PM
බුදු අම්මියෝ එහෙනම් කරන්න ඕන නැතෝ
බය වෙවී ඉදියොත් ඉගෙනගන්න බැරි වෙයි..කොල්ලෙක් වගේ කරලා බලපන්.

Punisher
09-13-2011, 07:05 PM
බය වෙවී ඉදියොත් ඉගෙනගන්න බැරි වෙයි..කොල්ලෙක් වගේ කරලා බලපන්.

එක පාරකුත් මොකක්ද සින් එකක් කොරලා ෆොමැට් කරන්න උනා...හොද වෙලාවට රෙපයාර් පාරක් දලා බේරුනා..මේකේ තියන ෆයිල් මැකුනොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ බන්...එකයි අරම කිව්වේ

CREATIVEN
09-13-2011, 07:12 PM
තැන්කූ තැන්කූ
:D

princekrish
09-13-2011, 07:31 PM
thankx

senarath
09-13-2011, 08:57 PM
mekata mama nam kohethma ekaga ne.. mokada oke tiyena godak dewal boru..
bios password eka battery eka remove karala hari jumper eka remove karala nam karanna puluwani. wena krama nam weda karanne ne.
239
me jumper eka maru karala nam BIOS reset wenawa. meke battry eka galawala 30 sec tibunamath BIOS reset wenawa.
240
me red button puluwani battery galawanne nethuwa BIOS reset karanna

Harsha Sri
09-14-2011, 08:05 AM
mekata mama nam kohethma ekaga ne.. mokada oke tiyena godak dewal boru..
bios password eka battery eka remove karala hari jumper eka remove karala nam karanna puluwani. wena krama nam weda karanne ne.
239
me jumper eka maru karala nam BIOS reset wenawa. meke battry eka galawala 30 sec tibunamath BIOS reset wenawa.
240
me red button puluwani battery galawanne nethuwa BIOS reset karanna

MACHAN,,Bios system password amathaka untai meka damme..Bios reset karanna ona chu kollek dannawa bn..

CREATIVEN
09-14-2011, 08:43 AM
ඔන්න ආයෙම කිව්ව..
තැන්කූ තැන්කූ වේවා.. :D

senarath
09-14-2011, 09:41 AM
MACHAN,,Bios system password amathaka untai meka damme..Bios reset karanna ona chu kollek dannawa bn..

amathaka una nennam reset karanna one. mathakanam eka gahala yanna puluwani ne.

Harsha Sri
09-14-2011, 01:04 PM
එක පාරකුත් මොකක්ද සින් එකක් කොරලා ෆොමැට් කරන්න උනා...හොද වෙලාවට රෙපයාර් පාරක් දලා බේරුනා..මේකේ තියන ෆයිල් මැකුනොත් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ බන්...එකයි අරම කිව්වේ

එල ..එල අවුලක් නෑ මචං :D රෙප් 1ට තෑන්ක්ස්.. ;)

Harsha Sri
09-14-2011, 01:06 PM
amathaka una nennam reset karanna one. mathakanam eka gahala yanna puluwani ne.

උබ අනේ මන්දා බං.O.o.ඕන දෙයක් කරගනින්..:D රෙප් දුන්නට තෑන්ක්ස්.:)