PDA

View Full Version : පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන



KUKULAMMA
06-04-2013, 07:13 PM
ගොඩකාලෙකින් ලිපයක් දැම්මේ ඔන්න.අද මන් ගෙනාවේ සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ ලස්සන ගීතයක්...මෙගීත අද නලිකාවලවත් ගුවන් විදුලියෙවත් විකාශය වෙන්නේ බොහොම අඩුවෙන්...
අද ඉතින් ඉන්නේ always online ඉන්න සෙට් එකක්නේ.නැද්ද.ගහකොළ ගෙවල් දොරවල් නෑදෑයෝ මේ අයගෙන් ගොඩක් ඇත්වෙමින් යන සමාජයක් දැන් ඇතිවෙමින් යන්නේ ..සමහරු ඉතින් කියයි කුකුළා කියන ඒවා කවුද බන් ගණන් ගන්නේ කියල

http://2.bp.blogspot.com/-O1DtM7galfI/UMU8FpmuemI/AAAAAAAALqk/P1IFdxLTvJA/s640/TheDayMa1.jpg

හරිනේ ඔන්න මෙයත් කියල තියෙන්නේ ඒටිකම නේද....මේ සින්දුව අහල බලන්න


http://www.youtube.com/watch?v=UCz-WwuBapo


වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය...

තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

වෙරළු ගෙඩිය...

අහල බලන්න....ඩේට ඉවරයි කියල නොආහ ඉන්න එපා....වෙන මගුල් බලනවට වඩා වැඩ මේක බැලුව කියල පවක් නැහැ.දෙයක් දැනුනානම් කමෙන්ට් එකක් දාන්න...
අපි ගියා....:thumbsup:

සෝරෝ
06-04-2013, 07:17 PM
සුනිල් එදිරිසිංහ මහත්තයගේ සිංදු තියෙන බ්ලොග් එකක් තිබුනා.. 2012න් පස්සේ ඒක අප්ඩේට් කරන්නේ නෑ ඒක කරන කෙනා..

මරු හිරා
06-04-2013, 07:20 PM
බොහොම ස්තුතියි බෙදා ගත්තට
මේක නම් මම ආසම සින්දුවක්
දැන් අලුතෙන් එන සිංහල සින්දු වලින් බහුතරයක් බලු බල්ලෙක්ට අහන්න බෑ

සෝරෝ
06-04-2013, 07:23 PM
බල්ලෝ කවද්ද බං සිංදු ඇහුවේ......... :D


බොහොම ස්තුතියි බෙදා ගත්තට
මේක නම් මම ආසම සින්දුවක්
දැන් අලුතෙන් එන සිංහල සින්දු වලින් බහුතරයක් බලු බල්ලෙක්ට අහන්න බෑ

මරු හිරා
06-04-2013, 07:25 PM
බල්ලෝ කවද්ද බං සිංදු ඇහුවේ......... :D

අපේ ගෙදර හිටපු එකා නම් අහගෙන ඉන්නවා යසට
ඌට අහන්න බැරි එකක් දැම්මොත් නැගිටලා යනවා

සෝරෝ
06-04-2013, 07:31 PM
දැං ඌ කැම්පස් ගිහිං ද........ :D


අපේ ගෙදර හිටපු එකා නම් අහගෙන ඉන්නවා යසට
ඌට අහන්න බැරි එකක් දැම්මොත් නැගිටලා යනවා

මරු හිරා
06-04-2013, 07:36 PM
දැං ඌ කැම්පස් ගිහිං ද........ :D

ඌ මළා

සෝරෝ
06-04-2013, 07:37 PM
:k0233:


ඌ මළා

isuru503
06-04-2013, 07:43 PM
බොහොම ස්තුතියි බෙදා ගත්තට
මේක නම් මම ආසම සින්දුවක්
දැන් අලුතෙන් එන සිංහල සින්දු වලින් බහුතරයක් බලු බල්ලෙක්ට අහන්න බෑ

:yes::yes:

isuru503
06-04-2013, 07:44 PM
Rep 1 +

ishara bv
06-04-2013, 07:49 PM
:32_002::32_002::cool:

shashi1987
06-05-2013, 08:50 AM
Good Post.... rep4+

thilanka mihiranga
06-05-2013, 04:19 PM
නියමයි බන්

Rebel
06-05-2013, 04:40 PM
ela ela macho

chathurazeez
06-10-2013, 12:37 PM
:yes::yes::yes::yes: