PDA

View Full Version : ලෝකයේ කුඩාම රටවල් 10



hemantharr
06-09-2013, 08:55 PM
ලෝකයේ කුඩාම රට කුමක්දැයි ඇසුවහොත් බෝහෝදෙනා වැඩි අපහසුවකින් තොරව එය "වතිකානුව" හෙවත් Vatican City ලෙස නම් කරනු ඇත.එහෙත් ඊළඟට කුඩාම රට කුමක්දැයි ඇසුවහොත් එය බොහෝ දෙනාට අසීරු ප්‍රශ්නයක් වනු නිසැකය.එහෙයින් වතිකානුවෙන් පටන්ගෙන ලෝකයේ නිදහස් රාජ්‍යයන් දහය කවරේදැයි බලමු.


01.ලෝකයේ කුඩාම රාජ්‍යය වතිකානුව (Vatican City)

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ නායකත්වයෙන් යුත් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින වතිකානුව නිල වශයෙන් හැඳින්වෙන්නේ ශුද්ධ වූ පාප් වහන්සේගේ සභාව යන අරුත් දෙන Holy See යනුවෙනි.එය පිහිටා ඇත්තේ ඉතාලියේ අගනුවර වන රෝමයේ පවුරකින් වට වූ ප්‍රදේශයක් ලෙසය.වතිකානුවේ සමස්ත විශාලත්වය වර්ග සැතපුම් 0.17ක් පමණකි.එය අක්කර වලින් කියන්නේ නම් අක්කර 108කි.එසේ නැතිනම් වර්ග කිලෝමීටර 0.44කි.
වතිකානුවේ ජනගහනය 800කි.නමුත් ඔවුහු කිසිවෙකු එහි ස්ථීර පදිංචිකරුවෝ නොවෙති.ඉන් බොහෝ දෙනෙකු එහි පැමිණ සිටින්නේ රැකියාවන් සඳහාය.එය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1929 දී ඉතාලිය සමඟ අත්සන් කළ ලැටරන් ගිවිසුම(Lateran Treaty) මඟිනි.පාප්තුමා විසින් පාලනය කරනු ලබන ආගමික රාජ්‍යයක් ලෙස වතිකානුව හැඳන්වේ.වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ලබාගත් රාජ්‍යයක් නොවේ.එසේ වුවද එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනේ.
http://shedexpedition.com/wp-content/uploads/2012/09/vatican_city_image.jpg


02.ලෝකයේ දෙවැනි කුඩාම රට මොනාකො(Monaco)

මොනාකො පිහිටා ඇත්තේ ප්‍රංශයේ ගිනිකොන පෙදෙස හා මධ්‍යධරණී මුහුද අතරයි.විශාලත්වය වර්ග සැතපුම් 0.77ක් පමණකි.මුළු රටටම ඇත්තේ නිල වශයෙන් එකම නගරයකි.එම නගරය Monte Carloය.එය රටේ අගනුවර ලෙස මෙන්ම ලෝකයේ ධනවතුන්ගේ සංචාරක පාරාදීසයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
මොනාකොහි French Riviera නම් වයින් වර්ගයද Monte Carlo Casino නමින් හැඳින්වෙන කැසිනෝ ක්‍රීඩාවද කුඩා වෙරළ තීරයක් හා සංචාරක නිකේතන ද ඉතා ප්‍රසිද්ධය.මොනාකො ි ජනගහනය 33,000කි.
http://www.en.iamistanbul.tv/upload2/images/201209/06/monako.jpg


03.ලෝකයේ තෙවැනි කුඩාම රට නාවුරු(Nauru)

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍යයකි.නාවුරු ලෝකයේ කුඩාම දූපත් රාජ්‍ය ලෙස හැඳින්වේ.රටේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 8.5කි.එය වර්ග කිලෝමීටර 22කි.නාවුරු දූපතේ ජනගහනය 2011 සංඛ්‍යාලේඛනවලට අනුව 9322කි.නාවුරු ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති ඉතා වටිනා පොස්පරස් නිධිය හා පොස්පරස් කැණීමේ මෙහෙයුම් හේතුවෙනි.
කලින් Pleasant Island ලෙස හැඳින්වුණු නාවුරු ඕස්ට්‍රේලියාවේ පාලනය යටතේ පැවති දිවයිනකි.1968 දී ඕස්ට්‍රේලියාවෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය.නාවුරු දිවයිනට අගනුවරක් නැත.
http://www.un.int/nauru/images/nauru_01.jpg


04.ලෝකයේ හතරවැනි කුඩාම රට තුවාලු(Tuvalu)

පැසිෆික් සාගරය අවට ඇති රටවල් පිහිටා ඇති Oceania සාගර කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයකි.එම දූපත් රාජ්‍ය සමන්විත වන්නේ කොරල්පර වළලු පහකින් හා කොරල්පර දූපත් හතරකිනි.නමුත් කිසිම දූපතක් මුහුදු මට්ටමේ සිට අඩි 15කට(මීටර් 5කට) වඩා උස් නොවේ.තුවාලු දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 9ක් පමණ වේ.
Ellice Island ලෙස කලින් හැඳින්වුනු තුවාලු දූපත් රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදයට යටත්ව තිබී 1978 දී නිදහස ලැබීය.එහි 12,000ක ජනගහනයක් ජීවත් වේ.තුවාලු රාජ්‍යයේ දූපත් 9න් 6ක්ම මහා සාගරය දෙසට විවෘත වු කළපු සහිත ඒවාය.ඒ කිසිඳු දූපතක දියඇලි හෝ ගංගා පිහිටා නොමැත්තේ ඒවා කොරල්පර වලින් සෑදුනු දූපත් හෙයිනි.පානයට ගැනීම සඳහා ජලයද එම දූපත් වල නොවේ.එහෙයින් තුවාලු වැසියෝ වැසි ජලය රැස්කොට ගබඩා කොට තබාගනිමින් ඒවා පරිහරණය කරති.
http://2.bp.blogspot.com/-KCcLHaEG-WM/UU2_K_RdPKI/AAAAAAAAACw/CNPioP8sVt4/s1600/tuvalu.jpg


05.ලෝකයේ පස්වැනි කුඩාම රට සැන් මැරිනෝ(San Marino)

සැන් මැරීනෝ වටා පිහිටා ඇත්තේ ඉතාලියට අයත් භූමි ප්‍ර‍දේශයකි.ඉතාලි ේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති ටිටානෝ නම් කන්දේ මෙම කුඩා රාජ්‍යය පිහිටා තිබේ.විශාලත්වය වර්ග සැතපුම් 24කි.හතරවැනි සියවසේදී සොයාගනු ලැබූ මෙම රාජ්‍යය යුරෝපයේ පැරැණිතම රාජ්‍යය බව කියනු ලැබේ.එහි පදිංචිව සිටින ජනගහනය 32,000ක් වේ.
සැන් මැරිනෝහි ප්‍රකට භූ ලක්ෂණය වන්නේ ලොකු කුඩා කඳුය.රටේ ඉහළම කඳු මුදුන අඩි 2477 (මීටර් 755) වන ටිනානෝ කඳු මුදුනයි.පහළම ස්ථානයද අඩි 180ක් (මීටර් 55) උසය.
http://flower-shop.by/system/images/1461/thumb/sm.jpg


06.ලෝකයේ හයවැනි කුඩාම රට ලිච්ටෙන්ස්ටෙන්(Liechte nstein)

යුරෝපයේ ස්විස්ටර්ලන්තය සතු භූමි ප්‍රදේශයට හා ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයට මැදිව මෙම රාජ්‍යය පිහිටා තිබේ.භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 62කට ආසන්න වේ.රයින් ගඟට මායිම්ව තිබෙන මෙම රාජ්‍යයේ ජනගහනය 36,000කි.1806 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය.ලිච්ටෙන්ස් ෙන් රාජ්‍යය විසින් 1868 දී සිය හමුදාවන් අහෝසි කරන ලද අතර අපක්ෂපාතී රාජ්‍යයක් වශයෙන් දැනට පවතී.එම ස්වභාවය හේතුවෙන් පළමු ලෝක යුද්ධයේදී මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේද හානියට පත්නොවිණි.රාජ්‍ය උරුමය පරම්පරාවෙන් පරම්පරාවට යන ව්‍යවස්ථාමය රාජ්‍ය පාලනයක් පවතී.එසේ වුවද රාජ්‍යය එදිනෙදා කටයුතු අගමැතිවරයා විසින් සිදුකරනු ලැබේ.
http://www.liechtenstein.li/fileadmin/template/img/schloss.jpg


07.ලෝකයේ හත්වැනි කුඩාම රට මාෂල් දූපත්(Marshall Islands)

ලොකයේ හත්වැනි තැනට කුඩා රට වශයෙන් පිළිගැනෙන්නේ වර්ග සැතපුම් 70කින් යුත් භූමි ප්‍රදේශයකට හිමිකම් කියන මාෂල් දූපත්ය.මාෂල් දූපත් සෑදී ඇත්තේ දූපත් 34කිනි.ඉන් දූපත් 29ක්ම කොරල්පරවලින් සෑදී ඇති අතර ප්‍රධාන දූපත් පිහිටා 5කි.පැසිෆික් සාගරයේ වර්ග සැතපුම් 7,50,000ක් පුරා මෙම දූපත් පැතිරී පවතී.
හවායි හා ඕස්ට්‍රේලියාව අතර මැද පෙදෙසේ මාෂල් දූපත් පිහිටා තිබේ.එසේම ජාත්‍යන්තර දින රේඛාවටද සමීපය.ජනගහනය 68,000කි.කලින් ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය යටතේ පැවති පැසිෆික් කලාපීය දූපත් භාරයට ඇතුලත්ව පැවති රාජ්‍යයක් වූ අතර 1986 දී නිදහස ලැබීය.
http://1.bp.blogspot.com/-lSd3ELnv77Y/T9xoR3QHguI/AAAAAAAAQNk/H051CPqpiUE/s640/MarshallIslandsKwajaleinArielView.jpg


08.ලෝකයේ අටවැනි කුඩාම රට ශාන්ත කිට්ස් සහ නෙවිස් (Saint Kitts and Nevis)

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන අතර 1983 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබීය.ජනගහනය 50,000කි.මෙම දූපත් රාජ්‍ය සමන්විත වන්නේ කිට්ස් හා නෙවිස් යන දූපත් දෙකෙනි.ඉන් කුඩා දූපත වන්නේ නෙවිස්ය.දූපත් දෙකේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 104කි.
http://karabirkenstock.files.wordpress.com/2011/09/st-kitts-and-nevis-1.jpg


09.ලෝකයේ නවවැනි කුඩාම රට සීෂෙල්ස් (Seychelles)

ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් සමූහයකින් සමන්විත සීෂෙල්ස් රාජ්‍ය 1976 දී එක්සත් රාජධානියෙන් නිදහස ලබාගත් රාජ්‍යයකි.මැඩගස්ක යේ සිට සැකපුම් 932ක්(කිලෝමීටර් 1500)ක් ඊසාන දෙසට වන්නට සීෂෙල්ස් පිහිටා තිබේ.එහි භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 107කි.ජනගහනය 88,000කි.නිවර්තන දූපත් සියයකට අධික සංඛ්‍යාවකින් සෑදුණ මෙම දූපත් රාජ්‍යයේ අගනුවර ව්ක්ටෝරියා නම් වේ.
http://1.bp.blogspot.com/-Z_D-cxtwjq0/UTq7tKNxEVI/AAAAAAAAAv8/19pmW8W_dV4/s1600/Seychelles+Beautiful+Beach.jpg


10.ලෝකයේ දහවැනි කුඩාම රට මාලදිවයින(Maldives)

මාලදිවයින දූපත්රාජ්‍යයකි.ඉන දියන් සාගරයේ දූපත් දහසකින් සෑදුනු මාලදිවයිනේ දූපත් 200ක් පමණක් ජනාවාස වේ.ලක්ෂ හතරක පමණ ජනගහනයක් වාසය කරයි.දූපත් සමූහයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 115කි.එක්සත් රාජධානියෙන් 1956 දී නිදහස ලැබීය.වර්තමානයේ ඉහළ යන මුහුදු මට්ටම හේතුවෙන් ගිලීයෑමේ තර්ජනයට මුහුණපා ඇති රාජ්‍යයක් ලෙස මාලදිවයින හැඳින්වේ.රටේ ඉහළම ස්ථානයට මුහුදු මට්ටමේ සිට උස අඩි 7.8(මීටර් 2.4)ක් පමණකි.
http://www.mymaldives.com/wp-content/uploads/maldives-resort-island.jpg

උපුටා ගැනීමකි!

ඔයාලට මේකෙන් මොනවහරි දැනගන්න ලැබුනා කියල හිතෙනවනම් මොනවහරි කොටල යන්න.නැවත හමුවෙමු.සුභ දවසක්!:47_002::47_002::47_002::47_002::4 7_002::47_002:

තව දෙයක්.කවුරුහරි මට කියල යනවද මේ ත්‍රෙඩ් එක නැවත නැවත ත්‍රෙඩ් ලිස්ට් එකේ මුලට එන්න දාන විදිහත්.

janith nilanga
06-09-2013, 09:15 PM
Good Post & Good Work ....Niyamai Macho :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-09-2013, 09:17 PM
Thanks Macho,,,Zoom 1ke Yaluwannta Hugak WedagathWei :clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::32_002::32_002::32_002::32_002::32_002: :32_002::32_002::32_002::32_002::32_002::32_002::3 2_002:

princekrish
06-09-2013, 09:18 PM
ගොඩක් වටිනා ලිපියක් . . .
ඔන්න මගෙන් රෙප් 4 ක් . . . .

janith nilanga
06-09-2013, 09:19 PM
Onna Selakuwa Macho Rep 2 ++ :clap::clap::clap::clap::clap::clap::thumbsup::thu mbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup:

මරු හිරා
06-09-2013, 09:21 PM
නියම විස්තරයක්
රෙප් 12+

danukamax
06-09-2013, 09:22 PM
ඇත්තටම ගොඩාක් වටිනා ලිපියක් සහෝ....මාර ලස්සනයි බන් ඒ රටවල් ටිකනම්...රේප්++

Rebel
06-09-2013, 09:23 PM
වටිනා ත්‍රෙඩ් එකක් යාලුවා
රෙප්+

CJA
06-09-2013, 09:36 PM
Good Post.. Rep++

hemantharr
06-09-2013, 10:14 PM
ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම.<3<3<3<3<3:zoom:මම අහල තියෙන එකටත් උත්තරයක් දෙනවද?

isuru503
06-09-2013, 10:16 PM
Rep 2 ++

danukamax
06-09-2013, 10:23 PM
ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම.<3<3<3<3<3:zoom:මම අහල තියෙන එකටත් උත්තරයක් දෙනවද?
කමෙන්ට් එකක් දැම්ම ගමන් ලිස්ට් එකේ උඩටම ඒයි මචන්....

Amnisha85
06-10-2013, 12:18 AM
නියමයි යාළුවා ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් යාළුවා
දිගටම මේවගේ ත්‍රෙඩ් දාන්න සුබපතනවා

:thumbsup:

shenal
06-10-2013, 07:17 AM
:thumbsup::thumbsup:

shashi1987
06-10-2013, 08:00 AM
Good Post.... Rep 4+

slnk82
06-10-2013, 09:44 AM
Thanks Godakma...

chathurazeez
06-10-2013, 10:35 AM
බම්ප් කරන්න. tnx.

thilanka mihiranga
06-10-2013, 11:10 AM
ස්තූතී මචෝ ඔන්න සැලකුව හොදේ

DanuRocks
06-11-2013, 01:17 AM
මේක ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්. :thumbsup:

pravmahe
03-04-2014, 09:52 AM
Very Good Post!

NEXiZE
03-04-2014, 10:17 AM
Rep+++++++++

Story Teller
03-04-2014, 11:04 AM
නියමයි රෙප්+

Code#M
03-04-2014, 06:44 PM
ela

Imal619
03-04-2014, 07:15 PM
නියමයි බං....

Street Fighter
03-08-2014, 11:43 PM
වටිනා ත්‍රෙඩ් එකක් යාලුවා
රෙප්5+

markhaloce
03-10-2014, 11:28 AM
එලයි :D
රෙප් දුන්නට වැඩක් ණෑ කොටු නෑ..

sahan thinusha
03-10-2014, 11:43 AM
Good Post :40_002::40_002::clap::clap: