PDA

View Full Version : බේරේ වැවේ දිය රැළි මත ගී ආරෙන් ලිව් බණ පද...



janith nilanga
06-13-2013, 04:37 PM
බේරේ වැවේ දිය රැළි මත ගී ආරෙන් ලිව් බණ පද...



http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/sandalla.jpg


දහවලට වඩා වැඩියෙන් මේ සන්ධ්‍යාව විචිත‍්‍රවත්ය. ඒ විචිත‍්‍රත්වය මොනවට පෙනෙන්නේ බේරේ වැවේ නිසල ජලතලය දෙස බලා ඉන්නා විටය. රත්තරං පාට අව්රැල්ල බේරේ වැවේ නිල්පාට දියරැල්ල සමග අතිනත ගෙනය. ශ්‍රී ජිනරතන ඉංග‍්‍රීසි අධ්‍යයන ආයතනයේ කාර්යාලයෙන් නික්මුණු උන්වහන්සේ බේරේ වැව අද්දරට වැඩම කළහ.

පසෙක බස්නැවතුමය. එහි සිටගෙන සිටින මිනිසුන්ද ගැහැණුන්ද සිටින්නේ හිස ගිනිගත් කලෙක මෙනි. කුටුම්බවල හෝ රාජකාරී ස්ථානවල හෝ ප‍්‍රශ්නවලින් ඔවුන් හෙම්බත්ය...... ජීවිතය කරදරයකි. පිටුපසින් තිබෙන බේරේ වැවේ ජලතලය මත නැගෙන දියරැල්ලක අපූරුව හෝ එම දිය සිපගෙන හමන සුළෙඟ් සුවය හෝ ඔවුනට නොදැනෙන පාටය. ඔවුන් දෙස බැලූ හාමුදුරුවෝ බේරේ වැව මධ්‍යයේ ඇති සීමා මාලකයට වැඩම කළහ.

”රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ”
බසයේ සිටි මගියෙකු හෙමිහිට මිමිනුවේය.
උන්වහන්සේ හෙමින් හෙමින් ඇවිද ගියහ.

සුදෝ සුදු චෛත්‍යය සිලි සිලි සුළෙඟ් කොළ, දළු නැලවෙන බෝධිය මෙත් කරුණා වැසිවස්සන බුදුරුව නෙත් ගැටෙන ඕනෑම මොහොතක හිත සමාධිගත වේ. එහෙත් හාමුදුරුවෝ තම සිත පෙලූ දුක්ගැනවිල්ල බුදුහාමුදුරුවන්ට වාර්තා කළහ.


http://travelbloggings.files.wordpress.com/2009/11/colombo-gangaramatemple-beiralake_dsc00214.jpg


පිහිටක් නැති සරණක් නැති
සතුටක් නැති මූණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ


හබලක් නැති ඔරුවක් නැති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ


නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති පෙරසත් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ


රඹුකන හාමුදුරුවන් එසේ කීව ද බුදුහාමුදුරුවෝ කිසිත් නොකීහ. බුදුන් වහන්සේගේ මුවෙහි තිබෙන උපේක්ෂා සහගත මන්දස්මිතය එලෙසම මුවෙහි රැුඳී පැවතිණි.

එහෙත් තම දුක්ගැනවිල්ලට බුදුනෙත් විවර වූ බව දත් අපේ හාමුදුරුවෝ සීමා මාලකයේ පසෙකට වී බේරේ වැවේ ජලතලය දෙසම බලා සිටියහ.
උන් වහන්සේ මේ බේරේ වැවට පෙම් බඳින්නට පටන් ගත්තේ මීට දශක තුන හමාරකට පමණ පෙරාතුවය. ඒ කවදාදැයි හරියටම සෙවූ හාමුදුරුවෝ ඒ 1979 අවුරුද්ද බව සිහිපත් කරගත්හ. ඒ වන විට කැලණිය සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබූ හාමුදුරුවෝ ගංගාරාමයේ අධ්‍යාපන ආයතනයේ වැඩකටයුතු බාරගත්හ. කොළඹ වාසය උන්වහන්සේගේ සාහිත්‍ය සේවනයටද පිටිවහලක් විය. සිය ප‍්‍රකාශන මාධ්‍යය බවට ගීතය පත්කරගත් සිද්ධාර්ථ හාමුදුරුවෝ තමන් ලියූ පළමු ගීතය සිහියට නගාගත්හ.


කල්ප කාල ගතවෙනතුරු
මෙතේ බුදුන් බුදු වනතුරු
වැඩ සිටින්න බෝ සමිඳේ
මහ බෝ සමිඳේ



නමින් ලියූ ඒ ගීතය ගැයුවේ විශාරද දයාරත්න රණතුංගයන්ය. ඒ ගීතය ලියැවුණු 1976 වසර වන විට සිද්ධාර්ථ හාමුදුරුවන් වැඩසිටියේ කැලණිය සරසවියේ ය.

හැත්තෑව දශකය වූ කලී සිංහල ගීතයේ ස්වර්ණමය යුගය විය. ගුවන් විදුලියෙන් ශ්‍රේණිගතවූ ගායකයන් ප‍්‍රතිභා සම්පන්න ගීත රචකයන් මෙන්ම නිර්මාණශීලී සංගීතඥයන් එකල සංගීත ක්ෂේත‍්‍රයේ සිටියහ. ඔවුන් නිර්මාණය කළ ගීතයක ප‍්‍රතිභාව මැන බලන්නට තවත් ප‍්‍රවීණයන් පිරිසක් කැපව සිටියහ. මේ නිසා එකල බිහිවුණු ගීතයක් වෙතොත් එය අතිවිශිෂ්ට නිර්මාණයක් ම විය. මේ නිර්මාණ බිහිවූ සැනින් එය ප‍්‍රචාරය කිරීමට බලා සිටි ගුවන්විදුලියක් එකල තිබිණි. හැත්තෑව දශකය සිංහල ගීතයේ ස්වර්ණමය යුගය බවට පත්වූයේ ඒ ආකාරයෙනි. සිද්ධාර්ථ හාමුදුරුවන් වාසනාවකට මෙන් ගී ලියන්නට පටන්ගත්තේ එකල ය.

එහෙත් අද එසේ නොවේ. විවෘත ආර්ථිකයත් සමග සියලූ දේ විවෘත විය. ගීතයක් බිහිකරන්නට කිසිදු ප‍්‍රතිභාවක් අනවශ්‍ය ය. අවශ්‍ය වන එකම දේ මුදල් පමණකි. ගායකයාට ගායන හැකියාවක් ගීත රචකයාට සාහිත්‍ය දැනුමක් ආදී කිසිවක්ම අවශ්‍ය නැති පරිසරයක් අද බිහිව තිබේ.

එහෙත් සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉන් නොසැලෙති. බුදුහිමියන් පුරුදු පුහුණු කළ උපේක්ෂාව සරල බව උන්වහන්සේ සතුව ද පවතින බැවිනි.
ගංගාරාමයට වැඩම කිරීමෙන් පසුව සිද්ධාර්ථ හාමුදුරුවන් අතින් ලියැවුණු රසයෙන් අනූන බොදු ගීත රැසකි. විටෙක ඒවා බණ පද වැනිය.

වරක් උන්වහන්සේ අතින් ලියැවී පණ්ඩිත් අමරදේවයන් මුවින් ගැයුණු ගීයක් උන්වහන්සේගේ මතකයට පිවිසියේය.


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC_4522.jpg


සසර දනව්වේ දුක් පීඩාවිඳ
නවාතැන් සොයා අප යනවා
ඒ යන ගමනේ කොතැනකදී හෝ
බුදු හිමි සෙවණේ සිහිල ලැබේවා


දනිමි හැඳින්නෙමි ගුණ තුන් රුවනේ
නිවමි නිවෙන්නෙමි දුක භව ගමනේ
සරමි සරන්නෙමි සදහම් අරණේ
ගයමි ගයන්නෙමි බුදුගුණ වරුණේ


මලකින් මලකට පාවෙන සුවඳයි
සවනින් සවනට යාවෙන මිහිරයි
පහනින් පහනට දැල්වෙන එළියයි
අඳුරින් එළියට යන මිණි පහනයි


රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ නම මේ ගීතත් සමග රසික සමූහයා අතර පැතිරෙන්නට පටන් ගත්තේය. තව තවත් ගී ලියූ උන්වහන්සේ ‘සිංදු ලියන හාමුදුරුවො’ ලෙස විරුදාවලි ලබද්දී තවත් පිරිසක් බුද්ධ පුත‍්‍රයකුට ගී ලිවීමට කැපදැයි විමසූහ.

බෞද්ධ දර්ශනය මැනවින් හැදෑරූ සිද්ධාර්ථ හාමුදුරුවන් ළඟ ඒ චෝදනාවන්ට පිළිතුරු තිබිණි. සිදුහත් තවුසා බුද්ධරාජ පදවිය ලද වහාම උදාන ගීතයක් ගායනා කළේය. අනේකා ජාති සංසාරා නම්වූ එකී උදාන ගීතයත් තමන් ලියූ ගීතයකත් අතර වෙනසක් නොවන බවට සිද්ධාර්ථ හාමුදුරුවෝ තර්ක කළහ. පාලියෙන් ගාථාවක් වන්නේ සිංහලෙන් ලියන ගීතයකි. මේ නිසා මේ ගී නච්ච ගීත වාදිත යන තහනම් විසූක දස්සනවලට අයත් වන්නේ නැති බව උන්වහන්සේගේ විශ්වාසයයි.

ඇත්තවශයෙන්ම උන්වහන්සේ තම ගීත මගින් කළේ බණ කීමක් විනා අන්කිසිවක් නොවේ. එක්කෝ උත්තම බුදුගුණ වැනුවෝය. නැත්නම් බණ පදයක් කීවෝය.

මේ තර්ක පිළිගත් රසික සමූහයා අපේ හාමුදුරුවන්, සිංදුවෙන් බණ කියන හාමුදුරුවෝ බවට පත්කළ අයුරු හාමුදුරුවන්ට සිහිපත් විය.
අඳුර හාත්පස ගලා ගොසිනි. එහෙත් සඳ අහසේ ගමන් අරඹා තිබිණි. සඳ රැසින් බේරේ වැවේ ජල තලය කහපාට වෙද්දී සිද්ධාර්ථ හාමුදුරුවෝ සීමා මාලකයෙන් නික්මුණහ. උන් වහන්සේගේ හිත සංසුන්ය. හැමූ සුළඟක අරලිය මල් සුවඳක් මුසුව තිබිණි. බේරේ වැවේ ඉවුර දිගේ සංසුන් පියවර තැබූ උන්වහන්සේට පසෙක වූ අරලිය ගසෙක මල් පිපී ඇති අයුරු දැකගත හැකිවිය.

‘මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාලූවේ’ යි බණ පදයක් කියූ අයුරු මතකයට නගාගත් සිද්ධාර්ථ හාමුදුරුවෝ තවදුරටත් බේරේ වැව දෙසම බලාසිටියහ.

උන්වහන්සේට සිතුනේම සංසාරේ බෝහෝ ඈත ආත්මයක බුදුහිමියන් දම්දෙසන මොහොතක ඒ දහම් දෙසුමට තමන්ද කන්දී සිටින්නට ඇති බවකි.... නිවන් දකින්නට පින් මදිවූ බවකි.


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/sandalla-1.jpg


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදිවෙන්නැති
ඒකයි තවමත් සංසාරේ


දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ


අපිත් එක්ක සිටි අපේම යාලූවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ


මේ පදවැල ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ යුගය සිද්ධාර්ථ හාමුදුරුවෝ සිහිපත් කළහ. වික්ටර්ගේ ගී අතරින් අතිශය ජනප‍්‍රියත්වයක් ලබාගත් මේ ගීතය සිද්ධාර්ථ හාමුදුරුවන් ලියූ ගීතාවලියේ ජනප‍්‍රියම ගීතය යැයි විචාරකයන් කියා තිබිණි.

එහෙත් තමන් ලියූ තවත් බර ගණනක් ගී නිතර නිතරම ඇසුණු යුගයක මතකය සිද්ධාර්ථ හාමුදුරුවන් සතුය. සඳ තරුමල් මට දන් දුන්, පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්, රැ සඳ අහස් ගෙඟන්, මහගෙදර මහ අවුල්, පිපෙනා මලකට ගලනා දොලකට, ලා දලූ බෝපත් සෙමෙන් සැලෙන සේ, මිනිසා හඳට ගියා ලූ....
ඒ පද වැල් එකින් එක මුමුනමින්ම උන්වහන්සේ ගංගාරාමය දෙසට වැඩම කළහ. උන්වහන්සේගේ ඇස ගියේ පොඩිහාමුදුරු නමක් වෙතටය.


ළමා වියේ කිරි සුවඳ ගියේ නැති
ළමා වියේදිම කසාවතක් දැරු
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණවුණේ?


සිද්ධාර්ථ හාමුදුරුවන්ට පෙර කලෙක ලියූ තවත් ගීයක් සිහිපත් විය. ඒ පැනය මාලනී බුලත්සිංහල තමන්ගෙන්ම ඇසුවේ නම් තමන්ටම දීමට පිළිතුරක්ද තිබිණි.

එතකොට මගෙ වයස අවුරුදු දොලහයි. ඒ කාලෙත් බණ අහන්න පිරිත් අහන්න මං හරි කැමතියි. මල්ලිලා නංගිලා සෙල්ලම් කරද්දී මං පන්සලට ගිහින් පොඩි හාමුදුරුවරු දිහා බලාන හිටිය, පස්සේ මගෙ අම්මයි තාත්තයි මාව ගංගාතිලකරාමයට බාර දුන්නා....

මාතර මොරවක් කෝරලයේ පිහිටි රඹුකන ගම්මානයෙන් සසර කතරින් එතෙර වන මගට පිලිපන් හැටි සිද්ධාර්ථ හාමුදුරුවෝ සිහිපත් කළහ.
සිද්ධාර්ථ හාමුදුරුවෝ බෝධිය වටා පැදකුණු කළහ. සඳ එළිය බෝමළුවේ සෙවණැලි මතුකර ඇත. වෙසක් පෝයට තවත් ඇත්තේ සතියක් තරම් සුළු කාලයකි. 1950 වසරේ වෙසක් පුන් පෝය උදාවූයේ මැයි 22 වැනි දා වකය. ආනන්ද ලියනගේ නමින් තමන් උපන්නේ එදා බව සිද්ධාර්ථ හිමියනට සිිහිපත් විය. දැන් දිවි ගමනේ දශක හයක් ගෙවී අවසානය.


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC_4485.jpg

http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC_4498.jpg


සිරි සිරි බෝපත් සුළඟට නැලවෙයි එයද ගී හඬකට නොදෙවෙනිය



ලා දළු බෝපත්
සෙමින් සැලෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරිතැන
රහසින් හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී



තම මතකය යළිත් අතීතයට යන හැටි සිද්ධාර්ථ හිමියන්ට දැනිණි.

යශෝදරාවන් යනු ආත්මාර්ථකාමී නොවූ සැබෑම ආදරය පිළිබඳව ලොවට හෙලිදරව් කළ ලොවේ උතුම්ම කාන්තාවයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම ගියදා ඔහුට බැණ නොවැදී සියල්ල දරාගත්තේ සැබෑ ආදරයේ ස්වරූපය ලොවට කියාපාමිණි.

යශෝධරාවන් පිළිබඳව තවත් ටිකක් මෙනෙහි කළ හාමුදුරුවෝ සිය කුටියට ගොස් කඩදාසියක් අතට ගත්හ.
උන්වහන්සේට ලියන්නට ඇත්තේ අනන්ත වූ බුදු ගුණය ම පමණි.


හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මාහද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ


හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලෝව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ


හිමි දම් ආකර ගුණමිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ


මේ ලිපිය උපුටා ගැනීමකි... {Lankadeepa News Peper}
:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා..:yes::yes:

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

chathurazeez
06-13-2013, 06:00 PM
Rep 2+

chathurazeez
06-13-2013, 06:01 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Dilzan
06-13-2013, 06:03 PM
:):

janith nilanga
06-13-2013, 07:56 PM
Rep 2+

Thanks Macho :yes: :yes:

මරු හිරා
06-13-2013, 08:28 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Rebel
06-13-2013, 09:19 PM
හොඳ ලිපියක් මචන්

janith nilanga
06-13-2013, 10:16 PM
:):


:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Thanks Friends... :yes: :yes:

thilanka mihiranga
06-14-2013, 11:07 AM
You must spread some Reputation around before giving it to janith nilanga again.

සොරි වෙන්න ඕන. වටයක් දාලම් එන්නම්කො

janith nilanga
06-14-2013, 07:28 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.

සොරි වෙන්න ඕන. වටයක් දාලම් එන්නම්කො

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

janith nilanga
06-14-2013, 08:55 PM
හොඳ ලිපියක් මචන්

:yes: :yes: :yes:

shashi1987
06-15-2013, 03:02 PM
Good Post

janith nilanga
06-15-2013, 07:08 PM
Good Post

Thanks Macho :yes: :yes: