PDA

View Full Version : සුපීරියර් විලේ සිතුවම් ගල්



thilanka mihiranga
06-18-2013, 12:48 PM
සුපීරියර් විලේ සිතුවම් ගල්

සුපීරියර් විල කියල කියන්නේ පංච මහා විල් වලින් ලොකුම එක. පංච මහා විල් කියන්නේ මොකද්ද කියලනම් අහන්න එපා හොඳේ. :D එක සැරයක් නයගරා ගැන ලියපු පෝස්ට් එකේදී ඔය විල් හැදුන හැටි, විස්කොන්සින් ග්ලැසියේෂන් ගැන එහෙම කිව්වා මතකයි.

ඉතින් මේ සුපීරියර් විලේ කොනක එක්තරා පුංචි ඉවුරක් තියනවා "Pictured Rocks" කියලා. ඒ ඉවුරට මේ නම ලැබෙන්න හේතුවකුත් තියනවා.


http://4.bp.blogspot.com/-JseqQBd8NsA/Ubtu3iRnZHI/AAAAAAAABD4/VMfTGRJn9Do/s1600/IMG_4211.JPG

ඔය ඉවුරේ බිත්තිය දිහා හොඳට බැලුවොත් පෙනේවි නිකන් ඉරි ඉරි චිත්‍රයක් වගේ එකක්. ටිකක් වම් පැත්තට වෙන්න. ඒ වගේ ස්වාභාවික චිත්‍ර ඉවුර දිගටම පිහිටලා තියනවා. මෙතන ඉවුරෙන් බොහොම පොඩ්ඩයි පේන්න තියෙන්නේ. හරියටමනම් මේ ඉවුරුවල දිග හැතැප්ම ගානක්. ඉතින් ඒ ඉවුරු දිගටම අර විදියේ චිත්‍රත් පිහිටලා තියනවා.

හැබැයි මේවා ගොඩ ඉඳගෙන නම් දැකගන්න බැහැ. ඒකට පුංචි පහේ ක්රූස් එකක් සූදානම් කරලා තියනවා අපිව එක්ක ගිහින් ඒවා පෙන්නන්න. ඔය යන්නේ එයින් එකක්.


http://1.bp.blogspot.com/-37zg3islwkE/Ubty3qPIG6I/AAAAAAAABEI/SorbLEqOXt0/s1600/208990_10151005705058528_822232492_n.jpg

ඔහොම ඉවුරු අයිනෙන් යාත්‍රා කරගෙන යනකොට ඔන්න චිත්‍ර පොතක වගේ අපූරු සිතුවම් පේන්න පටන් ගන්නවා. මේ සිතුවම් රතු, නිල්, කළු, කොළ වගේ වර්ණ වලින් දකින්න පුළුවන්.


http://3.bp.blogspot.com/-ngpxDEGiUhA/Ubt4iVTKRgI/AAAAAAAABEY/FsdbL4CQPU8/s1600/Pictured-Rocks-7-1024x682.jpg

http://4.bp.blogspot.com/-ciWjY945Mec/Ubt5D4Y6JaI/AAAAAAAABEg/N86OC0Jn60k/s1600/560952_10151005705638528_88850978_n.jpg

මම කලින් කිව්වනේ සුපිරියර් විල තමයි පංච මහා විල් වලින් ලොකුම සහ ගැඹුරුම එක කියලා. ඒ වගේම එදා දැනගත්ත තවත් කාරණයක් තමයි මේ විලේ ජලය සාපේක්ෂව ඉතාමත් පිරිසුදුයි ලු. ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනේ. වතුරේ පාට දිහා බැලුවමත් ඒක පේනවා.

මේ තියෙන්නේ සාමාන්‍ය පොයින්ට් & ශූට් කැමරාවකින් ගත්ත විල් පතුලේ පින්තුරයක්.


http://4.bp.blogspot.com/-DfRtRcCz7dw/Ubt9K6e0QkI/AAAAAAAABEw/FPSCTaHzxD8/s1600/558250_10151005706363528_207407576_n.jpg

මේ ආරුක්කුවක් වගේ පේන ස්ථානයට කියන්නේ "lover's leap" කියලා. ඔතන විල ගැඹුරුයි වගේ පෙනුනට ඉතාමත් නොගැඹුරු තැනක්. කවුරු හරි ගිලිලා මැරෙන්න හිතාගෙන වතුරට පැන්නට වැඩක් වෙන්නේ නෑ. විලේ පතුලේ වැදිලා තමයි මැරෙන්න වෙන්නේ.


http://2.bp.blogspot.com/-DbePeqGSCCo/Ub_KzQTci0I/AAAAAAAABFo/f62fznaAU7s/s1600/549021_10151005705693528_167463960_n.jpg

හැබැයි මේ ගමනේ උපරිම විනෝදය ලැබෙන්නේ ක්රූස් එකෙන් ගියොත් නෙමෙයි. තනි මනුස්සයෙක්ට විතරක් යන්න පුළුවන් kayak කියන බෝට්ටු විශේෂය ගැන අහල ඇතිනේ. ඉතින් කැමති අයට පුළුවන් කයැක් එකක් බද්දට අරගන්න. ඉන් පස්සේ කයක් එකයි මිනිහවයි දෙන්නවම වෙනත් බෝට්ටුවකින් ඈතට අරගෙන ගිහින් සිතුවම් ඉවුරු අතරේ අත ඇරලා එනවා. හිතේ හැටියට පැදලා කැමති වෙලාවක ගොඩට පැදගෙන එන එකයි තියෙන්නේ. මේ ඉන්නේ එහෙම kayak කාරයෝ ටිකක්. ක්රූස් එකට යන්න බැරි අහුමුලු අස්සට මේ අයට යන්න පුළුවන්.


http://4.bp.blogspot.com/-ZPyr6UHtTps/Ub9fK-nuF0I/AAAAAAAABFI/x0LwOZdnIRA/s1600/pictured-rocks-national-lakeshore-09-75-0211.jpg

මමනම් ඉතින් ඔය kayak වැඩේට කැමති නෑ. ඒක මේ දැන් පෙරලෙන්න බලාගෙන ඉන්නේ කියලමයි මට හිතෙන්නේ. ඊට වඩා ටිකක් ස්ථායි canoe කියන ජාතිය. ඩබල් දාලා තමා යන්නේ. ඒවායේ නම් අපි ගිහින් තියනවා දෙතුන් පාරක්. දෙන්නෙක් ඉන්නකොට වැඩිය හොඳයි නේ :D


~~~~~~~~~~~~~~

පින්තූර දදා හිටියා මිසක් මේ විදියේ සිතුවම් ගල් වල මැවුනේ කොහොමද කියලා කිව්වේ නෑ නේ. ඒකට හේතුව තමයි ඛනිජ ලවණ. මේ උස ඉවුරු වැඩි හරියක්ම සමන්විත වෙන්නේ ගල් වලින්. ඒවායේ අඩංගු වෙනවා එක එක වර්ගයේ ඛනිජ ලවණ.

මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන සිතුවම් වර්ණ වලට හේතු

යකඩ - රතු පැහැය
මන්ගනිස් - සුදු සහ කලු
ලිමොනයිට් - කහ දුඹුරු
තඹ - රෝස කොළ පැහැය

ඒ වගේමයි කාලාන්තරයකට කලින් විලේ ජල මට්ටම තිබිලා තියෙන්නේ මීට ගොඩක් උසින් ලු. කාලයත් එක්ක ජල මට්ටම පහළ බහිද්දී ඉවුරු ඛාදනය වීමත් එක්ක අර ඛනිජ ලවණ දිය වුන සලකුණු ඉතිරි කරලා ජලය වාෂ්ප වෙලා ගිහින්. ඕක තමා එයාලා අපිට දීපු පැහැදිලි කිරීම.

ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳම පින්තුරේ දැම්මේ නැහැනේ. ඔන්න බලන්න. මුකුත් අමුත්තක් එහෙම පේනවද?


http://4.bp.blogspot.com/-8JcUxYk14cc/Ub9ues712WI/AAAAAAAABFY/sCewFw1gAYc/s1600/480326_10151005706588528_716056867_n.jpg

තෙතමනයක් නැති කාෂ්ඨක ගල් පර්වතයක් උඩ පුංචි පැලයක් පැල වෙලා. ටික ටික ලොකු වේගෙන එද්දී තමයි වැඩේ තේරෙන්නේ. නෝ වෝටර්...නෝ ෆුඩ්...

දැන් ඉතින් මොකෝ කරන්නේ. ගහත් වැඩේ අත ඇරලා නැහැ. පේනවද පර්වතයේ වම් පැත්තෙන් ගහේ මුල් වගයක් ඇදිලා ගිහින් ප්‍රධාන ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙන හැටි? ඒක තමා නොමැරී ඉන්න ගහ හොයා ගතිපු ක්‍රමය. හරියට පිටරටකින් ආහාර ආනයනය කරනවා වගේ. කෝම හරි ගහ තවමත් සුවෙන් :D








වැදගත් උනානම් ඔයාල දන්නවනෙ මොනාද කරන්න ඕන කියල
:79:





මගේ මීට කලින් දාපු අනිත් ට්‍රේඩ් සදහා මෙතනින් යන්න (http://www.zoom.lk/forums/search.php?searchid=581004)

chathurazeez
06-18-2013, 12:55 PM
Rep ++ [chathurazeez]

Rebel
06-18-2013, 01:38 PM
Good post machan

thilanka mihiranga
06-18-2013, 01:38 PM
Rep ++ [chathurazeez]

ස්තූතී මචෝ :)

මරු හිරා
06-18-2013, 06:17 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

Praveen Maleesha
06-18-2013, 06:47 PM
Appa mara lassanai yaluwa.
niyamai:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-18-2013, 07:04 PM
Good Post & Good Work :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

janith nilanga
06-18-2013, 07:05 PM
Onna Selakuwa Macho Rep 3 +++ :clap::clap::clap::clap::thumbsup::thumbsup::thumb sup::thumbsup::thumbsup::thumbsup:

ajiya
06-18-2013, 08:49 PM
lassan wishtharayak macho..rep denna ada balune..heta hode

thilanka mihiranga
06-18-2013, 10:16 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

අවුලක් නෑ බන් මොනා කරන්නද? :(

thilanka mihiranga
06-18-2013, 10:17 PM
Onna Selakuwa Macho Rep 3 +++ :clap::clap::clap::clap::thumbsup::thumbsup::thumb sup::thumbsup::thumbsup::thumbsup:

ස්තූතියි ජනියා

thilanka mihiranga
06-18-2013, 10:18 PM
lassan wishtharayak macho..rep denna ada balune..heta hode

මොනාහරි කොටල ගියානෙ ඒ ඇති බන්

Amnisha85
06-19-2013, 02:21 AM
වටිනා ලිපියක් දැකලා නැති දෙයක් පෙන්නලා කියලා දුන්නට ගොඩක් ස්තුතියි

:thumbsup:

shashi1987
06-19-2013, 08:09 AM
Good Post rep 4+

slnk82
06-19-2013, 09:57 AM
Good Post..:):

thilanka mihiranga
06-20-2013, 08:32 PM
වටිනා ලිපියක් දැකලා නැති දෙයක් පෙන්නලා කියලා දුන්නට ගොඩක් ස්තුතියි

:thumbsup:



Good Post rep 4+

ස්තූතී බන් ;)