PDA

View Full Version : ගිනි තබාගත් හාමුදුරුවෝ

nirmalrv8
06-23-2013, 09:08 AM
gayan1983 (http://www.zoom.lk/forums/members/9033.html) යාලුවා දාලා තිබුනූ thread එකක් හින්දයි මේක මට කියන්න හිතුනේ.මුලින්ම කියන්න ඕනෙ මමත් බෞද්ධයෙක් බව.ඒත් ආගම තුළම ඇලී ගැළි ඉන්න එක්කෙනෙක් නම් නෙවෙයි මම.අනිත් එක මම 'වම් මොළය දියුණු නොවූවන්' කියලා තිබ්බට ඒ අපහාසයක් කරන නියාවෙන් නොවන බවත් තරයේ වටහාගන්න.ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු දේ අපි අගය කරන්න ඕනෙ.පූජනීය වූ පොසොන් පොහොය දවසකම මේ thread එක දාන්න ලැබීම ගැනත් මම සතුටු වෙනවා.පුලුවන්නම් comment එකක් දාලා යාලුවෝ මේ සංවාදයට සහභාගී වෙයි කියලා හිතනවා.

ළඟදි දවසක වෙච්ච ඔය සිදුවීම හැමෝටම හොඳට මතක ඇති. හාමුදුරුවෝ ගිනි තියාගන්නකල් කට බලියගෙන හිටපු video කාරයානම් මං හිතන්නෙ මානසිකයෙක් වෙන්න ඕනෙ.අඩු ගානෙ එතන හිටපු හමුදාවෙ මහත්තයෙක්ටවත් කියලා තිබ්බ නම්.....

හරි, ඒකෙන් වැඩක් නෑ.මට කියන්න ඕනෙ වුනේ වෙන දෙයක්. ඔය හාමුදුරුවොම කියලා තිබුනා උන්වහන්සේ ඔය කරන්නෙ පරමත්ථ පාරමිතාවය, එය සියදිවි හානි කරගැනීමක් නොවේය කියලා.ගව ඝාතනය හෝ මොකක් හෝ යමක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය අනුමත කරන බුදු දහම එය සියදිවි හානි කරගැනීමක් නොවේය කියලා කියන්නෙ මොන තාර්කික පදනමකින්ද ? (ජීවිත පරිත්‍යාගය කියන්නෙ සියදිවි හානි කරගැනීම නොවේය කියන උදවිය මාත් එක්ක පස්සෙ සංවාදෙකට වරෙල්ලකො ඈ.... :nerd: ) පරමත්ථ පාරමිතාව තුළින් බුදු වෙන්න පෙරුම් පිරිය හැක බව දන්වන බුදු දහමම අනෙක් අතට කියන්නේ සිය දිවි හානි කර ගැනීම තරම් පවක් තවත් නැහැ කියලයි.යාලුවන්ට මේකෙ තියෙන පරස්පර විරෝධී බව දැනුනා නේද ? :45: බුදු දහමෙන් මොන දේ කිව්වත් ඒ දේවල් බුද්ධියෙන් විචාරා අනුගමනය කරන්න අපි දැනගන්න ඕනෙ.ඒත් වම් මොළය එතරම් දියුණු නොවූ ඇතැම් උදවියට ඒක තේරුම් ගන්න අපහසු බවත් අපි තේරුම් ගන්න ඕනෙ.එහෙනම් මේ පොට පෑදෙන්නේ ධර්ම සංශෝධනයකට නෙවෙයිද ?? :zoom:

විශේෂයෙන් මේ ජීවිත පරිත්‍යාගය වැනි බරපතල මාතෘකා තුළ අපි ගොඩක් විචාරශීලී විය යුතුයි මං හිතන්නෙ.මේ හාමුදුරුවන්ගෙ වාග් කෞෂල්‍ය එහෙම මනාව දියුණු වෙලා තිබ්බත් යමක් තාර්කිකව තේරුම් ගන්න බැරිකමක් නිසයි එදා මේ වගේ මෝඩ (වචනය ගැළපෙනවා කියලා හිතනවා) තීරණයක් ගත්තෙ.යමක් කරගැනීමට ඇති නොහැකියාව නිසා ජීවිතය දාලා ගිය උදවිය අපි ඕනෙ තරම් දැකලා තියෙනවා.මේ සිද්ධියත් ඒ ගණයටම ඇතුළත් කරන්න මම නම් පැකිළෙන්නෙ නෑ.හැබැයි මෙතන ප්‍රශ්නය තියෙන්නෙ ජීවිතය දාලා යන්න ගුරු හරුකම් අරගෙන තියෙන්නෙත් බුදු දහමෙන්ම වෙන එකයි. :52_002: ඉතිං තවදුරටත් බුදු දහමේ නාමයෙන් ජීවිත නැති වෙන, තාර්කික බවේ කළඳක් නැති සමාජයක ජීවත් වෙන්න ඔයගොල්ලො කැමතිද ?

යාලුවනේ, මම නම් හිතන්නෙ අප සියලු දෙනාටම වැටහෙන විදිහට බුදු දහම සංශෝදනය කරන්න කාලයයි මේ....

මරු හිරා
06-23-2013, 09:26 AM
මමත් සියදිවි හානි කරගැනීම කිසිදු හේතුවක් නිසා අනුමත නොකරමි

gayan1983
06-23-2013, 09:45 AM
aniwaa anumatha karanna baha. mona agamakawath kiyala naha

yohan
06-23-2013, 11:12 AM
මේක මචන් පති කීපයකින් ඕන කෙනක්ට බලල කියන්න පුළුවන් .......මේ ඔයාගේ මතය ටව කට්ටිය ඉදි වෙනස් මතයන් වල......
සිය දිවි හානි කර ගැනීමට නම මාත් එකග නැ..........

CJA
06-23-2013, 11:38 AM
මමත් සියදිවි හානි කරගැනීම කිසිදු හේතුවක් නිසා අනුමත නොකරමි

:yes::yes:

nirmalrv8
06-23-2013, 12:33 PM
aniwaa anumatha karanna baha. mona agamakawath kiyala naha

උඹ දන්නවද කියලා මම දන්නෙ නෑ මචං... ඒත් බුදු දහමෙ තියෙන පාරමිතා දහයේ හැම පාරමිතාවකම අනුකොටස් තුන ගානෙ තියෙනවා. නම් නං හරියටම මතක නෑ. අදහස මෙහෙමයි...

1.භෞතික වස්තු වලින් පාරමිතාව පිරීම.
2.තම ශරීරයේ අංග වලින් පාරමිතාව පිරීම.
3.ජීවිත පරිත්‍යාගයෙන් පාරමිතාව පිරීම.

අපේ ආගමේ ඇත්තටම මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ. :59: ඒත් මම ඉගෙන ගෙන තියෙන්නෙ නම් එහෙමයි. ආගමේ හැටියට මේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ පාරමිතාව පුරලා තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන්. :52_002: මචා මොන ආගමකවත් එහෙම නැහැ කියලා කිව්වට අපේ ආගමේම තියෙනවා එහෙම දෙයක්. ඒකයි මම ධර්ම සංශෝදනයක් ගැන කතා කළේ. :announce:

gayan1983
06-23-2013, 12:51 PM
:yes:

Rebel
06-23-2013, 12:57 PM
තමන්ගේ අරමුණ අනුවයි මචන් සියදිවි හානි කරගනිමක්ද,ජිවිත පරිත්‍යාගයක්ද කියලා කියන්න පුළුවන්.සියදිවි හානි කරගැනීම ලොකු පවක්.එක තීරණය වෙන්නේ තමන්ගේ අරමුණ මතයි.කෙල්ල තරහ වුනා,exam fail උන නිසා,ගෙදර ප්‍රශ්න නිසා සියදිවි හානි කරගැනීමයි.හාමුදුර වෝ ගිනි තබාගැනීමයි අතර ලොකු වෙනසක් තියෙනවා මචන්.ඒ දෙකම එකක් කියල ඒ දෙකටම සියදිවි හානි කරගැනීම කියලා කියන්න මන් කැමති නෑ මචන්.හාමුදුරුවෝ ගිනි තියාගත්තට වඩා අද හිටියනම් ගොඩක් වටිනවා.එත් හාමුදුරුවෝ ඒ කරපු පරිත්‍යාගයට පස්සේ ඒ හමුදුරුවොන්ගේ අරමුණ ගොඩක් දුරට ඉටු උනා.ධර්ම සංශෝදනය කරන්න ඔබ අපිට බෑ මචෝ..

janee
06-23-2013, 04:15 PM
යුද්දෙට ගිහින් රණවිරුවෙක් රට වෙනුවෙන් මරුනම ඒක සියදිවි නසා ගැනීමක්ද?හසලක ගාමිනී බෝම්බයක් අරගන කොටි යුද්ද ටැන්කියකට පැන්න කවුරුවත් ඒකට සියදිවි නසා ගනීමක් කිව්වෙ නෑ.යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරනවනම් ඒක ජීවිත පූජාවක්.හාමුදුරුව කරේ එහෙම දෙයක්.
රණවිරුවො රට,ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජ කරා,හාමුදුරුවො ආගම ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජ කරා.

කෙනෙක් ප්‍රශ්න වලින් පැනල යන්න ජීවිතේ නැති කර ගන්නවනම් ඒක සියදිවි නසා ගැනීමක්.ඒකෙන් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.ඒක තමයි පවක් වෙන්නෙ.

හාමුදුරුවො තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න්නෙකට ජීවිතේ නැති කර ගත්තනම් ඒක වරදියි.ඒක පවක්.නමුත් යහපත් අරමුනක් හිතේ තියාගන ජීවිතේ ඒ වෙනුවෙන් පූජ කිරීම පවක් නෙමෙයි.

පරමාර්ත පාරමිතාව.-බුදු බව ප්‍රාර්තනා කරගෙන දස පාරමී(දාන,සීල,නෙක් ම්ම,ප්‍රඥා,වීර්ය,ක ශාන්ති,සච්ච,අධිශ් ාන,මෛත්‍රී,උපේක්ශ ) පිරීම සදහා තම ජීවිතය පූජා කිරීම.
අපි කරන දෙයකින් යහපතක් වෙනවනම් ඒ දේ හොදයි කියලයි බුදු හාමුදුරුවො දේසනා කරේ.

සහෝදරය සිය දිවි නසා ගැනීමයි,ජීවිත පරිත්‍යාගයයි,පරමා ්ත පාරමිතාවයි 3ම පටලවාගෙන වගේ...

janee
06-23-2013, 04:16 PM
මට හිතෙන අදහස මන් කිව්වෙ....

මරු හිරා
06-23-2013, 05:09 PM
බම්ප්

apkumara
06-23-2013, 05:34 PM
යුද්දෙට ගිහින් රණවිරුවෙක් රට වෙනුවෙන් මරුනම ඒක සියදිවි නසා ගැනීමක්ද?හසලක ගාමිනී බෝම්බයක් අරගන කොටි යුද්ද ටැන්කියකට පැන්න කවුරුවත් ඒකට සියදිවි නසා ගනීමක් කිව්වෙ නෑ.යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරනවනම් ඒක ජීවිත පූජාවක්.හාමුදුරුව කරේ එහෙම දෙයක්.
රණවිරුවො රට,ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජ කරා,හාමුදුරුවො ආගම ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජ කරා.

කෙනෙක් ප්‍රශ්න වලින් පැනල යන්න ජීවිතේ නැති කර ගන්නවනම් ඒක සියදිවි නසා ගැනීමක්.ඒකෙන් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.ඒක තමයි පවක් වෙන්නෙ.

හාමුදුරුවො තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න්නෙකට ජීවිතේ නැති කර ගත්තනම් ඒක වරදියි.ඒක පවක්.නමුත් යහපත් අරමුනක් හිතේ තියාගන ජීවිතේ ඒ වෙනුවෙන් පූජ කිරීම පවක් නෙමෙයි.

පරමාර්ත පාරමිතාව.-බුදු බව ප්‍රාර්තනා කරගෙන දස පාරමී(දාන,සීල,නෙක් ම්ම,ප්‍රඥා,වීර්ය,ක ශාන්ති,සච්ච,අධිශ් ාන,මෛත්‍රී,උපේක්ශ ) පිරීම සදහා තම ජීවිතය පූජා කිරීම.
අපි කරන දෙයකින් යහපතක් වෙනවනම් ඒ දේ හොදයි කියලයි බුදු හාමුදුරුවො දේසනා කරේ.

සහෝදරය සිය දිවි නසා ගැනීමයි,ජීවිත පරිත්‍යාගයයි,පරමා ්ත පාරමිතාවයි 3ම පටලවාගෙන වගේ...
:yes:

nirmalrv8
06-23-2013, 08:20 PM
තමන්ගේ අරමුණ අනුවයි මචන් සියදිවි හානි කරගනිමක්ද,ජිවිත පරිත්‍යාගයක්ද කියලා කියන්න පුළුවන්.සියදිවි හානි කරගැනීම ලොකු පවක්.එක තීරණය වෙන්නේ තමන්ගේ අරමුණ මතයි.කෙල්ල තරහ වුනා,exam fail උන නිසා,ගෙදර ප්‍රශ්න නිසා සියදිවි හානි කරගැනීමයි.හාමුදුර වෝ ගිනි තබාගැනීමයි අතර ලොකු වෙනසක් තියෙනවා මචන්.ඒ දෙකම එකක් කියල ඒ දෙකටම සියදිවි හානි කරගැනීම කියලා කියන්න මන් කැමති නෑ මචන්.හාමුදුරුවෝ ගිනි තියාගත්තට වඩා අද හිටියනම් ගොඩක් වටිනවා.එත් හාමුදුරුවෝ ඒ කරපු පරිත්‍යාගයට පස්සේ ඒ හමුදුරුවොන්ගේ අරමුණ ගොඩක් දුරට ඉටු උනා.ධර්ම සංශෝදනය කරන්න ඔබ අපිට බෑ මචෝ..

ඔව් මචා, සුළු ප්‍රශ්න නිසා සියදිවි හානි කරගන්න උදවියත් එක්ක සැසඳුවොත් ඉන්ද්‍රරතන හිමියෝ ජීවිතය දාලා ගියේ පින්වන්ත අරමුණකට බව පැහැදිලියි. :62: ඒ වුනත් පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගත්තා කියලා ගව ඝාතනය වැළැක්වෙන්නෙ කොහොමද බං ?? :59: හරි අපි හිතමු ගව ඝාතනය සම්පූර්ණයෙන්ම වැළැක්වුනා කියලා.මිනිස් ජීවිතයක් ගවයෝ දාහක් එක්කවත් සසඳන්න පුලුවන් වෙන්නෙ නෑනෙ මචං. හාමුදුරුවෝ ජීවිතය පූජා කරලත් මේ සංහාරය නවතින්නෙ නැති එකේ අපිට වෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න බැරි ඇයි ? අපේ රටේ හාමුදුරුවන්ට ලැබෙන ගෞරවයත් එක්ක උන්වහන්සේට ඕනෑ තරම් ලොකු විප්ලප කරන්න තිබුණා යහපත් අරමුණ වෙනුවෙන්. :fight: උත්සහායෙන් යුතුව තම අරමුණ සාක්ෂාත් කරගන්නවා වෙනුවට ජීවිතයෙන් පලා යන එක කොච්චර නම් අනුවණද ? මම වම් මොළය ගැන සඳහන් කළෙත් ඔය නිසාමයි බං. තාර්කිකව හිතුවොත් මචා ඇතුලු අපේ සමාජෙටම තේරෙයි මේ වගේ කරුණක් වෙනුවෙන් මුලු ජීවිතයම දන් දීම කියන්නෙ කොච්චර මෝඩ වැඩක්ද යන වග. :nerd:

nirmalrv8
06-23-2013, 09:26 PM
යුද්දෙට ගිහින් රණවිරුවෙක් රට වෙනුවෙන් මරුනම ඒක සියදිවි නසා ගැනීමක්ද?හසලක ගාමිනී බෝම්බයක් අරගන කොටි යුද්ද ටැන්කියකට පැන්න කවුරුවත් ඒකට සියදිවි නසා ගනීමක් කිව්වෙ නෑ.යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරනවනම් ඒක ජීවිත පූජාවක්.හාමුදුරුව කරේ එහෙම දෙයක්.
රණවිරුවො රට,ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජ කරා,හාමුදුරුවො ආගම ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජ කරා.

කෙනෙක් ප්‍රශ්න වලින් පැනල යන්න ජීවිතේ නැති කර ගන්නවනම් ඒක සියදිවි නසා ගැනීමක්.ඒකෙන් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.ඒක තමයි පවක් වෙන්නෙ.

හාමුදුරුවො තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න්නෙකට ජීවිතේ නැති කර ගත්තනම් ඒක වරදියි.ඒක පවක්.නමුත් යහපත් අරමුනක් හිතේ තියාගන ජීවිතේ ඒ වෙනුවෙන් පූජ කිරීම පවක් නෙමෙයි.

පරමාර්ත පාරමිතාව.-බුදු බව ප්‍රාර්තනා කරගෙන දස පාරමී(දාන,සීල,නෙක් ම්ම,ප්‍රඥා,වීර්ය,ක ශාන්ති,සච්ච,අධිශ් ාන,මෛත්‍රී,උපේක්ශ ) පිරීම සදහා තම ජීවිතය පූජා කිරීම.
අපි කරන දෙයකින් යහපතක් වෙනවනම් ඒ දේ හොදයි කියලයි බුදු හාමුදුරුවො දේසනා කරේ.

සහෝදරය සිය දිවි නසා ගැනීමයි,ජීවිත පරිත්‍යාගයයි,පරමා ්ත පාරමිතාවයි 3ම පටලවාගෙන වගේ...

මෙහෙමනෙ මචං, උඹ ඔය කියන යුද්ධෙට යාමත්, ගවයන්ගේ අයිතීන් රකින්න ඉදිරිපත් වීමත් යහපත් අරමුණු බව හැබෑව. ඒ වුනත් යුද්ධෙට යන රණවිරුවා යුධ වැදෙන්නෙ තවත් මිනිස්සු කී දාහක් වෙනුවෙන්ද ? අපේ මිනිස්සු රණවිරුවන්ට මෙතරම් ගෞරවයක් දක්වන්නෙ ඒ හින්දා නෙවෙයිද ? ඉස්සෙල්ලා කිව්වා වගේ, ගවයන් දාහක්වත් මිනිස් ජීවිතයක් එක්ක සසඳන්න බැහැ නේද.... ගවයන් මරා දමන එක වෙනුවෙන් නැගී සිටීම ඉතාම යහපත් අරමුණක් බව ඇත්ත. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න වෙන විකල්ප නැද්ද ? :zoom: ඇත්තේ ඔබතුමා කියන ඔය ජීවිත දානයමද කියලා මට අහන්නම වෙනවා. තවත් දෙයක් කියන්න ඕනෙ... යුද්ධයක් තියෙද්දී රජයක් විසින් රණවිරුවන්වම රණපිටියට යවන්නේ තාක්ෂනයේ දියුණුව මද වීමත්, ආර්ථික ප්‍රශ්නත් නිසා. වෙනත් විකල්ප තිබ්බ නම් රණවිරුවන්ව බිල්ලට දෙයි කියලා මචා හිතනවද ?

ප්‍රශ්න වලින් පැනලා යන්නත්, යහපත් අරමුණක් වෙනුවෙනුත්, මෝඩ විදිහට සිය දිවි හානි කරගැනීම එකම ගොඩට දාන්න තවත් පැකිළෙන්නෙ මොකටද ? :smart:

මෙතනදි ජිවිත පරිත්‍යාගයයි, සියදිවි හානි කරගැනීමයි අතර වෙනස සහෝදරයට තේරුනා කියලයි මං හිතන්නෙ.මම දන්න තරමින් පාරමිතා සම්බන්ධ කරුණුත් මට පැටලුනේ නම් නෑ. මචෝ, උඹම කියලා තියෙනවා වීරිය වෙනුවෙන් , අධිෂ්ඨානය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගය කිරීමෙන් බුදු බව වෙනුවෙන් පෙරුම් පුරන්න පුලුවන් කියලා. ඉතිං මේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ උතුම් අරමුණේ තිබුණු අධිෂ්ඨානය, වීර්ය නිසා නෙවෙයිද උන් වහන්සේ සිය දිවි හානි කරගත්තේ ? පැහැදිලිවම බුදු දහම විසින් මේ හාමුදුරුවන්ගේ දිවි තොර කර ගැනීමට පාර කපපු බව යාලුවට තවම තේරෙන්නෙ නැති වෙයි කියලා මං හිතන්නෙ නෑ. :)

ආදරණිය සහෝදරයෝ, මට නම් ජීවිත පරිත්‍යාගයයි, සියදිවි හානි කර ගැනීමයි, පාරමිතා ටිකයි පැටලුනේ නම් නෑ. :65: තවදුරටත් සංවාදයට විවෘතයි........ :79:

gayan159
06-23-2013, 09:37 PM
යුද්දෙට ගිහින් රණවිරුවෙක් රට වෙනුවෙන් මරුනම ඒක සියදිවි නසා ගැනීමක්ද?හසලක ගාමිනී බෝම්බයක් අරගන කොටි යුද්ද ටැන්කියකට පැන්න කවුරුවත් ඒකට සියදිවි නසා ගනීමක් කිව්වෙ නෑ.යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරනවනම් ඒක ජීවිත පූජාවක්.හාමුදුරුව කරේ එහෙම දෙයක්.
රණවිරුවො රට,ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජ කරා,හාමුදුරුවො ආගම ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජ කරා.

කෙනෙක් ප්‍රශ්න වලින් පැනල යන්න ජීවිතේ නැති කර ගන්නවනම් ඒක සියදිවි නසා ගැනීමක්.ඒකෙන් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.ඒක තමයි පවක් වෙන්නෙ.

හාමුදුරුවො තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න්නෙකට ජීවිතේ නැති කර ගත්තනම් ඒක වරදියි.ඒක පවක්.නමුත් යහපත් අරමුනක් හිතේ තියාගන ජීවිතේ ඒ වෙනුවෙන් පූජ කිරීම පවක් නෙමෙයි.

පරමාර්ත පාරමිතාව.-බුදු බව ප්‍රාර්තනා කරගෙන දස පාරමී(දාන,සීල,නෙක් ම්ම,ප්‍රඥා,වීර්ය,ක ශාන්ති,සච්ච,අධිශ් ාන,මෛත්‍රී,උපේක්ශ ) පිරීම සදහා තම ජීවිතය පූජා කිරීම.
අපි කරන දෙයකින් යහපතක් වෙනවනම් ඒ දේ හොදයි කියලයි බුදු හාමුදුරුවො දේසනා කරේ.

සහෝදරය සිය දිවි නසා ගැනීමයි,ජීවිත පරිත්‍යාගයයි,පරමා ්ත පාරමිතාවයි 3ම පටලවාගෙන වගේ...

math mea adahasata nam ekagae.
a wagema gawayo minissu kina dekama pana thina saththu jathi 2 kina eka mathaka thiya ganna ona miniha 1000 ape jathiya nisa apata minissu 1000 watinawa namuth sahodaraya minisue gawayoe dekama saththu jathi dekak bawa mathaka thiya ganna ethin apaksha pathiwa baluwoth gawayo 1000 = minissu 1000 ta.

Rebel
06-23-2013, 09:40 PM
ඔව් මචා, සුළු ප්‍රශ්න නිසා සියදිවි හානි කරගන්න උදවියත් එක්ක සැසඳුවොත් ඉන්ද්‍රරතන හිමියෝ ජීවිතය දාලා ගියේ පින්වන්ත අරමුණකට බව පැහැදිලියි. :62: ඒ වුනත් පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගත්තා කියලා ගව ඝාතනය වැළැක්වෙන්නෙ කොහොමද බං ?? :59: හරි අපි හිතමු ගව ඝාතනය සම්පූර්ණයෙන්ම වැළැක්වුනා කියලා.මිනිස් ජීවිතයක් ගවයෝ දාහක් එක්කවත් සසඳන්න පුලුවන් වෙන්නෙ නෑනෙ මචං. හාමුදුරුවෝ ජීවිතය පූජා කරලත් මේ සංහාරය නවතින්නෙ නැති එකේ අපිට වෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න බැරි ඇයි ? අපේ රටේ හාමුදුරුවන්ට ලැබෙන ගෞරවයත් එක්ක උන්වහන්සේට ඕනෑ තරම් ලොකු විප්ලප කරන්න තිබුණා යහපත් අරමුණ වෙනුවෙන්. :fight: උත්සහායෙන් යුතුව තම අරමුණ සාක්ෂාත් කරගන්නවා වෙනුවට ජීවිතයෙන් පලා යන එක කොච්චර නම් අනුවණද ? මම වම් මොළය ගැන සඳහන් කළෙත් ඔය නිසාමයි බං. තාර්කිකව හිතුවොත් මචා ඇතුලු අපේ සමාජෙටම තේරෙයි මේ වගේ කරුණක් වෙනුවෙන් මුලු ජීවිතයම දන් දීම කියන්නෙ කොච්චර මෝඩ වැඩක්ද යන වග. :nerd:

හරක් මරණ එක නවත්තන්න ඒ හාමුදුරුවෝ මොන තරම් දේවල් කරාද කියලා හැමෝම දන්නවා ඇතිනේ.එත් සාර්ථක වුනේ නෑනේ.එකයි හාමුදුරුවෝ අන්තිමේදී ඒ වගේ ජිවිත පරිත්‍යාගයක් කරේ.ඒක සාර්ථක වුනා.ඊට පස්සේ ගොඩක් මිනිස්සුන්ගේ ඇස් අරුනා.ගොඩක් ප්‍රදේශ වල හරක් මරණ එක තහනම් කරා.ඒ වගේම වම් මොලය නැත්තේ ගැනු,පිරිමි දාල ගියාම මැරෙන වුන්ට.ඒ වචනේ ඒ අයට පාවිච්චි කරොත් හොදයි.හරක් දාහක් නෙමෙයි එක තිරිසන් සතෙකුගේ පවා ජීවිතය බේරගන්න තමන්ගේ ජිවිතේ දන් දීපු මිනිස්සු මේ ලෝකේ ඕනි තරම් ඇති.එකට මනුස්සකම මිසක් මෝඩ කම කියන්න එපා.යහපත් අරමුණක් වෙනුවෙන් ජිවිතයක් දන් දීම මෝඩකමක් නෙමෙයි.ඕවා හිතන්න මොළ කියක් තිබුනත් වැඩක් නෑ තමන්ට හොඳ හිතක් නැත්නම්.එකයි සමහරක් අය ඔහොම මත වල ඉන්නේ.ඒ හාමුදුරුවෝ හිටියනම් අද වටිනවා.එත් ඒ හාමුදුරුවෝ සියදිවි හානි කරගැනීමක් නෙමෙයි කරේ.ඒ වැරදි ආකල්පෙට විරුද්දවයි මන් කතා කරේ.ඒ හාමුදුරුවෝ ඇත්තටම කරේ ජිවිත පරිත්‍යාගයක්..

gayan159
06-23-2013, 09:45 PM

sirawata machan mun hadanne buddagamath garahala marichcha kenektath garahala meniya agam pathurawanna mea hoda buddagama wam mole dakune mole dagena. mewa ape agama winasa karanna karana kupadi wada. ehen jathiya nathi wenawa mehen agamath kanawa

gayan159
06-23-2013, 09:49 PM
යුද්දෙට ගිහින් රණවිරුවෙක් රට වෙනුවෙන් මරුනම ඒක සියදිවි නසා ගැනීමක්ද?හසලක ගාමිනී බෝම්බයක් අරගන කොටි යුද්ද ටැන්කියකට පැන්න කවුරුවත් ඒකට සියදිවි නසා ගනීමක් කිව්වෙ නෑ.යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරනවනම් ඒක ජීවිත පූජාවක්.හාමුදුරුව කරේ එහෙම දෙයක්.
රණවිරුවො රට,ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජ කරා,හාමුදුරුවො ආගම ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජ කරා.

කෙනෙක් ප්‍රශ්න වලින් පැනල යන්න ජීවිතේ නැති කර ගන්නවනම් ඒක සියදිවි නසා ගැනීමක්.ඒකෙන් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.ඒක තමයි පවක් වෙන්නෙ.

හාමුදුරුවො තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න්නෙකට ජීවිතේ නැති කර ගත්තනම් ඒක වරදියි.ඒක පවක්.නමුත් යහපත් අරමුනක් හිතේ තියාගන ජීවිතේ ඒ වෙනුවෙන් පූජ කිරීම පවක් නෙමෙයි.

පරමාර්ත පාරමිතාව.-බුදු බව ප්‍රාර්තනා කරගෙන දස පාරමී(දාන,සීල,නෙක් ම්ම,ප්‍රඥා,වීර්ය,ක ශාන්ති,සච්ච,අධිශ් ාන,මෛත්‍රී,උපේක්ශ ) පිරීම සදහා තම ජීවිතය පූජා කිරීම.
අපි කරන දෙයකින් යහපතක් වෙනවනම් ඒ දේ හොදයි කියලයි බුදු හාමුදුරුවො දේසනා කරේ.

සහෝදරය සිය දිවි නසා ගැනීමයි,ජීවිත පරිත්‍යාගයයි,පරමා ්ත පාරමිතාවයි 3ම පටලවාගෙන වගේ...

හරක් මරණ එක නවත්තන්න ඒ හාමුදුරුවෝ මොන තරම් දේවල් කරාද කියලා හැමෝම දන්නවා ඇතිනේ.එත් සාර්ථක වුනේ නෑනේ.එකයි හාමුදුරුවෝ අන්තිමේදී ඒ වගේ ජිවිත පරිත්‍යාගයක් කරේ.ඒක සාර්ථක වුනා.ඊට පස්සේ ගොඩක් මිනිස්සුන්ගේ ඇස් අරුනා.ගොඩක් ප්‍රදේශ වල හරක් මරණ එක තහනම් කරා.ඒ වගේම වම් මොලය නැත්තේ ගැනු,පිරිමි දාල ගියාම මැරෙන වුන්ට.ඒ වචනේ ඒ අයට පාවිච්චි කරොත් හොදයි.හරක් දාහක් නෙමෙයි එක තිරිසන් සතෙකුගේ පවා ජීවිතය බේරගන්න තමන්ගේ ජිවිතේ දන් දීපු මිනිස්සු මේ ලෝකේ ඕනි තරම් ඇති.එකට මනුස්සකම මිසක් මෝඩ කම කියන්න එපා.යහපත් අරමුණක් වෙනුවෙන් ජිවිතයක් දන් දීම මෝඩකමක් නෙමෙයි.ඕවා හිතන්න මොළ කියක් තිබුනත් වැඩක් නෑ තමන්ට හොඳ හිතක් නැත්නම්.එකයි සමහරක් අය ඔහොම මත වල ඉන්නේ.ඒ හාමුදුරුවෝ හිටියනම් අද වටිනවා.එත් ඒ හාමුදුරුවෝ සියදිවි හානි කරගැනීමක් නෙමෙයි කරේ.ඒ වැරදි ආකල්පෙට විරුද්දවයි මන් කතා කරේ.ඒ හාමුදුරුවෝ ඇත්තටම කරේ ජිවිත පරිත්‍යාගයක්..

rep 8+

nirmalrv8
06-23-2013, 09:58 PM
math mea adahasata nam ekagae.
a wagema gawayo minissu kina dekama pana thina saththu jathi 2 kina eka mathaka thiya ganna ona miniha 1000 ape jathiya nisa apata minissu 1000 watinawa namuth sahodaraya minisue gawayoe dekama saththu jathi dekak bawa mathaka thiya ganna ethin apaksha pathiwa baluwoth gawayo 1000 = minissu 1000 ta.

හරි මචං, මම එක තුරුම්පුවක් උඹට දෙන්නම්කෝ.... ඔන්න ගවයා = මිනිසා..... එමනිසා ගවයින් 1000 = මිනිසුන් 1000. ඔන්න වැඩේ හරි.
මචෝ, මම ඉස්සෙල්ලත් ඔයාලගෙන් අහලා තියෙන විදිහට, ගවයින්ව බේරගන්න වෙනත් විකල්ප නැද්ද ?? ඔය හාමුදුරුවෝ බොදු බල සේනාවක් වගේ මොකක්හරි හදාගෙන රජයට බළපෑම් කරා නම්, මිනිස්සු ගෙන්නලා විප්ලවයක් කෙරෙව්වා නම් අද රජයට යන එන මං නැති වෙනවා සිකුරුයි. :fight: එතරම් උතුම් ක්‍රියා ඕනෑ තරම් තියෙද්දිත් ප්‍රශ්නය automatically විසඳියං කියලා ජීවිතය දාලා ගියාම කාටද බං හරි යන්නෙ ?? තවත් වරක් තාර්කිකව සිතුව මැන..... :41_002:

Rebel
06-23-2013, 10:02 PM
sirawata machan mun hadanne buddagamath garahala marichcha kenektath garahala meniya agam pathurawanna mea hoda buddagama wam mole dakune mole dagena. mewa ape agama winasa karanna karana kupadi wada. ehen jathiya nathi wenawa mehen agamath kanawa

ඔව් බන්.මුගේ ත්‍රෙඩ් එක දැකලා මට මල පැන්නා.ඌට බුදු දහම වෙනස් කරන්න ඕනිලු.මුන් හදන්නේ මිනිස්සුන්ගේ ඔලු වලට කුණු දාලා බුදු දහම විනාශ කරන්න.වෙන ආගම් වල අච්චර වැරදි තියෙනවා.ඒවා ගැන මුන් කතා කරන්නේ නෑ.මුන්ට ඕනි කිසිම වරදක් නැති නිර්මල බුදු දහම විනාස කරන්න.මොලේ වැඩි වුනාමත් මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා.ඒකනේ වෙන මිනිස්සුන්ගේ මොළ ගැන හොයන්නේ.බුදු දහම විනාශ කරන්න කවදාවත් අපි ඉඩ දෙන්නේ නෑ..

gayan159
06-23-2013, 10:13 PM
හරි මචං, මම එක තුරුම්පුවක් උඹට දෙන්නම්කෝ.... ඔන්න ගවයා = මිනිසා..... එමනිසා ගවයින් 1000 = මිනිසුන් 1000. ඔන්න වැඩේ හරි.
මචෝ, මම ඉස්සෙල්ලත් ඔයාලගෙන් අහලා තියෙන විදිහට, ගවයින්ව බේරගන්න වෙනත් විකල්ප නැද්ද ?? ඔය හාමුදුරුවෝ බොදු බල සේනාවක් වගේ මොකක්හරි හදාගෙන රජයට බළපෑම් කරා නම්, මිනිස්සු ගෙන්නලා විප්ලවයක් කෙරෙව්වා නම් අද රජයට යන එන මං නැති වෙනවා සිකුරුයි. :fight: එතරම් උතුම් ක්‍රියා ඕනෑ තරම් තියෙද්දිත් ප්‍රශ්නය automatically විසඳියං කියලා ජීවිතය දාලා ගියාම කාටද බං හරි යන්නෙ ?? තවත් වරක් තාර්කිකව සිතුව මැන..... :41_002:

karanna nam puluwan kerena eka thama gataluwa mokada kina tharam rasawathwa wada koranna giyama kerenne nathi nisa.
minisunge as aruna a unnansege waden gawa mas kada kiyak wahunada sathiyak athulatha.
ubatae matae a wage deyak karanna konda pana nathi unata marena gawayan wenuwen a thamage eka dila hari as ara wanna unnanseta puluwan kama thibuna ekata nathi une unnaseta unnansege jiwithe wadakata athi dekata winadi 3 kata sarayak mea loke therumak nathuwa diwi thora kara ganna kenek newe ethuma. but ube maha padi moleta theren nathuwata apata nam kondak agamak thinawa ehew awa wikunam kanne nathuwa enna ubala wage buddagama wikurthi karanna.
ube maha prakcha molen balana kora ape rate jathika wirayoth buruwo gantane uba danne unuth jiwith kapa karana nisa mea ratata uba a kale unna nam kiyae ekath giwisum gahala arawa korala mewa korala karaganna thibuna kila.
thota ehew deyak koraganna haeyak nathi unata mea sinhala rate thama niyama sinhalayo ennawa hari buddagame.
ubala methana meka allan buddagamata wala kapanna ena prayo set ekak ne mole thinawa gala.

gayan159
06-23-2013, 10:16 PM
ඔව් බන්.මුගේ ත්‍රෙඩ් එක දැකලා මට මල පැන්නා.ඌට බුදු දහම වෙනස් කරන්න ඕනිලු.මුන් හදන්නේ මිනිස්සුන්ගේ ඔලු වලට කුණු දාලා බුදු දහම විනාශ කරන්න.වෙන ආගම් වල අච්චර වැරදි තියෙනවා.ඒවා ගැන මුන් කතා කරන්නේ නෑ.මුන්ට ඕනි කිසිම වරදක් නැති නිර්මල බුදු දහම විනාස කරන්න.මොලේ වැඩි වුනාමත් මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා.ඒකනේ වෙන මිනිස්සුන්ගේ මොළ ගැන හොයන්නේ.බුදු දහම විනාශ කරන්න කවදාවත් අපි ඉඩ දෙන්නේ නෑ..

anna hari sahodaraya
ko mea site eke fb wala yana jathiya winasa karanawata ka gaga unna ewun menna fb newe ape zoom gedatath mun ringala
. set eke awadane yomu wenawa nam hodae

nirmalrv8
06-23-2013, 10:33 PM
හරි මචංලා, උඹලා මගේ අදහස් දැනගන්න අකමැති නම් මම මෙතනින් නවතින්නම්.... මට ඕන උනේ උඹලට නොතේරුන දෙයක් තේරුම් කරවන්න මිසක් බුද්ධාගම විනාශ කරන්නවත් ආගම් පතුරවන්නවත් නෙවෙයි.මොකද මමත් බෞද්ධයෙක්. බෞද්ධාගම නිර්මල බව මමත් දන්නවා.ඒත් යම්කිසි අඩුලුහුඬුකම් පෙන්වලා දෙන එක වගකීමක් කියලා හිතුනා. අනිත් එක උබලා හිතන්න එපා මම මේ මොලේ වැඩි වුනු මානසිකයෙක් කියලා. යමක් තාර්කිකව හිතුවම පරතරේටම කරුණු පිළිබඳව අවබෝධ කරගන්න පුලුවන් කියලා මම තරයේම විශ්වාස කරනවා.

However, මචංලාට මේක ගැන ප්‍රසාදයක් නැත්නම් , ඔන්න මං නැවතුනා. :) ඔයාලත් එක්ක කිසි තරහක් නෑ හොඳේ :heartbeat: :giggle:

janee
06-23-2013, 11:13 PM
මන් තාම දවස් යි post දාන්න පටන් අරගන.පොඩි පොඩි වැරදි වෙනව ඒව ගනන් ගන්න එපා හොදේ.....

janee
06-23-2013, 11:18 PM
ඉන්දරතන හාමුදුරුවො අතින්ම ලියපු ලියුම මගේ ලග තියනව.මන් zoom1ට අලුත්.image 1ක් upload කරන විදිය කවුරු හරි කියන්න.මන් ඒක දාන්නම්.
නැත්නම් මේ page1ට ගිහින් බලන්න.
https://docs.google.com/file/d/0ByoNnbsemXfOX0ppazdDUDFUX1E/edit?pli=1

හාමුදුරුවො කරපු දේ යහපත දකින්න බැරි කමටයි හරක් වෙනුවෙන් මරුන කියන්නෙ.මේ ලියුම කියෙව්වම තේරෙනව ඇත්තටම කරේ මොකක්ද කියල.

මේ තියෙන්නෙ හාමුදුරුවො අපවත් වෙන්න කලින් කරපු සම්පූර්ණ කතාව.

තෙරුවන් සරණයි..! විශේෂයෙන්ම.. මම අද විශේෂ ආත්ම පූජාවක් සිද්ධ කිරීම සදහා දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණියා. විශේෂයෙන්ම මේ රටේ ගව ඝාතනය... ඒවගේම විශේෂයෙන්ම බෞද්ධයින් බලහත්කාරයෙන් අන්‍යාගම්වලට බඳවාගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේ සම්මත කල යුතුයි. මේක බෞද්ධ රටක්...! ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්න රටක්. බෞද්ධයාට ආවේනික වූ ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත විය යතුයි.
ඒ නිසා ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණව අපි හඩ නැගුවා. ජනාධිපති තුමා සමග මේ ගව ඝාතනය සම්බන්ධව මම පෞද්ගලික සාකච්ඡාවක් පවත්වල තියෙනවා. ඒ වගේම ඇඹිලිපිටියේ සිට අනුරාධපුරයේ ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ දක්වා පා ගමනකුත් සිද්ධ කලා... අධිෂ්ටාන පුජාවක්..!
ඊයෙ වෙනකනුත් මේ රටේ දහසක් බුදුන් බුදුවන සෑම හිමිදිරි උදෑසනකම හරක් පන්දාහකගෙ බෙලි කපල උදේ පාන්දර මිනිස්සු වැඩ පටන් ගන්නෙ. අඩුම තරමෙ බුදුහාමුදුරුවන්ග තෙමගුල සිහි පත් කරන වෙසක් සතියක්වත්... විශේෂයෙන් වෙසක් එකට සතියක් ඉස්සරහවත් මේ ගව ඝාතනය නතර කලේ නැහැ. ඊයෙ වෙනකං ගවමස් කඩවල ගව මස් තිබුනා. සුරාහල් සම්පූර්ණයෙන්ම විවෘත කරල තිබුනා. ඒනිසා මෙවැනි මේ දුරාචාර ක්‍රියාවන් මේ රටේ නැවතිය යුතුයි.
ඒ නිසා අපි අද දළඳා හාමුදුරුවන්ට මාගේ මුලුමහත් ජීවිතය පූජා කරමින් දාන පාරමිතාවෙ පරමත්ත පාරමිතාව පූජා කරමින් දළඳා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. දළඳා හාමුදුරුවනේ..! මේ රටට සැබෑ වූ සාමය උදාවෙන්ට.. මේ රටේ මිනිසුන්ට යහපත්ව ජීවත් වෙන්ට.. මේ ගව ඝාතනය ආදී මේ දුරාචාර ක්‍රියාවන් මේ රටෙන් වැළකිය යුතුයි. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන්..! විශේෂයෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා.. ජනාධිපති තුමාට නුවන පහළ වේවා..! මේ උතුම් වූ තෙමගුල සිහිපත්කරන දවසෙ.. ජනාධිපති තුමාට නුවන පහල වේවා..! මේ දුරාචාර ක්‍රියාවන් මේ බෞද්ධ රටේ නවත්තල.. බෞද්ධයාට ආවේනික වූ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න..! කියන අධිෂ්ඨානයෙන් යුතුව අද අපි ජීවිත පූජාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධව මම ලිපියක් සඳහන් කරල තියෙනවා. මේක ලිපියෙ සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ. ආත්ම ඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ.. "න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං, යො පාත්‍යෙය ආපත්ති දුක්ඛටස්ස" යන සිඛ පදය ය. එහි තේරුම.. "මහණෙනි ආත්මය නොනැසිය යුතුය. යමෙක් සියදිවි නසා ගන්නේ නම් ඔහුට දුකුලා ඇවතක් වන්නේය". දුකුලා ඇවත පචිති ඇවතට කුඩා ඇවතකි. සියදිවි නසාගැනීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නම්, තථාගතයන් වහන්සේ එහිද පාරාජිකා වන බව වදාරන්නාහ. ඒ නිසා මේක ජීවිත පුජාවක් මිසක් සියදිවි හානිකරගැනීමක් නොවෙන බවත් ඉතාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ මතක් කරනවා.
දළඳා හාමුදුරුවන්ට අපේ ජීවිතය පුජා කරනව..!
......... මං තරුණ භික්ෂුවක්.. මට අවුරුදු තිහයි. මට ඒ අධිෂ්ඨානය තියෙනවා. බුදුහාමුදුරුවන්ට මේ සාසනේ මෙච්චර කැපවීමක් කරන්න පුලුවන් නම් අපිට මේ මේක සුලු දෙයක්.. එක ආත්මෙකින්. මොකද මේ ජීවිත පූජාවෙන් මේ රටේ යහපතයි අපි බලාපොරාත්තු වෙන්නෙ. එහෙම නැතුව අයහපත නෙවෙයි. ඒ නිසා මිනිස්සුන්ට මේව දැකලවත් අඩුම තරමේ, මේ රාජ්‍ය නායකයින්ට, මිනිසුන්ට මේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන්න ශක්තිය ලැබෙන්න කියල තමයි.. නුවන ප්‍රාර්ථනා කරගෙන තමයි..මේක කරන්නෙ මේක වෛරෙකින් කරන වෛර චේතනාවකින් කරන සිතුවිල්ලක් නෙවෙයි.

මගේ පාගමනෙ විස්තර සම්පූර්ණෙන්ම මේ ඩයරියෙ තියෙනවා. අපි විදපු දුක... පිණ්ඩපාතෙ වඩිමින්... පාත්තරේ අරගෙන.. නාන්න වතුර පොදක් නැතුව.. සමහර දවස්වලට දානෙ නැතුව... ඒ ගිය ගමන සම්පූර්ණයෙන්ම මගේ මේ දිනපොතේ සඳහන් කරල තියෙනවා. ඒ නිසා ඒ ගිය ගමන.. ඒකත් දුෂ්කර ගමනක්.. ඒකෙනුත් බලාපොරොත්තු වුනා... ඒකෙනුත් සිද්ධ වුනෙත් නැහැ. ඒ නිසා මේක වහා නැවතිය යුතුයි. ඒ නිසා තමයි අද අපි මේ අධිෂ්ඨාන පූජාව කරන්න බලාපොරාත්තුවෙන් මේ ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කරන්න පුලුවන් ඉහලම දේ කරනවා.

මේ දේවල් එක්ක මට හිතෙන්නෙ හාමුදුරුවො යහපත් දෙයක් කරපු වීරයෙක් විදියට.හැම දේකම හොද සහ නරක පැති දෙකක් තියනව.උබට පේන්නෙ නරක ටික.මට පේන්නෙ හොද ටික.
මට උබත් එක්ක තර්ක කරන්න ඕන නැහැ සහෝ, උබ උබේ අදහස කිව්ව.මන් මගේ අදහස කිව්ව.
මට campus1 exam1කුත් තියනව බන්.උබ අනිත් එඋනුත් එක්ක දිගටම මේ සන්වාදෙ කරගන පලයන්.කියන විදියෙ දර්ම සන්ශෝදනයකුත් කරන්න බැරි වෙන 1ක් නෑ....:giggle:
අපිත් හමදාම ඉන්නෙ නෑනෙ බන්.කරගනිපු දෙයක් අරන් යන්න වෙන දවසක් එනව.අපි හොද දේවල් කරල තිබුනනම් ඉන්දරතන හාමුදුරුවො වගේ සතුටෙන් මැරෙන්න පුලුවන්.නැත්තන් ඉතින්.........

janee
06-24-2013, 12:22 AM
anna hari sahodaraya
ko mea site eke fb wala yana jathiya winasa karanawata ka gaga unna ewun menna fb newe ape zoom gedatath mun ringala
. set eke awadane yomu wenawa nam hodae

ඔව් බන්.මට fb අරව මේව ඔක්කොම එපා වෙලා.මේව දකිද්දි කටවල් වහන් ඉන්නෙ කොහොමද බන්.zoom1 admin සහෝදර වරුන්ගෙන් ඉල්ලනව මේක දැනුම,සතුට බෙදාගන්න තැනක් මිසක්,ජාතිවාදය,ආගම ්වාදය අවුස්සන තැනක් වෙන්න දෙන්න එපා කියල.

gayan159
06-24-2013, 09:42 AM
හරි මචංලා, උඹලා මගේ අදහස් දැනගන්න අකමැති නම් මම මෙතනින් නවතින්නම්.... මට ඕන උනේ උඹලට නොතේරුන දෙයක් තේරුම් කරවන්න මිසක් බුද්ධාගම විනාශ කරන්නවත් ආගම් පතුරවන්නවත් නෙවෙයි.මොකද මමත් බෞද්ධයෙක්. බෞද්ධාගම නිර්මල බව මමත් දන්නවා.ඒත් යම්කිසි අඩුලුහුඬුකම් පෙන්වලා දෙන එක වගකීමක් කියලා හිතුනා. අනිත් එක උබලා හිතන්න එපා මම මේ මොලේ වැඩි වුනු මානසිකයෙක් කියලා. යමක් තාර්කිකව හිතුවම පරතරේටම කරුණු පිළිබඳව අවබෝධ කරගන්න පුලුවන් කියලා මම තරයේම විශ්වාස කරනවා.

However, මචංලාට මේක ගැන ප්‍රසාදයක් නැත්නම් , ඔන්න මං නැවතුනා. :) ඔයාලත් එක්ක කිසි තරහක් නෑ හොඳේ :heartbeat: :giggle:

ela ela oyage mea adahasata mama ekaga nathuwa math oyath ekka kisi poudgalika tharahak na :14_002:

shashi1987
06-24-2013, 09:48 AM
මේක මචන් පති කීපයකින් ඕන කෙනක්ට බලල කියන්න පුළුවන් .......මේ ඔයාගේ මතය ටව කට්ටිය ඉදි වෙනස් මතයන් වල......
සිය දිවි හානි කර ගැනීමට නම මාත් එකග නැ..........

:yes:

achala2010
06-24-2013, 11:42 AM
උඹ දන්නවද කියලා මම දන්නෙ නෑ මචං... ඒත් බුදු දහමෙ තියෙන පාරමිතා දහයේ හැම පාරමිතාවකම අනුකොටස් තුන ගානෙ තියෙනවා. නම් නං හරියටම මතක නෑ. අදහස මෙහෙමයි...

1.භෞතික වස්තු වලින් පාරමිතාව පිරීම.
2.තම ශරීරයේ අංග වලින් පාරමිතාව පිරීම.
3.ජීවිත පරිත්‍යාගයෙන් පාරමිතාව පිරීම.

අපේ ආගමේ ඇත්තටම මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ. :59: ඒත් මම ඉගෙන ගෙන තියෙන්නෙ නම් එහෙමයි. ආගමේ හැටියට මේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ පාරමිතාව පුරලා තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන්. :52_002: මචා මොන ආගමකවත් එහෙම නැහැ කියලා කිව්වට අපේ ආගමේම තියෙනවා එහෙම දෙයක්. ඒකයි මම ධර්ම සංශෝදනයක් ගැන කතා කළේ. :announce:

මෙික තමයි සහෝදරය මමත් හිතන විදියට ඇත්ත දේ :thumbsup::thumbsup:

sahan555
06-24-2013, 11:57 AM
ඔව් බන්.මට fb අරව මේව ඔක්කොම එපා වෙලා.මේව දකිද්දි කටවල් වහන් ඉන්නෙ කොහොමද බන්.zoom1 admin සහෝදර වරුන්ගෙන් ඉල්ලනව මේක දැනුම,සතුට බෙදාගන්න තැනක් මිසක්,ජාතිවාදය,ආගම ්වාදය අවුස්සන තැනක් වෙන්න දෙන්න එපා කියල.

true

janee
06-24-2013, 01:03 PM
උඹ දන්නවද කියලා මම දන්නෙ නෑ මචං... ඒත් බුදු දහමෙ තියෙන පාරමිතා දහයේ හැම පාරමිතාවකම අනුකොටස් තුන ගානෙ තියෙනවා. නම් නං හරියටම මතක නෑ. අදහස මෙහෙමයි...

1.භෞතික වස්තු වලින් පාරමිතාව පිරීම.
2.තම ශරීරයේ අංග වලින් පාරමිතාව පිරීම.
3.ජීවිත පරිත්‍යාගයෙන් පාරමිතාව පිරීම.

අපේ ආගමේ ඇත්තටම මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ. :59: ඒත් මම ඉගෙන ගෙන තියෙන්නෙ නම් එහෙමයි. ආගමේ හැටියට මේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ පාරමිතාව පුරලා තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන්. :52_002: මචා මොන ආගමකවත් එහෙම නැහැ කියලා කිව්වට අපේ ආගමේම තියෙනවා එහෙම දෙයක්. ඒකයි මම ධර්ම සංශෝදනයක් ගැන කතා කළේ. :announce:

මෙික තමයි සහෝදරය මමත් හිතන විදියට ඇත්ත දේ :thumbsup::thumbsup:

ඔව්,ජීවිත පරිත්යාගයෙන් පාරමිතා පුරන්න කියල අපේ ආගමේ තියනව තමයි.හොද දෙයක් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුලුවන්නම් ඒකෙ තියන වැ‍රැද්ද මොකක්ද බන්.හිගන්නෙක් දැක්කම රු.10ක් දෙන්නෙ නැති එඋන් ඉන්න සමාජෙක,යහපත් අරමුනකට තමන්ගෙ ජීවිතේම දීපු කෙනෙක් වැරදි වෙන්නෙ කොහොමද බන්.

අනිත් ආගම්වල අමු අමුවෙ වැරදි කරනව.ඒව ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ....

sahan555
06-24-2013, 01:09 PM
ඔව්,ජීවිත පරිත්යාගයෙන් පාරමිතා පුරන්න කියල අපේ ආගමේ තියනව තමයි.හොද දෙයක් වෙනුවෙන් ජීවිතේ පූජ කරන්න පුලුවන්නම් ඒකෙ තියන වැ‍රැද්ද මොකක්ද බන්.හිගන්නෙක් දැක්කම රු.10ක් දෙන්නෙ නැති එඋන් ඉන්න සමාජෙක,යහපත් අරමුනකට තමන්ගෙ ජීවිතේම දීපු කෙනෙක් වැරදි වෙන්නෙ කොහොමද බන්.
අනිත් ආගම්වල අමු අමුවෙ වැරදි කරනව.ඒව ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ....

මෙික තමයි සහෝදරය මමත් හිතන විදියට ඇත්ත දේ :clap::clap::clap::clap:

naduniza83
06-24-2013, 07:00 PM
එ කටියම සිල් අරගෙන වගේ..

thilanka mihiranga
06-24-2013, 09:04 PM
මමත් සියදිවි හානි කරගැනීම කිසිදු හේතුවක් නිසා අනුමත නොකරමි

:yes:

nirmalrv8
06-25-2013, 06:28 PM
උඹලා මේ සංවාදෙ දිගටම කරගෙන යනවා වගේ..... :thumbsup: ඔන්න මමත් එහෙනං සහභාගී වෙනවා ඈ. :nerd: රණ්ඩු සරුවල් නැති සිරාම සංවාදයකට මුල පුරන්නයි ඔන්න සූදානම :smart:

nirmalrv8
06-25-2013, 07:21 PM
ඔව්,ජීවිත පරිත්යාගයෙන් පාරමිතා පුරන්න කියල අපේ ආගමේ තියනව තමයි.හොද දෙයක් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුලුවන්නම් ඒකෙ තියන වැ‍රැද්ද මොකක්ද බන්.හිගන්නෙක් දැක්කම රු.10ක් දෙන්නෙ නැති එඋන් ඉන්න සමාජෙක,යහපත් අරමුනකට තමන්ගෙ ජීවිතේම දීපු කෙනෙක් වැරදි වෙන්නෙ කොහොමද බන්.

අනිත් ආගම්වල අමු අමුවෙ වැරදි කරනව.ඒව ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ....

යාලුවේ, අනිත් ආගම්වල වැරදි ඕනෑ තරම් තියෙනවා වෙන්න පුලුවනි. මට ඒවායින් වැඩක් නෑ සහෝ ...මට ඕනෙ මගේ ආගම ගැන හරි හැටි කරුණු වටහාගන්නයි, වටහලා දෙන්නයි. ඒකයි මගේ අහිංසක උත්සහාය. :heartbeat:
janee සහෝදරයා කියන විදිහට අසරණයන්ටවත් නොසළකන මේ සමාජය ඉතාම පිරිහුණු එකක්, ඊට සාපේක්ෂව බලනකොට ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කරේ ඉතාම සත්ගුණවත් ක්‍රියාවක්.
සහෝ ගොඩක් දුරට හරි. ඒත් මම මෙච්චර කල් මේ thread එකේ දාපු posts කියෙව්වනම් තේරෙයි උන්වහන්සේ කරපු ක්‍රියාව එතරම් ඥානාන්විත නැති බව.ඒ වගේම බුදු දහම සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයකුත් මගේ හිතට ආවා.මෙන්න බලන්නකෝ සාරාංශය....

කරුණු පෙළ
1.ඉන්ද්‍රරතන හිමියෝ ජීවිතය පූජා කෙරුවත් ගව ඝාතනය නතර වීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි.
2.ගව ඝාතනය නතර වුනත් ජීවිතයක් පූජා නොකර ඕක වළක්වන්න ක්‍රම ඕනෑ තරමට තිබුණා.
3.බුදු දහමේ එන පරමත්ථ පාරමිතා කොටසින් මිනිසුන්ව අත්තනෝමතික (වචනෙ හරිද මන්දා :59: ) ලෙස ජීවිත පූජා කිරීම්වලට යොමු කරවන බව පේනවා.
4.සියලුම පුද්ගලයින්ට තේරුම් යන ආකාරයට බුදු දහමේ ඇතැම් තැන් විශාරදයින්ගේ මඟ පෙන්වීම යටතේ සංශෝධනය කළ යුතු බවකුත් පෙනෙන්නට තියෙනවා.

පළවෙනියටම කියන්න ඕනෙ උන්වහන්සේට තිබුණු ප්‍රධාන ගැටලුව ගව ඝාතනයයි. ඒක වළක්වන්න මේ හාමුදුරුවෝ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒත් ඒ සියල්ලෙන්ම බලාපොරොත්තු වූ ප්‍රථිඵල ලැබුණේ නැති නිසා උන්වහන්සේ තමන්ගේ ජීවිතේ දාලා ගියේ ඒකෙන්වත් මේ සංහාරය නතරවෙයි කියලා. :26_002:
යාලුවනේ, අපි මේ ඉන්නේ මොන වගේ සමාජයකද කියලා මම ඔයාලට කියලා දෙන්න ඕනෙ නෑ. එක ජීවිතයක් නැති වුනා කියලා ගවයන් මැරීම තහනම් නොකරන්න හේතුව මොකක්ද ? යාලුවෝ හිතන්නේ රජයට ඒකට බලතල නෑ කියලද ? අපොයි නෑ .... එක ජීවිතයක් නැති වුනත් එහා පාර්ශවයෙන් හරක් මස් වලට තියෙන ඉල්ලුම තවම අඩු වෙලා නැහැ.මට හිතෙන විදිහට මෙය තවමත් නවත්වන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව මේක වෙන්න ඕනෙ.තවත් හේතු ඇති.

දෙවෙනියට, මේ වගේ ජාතික ප්‍රශ්නයකදී අපි එකාවන්ව නැගී හිටින්න ඕනෙ නේද යාලුවනේ ? :fight: ඇයි එක්කෙනෙක්ට ජීවිතය පූජා කරන්න කියලා අපි බලං ඉන්නේ ? (මම අදහස් කරේ අපිත් ජීවිතය පූජා කරන්න ඕනෙ කියලා නෙවෙයි හොඳේ ) ඔය හලාල් වගේ ප්‍රශ්න ගොඩකට සාර්ථක පිළිතුරු හොයන්න ජාතික බලවේග වලට පුළුවන් වෙලා තියෙනවා නේද මිත්‍රවරුනි ? ඇයි අපි ඒ වගේ විසඳුම් කල්පනා කරන්නෙ නැතුව ජීවිත පූජාව වගේ බරපතළ මාතෘකා වලට යන්නේ ?

තුන්වන කරුණ විදිහට බුදු දහමේ ඇස නොගැටුන පැත්තක් ගැන සඳහන් කරන්න කැමතියි. ඒ තමයි පාරමිතාවක තුන්වන කොටස නොහොත් පරමත්ථ පාරමිතාව. අපි ගොඩක් දෙනෙක් මේවා ගැන ඉගෙන ගෙන තියෙනවා. ඒත් සමහර උදවිය වැඩි දුර නොසිතා බුදු දම ඇසුරින් තීරණ ගන්නා බවක් පේනවා.ඇත්තටම අපේ බුද්ධාගමේ තියෙන සමහර කරුණු සමහර උදවියට වැටහෙන්න බිඳක් අමාරු බවක් අපේ යාලුවන්ට තේරුනේ නැද්ද ? හැම දෙනාම හිතන්නෙ සාමාන්‍ය විදිහට නොවන නිසා ඇතැම් අය මේ ඔස්සේ අමාරුවේ වැටෙන සම්භාවිතාව ගොඩක්ම ඉහළයි. ඒක නිසා හතරවන කරුණින් මම ඒකට ආදර්ශ විසඳුමක් හොයලා තියෙනවා.

මේක නිකං ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නොවන බව පැහැදිලියි.ඒත් සමාජීය අවශ්‍යතාවයක් විදිහට බුද්ධිමතුන්ගේ අධීක්ෂනය යටතේ හා ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඔස්සේ අපිට මේ පාරමිතා මාතෘකාව මිනිස්සුන්ට හරි ආකාරයට වැටහෙන විදිහට අලුතින් හරිගස්සන්න පුලුවන්. නැතිනම් ගැළපෙන වෙනත් විසඳුමක් හොයන්න පුලුවන්. ඒකයි මගේ දෘශ්ඨි කෝණය...

ආදරණීය යාලුවනේ, :heartbeat: මම ආයෙත් මතක් කරනවා මමත් බෞද්ධයෙක් බව. මට උවමනා වෙලා තියෙන්නේ බෞද්ධාගමේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීම මිසක් වෙනත් යමක් නොවන බව කරුණාකරලා හිතේ තියාගන්න. මේක නියම සංවාදයක් විදිහට ඉදිරියට ගෙනියන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ. මං හිතනවා මිත්‍රයින්ට මාව වටහාගන්න පුලුවන් කියලා. :)