PDA

View Full Version : ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග



thilanka mihiranga
09-18-2013, 04:11 PM
ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග


අප සංනිවේදන කටයුතු සඳහා විවිධ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් භාවිතා කරනවා. ඒ අතරින් ජංගම දුරකථනය සුවිශේෂයි. ජංගම දුරකථන අතර සංනිවේදන කටයුතු සඳහා දුරකථන ජාල මෙන්ම, Bluetooth, WiFi සහ NFC වැනි තාක්ෂණයන් භාවිතා කරනවා. ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූපයක් තවත් ජංගම දුරකථනයකට යැවීම සඳහා ඔබ Bluetooth භාවිත කරන්නේනම් ඒ සඳහා දුරකථන දෙක pair කළ යුතුයි. WiFi වලදී නම් එය තවත් සංකීරණ කටයුත්තක්. නමුත් දැන් ජංගම දුරකථන අතර දත්ත හුවමාරුව සඳහා සරළ ශබ්ද තරංග (Sound) යොදාගත හැකියි.



http://designcollector.net/files/chirp-app-2.jpeg

Chirp ලෙස හඳුන්වන මෙම ඇප් එක කලක සිටම iOS සඳහා ජනප්‍රියව තිබෙනවා. නමුත් දැන් එය Android මෙහෙයුම් පද්ධතිය සඳහාද සහය දක්වනවා. ඔබගේ දුරකථනයේ ඇති හඬ ඇසීමේ සහ හඬ නැංවීමේ පහසුකම අපූර්ව ආකාරයෙන් Chirp විසින් භාවිතා කර තිබෙනවා. සරළව පැවසුවහොත් මෙහිදී සිදුවන්නේ ඔබට අනෙක් දුරකථනයට යැවීමට අවශ්‍ය ගොණුව ඩිජිටල් ශබ්දයක් බවට පත් කිරීමයි. ඉන් අනතුරුව එම ශබ්ධය වාදනය කෙරෙනවා. එය ශ්‍රවණය කරන Chirp සහිත අනෙක් දුරකථනය එම හඬ නැවත අදාල ගොණුව ලෙස පරිවර්ථනය කරගන්නවා. මේ ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.


Download Chirp from the Play Store(Download for iOS) (http://chirp.io/)


සෑම Chirp හඬක්ම පාගේ තත්පර දෙකකට අඩුයි. එමනිසා Chirp බ්ලූටූත් තාක්ෂණයට වඩා ඉක්මනින් භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම මෙය භාවිතා කිරීම සඳහා විශේෂ දෘඩාංගයන් ඔබගේ දුරකථනයේ තිබිය යුතු වන්නේත් නැහැ.

මේ පිළිබඳ කියවීමේදී ඔබට ප්‍රශ්නයක් පැන නගින්න ඇති. බාහිර ශබ්ධ තිබෙන පරිසරයකදී මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයිද ? Chirp හි නිර්මාණ කරුවන් පවසන පරිදි එසේ වන්නේ නැහැ. Chirp වෙතින් වාදනය වන ශබ්ධය ඔබට ඇසිය හැකිනම් අනෙක් දුරකථනයටද එය ඇසීමට හැකියි. ඔවුන් මෙය නිපදවා තිබෙන්නේ බාහිර ශබ්ද සමඟ මනාව ක්‍රියාත්මක වන ආකාරයටයි.





https://player.vimeo.com/video/45838932






මොනාහරි කියාගෙනත් යන්න
:79:





මගේ මීට කලින් දාපු අනිත් ට්‍රේඩ් සදහා මෙතනින් යන්න

http://www.mbslinsurance.lk/userfiles/image/CLICK%20&%20GO%20LOGOEDITED.jpg (http://www.zoom.lk/forums/search.php?searchid=581004)

Thunder
09-18-2013, 04:48 PM
හොද ලිපියක් මචන් !
Rep +
ස්තුතියි තිලන්ක !

thilanka mihiranga
09-18-2013, 06:22 PM
හොද ලිපියක් මචන් !
Rep +
ස්තුතියි තිලන්ක !

;) ස්තූතියි මචෝ.......

Shenal Fernando
09-18-2013, 06:30 PM
වට්න ලිපියක්
REP 2++

thilanka mihiranga
09-18-2013, 07:19 PM
වට්න ලිපියක්
REP 2++

:) Thanks Bro....

chathu28
09-19-2013, 07:14 AM
ela machan....

මරු හිරා
09-19-2013, 07:30 AM
Play Store link isn't working man :no:

thilanka mihiranga
09-19-2013, 10:50 AM
ela machan....

thanks bro...;)

thilanka mihiranga
09-19-2013, 11:00 AM
Play Store link isn't working man :no:

update link :yes:

nnjeevana
09-20-2013, 11:23 AM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

Aktamge
09-20-2013, 12:13 PM
Thanx Machan
Maru ne

thilanka mihiranga
09-20-2013, 07:37 PM
You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

අවුලක් නෑ බන්.. :):

thilanka mihiranga
09-20-2013, 07:37 PM
Thanx Machan
Maru ne

;)