PDA

View Full Version : News with Zoro | සෝරෝ සමඟ පුවත්

සෝරෝ
10-05-2011, 07:34 AM
සෝරෝ එක්ක නිවුස් බලන්න සෙට් වෙන්න මේ ජොයින්ට් එකට.....

සෝරෝ
10-05-2011, 07:34 AM
ශ්‍රිලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නැහැ!

http://4.bp.blogspot.com/-MfpUBkMeHm0/TotQDYFcHWI/AAAAAAAADfk/i4smnNQTc1s/s200/githanjana.jpg
ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ. ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රීලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට දායක විය. ඒ අනුව ගිනස් වාර්තා තැබූ බොහෝ දෙනා තමන් ගිනස් පොතට ඇතුළු වූ බව සිතමින් මෙතෙක්කල් කල් ගෙවිය. නමුත් දැන් වාර්තා වනුයේ ගිනස් වාර්තා කමිටුව විසින් ශ්‍රීලංකාව තුල කිසිදු නියෝජිතයෙකු පත්කර නොමැති බවයි. ඒ පිලිබඳ ගිනස් වාර්තා කමිටුවද සහතික වී තිබෙනවා.ඒ අනුව මෙතෙක් කල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් නිරීක්ෂණය කල ශ්‍රී ලංකාවේදී පිහිටවූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නොමැත. මර්වින් සිල්වා සමග පැය දෙක තුනක් කතාකොට ඔහුට ආචාර්ය උපාධියක් දීමට පවා පෙළඹුන වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ගිනස් වාර්තා කමිටුවේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මුළු රටම රවටා ඇත. බොහෝ පිරිසකගේ දින ගණනක පුහුණුව මහන්සිය අපතේ යවා ඇත.ශ්‍රී ලංකාවට අත්විය යුතු කිර්තිය අපතේ යවා ඇත.

ඒ අනුව ඔහුට දිය යුතු දඬුවම කුමක්ද?

මෑතකදී තැබූ ගිනස් වාර්තා

දිනක් තුල අක්ෂි සැත්කම් 196 සිදුකල වෛද්‍ය ශමින්ත අමරතුංග
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වයඹ හඬ ප්‍රාදේශීය සේවයේ අධ්‍යක්ෂ ටී. එම්. ගාමිණී සරත් විජේවර්ධන මහතා පැය 32 විනාඩි 25ක කාලයක් එක දිගට දේශනයක් පවත්වා තැබූ වාර්තාව
පසුපසට මෝටර් රථයක් ධාවනය කොට වාර්තා තැබූ බුද්ධික රඹුක්වැල්ල
ජනපතිගේ පදවිප්‍රාප්තියට පල ලක්ෂ 11 ක් සිටුවා තැබූ වාර්තාව
ලොව විශාලතම කිරිබත හැදු පබිලිස් සිල්වා
අනුර විජේනායක විසින් ලොව විශාලතම සුබ පැතුම්පත ජනපතිට පිළිගැන්වීම

Read more:-
Gossip9.com (http://www.gossip9.com/2011/10/blog-post_05.html)

සෝරෝ
10-05-2011, 07:39 AM
ස්වාභාවික ගෑස් නිපදවීමට මාස 24ක් ගතවෙයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/Susil_290px.gif

මන්නාරම බොක්කේ සොයාගත් ස්වාභාවික ගෑස් නිධිය භාවිතා කොට වානිජමය වශයෙන් ගෑස් නිපදවීමට මාස 18ත් මාස 24ත් අතර කාලයක් ගතවනු ඇතැයි ඛණිජතෙල් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත පවසයි. ඇමතිවරයා ඒ බව රොයිටර් පුවත් සේවය සමඟ පවසා ඇත. මන්නාරම බොක්කේ ස්වාභාවික ගෑස් නිධියක් තිබෙන බව සොයාගත්තේ යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා හෙළි කළේය. එහි හෑරීම් කටයුතු කරන කෙයාන් සමාගම පවසන්නේ, එම නිධියේ වානිජමය වටිනාකම තීරණය කිරීමට පෙර තවදුරටත් හෑරීම් කටයුතු කළයුතු බවටයි.

Read More:- Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8179:----24-&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

සෝරෝ
10-05-2011, 07:46 AM
නුවරඑළියටත් ගුවන්තොටුපලක්

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/mahinda-03.gif
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අභ්‍යන්තර ගුවන්තොටුපලක් ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා බලා තමන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දී දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කරයි. නුවරඑළිය මහ නගර සභා ජන්දය වෙනුවෙන් නුවරඑලිය ජනාධිපති මන්දිරයේදී ඊයේ (03) පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා එසේ උපදෙස් ලබාදී ඇත. නුවරඑළියේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන් මෙම හමුවට සහභාගිවී ඇත. තවද නුවරඑළිය නගර ශාලාවේ අද පැවති ජනහමුවක් අමතමින්ද හෙතෙම මේ බව කියා තිබේ.

සංචාරක කර්මාන්තයේ ඉහළ ප‍්‍රතිලාභ නුවරඑළිය දිස්ති‍්‍රක් ජනතාවට ලබාදීම තම අපේක්ෂාව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, මේ වනවිට රටතුළ සෑම අංශයක ම සීග‍්‍ර ප‍්‍රගතියක් ඇති වී තිබෙන බවද සඳහන් කරයි.

නුවරඑළිය ජනතාවගේ ආර්ථික සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් මෙම සංවර්ධන කාර්යයන් සිදු කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ගුවන් තොටුපළට අමතරව නව ක්‍රීඩා සංකීර්ණයක් ද නුවරඑළියට ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු විය. තමා පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය නිමා කළ අතර සංවර්ධනය ගමට ගෙන යන බවට ලබා දුන් පොරොන්දුව ද මේ වන විට ඉටු කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

සංචාරක ව්‍යාපාරයේ උපරිම ප්‍රතිලාභ මහනුවරට අත්කර දීම සඳහා අංග සම්පූර්ණ ගුවන් තොටුපොළක් මහනුවර ඉදිකරන බවට ද ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (02 ) රාත්‍රි මහනුවර ජනාධිපති මන්දිරයේදී පොරොන්දුවිය. මහනුවර මහා නගර සභා ජන්ද ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, වෘත්තියවේදීන් සහ විද්වතුන් පිරිසක් සමග පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා එසේ පොරොන්දුවිය.

Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8174:2011-10-04-13-29-53&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

වෙනත් ලිපි:- මහනුවරටත් ගුවන් තොටුපළක්‌ දෙනවා (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8154:2011-10-04-03-09-53&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

පොඩ්ඩා
10-05-2011, 02:57 PM
මෙන්න පට්ටම වැඩක්. මට නිතරම නිව්ස් තියෙන සයිට් බලන්න වෙන්නෙ නෑ. මේ වැඩේනම් නියමයි. දිගටම කරගෙන යන්න. නවත්තන්න එපා.

මීට,
-පොඩ්ඩා-

පොඩ්ඩා
10-05-2011, 02:57 PM
ශ්‍රිලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නැහැ!

http://4.bp.blogspot.com/-MfpUBkMeHm0/TotQDYFcHWI/AAAAAAAADfk/i4smnNQTc1s/s200/githanjana.jpg
ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ. ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රීලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට දායක විය. ඒ අනුව ගිනස් වාර්තා තැබූ බොහෝ දෙනා තමන් ගිනස් පොතට ඇතුළු වූ බව සිතමින් මෙතෙක්කල් කල් ගෙවිය. නමුත් දැන් වාර්තා වනුයේ ගිනස් වාර්තා කමිටුව විසින් ශ්‍රීලංකාව තුල කිසිදු නියෝජිතයෙකු පත්කර නොමැති බවයි. ඒ පිලිබඳ ගිනස් වාර්තා කමිටුවද සහතික වී තිබෙනවා.ඒ අනුව මෙතෙක් කල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් නිරීක්ෂණය කල ශ්‍රී ලංකාවේදී පිහිටවූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නොමැත. මර්වින් සිල්වා සමග පැය දෙක තුනක් කතාකොට ඔහුට ආචාර්ය උපාධියක් දීමට පවා පෙළඹුන වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ගිනස් වාර්තා කමිටුවේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මුළු රටම රවටා ඇත. බොහෝ පිරිසකගේ දින ගණනක පුහුණුව මහන්සිය අපතේ යවා ඇත.ශ්‍රී ලංකාවට අත්විය යුතු කිර්තිය අපතේ යවා ඇත.

ඒ අනුව ඔහුට දිය යුතු දඬුවම කුමක්ද?

මෑතකදී තැබූ ගිනස් වාර්තා

දිනක් තුල අක්ෂි සැත්කම් 196 සිදුකල වෛද්‍ය ශමින්ත අමරතුංග
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වයඹ හඬ ප්‍රාදේශීය සේවයේ අධ්‍යක්ෂ ටී. එම්. ගාමිණී සරත් විජේවර්ධන මහතා පැය 32 විනාඩි 25ක කාලයක් එක දිගට දේශනයක් පවත්වා තැබූ වාර්තාව
පසුපසට මෝටර් රථයක් ධාවනය කොට වාර්තා තැබූ බුද්ධික රඹුක්වැල්ල
ජනපතිගේ පදවිප්‍රාප්තියට පල ලක්ෂ 11 ක් සිටුවා තැබූ වාර්තාව
ලොව විශාලතම කිරිබත හැදු පබිලිස් සිල්වා
අනුර විජේනායක විසින් ලොව විශාලතම සුබ පැතුම්පත ජනපතිට පිළිගැන්වීම

Read more:-

මේක හරිම අසාධාරණයිනෙ.

මරු හිරා
10-05-2011, 05:40 PM
ela digatama news dapan

Demax
10-05-2011, 05:42 PM
ela wadak

CREATIVEN
10-05-2011, 05:57 PM
සොරෝ එක්ක ඕපේ..
:P

එළ වැඩක්..
:)

CREATIVEN
10-05-2011, 05:59 PM
හතිලව්වයි :hypnotised: (http://www.zoom.lk/forums/zoom-news/1283-news-zoro-%7C.html)

සෝරෝ
10-07-2011, 05:27 PM
:p

ela digatama news dapan

ela wadak

සොරෝ එක්ක ඕපේ..
:P

එළ වැඩක්..
:)

හතිලව්වයි :hypnotised: (http://www.zoom.lk/forums/zoom-news/1283-news-zoro-%7C.html)

සෝරෝ
10-07-2011, 05:28 PM
ගලධාරි හෝටලයේ කොටසක මිල රුපියල් 15 යි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/travel/Galadari_290px.gif

දැවැන්ත ණය බරක ගිලී සිටින කොළඹ සුපිරි ගලධාරී හෝටලයේ ණයකරුවන්ට ඔවුන්ගේ ණය වෙනුවට කොටස් ලබාදීමේ වැඩසටහන යටතේ හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කොටසක මිල තීරණය කර තිබේ.

ගලධාරි හෝටල් (ලංකා) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත්තේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී ඇති බවයි.

එම හෝටලයේ මවු සමාගම වන ගලධාරි බ‍්‍රදර්ස් හෝටලය ගෙවිය යුතුව තිබෙන රුපියල් බිලියන 5.75 ක් හා ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් මිලියන 583ක් වෙනුවෙන් මුදල් වෙනුවට කොටස් ලබාදීමට පසුගියදා මෙරට ගලධාරි හෝටල් සමාගම තීරණය කර තිබේ.

සෝරෝ
10-07-2011, 05:31 PM
ශිෂ්‍යභට පුහුණුව ලැබූ ශිෂ්‍යාව මියයයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Rantebe-camp.gif

රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක පෙරේදා (05) එම පුහුණු පාසලේ නේවාසිකාගාරයක් තුළ මියගොස් තිබේ.

පොල්ගහවෙල, රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් පුහුණුව සඳහා පැමිණ සිටි ඉරේෂා සඳමාලි නමැති පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් මෙසේ මියගොස් තිබේ.

මියගිය ශිෂ්‍යාව සමඟ දිවයිනේ පාසල් රැසකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1253 දෙනකු දින පහක පුහුණුවක් සඳහා ශිෂ්‍ය භට පුහුණු පාසලට පැමිණ ඇත.

මියගිය ශිෂ්‍යාව සමඟ ශිෂ්‍යාවන් පුහුණුව අවසන් කර පෙරේදා (04) දිනයේදී රාත‍්‍රි නින්දට ගොස් ඇති අතර, පසුදින අලූයම අවදි වී පුහුණුව සඳහා යාමට සැරසෙමින් සිටියදී මෙම ශිෂ්‍යාව අවදි වී නොමැත.

පසුව අනෙකුත් ශිෂ්‍යාවන් මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු බලධාරීන් පැමිණ සොයා බැලීමේදී ශිෂ්‍යාව මියගොස් ඇති බව දැක ඇත.

මියගිය ශිෂ්‍යාව සමග තවත් ශිෂ්‍යාවන් 25 දෙනකු පමණ එම නේවාසිකාගාරයේ නින්දට ගොස් තිබේ.

එම පිරිසටද රාත‍්‍රී කාලයේ කිසිදු ශබ්දයක් ඇසී නැති බව ද පැවසේ.

මියගිය ශිෂ්‍යාවගේ පියාද මීට මාස දෙකකට පමණ පෙර මියගොස් තිබේ.

ඇය කෙසේ මියගොස් ඇති ද යන්න අද (07 ) පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දැනගත හැකි බව ද පොලිසිය පැවසීය.

මෙම ශිෂ්‍ය භට කණ්ඩායම විසිර යාමේ උත්සවය අද (07) පැවැත්වීමට නියමිතව තිබිණි.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8258:2011-10-07-06-02-38&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

සෝරෝ
10-07-2011, 05:37 PM
සමනලවැවේ කාන්දුවට හේතුව හොයා ගත්තා – චම්පික

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/05/champika-ranawaka.jpg

විසි වසරක් පැවති සමනල වැවේ ජල කාන්දුවට හේතුව අඩු පිරිවැයකින් දේශීය විද්‍යාත්මක දැනුම භාවිතයෙන් සොයාගැනීමට හැකි වූ බව විදුලබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.

ජාත්‍යන්තර ව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල නිර්විනාශක ක්‍රමවේදය භාවිතයෙන් පසුගිය මාසයේ සිදුකළ පරීක්ෂණයක් මගින් මෙම සොයාගැනීම සිදු කළ බව හෙතෙම පෙන්වා දේ.

පරමාණුක ශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ ව එම කාන්දුවට හේතුව සොයාගත් අතර මේ වන විට විවිධ රජයන් ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් බිලියන හැත්තෑපහකි.

ඉදිරියේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සියළු ඉදිකිරීම් සඳහා මෙම නිර්විනාශක ක්‍රමවේදය භාවිත වනු ඇති අතර අමුද්‍රව්‍යයන්ට කිසිදු හානියක් සිදු නොකරමින් ඉතා සියුම් පළුදු පවා හඳුනාගැනීමට සමත්වීම මෙම ක්‍රමවේදයේ විශේෂත්වයකි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/29117/)

සෝරෝ
10-07-2011, 05:39 PM
විදුලි උපකරණවලට වගකීම අනිවාර්ය කෙරේ

සියළු විදුලි සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, උපකරණ සහ උපාංග සදහා මාස 6කට නොඅඩු කාලයක් සඳහා වගකීම් සහතිකයක් නිකුත් කල යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝගයක් පනවා ඇත.

විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, උපකරණ සහ උපංග සාදන්නන් වෙළෙන්ඳන්, ආනයනකරුවන් හා සපයන්නන් වෙත මෙම නියෝගය පනවා ඇති අතර එය ඔක්තොම්බර් මස 15 වන දින සිට ක‍්‍රියාත්මකය.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/29108/)

සෝරෝ
10-07-2011, 05:41 PM
ඔවු බං.. ඒත් ඉතිං ලංකාවේ වෙන දේවල් හැටියට ඕක මොකක් ද..... :D

මේක හරිම අසාධාරණයිනෙ.

සෝරෝ
10-08-2011, 08:23 AM
නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනෙකුට

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/world/Peacewinners_290px_11_10_07.gif

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනෙකු අතර බෙදී යයි.

ලයිබීරියාවේ ජනාධිපතිනී එලන් ජොන්සන් සර්ලීෆ්, එරටේම ලේමා බොවී හා යේමන ජාතික තවකුල් කර්මාන් එම ත්‍යාගලාභීන් වේ.

කාන්තාවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් හා සාමය ගොඩනැඟීම සඳහා කාන්තාවන්ගේ සම්පූර්ණ සහභාගීත්වයට ඇති අයිතිය වෙනුවෙන් අවිහිංසාවාදී අරගලයක නිතර වීම හේතුවෙන් ඔවුන් තිදෙනා එසේ ඇගයීමට ලක්ව තිබේ.

නොබෙල් ත්‍යාගලාභිනියන් තිදෙනා අතර පවුම් මිලියනයක තෑගි මුදල බෙදී යනු ඇත.

මේ වසරේ සාම ත්‍යාගය සඳහා වාර්තාගත නම් 241ක් ඉදිරිපත් විය.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8273:2011-10-07-15-24-53&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

සෝරෝ
10-08-2011, 08:26 AM
ගාල්ලට අයිසීසීයේ රතුඑළිය

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/incc.gif

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ තණතීරුව තත්ත්වයෙන් බාල බවට ජාත්‍යන්තර ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙමස අවසානය වන විට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ කි‍්‍රකට් තණතීරු භාර ප‍්‍රධානි ඇන්ඩි ඇට්කින්සන් දිවයිනට පැමිණ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාගංණයේ තණතීරුව නිරීක්ෂණය කරනු ඇති බව අයි.සී.සී නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාගංණයේ තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත නිර්දේශ කිහිපයක් ලබාදීමට සූදානම් බව එහි සඳහන් වේ.

ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගය පැවති ගාල්ල කී‍්‍රඩාංගනයේ වියළි තණතීරුව තත්වයෙන් බාල බවට අයි.සී.සී. තරග තීරක කි‍්‍රස් බ්‍රෝඩ් විසින් සඳහන් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව

කරුණු දක්වන ලෙස අයි.සී.සීය විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් මීට පිළිතුරු ලෙස ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති උපාලි ධර්මදාස මහතා පවසා සිටියේ මෙම තණතීරුව අනතුරුදායක නොවූ බව යි.

තමාගේ අදහසට අනුව එම තණතීරූව අනතුරුදායක එකක් නොවන බවත් කිසිඳු කෙනෙකුට තුවාල සිදුනොවුන බවත් පැවසූ ධර්මදාස මහතා මෙම තණතීරුවේ ලකුණු 800ක් පමණ රැස්කිරීමට පිතිකරුවන් සමත් වූ බව වැඩිදුරටත් කියා සිටියේය.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8272: 2011-10-07-15-16-24&catid=58:2010-11-08-15-13-35&Itemid=181)

Angel_senuri
10-08-2011, 10:04 AM
ශිෂ්‍යභට පුහුණුව ලැබූ ශිෂ්‍යාව මියයයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Rantebe-camp.gif

රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක පෙරේදා (05) එම පුහුණු පාසලේ නේවාසිකාගාරයක් තුළ මියගොස් තිබේ.

පොල්ගහවෙල, රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් පුහුණුව සඳහා පැමිණ සිටි ඉරේෂා සඳමාලි නමැති පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් මෙසේ මියගොස් තිබේ.

මියගිය ශිෂ්‍යාව සමඟ දිවයිනේ පාසල් රැසකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1253 දෙනකු දින පහක පුහුණුවක් සඳහා ශිෂ්‍ය භට පුහුණු පාසලට පැමිණ ඇත.

මියගිය ශිෂ්‍යාව සමඟ ශිෂ්‍යාවන් පුහුණුව අවසන් කර පෙරේදා (04) දිනයේදී රාත‍්‍රි නින්දට ගොස් ඇති අතර, පසුදින අලූයම අවදි වී පුහුණුව සඳහා යාමට සැරසෙමින් සිටියදී මෙම ශිෂ්‍යාව අවදි වී නොමැත.

පසුව අනෙකුත් ශිෂ්‍යාවන් මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු බලධාරීන් පැමිණ සොයා බැලීමේදී ශිෂ්‍යාව මියගොස් ඇති බව දැක ඇත.

මියගිය ශිෂ්‍යාව සමග තවත් ශිෂ්‍යාවන් 25 දෙනකු පමණ එම නේවාසිකාගාරයේ නින්දට ගොස් තිබේ.

එම පිරිසටද රාත‍්‍රී කාලයේ කිසිදු ශබ්දයක් ඇසී නැති බව ද පැවසේ.

මියගිය ශිෂ්‍යාවගේ පියාද මීට මාස දෙකකට පමණ පෙර මියගොස් තිබේ.

ඇය කෙසේ මියගොස් ඇති ද යන්න අද (07 ) පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දැනගත හැකි බව ද පොලිසිය පැවසීය.

මෙම ශිෂ්‍ය භට කණ්ඩායම විසිර යාමේ උත්සවය අද (07) පැවැත්වීමට නියමිතව තිබිණි.

may b family ekatama balapawa mokak hari reason ekak nisa wenna athi. good info. thanks dude

Angel_senuri
10-08-2011, 10:05 AM
විදුලි උපකරණවලට වගකීම අනිවාර්ය කෙරේ

සියළු විදුලි සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, උපකරණ සහ උපාංග සදහා මාස 6කට නොඅඩු කාලයක් සඳහා වගකීම් සහතිකයක් නිකුත් කල යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝගයක් පනවා ඇත.

විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, උපකරණ සහ උපංග සාදන්නන් වෙළෙන්ඳන්, ආනයනකරුවන් හා සපයන්නන් වෙත මෙම නියෝගය පනවා ඇති අතර එය ඔක්තොම්බර් මස 15 වන දින සිට ක‍්‍රියාත්මකය.

mekanam watinawa. ethakota bala badu wikunana eka nawathi

සෝරෝ
10-09-2011, 06:54 AM
දුමින්දගේ තත්ත්වය ගැන වෛද්‍ය මතය පැය 24 කින් !

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/DUminda_11-10-08.gif

ඊයේ (08 ) සිදු වූ වෙඩි හුවමාරුවෙදී බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි නිගමනයකට එළිඹිය හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු පවසති.

ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සවේන්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළේ එතෙක් මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබෙන බවයි. එතෙක් ඔහුව වෙනත් රෝහලකට හෝ රැගෙනයාම අවධානම් බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසිය.

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක්‌ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දුමින්ද සිල්වා මහතා හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණු අතර එය පැය පහක පමණ කාලයක්‌ පුරා සිදු කෙරිණි.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8315:------24--&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

සෝරෝ
10-11-2011, 08:03 AM
නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය ඇමෙරිකානුවන් දෙදෙනෙකුට

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/world/_55948848_013126106-1.gif

ආර්ථික විද්‍යාව සඳහා වන මේ වසරේ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට හිමිවෙයි.

ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ නිසා තෝමස් සර්ජන්ට් හා කි‍්‍රස්ටෝෆර් සිම්ස් හට එය ප‍්‍රදානය කරන බව රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය කියා සිටී.

වසර 1895දී ඇරඹි නොබෙල් ත්‍යාගය ප‍්‍රධාන වශයෙන් පිරිනමනු ලබන්නේ භෞතික, රසායන හා වෛද්‍යා විද්‍යාවන්, සාහිත්‍යය සහ සාමය වෙනුවෙනි.

ස්වීඩනයේ මහබැංකුව විසින් ආර්ථික විද්‍යා ත්‍යාගය හඳුන්වා දුන්නේ 1968 වසරේදීයි.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8355:2011-10-10-17-03-26&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

මරු හිරා
10-11-2011, 08:04 AM
දුමින්දගේ තත්ත්වය ගැන වෛද්‍ය මතය පැය 24 කින් !

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/DUminda_11-10-08.gif

ඊයේ (08 ) සිදු වූ වෙඩි හුවමාරුවෙදී බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි නිගමනයකට එළිඹිය හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු පවසති.

ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සවේන්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළේ එතෙක් මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබෙන බවයි. එතෙක් ඔහුව වෙනත් රෝහලකට හෝ රැගෙනයාම අවධානම් බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසිය.

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක්‌ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දුමින්ද සිල්වා මහතා හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණු අතර එය පැය පහක පමණ කාලයක්‌ පුරා සිදු කෙරිණි.

:oo:

සෝරෝ
10-11-2011, 08:07 AM
ඩොලර් ලක්ෂ 110ක තෑග්ගකට පයින් ගසයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/doller.jpg

දැවැන්ත මුදලක් හිමිවීම තුලින් තමන්ගේ සරල දිවියට බලපෑමක් එල්ල විය හැකි බව පසමින් තමන් වෙත හිමිවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 110 ක ලොතැරැයි දිණුමක් භාර ගැනීම කැනේඩියානු ජාතික යුවලක් ප‍්‍රතික්ෂේප කර තිබෙන පුවතක් වාර්තා වේ.

මෙරට මුදලින් රුපියල් කෝටි 110 කට ආසන්න වටිනාකමකින් යුතු එම ත්‍යාගය දේවස්ථාන, රතු කුරුස සංවිධානය සහ ගිනි නිවීමේ අංශ වෙත යොමුකරන ලෙස ඔවුන් දැනුම්දී ඇති බව සඳහන්ය.

අදාල ත්‍යාග මුදල ප‍්‍රතික්ෂෙප කල යුවල වසර 147 ක් පැරණි තම නිවසේ තවදුරටත් දිවිගෙවන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/29504/)

සෝරෝ
10-11-2011, 08:09 AM
දුමින්දට යළින් ශ්වසන ආධාරක සවිකරයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/06/Duminda-Silva.jpg

ශල්‍යර්මයකට භාජනය වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට යළිත් වරක් ශ්වසන ආධාරක උපකරණ සවිකල බව ජයවර්ධපුර රෝහල් ආරංචි මාර්ග කියයි.

අද දිනයේ උදය වරුවේ ඔහු එම උපකරණවලින් තොරව තැබුවද යළිත් ඔහුගේ ශරීරය කරන ලද ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මන්ත‍්‍රිවරයාගේ තත්වය අවදානම් නොවන අතර සිහිය ලබා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් නොදරන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

දැනට ඔහුට තවත් සැත්කමක් නොකරන බවද සඳහන්ය.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/29533/)

:oo:

මරු හිරා
10-11-2011, 08:11 AM
ඩොලර් ලක්ෂ 110ක තෑග්ගකට පයින් ගසයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/doller.jpg

දැවැන්ත මුදලක් හිමිවීම තුලින් තමන්ගේ සරල දිවියට බලපෑමක් එල්ල විය හැකි බව පසමින් තමන් වෙත හිමිවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 110 ක ලොතැරැයි දිණුමක් භාර ගැනීම කැනේඩියානු ජාතික යුවලක් ප‍්‍රතික්ෂේප කර තිබෙන පුවතක් වාර්තා වේ.

මෙරට මුදලින් රුපියල් කෝටි 110 කට ආසන්න වටිනාකමකින් යුතු එම ත්‍යාගය දේවස්ථාන, රතු කුරුස සංවිධානය සහ ගිනි නිවීමේ අංශ වෙත යොමුකරන ලෙස ඔවුන් දැනුම්දී ඇති බව සඳහන්ය.

අදාල ත්‍යාග මුදල ප‍්‍රතික්ෂෙප කල යුවල වසර 147 ක් පැරණි තම නිවසේ තවදුරටත් දිවිගෙවන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

pissu hadenawane ban :O

සෝරෝ
10-11-2011, 08:13 AM
සුර්යයා මත පිපිරීම්, පෘථිවියෙන් කොටසක් කැඞී යා හැකියි – නාසා

http://apod.nasa.gov/apod/image/1109/suntsunami_nso_320.gif

සූර්යයා මත සිදුවිය හැකි ප‍්‍රභල පිපිරීම් තුලින් පෘථිවියේ කොටසක් විනාශවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවයි. පසුගිය කාලසීමාව තුල සූර්යයා මත දරුණු ගණයේ පිපිරීම් වාර්තාවූ බව අමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් පෙන්වාදෙයි.

එම පිපිරීම් සූර්යයා මත සිදුවන සාමාන්‍ය පිපිරුම්වලට වඩා දහස් ගුණයක පමණ ප‍්‍රභලත්වයෙන් යුතු වූ බව වාර්තා විය.

එවැන්නක් යලි සිදුවුවහොත් එහි ප‍්‍රභලත්වය මත පෘථිවියේ එම බලපෑමට ලක්වන ප‍්‍රදේශයක් ක්ෂණයකින් විනාශවිය හැකි බවට නාසා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.

Source - lanka C News (http://lankacnews.com/sinhala/foreign-news/29497/)

සෝරෝ
10-11-2011, 08:15 AM
ඒකනේ බං..... මොකට ‍ලොතරැයි ගන්නවද මන්දා දිනුම එපා නම්..... :D

pissu hadenawane ban :O

සෝරෝ
10-11-2011, 08:16 AM
ජපානය දරුවන් තුන්ලක්ෂයක් විකිරණ පරීක්ෂාවට ලක් කරයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/fukushima-.jpg

දෙමාපියන් විසින් කල ඉල්ලීමකට අනුව ජපානයේ ෆුකුෂිමා ප‍්‍රදේශයේ වෙසෙන ළමුන් තුන්ලක්ෂයක් පමණ විකිරණ පරීක්ෂාවකට ලක්කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව ජපාන වාර්තා පවසයි.

න්‍යෂ්ටික පිපිරීමකට ලක්වූ ෆුකුෂිමා බලාගාරය අවට ළමුන් ලක්ෂ 3 කට අධික ප‍්‍රමාණයක් ජීවත්වන අතර විශෙෂයෙන් විකිරණවලට ලක්වූ දරුවන් තයිරොයිඞ් ආශ‍්‍රිත රෝගවලට ගොදුරුවීමේ දැඩි අවධානමක් පවතින බව හෙලිව ඇත. පිටවූ විකිරණ හේතුවෙන් විවිධ අතුරු ආපදා තත්ත්වයන් ඉදිරියටත් මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/foreign-news/japan-chiled/)

මරු හිරා
10-11-2011, 08:20 AM
සුර්යයා මත පිපිරීම්, පෘථිවියෙන් කොටසක් කැඞී යා හැකියි – නාසා

http://apod.nasa.gov/apod/image/1109/suntsunami_nso_320.gif

සූර්යයා මත සිදුවිය හැකි ප‍්‍රභල පිපිරීම් තුලින් පෘථිවියේ කොටසක් විනාශවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවයි. පසුගිය කාලසීමාව තුල සූර්යයා මත දරුණු ගණයේ පිපිරීම් වාර්තාවූ බව අමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් පෙන්වාදෙයි.

එම පිපිරීම් සූර්යයා මත සිදුවන සාමාන්‍ය පිපිරුම්වලට වඩා දහස් ගුණයක පමණ ප‍්‍රභලත්වයෙන් යුතු වූ බව වාර්තා විය.

එවැන්නක් යලි සිදුවුවහොත් එහි ප‍්‍රභලත්වය මත පෘථිවියේ එම බලපෑමට ලක්වන ප‍්‍රදේශයක් ක්ෂණයකින් විනාශවිය හැකි බවට නාසා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.

budu ammo lankawa kadala yai :O

සෝරෝ
10-11-2011, 08:24 AM
ඕක හරියටම ලංකාවටම වැටෙයි ද දන්නෑ නේ..... :D

budu ammo lankawa kadala yai :O

මරු හිරා
10-11-2011, 08:33 AM
ඕක හරියටම ලංකාවටම වැටෙයි ද දන්නෑ නේ..... :D

apita wenne ohoma ewwa thamai kiyanna ba ithin

සෝරෝ
10-11-2011, 08:34 AM
“බිග් බෙන්” ඔර්ලෝසු කණුව ඇලවේ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/Big_Ben.jpg

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝ පූජිත බිග් බෙන් ඔර්ලෝසු කණුව ඇලවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.

මිනුම් විමර්ශකයන් විසින් දක්‌වන අන්දමට බිග් බෙන් ඔර්ලෝසු කණුව අඩි 1 1/2 කින් ඇලවී තිබේ.

මෙයට හේතුවී ඇත්තේ අවට ප්‍රදේශයේ භූමිය හෑරීම නිසාය. 2002 සහ 2003 අතර සමයේ බිග් බෙන් ඔර්ලෝසු කණුව එම අයහපත් තත්ත්වයට මුහුණපා ඇත.

මේ සඳහා නිසි පියවර නොගනු ලැබුවොත් බිග් බෙන් කණුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවලට කඩාවැටීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/29562/)

මරු හිරා
10-11-2011, 08:45 AM
“බිග් බෙන්” ඔර්ලෝසු කණුව ඇලවේ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/Big_Ben.jpg

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝ පූජිත බිග් බෙන් ඔර්ලෝසු කණුව ඇලවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.

මිනුම් විමර්ශකයන් විසින් දක්‌වන අන්දමට බිග් බෙන් ඔර්ලෝසු කණුව අඩි 1 1/2 කින් ඇලවී තිබේ.

මෙයට හේතුවී ඇත්තේ අවට ප්‍රදේශයේ භූමිය හෑරීම නිසාය. 2002 සහ 2003 අතර සමයේ බිග් බෙන් ඔර්ලෝසු කණුව එම අයහපත් තත්ත්වයට මුහුණපා ඇත.

මේ සඳහා නිසි පියවර නොගනු ලැබුවොත් බිග් බෙන් කණුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවලට කඩාවැටීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

:O

HEDZ
10-11-2011, 01:12 PM
සුර්යයා මත පිපිරීම්, පෘථිවියෙන් කොටසක් කැඞී යා හැකියි නාසා

http://apod.nasa.gov/apod/image/1109/suntsunami_nso_320.gif

සූර්යයා මත සිදුවිය හැකි ප‍්‍රභල පිපිරීම් තුලින් පෘථිවියේ කොටසක් විනාශවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවයි. පසුගිය කාලසීමාව තුල සූර්යයා මත දරුණු ගණයේ පිපිරීම් වාර්තාවූ බව අමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් පෙන්වාදෙයි.

එම පිපිරීම් සූර්යයා මත සිදුවන සාමාන්‍ය පිපිරුම්වලට වඩා දහස් ගුණයක පමණ ප‍්‍රභලත්වයෙන් යුතු වූ බව වාර්තා විය.

එවැන්නක් යලි සිදුවුවහොත් එහි ප‍්‍රභලත්වය මත පෘථිවියේ එම බලපෑමට ලක්වන ප‍්‍රදේශයක් ක්ෂණයකින් විනාශවිය හැකි බවට නාසා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.

වටිනා ත්‍රෙඩ් එකක්. නියමයි. මේ කියලා තියෙන දේ වුනොත් නම් 2012 කතාව ඇත්ත වෙයි වගේ.:yes::yes:

Mal Baba
10-11-2011, 08:35 PM
nidahas madhya wediyekda meya

සෝරෝ
10-11-2011, 09:18 PM
නෑ නෑ... අතන මෙතන තියෙන වැදගත් කියලා හිනෙ නිවුස් එකතැනකට දැම්මා ඔයාලට බලන්න..... :D

nidahas madhya wediyekda meya

Mal Baba
10-11-2011, 09:39 PM
“බිග් බෙන්” ඔර්ලෝසු කණුව ඇලවේ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/Big_Ben.jpg

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝ පූජිත බිග් බෙන් ඔර්ලෝසු කණුව ඇලවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.

මිනුම් විමර්ශකයන් විසින් දක්‌වන අන්දමට බිග් බෙන් ඔර්ලෝසු කණුව අඩි 1 1/2 කින් ඇලවී තිබේ.

මෙයට හේතුවී ඇත්තේ අවට ප්‍රදේශයේ භූමිය හෑරීම නිසාය. 2002 සහ 2003 අතර සමයේ බිග් බෙන් ඔර්ලෝසු කණුව එම අයහපත් තත්ත්වයට මුහුණපා ඇත.

මේ සඳහා නිසි පියවර නොගනු ලැබුවොත් බිග් බෙන් කණුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවලට කඩාවැටීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

ammata hudu

Mal Baba
10-11-2011, 09:39 PM
නෑ නෑ... අතන මෙතන තියෙන වැදගත් කියලා හිනෙ නිවුස් එකතැනකට දැම්මා ඔයාලට බලන්න..... :D

eka hodai
piliganna puluwan place ekakin aran danna macho

මරු හිරා
10-11-2011, 09:47 PM
nidahas madhya wediyekda meya

මෙයා මර්වින් අන්කල්ගෙන් ගුටි කයිද දන්නෙ නෑ :P

සෝරෝ
10-12-2011, 10:52 PM
මේ ගොසිප් සයිට් වල සමහර ඒවා ඇත්ත...

eka hodai
piliganna puluwan place ekakin aran danna macho

සෝරෝ
10-12-2011, 10:52 PM
:hypnotised:

මෙයා මර්වින් අන්කල්ගෙන් ගුටි කයිද දන්නෙ නෑ :P

සෝරෝ
10-12-2011, 10:54 PM
ලංකාවේ අන්තර්ජාලය භාවිතය 100%කින් ඉහලට

http://1.bp.blogspot.com/-LeJqgBXF7wI/TpOxFXqdEhI/AAAAAAAADo4/WiJ481oEh0w/s1600/Mahinda-Rajapaksa201.jpg

ධාරිතාව නිසි පරිදි ලබා නොදෙන සමාගම්වලට නඩු දාන්න ජනපති නියම කරයි

ශ්‍රිලංකාවේ අන්තර්ජාල පරිභෝජනය සියයට සියකින් වර්ධනයවී ඇතැයි වාර්තාවේ.2009 දී 310893 ක් වූ පාරිභෝගික සංඛ්‍යාව මේවනවිට 690764 දක්වා ඉහලගොස් ඇත.

අයවැය සම්බන්ධයෙන් පවත්වන ලද පුරවා සාකච්චාවකදී මේ බව හෙළිවී ඇත.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ සීමිත සම්බන්ධතා සඳහා ලබාදෙන ධාරිතාව අදාළ සමාගම් විසින් නිසිපරිදි ලබානොදෙන බව වාර්තා වී ඇති බවත් ඒ පිලිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.

එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම හා පොදු ස්ථාන වලට වයිෆයි පහසුකම් ලබාදීමට ඉදිරි අයවැය අමගින් යෝජනා වී ඇත.

Source - Gossip 9 (http://www.gossip9.com/2011/10/100.html)

සෝරෝ
10-12-2011, 10:57 PM
ඇසේ සුදෙන් වසරකට ලක්‍ෂයක් අන්ධ වෙනවා

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/health/Cataract-makes(1).gif

වසරකට ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකගේ ඇසේ සුද මතුවීම හේතුවෙන් අන්ධ භාවයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

අදට (12) යෙදී ඇති ලෝක අක්ෂි දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ පණිවුඩයක මේ බව දැක්වේ.

මෙරට රජයේ රෝහල්වලදී වසරකට ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්ම 75,000ක් පමණ සිදුකරන බවද එහි දැක්වේ.

ලොව පුරා මිලියන 285ක ජනතාවක් විවිධ හේතුන් නිසා දෘෂ්ටි අබාධයන්ට ගොදුරු වන අතර ඒ හේතුවෙන් ඉන් මිලියන 39ක් දෙනා පූර්ණ අන්ධභාවයට පත්වන බව ද පැවසේ.

ඒ අනුව සෑම තත්පර 12කට වරක්ම ලොව කොතැනක හෝ එක් පුද්ගලයෙකු අන්ධ භාවයට පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

අන්ධභාවයට පත්වන්නන්ගෙන් 82%ක්ම වයස අවුරුදු 50 ඉක්මවූවන් වන අතර එයට ප‍්‍රධානම හේතුව ලෙස සැළකෙන්නේ ඇසේ සුද මතුවීම බවද එම නිවේදනයෙන් සඳහන් වේ.

වසරකදී ලොව පුරා මිලියන 18 කගේ ඇසේ සුද මතුවීම හේතුවෙන් අන්ධ භාවයට ගොදුරු වන බව ද එම සංඛ්‍යාලේඛණ වලින් දැක්වේ.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=8407:2011-10-12-15-34-17&catid=1:2010-11-08-15-13-52&Itemid=50)

සෝරෝ
10-12-2011, 11:11 PM
අන්තවාදීහු රාජ්‍ය ලාංඡනය විකෘති කරති

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/govermet-logo-wikurthi.jpg

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව ප්‍රකාරව නීතිගත කෙරුනු අන්තවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නිල ලාංඡනයේ අඩංගු වෙන ධර්ම චක්‍රය ඉවත් කරමින් ඒ වෙනුවට ලෝක ගෝලයක් එකතු කර, සිංහයා වෙනුවට කුරාණය ඇතුළු කරමින් , ඉර හද වෙනුවට කරත්ත රෝද දෙකක් එකතු කර, නිල රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබේ.

ලංකාවේ නීතියට අනුකූලව ලියාපදිංචි කළ සංවිධානයකින් ඒ නීතිය පිළිබිඹු කෙරෙන නිළ ලාංඡනය මේ අයුරින් විකෘති කරන්නේ ආණ්ඩුවේම ඉන්නා සුළු ජාතික මන්ත්‍රීවරුන්ගේ බලයෙන්ද කියා බරපතල සැකයක් මතුවේ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජයේ නිල ලාංඡනය විකෘති කිරීම නීතිය උල්ලංඝණය කිරීමක් වුවද අතර අපට වාර්තා වන ආකාරයට මේ සඳහා කිසිදු නීත්‍යානුකුළ ක‍්‍රියාමාර්ගයක් මේ වන තෙක් සිදු කොට නැත.

අදාල සංවිධානයේ වෙබ් අඩවිය (http://srilankamoors.com/)

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/29727/)

Mal Baba
10-12-2011, 11:24 PM
මේ ගොසිප් සයිට් වල සමහර ඒවා ඇත්ත...

ow samaharak site wala ambaneka boru begal dala thiyenawa
loweth ne pissu yakku enews eke ehema ambaneka boru thawa gossips sites wala samaharak ewa boru

සෝරෝ
10-12-2011, 11:34 PM
ඔවු...
මම බලන්නේ

*ගොසිප් 9
*ලංකා සයිබර් නිවුස්
*ශ්‍රී ලංකා මිරර්

මෙන්න මේ තුන... ගොඩක් වෙලාවට මේ තුනේම එක නිවුස් එක යනවා.. ඒ නිසා යම් තාක් දුරට පිලිගන්න පුළුවන්...

ow samaharak site wala ambaneka boru begal dala thiyenawa
loweth ne pissu yakku enews eke ehema ambaneka boru thawa gossips sites wala samaharak ewa boru

Mal Baba
10-12-2011, 11:38 PM
ඔවු...
මම බලන්නේ

*ගොසිප් 9
*ලංකා සයිබර් නිවුස්
*ශ්‍රී ලංකා මිරර්

මෙන්න මේ තුන... ගොඩක් වෙලාවට මේ තුනේම එක නිවුස් එක යනවා.. ඒ නිසා යම් තාක් දුරට පිලිගන්න පුළුවන්...
adaderana
newsfirst
wimasuma

ewath hodai

සෝරෝ
10-12-2011, 11:41 PM
ටීවි චැනල් නේද ඔවයින් දෙකක්..?

adaderana
newsfirst
wimasuma

ewath hodai

මරු හිරා
10-13-2011, 06:41 AM
ලංකාවේ අන්තර්ජාලය භාවිතය 100%කින් ඉහලට

http://1.bp.blogspot.com/-LeJqgBXF7wI/TpOxFXqdEhI/AAAAAAAADo4/WiJ481oEh0w/s1600/Mahinda-Rajapaksa201.jpg

ධාරිතාව නිසි පරිදි ලබා නොදෙන සමාගම්වලට නඩු දාන්න ජනපති නියම කරයි

ශ්‍රිලංකාවේ අන්තර්ජාල පරිභෝජනය සියයට සියකින් වර්ධනයවී ඇතැයි වාර්තාවේ.2009 දී 310893 ක් වූ පාරිභෝගික සංඛ්‍යාව මේවනවිට 690764 දක්වා ඉහලගොස් ඇත.

අයවැය සම්බන්ධයෙන් පවත්වන ලද පුරවා සාකච්චාවකදී මේ බව හෙළිවී ඇත.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ සීමිත සම්බන්ධතා සඳහා ලබාදෙන ධාරිතාව අදාළ සමාගම් විසින් නිසිපරිදි ලබානොදෙන බව වාර්තා වී ඇති බවත් ඒ පිලිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.

එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම හා පොදු ස්ථාන වලට වයිෆයි පහසුකම් ලබාදීමට ඉදිරි අයවැය අමගින් යෝජනා වී ඇත.

anna ela

සෝරෝ
10-13-2011, 10:21 AM
:yes:

anna ela

සෝරෝ
10-19-2011, 07:24 AM
සැම්සුන්ග් ඇපල්ට එරෙහිව නඩු දමයි

http://1.bp.blogspot.com/-IXr4i47sKGs/Tpxm8HjAH8I/AAAAAAAAD0s/W_HIutEPtpU/s1600/iphone.jpg

කොරියානු සැම්සුන් සමාගම විසින් ඇපල් සමාගම විසින් අළුතෙන්ම නිපදවූ අයිෆෝන් 4s දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ අලෙවි කිරීමට එරෙහිව නඩු පවරා ඇත.

මෙයට හේතු ලෙස සැම්සුන්ග් සමාගම ප්‍රකාශ කරන්නේ සිය පේටන්ට් අයිතීන් උල්ලංඝනය කරමින් ඇපල් සමාගම සිය තාක්ෂණයන් භාවිතා කර Iphone 4S දුරකථනය නිපදවා ඇති බවත් එය ඔවුන්ගේ Galaxy 10.1 ටැබ්ලට් දුරකතනයේ අලෙවියට බාධාවක් බවයි.

iphone 4 සහ I pad උපකරණද ඉදිරියේදී ජපානය තුල අලෙවි කිරීම තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සැම්සුන්ග් සමාගම ප්‍රකාශකොට ඇත.

කෙසේ නමුත් මෙයට පෙර ඇපල් සමාගම විසින් සැම්සුන්ග් සමාගම වෙත නඩුපවරනු ලැබුවේ ඔවුන් විසින් හඳුන්වාදී ඇති ගැලැක්සි කාන්ඩයේ ස්මාට්ෆෝන් දුරකතන ඇපල් සමාගමේ අයිපෝඩ් හා අයිපෑඩ් වල අනුකරණයක් මෙන්ම එහි තාක්ෂණය පමණක් නොව ඔවුන්ගේ දුරකතනයේ හැඩය හා ඇසුරුමද සැම්සුන්ග් සමාගම විසින් අනුකරණය කර ඇති බව පවසමින්.

එම දුරකථන දෙකෙහි ගුණාංග පහතින් සංසන්දනය කරන්න

http://4.bp.blogspot.com/-fNDeidjI3cc/Tpxmb6KAmvI/AAAAAAAAD0k/h-Mjt7hR4aw/s1600/compare.jpg

Source - Gossop 9 (http://goo.gl/ejyHw)

Mal Baba
10-19-2011, 06:19 PM
http://i55.tinypic.com/313p3dt.png

CREATIVEN
10-19-2011, 06:25 PM
සැම්සුන්ග් ඇපල්ට එරෙහිව නඩු දමයි

http://1.bp.blogspot.com/-IXr4i47sKGs/Tpxm8HjAH8I/AAAAAAAAD0s/W_HIutEPtpU/s1600/iphone.jpg

http://4.bp.blogspot.com/-fNDeidjI3cc/Tpxmb6KAmvI/AAAAAAAAD0k/h-Mjt7hR4aw/s1600/compare.jpg

සැම්සුන්ග් එක i එකට වඩා හොඳයිනේහ්

සෝරෝ
10-19-2011, 06:31 PM
ඔවු මේක බැලුවම එහෙම හිතෙනවා.... හැබැයි දෙකම පාවිච්චි කරන්නේ නැතුව හිතාන්න බෑ.... :D

සැම්සුන්ග් එක i එකට වඩා හොඳයිනේහ්

Mal Baba
10-19-2011, 06:33 PM
ඔවු මේක බැලුවම එහෙම හිතෙනවා.... හැබැයි දෙකම පාවිච්චි කරන්නේ නැතුව හිතාන්න බෑ.... :D
i4n nam ape ekek gawa thiyenawa eka nam godak user friendly 4n ekak
mama eke design ekata nam asa ne
sakku we demmama podi wenna puluwan eka

සෝරෝ
10-20-2011, 10:53 PM
පැරණි වාහනවලටත් ඉංග්‍රීසි අකුරු අංක තහඩු

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Old-car.gif

පැරණි වාහන සඳහා ද ඉංග්‍රීසි අකුරු අංක තහඩු ලබාගත හැකි නව ක්‍රමයක්‌ හඳුන්වා දීමට කැබිනට්‌ මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

නව අංකයක්‌ ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ක ගාස්‌තුවක්‌ ගෙවිය යුතු වේ.

නව ඉංග්‍රීසි අංක ක්‍රමය ආරම්භ වූ GA සිට පිටුපසට එනම් AA සිට FZ දක්‌වා නව ක්‍රමය යටතේ ලියාපදංචි කෙරේ.

හමුදා වෙන්දේසි වලින් මිලදී ගන්නා පැරණි වාහන සඳහාද නව අංක තහඩු නව ක්‍රමය යටතේ ලබාගත හැකිය.

Mal Baba
10-20-2011, 10:55 PM

patta pata pata

සෝරෝ
10-20-2011, 11:00 PM
උඹට තියේද පරණඑකක්..... :D

patta pata pata

Mal Baba
10-22-2011, 03:53 PM
උඹට තියේද පරණඑකක්..... :D

aluth ekak thiyenawa diga ekak

සෝරෝ
11-01-2011, 07:42 AM
‘110’ ඇමතුමෙන් නොමිලේ ගිලන් රථ සේවයක් කොළඔ ජාතික රෝහලෙන්

http://newsimg.bbc.co.uk/media/images/41553000/jpg/_41553176_ambulance203.jpg

හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් රෝහල් කරා රැගෙන යාමට ගිලන් රථ සේවා නොමිලේ සැපයිය හැකි බව කොළඹ ජාතික රෝහල පවසයි. 110 දුරකතන අංකයට ඇමතීමෙන් මෙම ගිලන්රථ සේවා ලබා ගත හැකි බවද ඔවුන් කියා සිටී.

හදිසි අනතුරු සහ හෘදයාබාධ වැනි ක්‍ෂණික ආබාධ වලට ලක්වන පුද්ගලයින් රෝහල් කරා රැගෙන යාමේදී ඔවුන් ආරක්‍ෂිතව ප‍්‍රවාහනය කළ යුතු බැවින් මෙම පියවර ගත් බව ජාතික රෝහලේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු සඳහන් කරයි.

බොහෝ රොගීන් රොහල් කරා රැගෙන ඒමේදී ඔවුන්ගේ රෝගී තත්වයන් උත්සන්න වන අයුරින් අනාරක්‍ෂිතව ප‍්‍රවාහනය කෙරෙන බව ඒ මසහතා කියා සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/32541/)

Angel_senuri
11-01-2011, 08:39 AM
‘110’ ඇමතුමෙන් නොමිලේ ගිලන් රථ සේවයක් කොළඔ ජාතික රෝහලෙන්

http://newsimg.bbc.co.uk/media/images/41553000/jpg/_41553176_ambulance203.jpg

හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් රෝහල් කරා රැගෙන යාමට ගිලන් රථ සේවා නොමිලේ සැපයිය හැකි බව කොළඹ ජාතික රෝහල පවසයි. 110 දුරකතන අංකයට ඇමතීමෙන් මෙම ගිලන්රථ සේවා ලබා ගත හැකි බවද ඔවුන් කියා සිටී.

හදිසි අනතුරු සහ හෘදයාබාධ වැනි ක්‍ෂණික ආබාධ වලට ලක්වන පුද්ගලයින් රෝහල් කරා රැගෙන යාමේදී ඔවුන් ආරක්‍ෂිතව ප‍්‍රවාහනය කළ යුතු බැවින් මෙම පියවර ගත් බව ජාතික රෝහලේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු සඳහන් කරයි.

බොහෝ රොගීන් රොහල් කරා රැගෙන ඒමේදී ඔවුන්ගේ රෝගී තත්වයන් උත්සන්න වන අයුරින් අනාරක්‍ෂිතව ප‍්‍රවාහනය කෙරෙන බව ඒ මසහතා කියා සිටී.

mekanam hoda wadak. bt lankawe minissu meka boruwata call karala genna ganida danne na

සෝරෝ
11-01-2011, 08:41 AM
ඒ වගේ දෙයක් වුනොත් ඒවට කරන දේවලුත් ඇති.... :D

mekanam hoda wadak. bt lankawe minissu meka boruwata call karala genna ganida danne na

සෝරෝ
11-04-2011, 02:59 PM
සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්

හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප‍්‍රදේශ බෙදා වෙන්කරගෙන සැලැස්මකට අනුව සිඟමනේ යාම ඔහුගේ පිළිවෙළ විය. මේ සැලසුම්සහගත පිළිවෙළ නිසා කිසිම අවස්ථාවක එක් සතියක් තුළදී කිසියම් නිවසකට එක් වරකට වඩා සිඟමනේ යාමට ඔහුට සිදුවූයේ නැත.ඔහුගේ පැවති විශේෂත්වයක් වූයේ දුගී නිවාස හෝ පැල්පත්වලට සිඟමනේ නොගොස් ඉහළ පැලැන්තියේ නිවෙස්වලට පමණක් සිඟමනේ ඉල්ලා යාමය. මේ හැම නිවසකින්ම ඔහුට අඩුම වශයෙන් රුපියල් දහයක්වත් සිඟමන් වශයෙන් ලැබුණි. ඔහු එම නිවෙස්වලට කොතරම් හුරු පුරුදුවී සිටියෙ ද කිවහොත් එක් එක් නිවසින් තමාට සතිපතා ලැබෙන මුදල කොපමණදැයි හරිහැටි කියන්නට ඔහු දැන සිටියේය.”හොඳ මනුස්සයා, අපට කිසිම කරදරයක් නැහැ” ගමේ මිනිසුන් වැඩිදෙනා මේ යාචකයා ගැන කතා කළේ ඒ විදියටය. තමන්ට කරදර නොකර යමක් කමක් ඇති උදවියගෙන් පමණක් සිඟමන් ඉල්ලීමේ පුරුද්ද පිළිබඳව ගමේ මිනිසුන් වැඩිදෙනකුගේ ප‍්‍රසාදයට ඔහු ලක්වී සිටියේය.සතියකට වරක් මේ යාචකයා තම නිවෙස්වලට සිඟමනේ පැමිණෙන දිනය එම නිවෙස්වල පදිංචිකරුවෝ කල්තියා දැන සිටියහ. යාචකයාගේ රාජකාරිය වූයේ අදාළ නිවෙස් ඉදිරිපිටට ගොස් ගේට්ටුව ශබ්ද කිරීම පමණකි. එම සංඥාව මගින් යාචකයා සිඟමන් ඉල්ලීමට පැමිණ සිටින බව දැනගන්නා නිවෙස් හිමියන් මුදල්ද රැගෙන ගේට්ටුව වෙත දිව ඒම පුරුද්දක් වී තිබිණි.
එදා ඉරිදා දිනයකි. වෙනත් ඉරිදා දිනවලදී මෙන් එදාද නියමිත ප‍්‍රදේශයේ හිඟමන් ලබාගැනීම සඳහා ඔහු උදෑසනින්ම පැමිණ සිටියේය. හුරු පුරුදු නියමිත නිවසක් නිවසක් ගානේ ගොස් සිඟමන් ලබාගත් ඔහුගේ බෑගය තුළ පෙරවරු 11.00 වනවිට රුපියල් දහසක පමණ මුදලක් එක්කාසුවී තිබුණි.තවත් ඉතිරිවී තිබූ නිවෙස් තුන හතරක් අතරේ ඔහුට ස්ථිරවම රුපියල් 100ක් ලැබෙන දෙමහල් නිවසක්ද විය.
ඒවනවිට දැඩි මහන්සි ගතියක් දැනුන ද ඔහු එම නිවසට ද යාමට අමතක කළේ නැත. ගේට්ටුව ශබ්ද කරගෙන යද්දී ගෙතුළින් එළියට ආවේ සුපුරුදු ගෙහිමි කාන්තාවය.”මැඩම් මම ආවා” ඔහු හිස නමා කියද්දී ගෙහිමි කාන්තාව ගේට්ටුව දෙසට ආවාය.”අද නං දෙන්ඩ විදිහක් නෑ. ලබන ඉරිදා එන්න.” ඇය කීවේ කාරුණික අන්දමිනි.”ඇයි මැඩම් අද සල්ලි නැද්ද?” ඔහු ඇසීය.”සල්ලි තියෙනවා. මාරු කරන්න විදිහක් නැහැ.” ඇය කෙටියෙන් කීවාය.”ලොකු ගානක්ද මැඩම්?” ඔහු ඇසුවේ බලාපොරොත්තු සහිතවය.”රුපියල් දෙදාහේ කොළයක් තියෙන්නේ. ඒ හින්දා ලබන ඉරිදට එන්න. අද ගානත් එක්කම දෙන්නං” ආපසු යාමට සැරසෙමින් ඇය පිළිතුරු දුන්නාය.”දෙදාහක් ගාණක්ද මැඩම්? කෝ මෙහාට දෙන්න මං මාරුකරලා ඉතුරු සල්ලි දෙන්නං.” කරේ එල්ලාගෙන තිබූ බෑගයට අත යවා මුදල් නෝට්ටු මිටියක් එළියට ගත් ඔහු එයින් රුපියල් 1900ක් වෙන්කරගෙන එය කාන්තාවට දී ඇය අත තිබූ රුපියල් දෙදහසේ නෝට්ටුව ඉල්ලා ගත්තේ කිසිදු බියක් සැකක් නැතිවය.ඉතිරි මුදල ද රැගෙන කාන්තාව ආපසු තම නිවස කරා ගමන් කරද්දී යාචකයා හිඟමන් ඉල්ලාගෙන ඊළඟ නිවස කරා පියවර මැන්නේය.

Source - Lankadeepa (http://www.lankadeepa.lk/index.php/articles/11722)

සෝරෝ
11-10-2011, 12:33 PM
ගෑණු මළ මිනී 29ක් ගෙදර රුසියානුවා අල්ලයි

ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලිසිය කියනුයේ වොල්ගා ගඟ අසබඩ නිෂායි නොව්ගොරෝඩ් ග‍්‍රාමයේ සුසාන භූමිවලින් මළ සිරුරු අතුරුදන්වීම ගැන ලැබුණු ඔත්තු අනුව ඔහුගේ ගෙදර වැටැලූ බවයි. මිනීවළවලින් ගොඩගත් සිරුරු ගෙදර ගෙන ගොස් කල්තබා ගැනීමේ බෙහෙත් ගල්වා බෝනික්කන් මෙන් ලස්සන රෙදි පිළි අන්දවා නිවසේ ආලින්දයේ තබා තිබිණි. රුසියාවේ සුසාන භූමි 800ක් ගැන පුළුල් ලෙස ලියා ඇති ඔහු සුසාන භූමිවලට ගොස් මළවුන් ගැන අධ්‍යයනය කිරීමේ රුචියක් දැක්වූවෙකි.

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/11/20111107_anatoli-mummia_-_edit.jpg

Source - Lankadeepa (http://www.lankadeepa.lk/index.php/articles/12405)

Angel_senuri
11-10-2011, 02:49 PM
ගෑණු මළ මිනී 29ක් ගෙදර රුසියානුවා අල්ලයි

ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලිසිය කියනුයේ වොල්ගා ගඟ අසබඩ නිෂායි නොව්ගොරෝඩ් ග‍්‍රාමයේ සුසාන භූමිවලින් මළ සිරුරු අතුරුදන්වීම ගැන ලැබුණු ඔත්තු අනුව ඔහුගේ ගෙදර වැටැලූ බවයි. මිනීවළවලින් ගොඩගත් සිරුරු ගෙදර ගෙන ගොස් කල්තබා ගැනීමේ බෙහෙත් ගල්වා බෝනික්කන් මෙන් ලස්සන රෙදි පිළි අන්දවා නිවසේ ආලින්දයේ තබා තිබිණි. රුසියාවේ සුසාන භූමි 800ක් ගැන පුළුල් ලෙස ලියා ඇති ඔහු සුසාන භූමිවලට ගොස් මළවුන් ගැන අධ්‍යයනය කිරීමේ රුචියක් දැක්වූවෙකි.

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/11/20111107_anatoli-mummia_-_edit.jpg

apoooooooooo..

සෝරෝ
11-12-2011, 05:29 PM
2013 පටන් සාමාන්‍ය පෙළට විෂයයන් තුනයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/exam.jpg

විෂයයන් තුනක් පමණක් ඇතුලත් වන පරිදි අපොස සාමාන්‍ය පෙල විෂය නිර්දේශය 2013 වසරේදී සංශෝදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම සංශෝධනය සමඟින් උසස් පෙළ සඳහා හැදෑරීමට බලාපොරොත්තුවන විෂය ධාරාවෙන්ම සාමාන්‍යා පෙල විභාගයට පෙනී සිටීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.

උසස් පෙළ විභාගයේදී එකවර අදාල විෂයයන්ට මුහුණ දීමට සිදුවීමෙන් මතුවන දුෂ්කරතා මඟහැරීමටත්, සිසුන්ට එම විෂයයන් පිළිබඳ මූලික දැනුමක් ලබාදීමටත් අවශ්‍ය පියවර ගැනීමක් ලෙස සාමාන්‍ය පෙල විෂයය නිර්දේශය මෙසේ වෙනස් කිරීමට තීරණය කර තිබේ.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/34385/)

සෝරෝ
11-12-2011, 05:32 PM
සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/Kumar-Sangakkara-007.jpg

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුනිස්ලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත.

ඔහු ළකුණු 880 ක් ලබාගෙන සිටින අතර මීට පෙර පළමු ස්ථානයේ රැඳීසිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජැක් කාලිස් ළකුණු 873 ක් ලබා දෙවන ස්ථානයට පසුබැස ඇත. තෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ ඇලිස්ටෙයාර් කුක් හිමිකරගෙන සිටින අතර ඔහු ළකුණු 823 ක් ලබාගෙන සිටී.

මෙහි සිව්වන ස්ථානය ළකුණු 822 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ළකුණු 806 ක් ලබා පස්වන ස්ථානයේ රැඳීසිටී.

පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ඉහල දක්ෂතා දැක්වීම සංගක්කාර ප්‍රථම ස්ථානයට පැමිණීමට හේතු වී ඇති බවද පැවසේ.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/34351/)

MANJU
11-12-2011, 08:41 PM
සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/Kumar-Sangakkara-007.jpg

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුනිස්ලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත.

ඔහු ළකුණු 880 ක් ලබාගෙන සිටින අතර මීට පෙර පළමු ස්ථානයේ රැඳීසිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජැක් කාලිස් ළකුණු 873 ක් ලබා දෙවන ස්ථානයට පසුබැස ඇත. තෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ ඇලිස්ටෙයාර් කුක් හිමිකරගෙන සිටින අතර ඔහු ළකුණු 823 ක් ලබාගෙන සිටී.

මෙහි සිව්වන ස්ථානය ළකුණු 822 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ළකුණු 806 ක් ලබා පස්වන ස්ථානයේ රැඳීසිටී.

පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ඉහල දක්ෂතා දැක්වීම සංගක්කාර ප්‍රථම ස්ථානයට පැමිණීමට හේතු වී ඇති බවද පැවසේ.

එල

සෝරෝ
11-13-2011, 07:27 AM
සයිෆ් අලි ඛාන් රජෙක් ලු

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/SaifAliKhan_290px_11_10_22.gif

ජනපි‍්‍රය බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන් ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ ඓතිහාසික පතාඋඩි රජ පෙළපතට අයත් වූවෙක් බව වාර්තා වේ.

සායිෆ් ගේ පියා වූ මන්සූර් අලි ඛාන් මේ පතාඋඩි පෙළපතේ නවවැනි නවාම් කුමරුන් ලෙස හැදින්වේ.

සායිෆ් ගේ පියා වන මන්සූර් අලි ඛාන් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා මිය යාමෙන් පසුව අදාළ කිරුළ ඔවුන්ගේ සිරිත් විරිත් අනුව දින 40ක් ගතවූ පසු සායිෆ් අලී ඛාන් හට පිරුනමනු ලැබීය.

මේ අනුව දසවැනි නවාබ් කුමරුන් ලෙස සයිෆ් අලි ඛාන් අභිශේක කළේය.

රාජාභිෂේක උත්සවය පවත්වනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 31 දා වන අතර මෙම උත්සවය පාරම්පරික රජමාලිගයකදී පැවැතිණි.

උත්සවයට පතාඋඩි ප‍්‍රදේශයේ ගම්මාන 52ක් නියෝජනය කරමින් නියෝජිතයන් ද පැමිණි අතර ඔවුන් අතර සිටි ගම් නායකයන්ගේ සහභාගිත්වයෙන් සායිෆ්ගේ හිසෙහි සුදු රෙද්දකින් නිමවූ තලප්පාවක් බඳීමෙන් මෙම අභිශේකය සිදුවූ බව පැවසේ.

මේ උත්සවයට සායිෆ් ගේ මව වන ශර්මිලා තාගෝර්, නැඟණියන් වන සාබා සහ සෝභා හා ඔහුගේ පළමු විවාහයේ දියණිය වන සාරා ද එක්ව සිටි බව වාර්තා වේ.

මේ උත්සවයට ගම්වැසියන් 50,000ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර හර්යානා ප‍්‍රාන්තයේ මහ ඇමැතිවරයා ද මේ සඳහා එක්වී ඇත.

කෙසේවුවද යසිෆ්ගේ පුතු ඊබ‍්‍රාහිම් මේ සඳහා එක් නොවු බව ද පැවසේ.

නවාබ් පෙළපත ආරම්භවූයේ 1806 දී ෆයිස් තලාබ් ඛාන් කුමරුන්ගෙන්ය. එදා සිට 1971 වසර දක්වා නවාබ් කුමාරවරුන් 9 දෙනකු මෙම කිරුළ දරා තිබේ.

වසර 1971 දී ඉන්දීය රජය මේ තනතුර නීත්‍යානුකූලව අහෝසි කල අතර 1952 - 1971 අතර කාලය තුළ සායිෆ් ගේ පියා නවාබ් කුමරු ලෙස කටයුතු කළත් 1971න් පසුව එම තනතුර ඉන්දීය රජයේ පිළිගැනීමට ලක් නොවුනි.

කෙසේවුවද හර්යානා ප‍්‍රාන්තයේ ගුර්ගෝන් දිස්ත‍්‍රික්කයේ පතාඋඩි ප‍්‍රදේශයේ වැසියන් තවමත් මේ නවාබ් කිරුළට ගරු බුහුමන් දක්වනු ලබයි.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/arts/9283-2011-11-12-15-46-44)

සෝරෝ
11-13-2011, 03:58 PM
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එක්දින තරඟවලිනුත් පහලට

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/04/sri-lanka-cricket.jpg

පාකිස්ථානය සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 8කින් පරාජය වීම හේතුවෙන් ජගත් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් ලේඛනයේ තවත් ස්ථානයක් පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලටඅනුව ලකුණු 130ක් ලබා සිටින ඔස්ට්‍රේලියාව තවමත් එහි පෙරමුණේ රැඳී සිටී. දෙවැනි ස්ථානය ලකුණු 118ක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම හිමි කරගෙන ඇත.

ලකුණු 119ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 116ක් සමඟින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තයයිග සිව්වැනි සහ පස්වැනි ස්ථාන පිළිවෙළින් හිමිකරගෙන සිටින අතර හය වැනි ස්ථානය පාකිස්තාණ කණ්ඩායහ හිමි කරගෙන සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/slc/)

සෝරෝ
11-16-2011, 12:11 AM
කි‍්‍රකට් අතුරු කමිටුව විසුරුවයි: නිසි බලධාරියෙකු පත් වෙයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/16-------.gif

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව විසුරුවා හැරි කී‍්‍රඩා අමාත්‍යවරයා එම ආයතනය සඳහා නිසි බලධාරියෙකු පත් කරයි.

කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න එම ධූරයට පත්ව සිටී.

වසර හතකට පසුව කි‍්‍රකට් පාලක මණ්ඩලයක් ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට අවස්ථාව උදාවී ඇත.

මේ වසර අවසන් වීමට පෙර නිලවරණයක් පැවැත්විය හැකි බවට තමන් විශ්වාස කරන බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

විසුරුවා හැරි අතුරු කමිටුවේ ප‍්‍රධානියා වූ උපාලි ධර්මදාස කියා සිටින්නේ, නිලවරණයේදී තරඟ කිරීමට තමන් සූදානම් බවයි.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/9369-2011-11-15-17-43-32)

සෝරෝ
11-16-2011, 12:14 AM
සිරිමාවෝ හා චීනයේ බෙයිජිං සහෝදර පාසල් වීමටයයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Sirimawo-chaina.gif

ලබන 17 වන දින කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය හා චීනයේ බෙයිජිං අංක 80 උසස් විද්‍යාලය සහෝදර පාසල් ලෙස නිල වශයෙන් නම් කිරීමට නියමිතය.

මේ වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්වෙනු ඇත.

ඒ සදහා චීන මහජන සමූහාණ්ඩුව නියෝජනය කරමින් විදේශීය රටවල් සමග මිත‍්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි ලී ෂියා ඕචියාං මහත්මිය ප‍්‍රමුඛ පංච පුද්ගල දූත පිරිසක් හෙට (16) දිවයිනට පැමිණීමට නියමිතය.

ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ ආරාධනයෙන් මෙම දූත පිරිස දිවයිනට පැමිණෙන අතර ඔවුන් මෙරට මැති ඇමතිවරුන් කිහිප දෙනකු සමග දෙරටට බලපාන සමාජ, ආර්ථික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‍අපේක්ෂිතය.

මීට අමතරව චීනයේ 1911-2011 සියවසක වෙනස (A Century of Change China 1911-2011) නම් ඡායාරූප ප‍්‍රදර්ශනයක් ද මෙම නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/9361-2011-11-15-12-01-55)

සෝරෝ
11-16-2011, 12:25 AM
Google Maps සඳහා මුදල් අයකිරීමට තීරණය කරයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/Google_map.gif

ලබන වසරේ ජනවාරි මස සිට ගූගල් සිතියම් බහුලව භාවිත කරන වෙබ් අඩවි වලින් මුදලක් අයකිරීමට ගූගල් සමාගම සූදානම් වේ. යම් වෙබ් අඩවියක් තුලදී දිනකට ගූගල් සිතියම් මත පිවිසුම් 25000ට අධික ප්‍රමාණයක් සිදුවේ නම් එවැනි වෙබ් අඩවි වලින් මෙම මුදල අයකරනු ඇත.

සංචාරක ආයතන සහ ඉඩම් වෙළදාමේ යෙදෙන ආයතන ඉලක්ක කරගනිමින් මෙම නව පියවර ගන්නා බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි. තම පාරිභෝගිකයින්ට ඔවුන් කැමැති පිහිටුම් බලා තෝරාගැනීම සඳහා ගූගල් සිතියම් භාවිත කිරීමට සලස්වා දීමට බොහෝ ආයතන පෙළඹී ඇත. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මෙම සේවාව ඔස්සේ අසීමිත ලෙස වානිජමය කටයුතු සඳහා පෙළඹීම තුලින් සිය සේවාවේ ගුණාත්මකභාවයට සිදුවන හානිය අවම කිරීමට මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන පරිදි මෙම සීමාව පැනවෙන්නේ ගූගල් සිතියම් භාවිත කරන්නන්ගෙන් සියයට 0.35 වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකට පමණි.

මෙම සීමාව ඉක්මවා යන සෑම ක්ලික් 1000කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අයකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/34760/)

Aktamge
11-16-2011, 02:50 PM
Google Maps සඳහා මුදල් අයකිරීමට තීරණය කරයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/Google_map.gif

ලබන වසරේ ජනවාරි මස සිට ගූගල් සිතියම් බහුලව භාවිත කරන වෙබ් අඩවි වලින් මුදලක් අයකිරීමට ගූගල් සමාගම සූදානම් වේ. යම් වෙබ් අඩවියක් තුලදී දිනකට ගූගල් සිතියම් මත පිවිසුම් 25000ට අධික ප්‍රමාණයක් සිදුවේ නම් එවැනි වෙබ් අඩවි වලින් මෙම මුදල අයකරනු ඇත.

සංචාරක ආයතන සහ ඉඩම් වෙළදාමේ යෙදෙන ආයතන ඉලක්ක කරගනිමින් මෙම නව පියවර ගන්නා බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි. තම පාරිභෝගිකයින්ට ඔවුන් කැමැති පිහිටුම් බලා තෝරාගැනීම සඳහා ගූගල් සිතියම් භාවිත කිරීමට සලස්වා දීමට බොහෝ ආයතන පෙළඹී ඇත. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මෙම සේවාව ඔස්සේ අසීමිත ලෙස වානිජමය කටයුතු සඳහා පෙළඹීම තුලින් සිය සේවාවේ ගුණාත්මකභාවයට සිදුවන හානිය අවම කිරීමට මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන පරිදි මෙම සීමාව පැනවෙන්නේ ගූගල් සිතියම් භාවිත කරන්නන්ගෙන් සියයට 0.35 වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකට පමණි.

මෙම සීමාව ඉක්මවා යන සෑම ක්ලික් 1000කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අයකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.
මගේ බිස්නස් වලට කෙල වෙන්න යන්නේ

MANJU
11-16-2011, 03:18 PM
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එක්දින තරඟවලිනුත් පහලට

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/04/sri-lanka-cricket.jpg

පාකිස්ථානය සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 8කින් පරාජය වීම හේතුවෙන් ජගත් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් ලේඛනයේ තවත් ස්ථානයක් පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලටඅනුව ලකුණු 130ක් ලබා සිටින ඔස්ට්‍රේලියාව තවමත් එහි පෙරමුණේ රැඳී සිටී. දෙවැනි ස්ථානය ලකුණු 118ක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම හිමි කරගෙන ඇත.

ලකුණු 119ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 116ක් සමඟින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තයයිග සිව්වැනි සහ පස්වැනි ස්ථාන පිළිවෙළින් හිමිකරගෙන සිටින අතර හය වැනි ස්ථානය පාකිස්තාණ කණ්ඩායහ හිමි කරගෙන සිටී.

විලිලැජ්ජයි නේ ලෝක කුසලානෙන් පස්සේ මැච් 14න් 9ක් කාලා

සෝරෝ
11-17-2011, 05:34 PM
සියැට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කිරුළට තරු 5ක් සටනේ

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/Siyet.gif

කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් වසරේ සියැට් ජනතා ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තේරීමේ මත විමසුමට අනුව මේ වන විට වැඩිම මනාප ලැබූ ක‍්‍රීඩකයින් අතර ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මෙම මත විමසුම ලබන 25 වැනිදා අවසන් වීමට නියමිතය.

මේ කිරුළ හිමිකර ගැනීමට ක‍්‍රිකට් ආයතනය සමග ගිමිසුම්ගත ක‍්‍රීඩකයින් 100 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

වැඩිම ජනතා මනාප ප‍්‍රමාණයක් ලබා ගන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩකයා 2011 වසරේ සියැට් ජනතා ක‍්‍රිකට් තරුව ලෙස නොවැම්බර් 29 වැනිදා වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිත වාර්ෂික සියැට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලෙහි දී කිරුළු පැළඳීමට නියමිය.

තම පි‍්‍රයතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වසරේ ජනතා ක‍්‍රිකට් තරුව බවට පත්කිරීම සඳහා ප‍්‍රධාන ජංගම දුරකථන ජාලයන් සහ සී.ඩී.එම්.ඒ. (CDMA) දුරකථන ජාල ඔස්සේ ද සියැට් (හිස්තැනක්) තමන්ගේ ප‍්‍රියතම ක‍්‍රිකට් තරුවගේ නම යොදා 6797ට කෙටි පණිවිඩයක් එවීම මගින් තම කැමැත්ත ප‍්‍රකාශ කළ හැක.

අන්තර්ජාලය භාවිත කරමින් තම මනාපය පළ කිරීම සඳහා www.ceatsrilankacricketawards.lk යන සුවිශේෂි වෙබ් අඩවිය භාවිත කළ හැකි අතර මේ සඳහාම නිර්මාණය වූ ෆෙස් බුක් පිටුව www.facebook.comceatsrilankacricketawards ඔස්සේ ද ක‍්‍රීඩා ලෝලීන්ට තම මතය පළ කිරීමට අවස්ථාව හිමිව ඇත.

සියැට් ශ‍්‍රී ලංකා වෙතින් ලබා දෙන තිළිණයක් ලෙසට වසරේ සියැට් ජනතා ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා මනාප පළ කරන්නන් අතුරින් දස දෙනෙකුට මනාප පළ කිරීමේ කාල සීමාවෙන් අනතුරුව පැවැත්වෙන කුසපත් ඇදීමකින් සියැට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් 2009 වසරේ දී සියැට් ජනතා ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් අතර 2010 වසරේදී මේ සම්මානය දිනා ගනු ලැබුවේ කුමාර් සංගක්කාර විසිනි.

Source - SriLanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/9409------5-)

සෝරෝ
11-23-2011, 06:34 AM
ඉදියේදී විදුලිය කැපේලූ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/04/ceb-logo.jpg

ජල විදුලිය උත්පාදනය කරන ජලාශවලට ප‍්‍රමාණවත් තරමේ වර්ෂාපතනයක් නොලැබුනහොත් ජල විදුලිය නිපදවීමේ අර්බුදයක් ඇතිවිය හැකි යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

එම ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත වැටුනහොත් බොහෝ දුරට ලබන ජනවාරි මාසයේදී විදුලි අර්බුදයක් උත්සන්න විය හැකි බවද මණ්ඩලය කියා සිටී.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/35629/)

සෝරෝ
11-23-2011, 06:35 AM
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඇමරිකාව පරදවයි

http://p.imgci.com/db/PICTURES/CMS/100200/100296.2.jpg

අයි.සී.සී. කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාව පරදවා කඩුළු අටක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

සාවර් ක‍්‍රීඩාංගණයේ පැවති තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 18.5කදී සියළු දෙනාම ලකුණු 53කට දවාලන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩාකල ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 54ක් ලබා තරඟය ජයග‍්‍රහණය කලේය.

මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවති පළමු වටයේ තරඟ හතරෙන් තුනක් ජයග‍්‍රහණය කරමින් ප‍්‍රසාද ලකුණු 6ක් ලබා ‘ඒ’ කාණ්ඩයෙට් දෙවැනි ස්ථානයේ පසුවන්නේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට පිටුපසිනි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/35634/)

සෝරෝ
11-26-2011, 12:31 PM
කලින් දැනුම්දීලත් ලංකාවෙන් ගනං අරං නෑ... :k0235:

මෙන්න වීඩියෝව...

http://www.youtube.com/watch?feature=player_embedded&v=kejEPCd-KhM

Source - 28storms.com (http://28storms.com/cyclone/?p=203)

Chinthana
11-26-2011, 06:38 PM
කලින් දැනුම්දීලත් ලංකාවෙන් ගනං අරං නෑ... :k0235:

මෙන්න වීඩියෝව...

http://www.youtube.com/watch?feature=player_embedded&v=kejEPCd-KhM

Source - 28storms.com (http://28storms.com/cyclone/?p=203)

:(:shocked::shocked:

Chinthana
11-26-2011, 06:39 PM

11-27-2011, 07:36 AM
අනාවැකි නොකිව් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව

http://4.bp.blogspot.com/-dZb9Gyobx4E/TtFXVdDf-6I/AAAAAAAACmM/XhFlYfUhIa4/s320/isaasia2.jpg

පසුගිය සිකුරාදා දකුණු වෙරළාබඩ ප්‍රදේශයන්ට බලපෑ තද කුණාටු සහිත සුළං තත්ත්වය පිළිබඳ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම පිළිබඳව මේවනවිට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා බලදාරීන් එරට ජනතාව දැනුවත් කර තිබුන තිබුන අතර වර්ධනය වන සුලි සුලං තත්ත්වය සම්බන්ධයෙන් නාරා ආයතනගේ නිලධාරීන් ශ්‍රී ලංකාවද දැනුවත් කර තිබුනේ දින දෙකකටත් කලින්.

නමුත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් එය තැකීමක් කර තිබුනේ නෑ. ඔවුන් අනාවැකි පවසා තිබුනේ සුළු කැළඹිලි සහිත තත්ත්වයක් වායුගෝලයේ ඇතිවන බවකි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් 33 දෙනෙකු අතුරුදහන්ව තිබෙනවා. නිවාස 292ක් සම්පූර්ණයෙන් හානිවී තිබෙන අතර 2,665ක් අර්ථ වශයෙන් හානි වී තිබෙනවා.

Surce - Gossip9 (http://www.gossip9.com/2011/11/blog-post_27.html)

Demax
11-28-2011, 10:20 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර...

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙසයි මෙය වාර්තා වන්නේ.

සෝරෝ
11-28-2011, 11:22 AM
අද බස්නාහිරට ගිරුම් සහිත වැසිලූ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/rain.jpg

අද දිනයේ බස්නාහිර, දකුණු මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවත් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම දිවයිනේ බස්නාහිර හා දකුණු පළාත්වල කඩින් කඩ වැසි ඇති විය හැකි අතර සවස් කාලයේදී අනෙකුත් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/36590/)

Chinthana
11-30-2011, 05:47 PM
අද බස්නාහිරට ගිරුම් සහිත වැසිලූ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/rain.jpg

අද දිනයේ බස්නාහිර, දකුණු මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවත් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම දිවයිනේ බස්නාහිර හා දකුණු පළාත්වල කඩින් කඩ වැසි ඇති විය හැකි අතර සවස් කාලයේදී අනෙකුත් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

:shocked::shocked:

සෝරෝ
12-01-2011, 09:09 AM
ශ්‍රී ලංකාවේ ලිංගික අපරාධ වැඩිවෙලා !

ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය පදනම් කරගෙන සිදුවන අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් 'හිරු' ගුවන් විදුලි නාලිකාවට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ, අපයෝජනයට ලක්ව ඇති කාන්තාවන් බහුතරයක් එවැනි සිද්දීන්ට ගොදුරුවී ඇත්තේ හුදකලාබව, තනිකම් සහ අඳුර යන කරුණු ප‍්‍රධාන හේතූන් නිසා බවයි.

එහෙයින් දිනපතා එකම මාර්ගයේ නොයන ලෙසත්, තනිව ගමන් බිමන් සිමා කරන ලෙසත්, අදුරේ ගමන් නොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

කුඩා ළමයින්ට සිදුවන ලිංගික අපයෝජනවලද බරපතල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියි.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/9787-2011-12-01-02-41-03)

12-01-2011, 06:18 PM

:sad:

සෝරෝ
12-10-2011, 04:04 PM
වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (10) පස්වරු 6.16 ට ශ්‍රී ලංකාවාසීන්ට මුළුමනින්ම දැකගත හැකි බව ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.

මෙදින හිරු බැසීම පස්වරු 5.55 හා සඳ නැඟීම පස්වරු 5.47 ට සිදුවන බැවින් ජනතාවට පස්වරු 6.10 වනවිට චන්ද්‍රග්‍රහණය දැක ගත හැකි වනු ඇත.

පූර්ණ චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව පස්වරු 8.01 ටද පුර්ණ චන්ද්‍රග්‍රහණයේ අවසානය පස්වරු 8.27 ට, අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය පස්වරු 9.48 ට උපඡායාවෙන් ඉවත්වීම පස්වරු 11.00 ට බවද ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හා ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසූයේ නැවතත් මෙවන් චන්ද්‍ර ග්‍රහණයක් ශ්‍රී ලංකාවාසීන්ට දැකබලාගත හැකිවන්නේ තවත් වසර 3 කින් බවයි.

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/10025-2011-12-10-03-33-50)

Punisher
12-10-2011, 06:16 PM

වහින නිසා බලන්න වෙන එකක් නැතිවෙයි වගේ

සෝරෝ
12-10-2011, 06:22 PM
මෙහෙටත් වැහි වලාකුළු....

වහින නිසා බලන්න වෙන එකක් නැතිවෙයි වගේ

Punisher
12-10-2011, 06:28 PM
මෙහෙටත් වැහි වලාකුළු....

අපරාදේ මම බලන්නමයි හිටියේ

සෝරෝ
12-10-2011, 06:30 PM
මමත්.....

අපරාදේ මම බලන්නමයි හිටියේ

සෝරෝ
12-12-2011, 04:39 PM
අධිවේගියේ වාහන වලට ගල් ප්‍රහාර

http://1.bp.blogspot.com/-MJwMa0q_V1U/TuWX6ep4p5I/AAAAAAAAFPA/sMjXHvFiOYM/s1600/highway-prew.jpg

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.

එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.

මේ අතර පසුගියදා ගෙන්වූ නවතම වේග සිමා උපකරණ සහිත ලේසර් කැමරා පද්ධතිය අද දිනයේ සිට සක්‍රියව භාවිතයට ගන්න බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයට තවමත් ගැටලුවක්ව පවතින සුනඛයන් හා වෙනත් උරගයන් නිර්වින්දය කර වෙනත් ස්ථාන වලට ගෙනගොස් දැමීමට වෙනම කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටී.

Source - Gossip9 (http://www.gossip9.com/2011/12/blog-post_7023.html)

MANJU
12-12-2011, 06:15 PM

මොලේ අමාරුකාරයෙක් වෙන්නඇති ආසාවට ගල් ගහල

සෝරෝ
12-13-2011, 11:24 AM
දක්‍ෂිණ අධිවේගයට යුධ හමුදා ආරක්‍ෂාව

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/highway-3.jpg

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පෙරේදා රාත‍්‍රියේ ගල් ප‍්‍රහාර එල්ල වීමත් සමඟ එම මාර්ගයේ ආරක්‍ෂාව සඳහා යුධ හමුදාව යොදා ගැනීමට තීරණය කර තිබේ. පෙරේදා රාත‍්‍රියේ එල්ල වූ ප‍්‍රහාරයෙන් මාර්ගයේ ගමන් ගත් වාහන දොළහකට පමණ අලාභ හානි සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලීසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරී කි‍්‍රයා සිදු කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාවේ සහාය ලබා ගැනෙනු ඇති. එනිසා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීම සඳහා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ මෙතෙක් වාහන 10,5000 ක් පමණ ධාවනය කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 29 ඉක්මවන බවද මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/38706/)

සෝරෝ
12-13-2011, 11:25 AM
යළිත් මහ වැහි, ඊසාන දිග මෝසම සක‍්‍රීයයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/rain.jpg

ශ‍්‍රි ලංකාවට ඊසාන දිග මෝසම සකි‍්‍රය වෙමින් පවතින බැවින් ප‍්‍රදේශ රැුසකට වැසි ඇදහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මුහුදේ සුළෙඟ් වේගය ඇතැම්විට පැයට කිලෝමීටර් හැට දක්වා ඉහළ යා හැකි බවත් ඔහු කියා සිටී. මේ අතර ඊයේ රාති‍්‍රයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඇදවැටුනු මහවැසි හේතුවෙන් පහත් බිම් ජලයෙන් යට වී තිබෙන බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/38711/)

සෝරෝ
12-13-2011, 11:41 AM
පේරාදෙණිය සරසවි සිසුවා මානසික රෝගියෙකු වූයේ නවක වදය නිසාමයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/peradeniya.jpg

දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන විශ්ව විද්‍යාල සිසුවා මානසික රෝගියෙකු වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් විසික් ලබාදුන් අමානුෂික නවක වදය නිසාම බව වෛද්‍ය වාර්තාවකින් සනාථ කර ඇත.

මානසික වෛද්‍ය විශේෂඥයෙකු විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව විශ්ව විද්‍යාල පරීක්‍ෂණ කමිටුවට බාර දී තිබේ. එම මානසික වෛද්‍ය වාර්තාවත්, සිසුවාගේ ප‍්‍රකශා සහ අධිකරණ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පරීක්‍ෂණ සිදු කිරීමට නියත බව පේරාදෙණිය පොලීසිය කියයි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/38717/)

MANJU
12-13-2011, 11:51 AM

අම්මෝ කැම්පස් නම් යන්නෑ

Angel_senuri
12-13-2011, 06:34 PM
අධිවේගියේ වාහන වලට ගල් ප්‍රහාර

http://1.bp.blogspot.com/-MJwMa0q_V1U/TuWX6ep4p5I/AAAAAAAAFPA/sMjXHvFiOYM/s1600/highway-prew.jpg

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.

එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.

මේ අතර පසුගියදා ගෙන්වූ නවතම වේග සිමා උපකරණ සහිත ලේසර් කැමරා පද්ධතිය අද දිනයේ සිට සක්‍රියව භාවිතයට ගන්න බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයට තවමත් ගැටලුවක්ව පවතින සුනඛයන් හා වෙනත් උරගයන් නිර්වින්දය කර වෙනත් ස්ථාන වලට ගෙනගොස් දැමීමට වෙනම කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටී.

Source - Gossip9 (http://www.gossip9.com/2011/12/blog-post_7023.html)

sunakayan ha wenath uragayan kiyanne sunakaya uragayek kiyalada? :O

සෝරෝ
12-14-2011, 09:09 AM
ලංකා බැංකුව ඩොලර් මිලියන 140 ක ණයක ණයක් ගනියි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/BOC.jpg

ලංකා බැංකුව ඩුබායිහි Mashreq බැංකුව සමග කෙටි කාලීන හා වෙළඳ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 140 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීමට සඳහා ගිවිසුමකට එළැඹි බව සඳහන් කරයි.

මෙම ඒකාබද්ධ ණය මුදල ලබාදීමේ සංවිධායකත්වය Mashreq බැංකුව උසුලනු ලබන අතර මේ වසරේදී මෙම බැංකුව විසින් ලංකා බැංකුව වෙනුවෙන් මෙවන් ණය මුදලක් සංවිධානය කළ දෙවන අවස්ථාව මෙයයි.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙම බැංකුව විසින්ම ලංකා බැංකුව වෙනුවෙන් ඩොලර් මිලියන 175 ක ණය මුදලක් ලබාගැනීමට පහසුකම් සපයා දි තිබිනි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/38834/)

සෝරෝ
12-15-2011, 02:16 PM
ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගනී

http://1.bp.blogspot.com/-d-oGlGnOenY/TulRtcUNrmI/AAAAAAAAFVE/HDEQcuOv9Qk/s1600/dialog-suntel.jpg

ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා ඇතුළු සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වන ඩයලොග් ඇක්සිටා ආයතනය සන්ටෙල් සමාගමේ සියලු කොටස් මිලදී ගැනීමට සුදානම් වේ.

මින් පෙරද ඩයලොග් සමාගම සි.ඩී.එම් ඒ හා ස්ථාවර දුරකථන පහසුකම් සපයන සන්ටෙල් ආයතනය මිලදී ගැනීමට සැරසුනත් එවර බාධාවක්ව පැවතුනේ සන්ටෙල් ආයතනය විසින් මිලට ඩයලොග් එකඟ නොවීමයි.

නමුත් මේ අවස්තාව වන විටදී ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගැනීම සඳහා කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වී තිබෙනවා.

ඩයලොග් ආයතනය සන්ටෙල් මිලදී ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 34 කට පමණ බව වාර්තා වේ.

මෙම මිලදී ගැනීමෙන් පසු සන්ටෙල් සමාගමේ කටයුතු ඩයලොග් හා අනුබද්ධ කිරීමට සැලසුම්කොට ඇත

දුරකථන හා අන්තර්ජාල සේවා ඇතුළු සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වන ඩයලොග් ඇක්සිටා ආයතනය සන්ටෙල් සමාගමේ සියලු කොටස් මිලදී ගැනීමට සුදානම් වේ.

මින් පෙරද ඩයලොග් සමාගම සි.ඩී.එම් ඒ හා ස්ථාවර දුරකථන පහසුකම් සපයන සන්ටෙල් ආයතනය මිලදී ගැනීමට සැරසුනත් එවර බාධාවක්ව පැවතුනේ සන්ටෙල් ආයතනය විසින් මිලට ඩයලොග් එකඟ නොවීමයි.

නමුත් මේ අවස්තාව වන විටදී ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගැනීම සඳහා කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වී තිබෙනවා.

ඩයලොග් ආයතනය සන්ටෙල් මිලදී ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 34 කට පමණ බව වාර්තා වේ.

මෙම මිලදී ගැනීමෙන් පසු සන්ටෙල් සමාගමේ කටයුතු ඩයලොග් හා අනුබද්ධ කිරීමට සැලසුම්කොට ඇත

Source - Gossip9 (http://www.gossip9.com/2011/12/blog-post_106.html)

සෝරෝ
12-15-2011, 02:38 PM
ඉන්දියාවේදී නිරුවත් වූ පකිස්‌තාන් නිළියට අන්තවාදීන්ගෙන් මරණ තර්ජන

පකිස්‌තාන් අන්තවාදීන්ගේ මරණ තර්ජනයට ලක්‌වී සිටින විනා මලික්‌ නිළිය ආපසු පකිස්‌තානය වෙත පැමිණෙන බව පවසා ඇත.

ඇය ඉන්දීය සඟරාවක නිරුවත් ඡායාරූපයකට පෙනී සිටීම ගැන පකිස්‌තාන් හමුදාවේ චෝදනාවකට ලක්‌වී තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ විනා මලික්‌ සිරුර තමාගේ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සිය හිමිකමක්‌ බව ද සඳහන් කළාය.

විනා මලික්‌ගේ මේ ක්‍රියාදාමය පකිස්‌තානයට කළ අවමානයක්‌ යෑයි පකිස්‌තානයේ හමුදාව විසින් පවසා තිබිණි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/39022/)

MANJU
12-15-2011, 06:28 PM

හෙලුවෙන් නටල විලිලැජ්ජනැතුව කියනහැටි මුං උලතියන්න ඕනා:k0235::k0235::k0235::k0235::growl::growl:

සෝරෝ
12-16-2011, 12:17 PM
‘Windows 8′ අසාර්ථකයි – සමීක්ෂණ වාර්තා පෙන්වයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/win-8.jpg

වින්ඩෝස් 8 සාම්ප්‍රදායික භාවිත කරන්නන් අතර ප්‍රචලිත පරිගණක මෙහෙයුම් පද්ධතියක් නොවන ඇති බව පරිගණක ක්ෂේත්‍රය තුල සංඝණන සිදුකරන විදෙස් ආයතනයක් සිය සමීක්ෂණ වාර්තාවත් මඟින් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය අලෙවිය අතින්ද අසාර්ථක වනු ඇති බව ද ඔවුන් අනාවැකි පළකොට ඇත. සාම්ප්‍රදායික පුද්ගලික් පරිගණකත් ජංගම ආකාරයේ පරිගණකත් ඈඳන මෙහෙයුම් පද්ධතියක් නිර්මාණයට මයික්‍රොසොෆ්ට් ආයතනය ගත් උත්සාහය අසාර්ථකව ‍ගොස් අවසාන ඵලය ලෙස අසාර්ථක අතරමැදි මෙහෙයුම් පද්ධතියක් එළිදක්වා ඇතැයි එම ආයතනය පවසයි.

මේ අනුව බලන කළ වින්ඩෝස් xp වලින් පසු නිකුත් වූ වින්ඩෝස් විස්ටා මෙන් වින්ඩෝස් 7 වලින් පසු වින්ඩෝස් 8 ද අසාර්ථක ය.

කෙසේ වෙතත් දැනට වින්ඩෝස් 8 මූලාකෘති සංස්කරණය නොමිලයේ භාගත කිරීමට අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිව ඇත. මෙම මූලාකෘති සංස්කරණය නිකුත් වූ දා පමණක් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ලක්ෂ 5කට වැඩි පිරිසක් භාගත කොට ඇති බව වාර්තා වේ.

Source - Lanka C News

DEVIL-MADU
12-18-2011, 12:01 AM
elazzz

සෝරෝ
12-18-2011, 11:54 AM
ටින් ටින් ලංකාවේ ප‍්‍රදර්ශනය අරඹයි

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/Ti-ti.gif

වසර 80කට වඩා පැරණි ළමා කාටුන් කතා මාලාවක් වූ ටින් ටින්ගේ වීර කි‍්‍රයා ති‍්‍රමාණ චිත‍්‍රපටයක් ලෙසින් ප‍්‍රදර්ශනයවීම මේවන විට ආරම්භකර තිබේ.

ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන් ලෙස නම්කර ඇති මෙම චිත‍්‍රපටය පසුගිය 15 වැනිදා සිට ශී‍්‍ර ලංකාවේද ප‍්‍රදර්ශනය ආරම්භ කළේය.

කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී ටින් ටින් තිරගත වන අතර මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
ටින් ටින් ති‍්‍රමාණ රුවට නැගීමට මුල්වී ඇත්තේ ස්ටීවන් ස්පිල්බර්ග් හා පීටර් ජැක්සන් යන දෙදෙනාය.

ටින් ටින් ත‍්‍රිමාණ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයවන තරුණ වාර්තාකරුවාගේ චරිතය වන ටින් ටින්ගේ චරිතය, නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය වීම ද විශේෂිතය.

එසේම ටින්ටින් හි, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි.

එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප යනුවෙනි.

ජැමී බෙල් නම් වූ නළුවා විසින් ටින් ටින් චරිතයට අදාළව සියලූ ත‍්‍රිමාණ චලනයන් හා හඬ කැවීම් මෙම චිත‍්‍රපටය සඳහා ලබා දී තිබේ.

බෙල්ජියානු ජාතික ජෝසප් හර්ජ් අතින් 1929 වසරේ දී නිමවුණු ටින් ටින් චිත‍්‍ර කතා මාලාව ලොකු කුඩා සියල්ලන් අතර ජනප‍්‍රියත්වයට පත්වූවකි.

සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්, රෙඩ් රැකම්ස් ටෙ‍්‍රෂර් සහ කෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස් නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/212.jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/222.jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/20.jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/181.jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/172.jpg

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/19.jpg

Source - Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/arts/10236-2011-12-18-05-11-18)

සෝරෝ
12-18-2011, 12:01 PM
පාන් සඳහා 10%ක් සහල් පිටි භාවිතය අනිවාර්ය කෙරේ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/bread.jpg

මෙරට වෙළඳපලේ ඇති තිරුඟු පිටිවල නිවුඩ්ඩ ඉවත් කර තිබිම හේතුවෙන් පාන් සකස් කිරිමේදි සහල් පිටි 10%ක් එකතු කිරිම අනිවාර්ය කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මේ සඳහා සහල් පිටි එකතු කිරිම අනිවාර්ය කර චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවද අමාත්‍යාංශය පවසයි. පාන් සකස් කිරිමේ විකල්ප ආදේශන පිලබඳව එම ගැසට් නිවේදනයේ සඳහන්ය. ඒ අනුව සීනි, කිරි නිෂ්පාදන, බඩ ඉරිඟු පිටි, සහල් පිටි, කුරක්කන් පිටි, සොයා, අර්තාපල් පිටි වෙනක් කෑමට ගන්නා පිටි සහ ඇට වර්ග විකල්ප ආදේශනයට ඇතුලත්ය.

තිරුඟු පිටි ආහාරයට ගන්නා බෝහෝ දෙනෙකුට දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වැළදීමේ අවධානමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/39472/)

සෝරෝ
12-19-2011, 10:41 AM
අධිවේගයේ යකඩ කපා ට‍්‍රැක්ටරයෙන් අදියි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/highway-3.jpg

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ යකඩ වැටවල්වල කොටස් කැපු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාර්ගය බාර පොලිස් ඒකකය කියයි. ඊයේ රාත්‍රි එම මාර්ගයේ යකඩ කොටස් කපා ට්‍රැක්ටරයකට පටවමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ග‍යේ ඉදිකරමින් පවතිත මාතර, වැලිගම ප්‍රදේශයේදී එම සැකකරුවන් යකඩ කොටස් කපා ඇති අතර හදීසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/39574/)

MANJU
12-19-2011, 10:52 AM

කවුද මාට්ටුවුනේ :P:P

සෝරෝ
12-20-2011, 12:01 PM
නුවන් කුලසේකරට, කී‍්‍රඩා ඇමති හරස් වෙලා

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/NuwanK_290px.gif

වේග පන්දුයවන කී‍්‍රඩක නුවන් කුලසේකර දකුණු අපි‍්‍රකානු ටෙස්ට් සංචාරයට සහභාගි නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තේරීම් කමිටුව විසින් නුවන් කුලසේකර ටෙස්ට් තරගවාලියට නම් කළ ද කී‍්‍රඩා අමාත්‍යවරයා එය අනුමත නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව අතැයි පැවසේ.

නුවන් කුලසේකර වෙනුවට ටෙස්ට් වරම් නොලද කණිෂ්ක ඇල්විටිගල ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්කර තිබේ.

Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/10295-2011-12-20-04-39-38)

සෝරෝ
12-20-2011, 12:06 PM
Facebook ශ‍්‍රී ලංකාව තුල සීමිත වාරණයකට ලක් කිරීමට සූදානම්

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/05/FaceBook-icon.gif

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුවන ළමා අපචාර හා මාධ්‍ය තුල ළමයින්ට නුසුදුසු වැඩසටහන් පාලනය සඳහා නව නීති හඳුන්වා දෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.

ඒ සඳහා වන මුලික තාක්‍ෂණික අධ්‍යන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක බව පවසන අමාත්‍යවරයා මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද සඳහන් කරයි.

විවේචනය කරමින් කාලය කා දැමීම වෙනුවට මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් ඒ සඳහා ජනමාධ්‍ය, අධිකරණ, සෞඛ්‍ය වැනි ක්‍ෂෙත‍්‍රයන්හි සහාය සෘජුවම ලබාගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/39763/)

සෝරෝ
12-20-2011, 12:42 PM
ඇමරිකාව ලෝකයේ සමස්ථ අන්තර්ජාල පාලනය සියතට ගනියි

http://rt.com/files/news/usa-online-freedom-business-181/seeks-online-dominate.n.jpg

ඇමරිකානු සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර අන්තර්ජාල නිදහස් පනත ලෝකයේ අන්තර්ජාල කටයුතු පාලනය කිරීමටත්, අන්තර්ජාල ගණුදෙනු පාලනය කිරීමටත් අරමුණු කොට බලගැන්වීමට නියමිත නීතියක් බව රුසියානු විදේශ ඇමතිවරයා කියා සිටී.

මෙම පනතට අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව ‘අන්තර්ජාල නිදහස පාලනය කිරීම’ සඳහා උත්සාහ දරනු ඇත.

මෙම පනතට අනුව තහනම් ලයිස්තුවට අතුලත් වන රටවලට ඇමරිකානු මෘදුකාංග සහ දෘඩාංග විකිණීම තහනම් කිරීමට හැකියාව ලැබේ.

‘ඇමෙරිකාව අන්තර්ජාල තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සීතල යුද්ධයකට පැටලීමට සූදානම් වනවා’ යයිද රුසියානු වෙබ් අඩවි වාර්තාවල සඳහන්ය.

මේ අතර රුසියානු විදෙස් අමාත්‍යවරයා යෝජනා කරන්නේ අන්තර්ජාල කටයුතු පාලනය කිරීමට තනි රටකට අයිතිය නොදී එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුත්තක් බවට පවරා ගත යුතු බවයි.

මෙම තත්වය සම්බන්ධව රුසියාව, චීනය, ටජිකිස්තානය හා උස්බෙකිස්තානය එකමුතුව නිර්මාණය කරන ලද ජාත්‍යන්තර නීතිරීති සමුදාය නුදුරේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/foreign-news/39769/)

Angel_senuri
12-20-2011, 01:23 PM

this is so unfair. meka America walata dena ekanam hodama na

සෝරෝ
12-21-2011, 08:23 AM
Facebook වලට අභියෝග කරන්න, Twitter වෙත අරාබි මුදල්

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/twiter.gif

සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter ජාලයේ ව්‍යාපාරික වර්ධනය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන සෞදි අරාබියේ කෝටිපතියෙකු Twitter වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ.

මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ සෞදි අරාබියේ Alwaleed bin Talal කුමරුගේ Kingdom Holding සමාගම විසින් මෙම මුදල් ආයෝජනය කිරීමට සූදානම් වන බවයි.

මේ අනුව, බොහෝ කාලයක් පැවති එකඟතා වලට පත්වෙමින් මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ඇතිකර ගත්බව මෙම සමාගම සෞදි කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

මෙම ව්‍යාපාරිකයා ලෝකයේ ධනවතුන් අතරින් ප්‍රමුඛයෙකු බවත් අරාබි ලෝකයේ මාධ්‍ය ආයතන රැසකම හෙතෙම ආයෝජනය කර තිබෙන බවත් සඳහන්ය.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/39871/)

සෝරෝ
12-22-2011, 06:55 AM
පෘතූවියට සමාන තවත් ග‍්‍රහවස්තූන් 2ක්

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/other-earth.jpg

පසුගිය දෙසැමීබර් 20 වනදා නාසා ආයතනය විසින් පෘතූවිය හා ප‍්‍රමාණයෙන් සමාන තවත් ග‍්‍රහ ලෝකය 2 ක් හිරු වටා ගමන් කරමින් යන බව සොයා ගත් බවට පුවතක් එරට මාධ්‍යය ලොවට හෙලි කල අතර ඒ පිලිබද නව තොරතූරු රැසක් මේ වන විට නාසා ආයතනය විසින් හෙලිදරවි කරගෙන ඇත. පෘතූවිය හා සිකූරු ග‍්‍රහයා ආසන්නයට වන්නට මෙය පිහිටා ඇත. භාහිර පෙනුමෙන් අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ පෙනුමට සමානකමි ඇති අතර මෙය ‘කෙප්ලර්20 ඊ‘ හා ‘කෙප්ලර් 20 එෆ්‘ලෙස නමි කර ඇත . ‘කෙප්ලර්20 ඊ‘ සිකූරු ආසන්නයේ ඇති අතර අරය අතින් ගත් කල සිකූරුට වඩා ඉතා සුථ වශයෙන් කූඩා සමිපූර්ණයෙන්ම ක“දු සහිත මතූපිටක් ඇති වායුගෝලයක් රහිත ග‍්‍රහ වස්තූවක් බව හදුනා ගෙන ඇත.‘කෙප්ලර් 20 එෆ් ‘පෘතූවියට වඩා මද වශයෙන් විශාල වන අතර එයද පෘතූවිය මෙන් ජනාවාසයට සුදුසු සාධක පෙන්නුමි කරන අතර මතූපිට පෘෂ්ඨයේ ජලය පවතින බවත් පෙන්වා දෙයි. මෙතෙක් කරන ලද සොයා ගැනීමි වලින් පෘතූවියට බෙහෙවින් සමානකමි දක්වන ග‍්‍රහ වස්තූව මෙය බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම ග‍්‍රහ වස්තූන් මතූපිට උෂ්ණත්වය 800 F ත්‍ වැඩිවන අතර එය පෘතූවියේ වැනි සමූහයකට ජීවත් වීම සදහා උෂ්ණත්වයෙන් වැඩි බව ත් මීට අමතරව කෙප්ලර් බී, කෙප්ලර් සී, කෙප්ලර් ඞී නමින් වායුමය ග‍්‍රහ වස්තූන් 3ක්ද සොයාගෙන ඇති බවට තාරකා විද්‍යාඥයන් තොරතූරු ලබා දී ඇත.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/other-news/40017/)

Sithum1111
12-22-2011, 07:39 AM
පස්ට හොදේ:D.එලම තමයි:yes:

සෝරෝ
12-23-2011, 07:12 AM
ශ‍්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල යටටම වැටෙයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Sri-Lanka-cricket-team.jpg

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ රැඳී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ හයවන ස්ථානය දක්වා පසුබැස ඇත.

ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන පාකිස්ථානයට හිමව ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලි ජය ගැනීම හේතුවෙන් ඔවුන් මෙම තත්වයට පැමිණ සිටී.

එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ මුල් ස්ථානවල සිටී.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/40141/)

සෝරෝ
12-23-2011, 07:18 AM
‘විභාග ප‍්‍රතිඵල ප‍්‍රමාදයි’ – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/05/exam-sri-lanka.gif

2011 වසෙර් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගෙය් ප‍්‍රතිඵල මෙතක් නිකුත් නොකිරිමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

ඒම පැමිණිල්ල මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ප‍්‍රතිඵල ප‍්‍රමාද කිරීම තුළින් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි තුන්ලක්ෂයකට පමණ අධික සිසුන්ගේ මූලික අයිතීන් උල්ලංගණය වී ඇති බවයි. විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ප‍්‍රතිඵල ප‍්‍රමාදය හේතුවන් උසස් අධ්‍යාපනය සදහා විදෙස් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ලියාපදිංචිවීමේ අවස්ථා අහිමිවීම, සිසුන්ට තම අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීමට නොහැකිවීම, විවිධ උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන පාඨමාලා සැලසුම් කිරීම හා ඒවායේ ලියාපදිංචිකිරීමේ දින වකවානු තීරණය කිරීමට නොහැකිවීම හා රැකියා අවස්ථා අහිමිවීම ඇතුළු ගැටළු නිර්මාණය වෙමින් පවතින බව ඔවුන් පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/40046/)

MANJU
12-23-2011, 10:59 AM
ශ‍්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල යටටම වැටෙයි

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/08/Sri-Lanka-cricket-team.jpg

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ රැඳී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ හයවන ස්ථානය දක්වා පසුබැස ඇත.

ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන පාකිස්ථානයට හිමව ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලි ජය ගැනීම හේතුවෙන් ඔවුන් මෙම තත්වයට පැමිණ සිටී.

එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ මුල් ස්ථානවල සිටී.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/40141/)

:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad:

සෝරෝ
12-23-2011, 11:27 AM
:21_002:

:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad:

MANJU
12-23-2011, 11:42 AM
:21_002:

:ang:

සෝරෝ
12-26-2011, 08:51 AM
ප‍්‍රථිපල නිකුත් වේ. ඒත් ගැටළු සහිතලූ

http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/exam.jpg

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත‍්‍රියේ අන්තර්ජාලයට නිකුත් කර තිබේ. කෙසේ වෙතත් ඊයේ පෙරවරුවේ නිකුත් කරන බවට අධ්‍යාපන බළධාරීන් පැවසුවද නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ඊයේ රාත‍්‍රිවේ 11.00ට පමණ එය නිකුත් කර ඇත.

මේ අතර නිකුත් වූ ඉසෙඩ් ස්කෝර් සම්බන්ධයෙන් සිසුන් අතර ගැටලු රැසක් පැන නැගී ඇතැයි ගුරු සංගම් පවසයි.

ඉසෙඩ් ස්කෝර් සැකසීමේදී අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳව අධ්‍යාපන බලධාරින් වහා මෙරට ජනතාව දැනුවත් කළ යුතුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් පවසයි.

--
Source - Lanka C News (http://lankacnews.com/sinhala/news/40529/)

සෝරෝ
12-26-2011, 09:04 AM
http://www.youtube.com/watch?v=mVqjNeB5qCU

සෝරෝ
12-26-2011, 12:49 PM
උසස්පෙළ ප්‍රතිඵල ශ්‍රේණිගතකිරීම් නිවැරදි කොට නැවත නිකුත් කරනවා

http://3.bp.blogspot.com/-v1eiQRxTdkU/TvgLtshvsxI/AAAAAAAAGIs/gZKN_EB-U3Y/s1600/Dr.Sunil_Jayantha_Nawaratne.jpg

දිස්ත්‍රික් හා ජාතික කුසලතා ‍ශ්‍රේණි අවලංගු කෙරේ
නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ.

--
Source - Gossip9 (http://www.gossip9.com/2011/12/blog-post_3585.html)

MANJU
12-26-2011, 04:48 PM

මේ රටේ මිනිස්සු

සෝරෝ
01-11-2012, 06:12 PM
දකුණු අධිවේගී මාර්ගයට තවත් සුඛෝපභෝගී බස් රථ දෙකක්

http://3.bp.blogspot.com/-aoq_zAwexkM/Tw1BRAlDVvI/AAAAAAAADDQ/ZmgNZ-gSm3Q/s320/chuo_highwaybus_ph001.jpg

දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අද දිනයේ සිට තවත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

දැනට ධාවනය වන සුඛෝපභෝගී බස් රථ දෙක මගීන්ගේ ඉල්ලූමට ප්‍රමාණවත් නොවන බැවින් නව බස් රථ දෙක ධාවනයට එක්කිරීමට තීරණය කල බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා මෙම බස්රථ පැය එකහමාරෙන් එකහාමාරට ධාවනය වීමට නියමිතයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසූවේ පිටකොටුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ 5 කටද අවසර ලබාදෙන ලෙසයි. ඔවුන් එම සේවාව රුපියල් 300 කින් ආරම්භ කිරීමට තීරණයකොට තිබෙනවා.

දකුණු අධිවේගයේ බස් රථ කාල සටහන පහත පරිදිය

මහරගම සිට ගාල්ලට
6.00 am, 7.00 am, 8.00 am, 10.30 am 12.00 noon
1.30 pm, 3.00 pm, 4.00 pm,, 5.00 pm, 6.00 pm, 7.00pm

011-7706386 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ආසන වෙන් කරවා ගැනීමට පුළුවන.
ආසන වෙන් කිරීමේ ගාස්තුව: රු. 30/-කි
මහරගම සිට ගාල්ලට ප්‍රවේශ පත්‍රය: රු. 400/- කි.
දින 3කට පෙට ආසන වෙන් කිරීම කළ යුතුය

--
Source - Gossip9 (http://www.gossip9.com/2012/01/blog-post_7443.html)

සෝරෝ
01-11-2012, 06:15 PM
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ

http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Kelabuima.gif

ඉන්දුනීසියාවේ, සුමාත‍්‍රා දිවයිනට බටහිරින් අද (11) පෙරවරුවේ සිදු වූ භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කෙසේවවුද මෙම භූ කම්පනය සිදුවීමෙන් පසු ව එවැනි තත්ත්වයක දී බලපෑමට ලක්විය හැකි සියලූ ප‍්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බවද ඔහු කීය.

මෙම දැනුවත් කිරීමේ කටයුතත්තට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත‍්‍රික් සම්බන්ධීකාරකවරුන්, පොලීසිය, නාවික හමුදාව, ධීවර සංස්ථාව වැනි පුද්ගලයන් හා ආයතනවල සහය ලැබුණු බවද ඔහු පැවසීය.

අද (11) ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 12.07ට පමණ සුමාත‍්‍රාහි බන්ඩාඅචේ සිට කි.මී. 420ක් දුරින කි.මී. 29ක් ගැඹුරු මුහුදු පතුලේ මෙම භූකම්පනය සිදුව තිබේ.

රිච්ටර් මාපාංක 7.3ක ප‍්‍රබලත්වයකින් යුතු වූ මෙම භූ කම්පනයත් සමඟ සුමාත‍්‍රා දිවයිනට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද නමුත් පසුව සුනාමි අනතුරක් නැති බව දැනුම් දී තිබේ.

තත්ත්පර 30ක පමණ කාලයක් බන්ඩාඅචේ ප‍්‍රදේශයට භූකම්පනය දැනී ඇත.

ඉන් මහත් සේ බියට පත් වූ එහි ජනතාව නිවෙස්වලින් බැහැර වී ඇති බව ද වාර්තා වේ.

--
Source - Sri Lanka Mirror (http://www.srilankamirror.com/sinhala/index.php/the-news/10891-indunecia)

සෝරෝ
06-03-2012, 12:54 PM
ජංගම දුරකතනවල මයිටාවන් නැහැ

http://2.bp.blogspot.com/-TQN4tWhnQEc/T8REk5Ax7rI/AAAAAAAAPvk/WxvgCgYgThw/s1600/maita.jpg

සෞඛ්‍ය අමාත්‍යංශය හා විදුලි සංදේශ නියාමන කොමිසම සහතික වෙයි

ජංගම දුරකතනවල සිටින කෘමි සතුන් විශේෂයක් ලංකාවෙන් සොයාගත් බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පසුගියදා හෙළි කරනු ලැබුවා.ඉන් අනතුරුව ස්වර්ණවාහිනී පුවත් විකාශයද ඔවුන් හට අන්තර්ජාලයේ මෙවැන්නක් දකින්නට නොලැබුන හෙයින් ඒ පිලිබඳ වාර්තා කල පළමු මාධ්‍යය ලෙස උදම් අනනු ලැබුවා.

නමුත් අප විසින් එම පුවත පලකල පසු අප පාඨකයන් විසින් සිදුකල දැනුවත් කිරීම් මගින් මෙම සත්වයා පිලිබඳ පරීක්ෂණ 2005 වසරේදී සිදු කර ඇති බවත් උන්ගෙන් හානියක් නොවන බවත් කියා සිටියා.

නමුත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් මෙම පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලද අතර ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන් බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකටද මෙම සත්ව විශේෂය පිලිබඳ හෙළිදරව් කරනු ලැබුවා.

මෙම පුවත ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කල පසු සාමන්‍යය ජනතාව බියට පත්වූ අතර දුරකථනය සර්විස් කිරීමට හා දුර සිට කතා කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබුනා.

මේ අනුව පසුගියදා නිවේදනයක් නිකුත් කල සෞඛ්‍යය අමාත්‍යංශය අවධාරණයෙන් කියා ඇත්තේ ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවත් දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාද මෙවන් සතුන් ජංගම දුරකථනය තුල බෝ නොවන බවට සහතික කොට ඇත.

--
Source - Gossip9 (http://www.gossip9.com/2012/06/blog-post_02.html)

AselaAsanka
06-03-2012, 12:56 PM
:40_002:

MANJU
06-03-2012, 12:59 PM

මගේ එකේ මයිටා නෑ මම ක්ලීන් කරනවා හැමදාම

සෝරෝ
06-03-2012, 01:06 PM
වැඩිදුර අධ්‍යාපනයට මෙතනට යන්න..
හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා .. (http://nursinglanka.blogspot.com/2012/05/104.html)

මගේ එකේ මයිටා නෑ මම ක්ලීන් කරනවා හැමදාම

Diga
06-03-2012, 04:49 PM
:)