PDA

View Full Version : ZOOM එකේ subtitles Android වලින් බලමු.

මරු හිරා
09-30-2013, 01:12 PM
ZOOM එකේ දෙන idx වර්ගයේ උපසිරසි ෆෝන් එකේ බලන්න විදිහක් නෑනේ. ඒ උනාට දැන් ඒකට විසඳුමක් තියනවා. මේක දන්නා අයත් ඇති. නොදන්නා අයට දැනගන්න තමයි එහෙනම් මේ කියන්න යන්නේ. මේක කරන්න ෆෝන් එකට සිංහල fonts දාල තියන එක අවශ්‍ය වෙන එකක් නෑ. නමුත් මේකෙන් නිවැරදිවම අකුරු බලාගන්න පුළුවන්. මම පහල දෙන ලින්ක් එකෙන් මේක කරන්න ඕන කරන mVideoPlayer එක ඩවුන්ලෝඩ් කරන්න. මේක Google Play එකෙන් නොමිලේම ලබා ගන්න පුළුවන්.

(https://play.google.com/store/apps/details?id=afzkl.development.mVideoPlayer&hl=en)

මේ mVideoPlayer එකට වඩා තවත් වැඩ කිඩ කරන්න පුළුවන් ඒකෙම mVideoPlayer Pro එකේ. හැබැයි ඒක නම් Google Play එකෙන් $3.11 ගෙවල තමයි ගන්න වෙන්නේ. එහෙම ගෙවන්න තරම් සල්ලි නැති අයට ඔන්න ඒකත් upload කරලා දෙනවා. ඒක පහලින් ගන්න. Password එකක් ඉල්ලුවොත් zoom.lk කියල දෙන්න.

(http://www.mediafire.com/download/je7dlq9q0ng6lut/MVP_v4.0.3_maruhira.zip)

Player එක ෆෝන් එකට දැම්මට පස්සේ පහල විදිහට ඒක පෙන්නනවා. මම ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඒ අයිකන් එක තමයි.

http://i.imgur.com/oc9u9nC.png

Player එකට ගියාම පහල විදිහට පෙන්නයි.

http://i.imgur.com/BQClCrZ.png

දකුණු පැත්තට ස්ලයිඩ් කරගෙන එන්න එතකොට Browse කියල තියනවා. එතනින් ෆිල්ම් එක ෆෝන් එකේ තියන තැන තෝරලා දෙන්න.

http://i.imgur.com/M7nIc8L.png

ඊට පස්සේ වීඩියෝ ෆයිල් එක ප්ලේ කරන්න

http://i.imgur.com/mT3Gvry.png

දැන් subtitle කියන තැන ක්ලික් කරලා idx ෆයිල් එක තියන තැනත් තෝරලා දෙන්න. idx ෆයිල් එකයි sub ෆයිල් එකයි ZOOM එකෙන් ගන්න ෆෝල්ඩර් එකේ තියන විදිහට එක තැනක තියෙද්දී idx එක මේකෙන් තෝරන්න.

http://i.imgur.com/myedwka.png

http://i.imgur.com/zODhnyZ.png

ඔන්න හරියට වැඩේ කරා නම් පහත රූපයේ විදිහට පෙන්නයි.

http://i.imgur.com/GNqgx9a.png

මම මේ දාල පෙන්නුවේ ZOOM එකෙන් දෙන Widescreen Monitor එකට හරියන subtitle එකක්. අනිත් ඒවත් මේකට හරි යයි. මේකේ සමහර Players වල වගේ අකුරු කෑලි කෑලි පෙන්නන්නේ නෑ. පිළිවෙලට පේනවා. මොකද idx format එකේ තියන නිසා. එහෙනම් කරලා බලන්න. සුභ දවසක්!

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/97ahLVM.png

prasannalive
09-30-2013, 02:09 PM
elazzzz thankssss

biri
09-30-2013, 02:28 PM
අපිට ඉතින් ඔයාගේ වගේ ලොකු සයිස් තිර තියෙන ඒවා නැහැනේ .................

thilanka mihiranga
09-30-2013, 03:11 PM
good post

rep+++

මරු හිරා
09-30-2013, 04:49 PM
අපිට ඉතින් ඔයාගේ වගේ ලොකු සයිස් තිර තියෙන ඒවා නැහැනේ .................

කලින් තිබ්බ 5.3 inches තිරේ දැන් නෑ බන්. දැන් මගේ ගාව තියෙන්නේ 4.7 inches එකක්. ඕකට පුරුදු උනාම වැඩේ හරි යනවා. මට නම් දැන් ෆෝන් එකෙන් බලන එක තමයි ලේසිම විදිහ.මේකෙදි ෆොන්ට් දදා විකාර කරන්න ඕන නෑ. සූම් එකේ ඒවා ගින්දර වගේ වැඩ

මරු හිරා
09-30-2013, 04:50 PM
elazzzz thankssss

good post

rep+++

තැන්ක්ස් වේවා දෙන්නටම!

biri
09-30-2013, 05:44 PM
කලින් තිබ්බ 5.3 inches තිරේ දැන් නෑ බන්. දැන් මගේ ගාව තියෙන්නේ 4.7 inches එකක්. ඕකට පුරුදු උනාම වැඩේ හරි යනවා. මට නම් දැන් ෆෝන් එකෙන් බලන එක තමයි ලේසිම විදිහ.මේකෙදි ෆොන්ට් දදා විකාර කරන්න ඕන නෑ. සූම් එකේ ඒවා ගින්දර වගේ වැඩ

4 inches අපේ .....................

Eranga 44
09-30-2013, 06:08 PM
:cool:

Eranga 44
09-30-2013, 06:11 PM
elaaz thnx

copper
09-30-2013, 06:34 PM
නොකියා 1100 මේවා වැඩ කරන්නේ නැතිවෙයි නේද :D

උබලා මේවායින් ෆිල්ම් බලනවා අනේ අපිට ඇනරොයිඩ් කැල්ලක් ගන්න සල්ලි නෑ. දුක තමා. කිය කිය හරි එකතු කරලා ගන්න ඕන

copper
09-30-2013, 06:35 PM
කලින් තිබ්බ 5.3 inches තිරේ දැන් නෑ බන්. දැන් මගේ ගාව තියෙන්නේ 4.7 inches එකක්. ඕකට පුරුදු උනාම වැඩේ හරි යනවා. මට නම් දැන් ෆෝන් එකෙන් බලන එක තමයි ලේසිම විදිහ.මේකෙදි ෆොන්ට් දදා විකාර කරන්න ඕන නෑ. සූම් එකේ ඒවා ගින්දර වගේ වැඩ

4.7 inches එකට අඩනවා :growl: මගේ කී පැඩ් එකත් එක්ක ගත්තාත් ෆොන් එක මේ තරම් ලොකු නැතුව ඇති :k0233:

මරු හිරා
09-30-2013, 06:36 PM
4 inches අපේ .....................
ඉතින් මදිද යකෝ

elaaz thnx
එලෙත් එල

නොකියා 1100 මේවා වැඩ කරන්නේ නැතිවෙයි නේද :D

උබලා මේවායින් ෆිල්ම් බලනවා අනේ අපිට ඇනරොයිඩ් කැල්ලක් ගන්න සල්ලි නෑ. දුක තමා. කිය කිය හරි එකතු කරලා ගන්න ඕන

උඹට සල්ලි නැත්නම් බන් වෙන කාටද තියෙන්නේ. ඔන්න ඔහේ Galaxy Note 3 එකක් හරි HTC One එකක් හරි ගනින්කෝ

මරු හිරා
09-30-2013, 06:36 PM
4.7 inches එකට අඩනවා :growl: මගේ කී පැඩ් එකත් එක්ක ගත්තාත් ෆොන් එක මේ තරම් ලොකු නැතුව ඇති :k0233:

කලින් තිබ්බ එක 5.3 බන්. කෝල් එකක් ගන්න ගියාම එපා වෙනවා

copper
09-30-2013, 06:50 PM
උඹට සල්ලි නැත්නම් බන් වෙන කාටද තියෙන්නේ. ඔන්න ඔහේ Galaxy Note 3 එකක් හරි HTC One එකක් හරි ගනින්කෝ

මොන සල්ලිද බන්? පඩිය වියදම් වෙනවා ඇඩෙනවා. සොනි එකක් ගන්න ඕන බන්. ගැලැක්සි නොට් 3 එකක් කියක් වගේ වෙයිද? HTC අල්ලන්නේ නෑ.

copper
09-30-2013, 06:51 PM
කලින් තිබ්බ එක 5.3 බන්. කෝල් එකක් ගන්න ගියාම එපා වෙනවා

මට ටච් ස්ක්‍රින් වල මැසෙජ් කොටන්න බැරි ලෙඩක් තියනවා නේ.

Eranga 44
09-30-2013, 06:55 PM
මගෙ 3.50 inchesනෙ :(

asitha sandaruwan
09-30-2013, 07:42 PM
අපේ යාලුවන්ට ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් හිරා.ඒත් මට නම් android නෑ බන්.ගොඩක් ස්තූතියි මචන්.රේප් added

මරු හිරා
09-30-2013, 07:47 PM
මොන සල්ලිද බන්? පඩිය වියදම් වෙනවා ඇඩෙනවා. සොනි එකක් ගන්න ඕන බන්. ගැලැක්සි නොට් 3 එකක් කියක් වගේ වෙයිද? HTC අල්ලන්නේ නෑ.
Sony ගන්න එපා බන්. Samsung හරි HTC හරි ගනින්. සෝනි වල අවුලක් නෑ. ඒත් 2nd hand market එක මදි. බීරියගෙන් ඇහුව නම් සෝනි ගැන තියන අවුල් කියල දෙයි. මම පාවිච්චි කරන්නෙත් HTC One X එකක්. Note 3 එක නම් 134000 වගේ වෙනවා ලංකාවේ

මගෙ 3.50 inchesනෙ :(
තමන්ට ඇති නම් අවුලක් නෑනේ මචන්

අපේ යාලුවන්ට ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් හිරා.ඒත් මට නම් android නෑ බන්.ගොඩක් ස්තූතියි මචන්.රේප් added

එලස් මචන්

මරු හිරා
09-30-2013, 07:47 PM
මට ටච් ස්ක්‍රින් වල මැසෙජ් කොටන්න බැරි ලෙඩක් තියනවා නේ.

මටත් කලින් ඔය අවුල තිබ්බ. පුරුදු උනාම හරි යයි

Chaminda Bandara
09-30-2013, 10:06 PM
Rep++++++

මරු හිරා
09-30-2013, 10:10 PM
Rep++++++

thanks machan

Hash
09-30-2013, 10:11 PM
පට්ට ගොඩක් ස්තුතියි

මරු හිරා
09-30-2013, 10:15 PM
පට්ට ගොඩක් ස්තුතියි

ela ela machan

CJA
09-30-2013, 10:47 PM
තෑන්ක්ස් රත්තරන්.. ඒත් තව සුට්ටි කාලයක් ඉවසන්න වෙනවා... රේප් කොලා ඔන්න...

dinusha123
09-30-2013, 10:51 PM
thanks machan ..
mamath meka hoya hoya hitiye...
rep 4++++

Anushiz
09-30-2013, 10:53 PM
වාව්! දැන් ෆොන් එකෙනුත් බලන්න පුලුවන් නේද

thilinaz
10-01-2013, 06:54 AM
පට්ට හිරෝ, තෑන්ක්ස් වේවා.

මරු හිරා
10-01-2013, 07:08 AM
තෑන්ක්ස් රත්තරන්.. ඒත් තව සුට්ටි කාලයක් ඉවසන්න වෙනවා... රේප් කොලා ඔන්න...
එල එල උම්මා හොඳේ

thanks machan ..
mamath meka hoya hoya hitiye...
rep 4++++
එලස් මචන්

වාව්! දැන් ෆොන් එකෙනුත් බලන්න පුලුවන් නේද
අනිවා අනිත් ඒවටත් වඩා හොඳට

පට්ට හිරෝ, තෑන්ක්ස් වේවා.

එලෙත් එල

biri
10-01-2013, 12:42 PM
Sony ගන්න එපා බන්. Samsung හරි HTC හරි ගනින්. සෝනි වල අවුලක් නෑ. ඒත් 2nd hand market එක මදි. බීරියගෙන් ඇහුව නම් සෝනි ගැන තියන අවුල් කියල දෙයි. මම පාවිච්චි කරන්නෙත් HTC One X එකක්. Note 3 එක නම් 134000 වගේ වෙනවා ලංකාවේ

අපෝ ඉක්මනට ඔය HTC විකුනහන් ඕවා වොරන්ටි පැනල හදන්න ගියහම තේරෙයි... ඔකේ කෑලි නැහැ ලංකාවේ .............
මගෙත් තිබිලා කැඩිලා [BACK යන්න ටච් කරන තැන ] කැලි හොයල හදාදී හොද ගානකුයි කාලෙකුයි [ මාස 5 ]ගියා .....

මරු හිරා
10-01-2013, 12:48 PM

කොහොමත් මම ෆෝන් එක අවුරුදු ගානක් පාවිච්චි කරන්නේ නෑ. Quality එක අතින් ෆෝන් එක හොඳ නිසා තමා මම කැමති. උඹේ එකට එහෙම සීන් එකක් උනාට මගේ යාළුවො ගොඩක් දෙනෙක් ඉන්නවා HTC One, HTC One X, HTC One XL වගේ ඒවා පාවිච්චි කරන අය. උන්ටත් අවුලක් උනේ නෑ. කොහොමත් මේකත් වෙන හොඳ එකක් ගන්න සෙට් උනොත් දෙනවා බන්. Note 2 එකක් නම් අද උනත් ගන්න පුළුවන් Exchange පාරක් දාල. ඒත් ලොකු වැඩි නිසා හරියන්නේ නෑ

jk perera
10-01-2013, 01:10 PM
එල එල මචන්. කරලා බලන්නම්.

You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
10-01-2013, 01:32 PM
එල එල මචන්. කරලා බලන්නම්.

You must spread some Reputation around before giving it to මරු හිරා again.

එලෙත් එල

Gayan Gamage
10-01-2013, 07:00 PM
අඩෝ එළකිරි මචං... මටත් දැන් පුලුවන් නිවාඩුවට ගෙදර යද්දි බස් එකේ යන පැය හතර පහේදි ‍ෆිල්ම් දෙකක් විතර බලාගන්න... උඹට පින් සිද්ද වෙනවා මේ කරපු සත්කාරයට..
රෙප් +

සෝරෝ
10-01-2013, 07:30 PM
මරු මරුවෝ............ :b

මරු හිරා
10-01-2013, 08:39 PM
අඩෝ එළකිරි මචං... මටත් දැන් පුලුවන් නිවාඩුවට ගෙදර යද්දි බස් එකේ යන පැය හතර පහේදි ‍ෆිල්ම් දෙකක් විතර බලාගන්න... උඹට පින් සිද්ද වෙනවා මේ කරපු සත්කාරයට..
රෙප් +

එලෙත් එල

මරු මරුවෝ............ :b

එලම තමා

dilan87
10-01-2013, 09:18 PM
නියමයි

මරු හිරා
10-01-2013, 10:14 PM
නියමයි

:)

mithun77
10-02-2013, 09:30 AM
DVD Player eken sub balanne kohomada?

මරු හිරා
10-02-2013, 09:41 AM
DVD Player eken sub balanne kohomada?

http://hirash.wordpress.com/2012/12/10/hard-code-subtitles-to-avi/

ඔන්න ඕකේ තියනවා කරන හැටි

hasitha2010
10-02-2013, 06:11 PM
නියමයි නේ .......

මරු හිරා
10-02-2013, 06:26 PM
නියමයි නේ .......

:D

මරු හිරා
10-03-2013, 06:02 PM
:D

samanwee82
10-09-2013, 02:11 PM
මචන්, iphone වලින් සිංහල sub බලන්න ක්‍රමයක් නැද්ද?

Story Teller
10-09-2013, 03:39 PM
:D

:b

shashi1987
10-09-2013, 05:07 PM
Thanks.. but :no: andorid

මරු හිරා
10-09-2013, 07:04 PM
මචන්, iphone වලින් සිංහල sub බලන්න ක්‍රමයක් නැද්ද?

මම පොඩ්ඩක් හොයල බලල කියන්නම්. VLC එක තියනවා නම් පුළුවන් මම හිතන්නේ

chanu0987
10-14-2013, 12:42 PM
srt file idx walata convert karanna puluwan software ekak download kara ganna link ekak dennako danna kenek.loku help ekak.plz

..::SPARK::..
10-24-2013, 03:35 PM
elaaaaaaaaaa :clap::clap::clap::clap:

nilanmarasingha
10-28-2013, 08:07 PM
මම පොඩ්ඩක් හොයල බලල කියන්නම්. VLC එක තියනවා නම් පුළුවන් මම හිතන්නේ

android walata wada lesi iphone wala.proplayer,oplayer,gplayer kiyala soft tye.ips eka aran appcake eke documnts walata dala installe karahan elakiriwage weda..resize karana ewa ehm nothing......jaya wewa.....!!!!!!!!!!!!!!11

madurangaa7
10-30-2013, 10:08 AM
Blackberry valata nadda machanla.....
:no:

Sansitha
12-14-2013, 10:47 AM
thanks for you

maduprasad
12-14-2013, 02:48 PM
Thanks machan. mamath me hoya hoya hitiye

මරු හිරා
12-14-2013, 03:31 PM
:cool:

kandya
12-15-2013, 09:33 PM
elazzzz

pathumdananjaya
01-09-2014, 05:57 PM
Thanks dear

sandun kumara1
01-11-2014, 10:34 AM
Ios wala sub play karanna barida....... bn...?

මරු හිරා
01-11-2014, 04:33 PM
Ios wala sub play karanna barida....... bn...?

Idx sub nam ona 4n ekakata hariyanawa. Srt ekak nam ithin 4n eke sinhala fonts thiyenna ona.nathnam player eke settings walin Iskola Pota font eka download karala load karala denna

Seeker
01-12-2014, 08:56 AM
අන්ඩ්‍රොයිඩ් නැතෝ...

kasun999
01-15-2014, 06:32 PM
ummmmmmmmmmmmmmmmmmmmma

cklakmal
01-30-2014, 07:02 AM
ela macho.......

Code#M
03-13-2014, 08:20 AM
එල

nuttertools
03-19-2014, 05:00 PM
fatta broooooooo

NEXiZE
03-19-2014, 05:28 PM
You must spread some Reputation around before giving it to මරු හිරා again.

aravinda.ab
04-19-2014, 08:20 AM
Windows 8 phone එකකින් සිංහල sub බලන්න පුලුවන්ද?

asithaasik
05-03-2014, 10:24 AM
thanz, oyalage sub eka tv eke balanna puluwan widihata hadaganne kohomada?

Kistlak
05-03-2014, 11:30 AM
Ela Ela !! :D

Windows Mobile OS eke Sinhala Sub ekka Film balanna vidiyak thiyenawada ??

achala2010
05-03-2014, 03:33 PM
elane sahooo

egrcs2009
05-08-2014, 09:29 AM
xperia mini pro 4n 1ta me player 1 dammta, zoom 1n ganna films play wen ne.... but max player 1 play wenwa, 1 idx sub file suport krn ne... a nisa bisecope 1n thama film adala max player 1n balanne...

මරු හිරා
05-08-2014, 03:27 PM

kmplayer එක දාගන්න

infokosala
05-08-2014, 07:54 PM
Windows 8 phone එකකින් සිංහල sub බලන්න පුලුවන්ද?
windows store එකේ ඇති moili player කියල එකක්... එක බා ගනින්. එකේ හැබැයි idx support නෑ. srt විතරයි.....

arjunathusitha
07-14-2014, 06:48 AM
dan godak thiyenne android newe neda?
eka nisa pls iPhone walath wada karana vidiyata sub hadanawanam godak hodai.
iPhone & iPad

;);):cool::cool:

මරු හිරා
07-14-2014, 07:22 AM
dan godak thiyenne android newe neda?
eka nisa pls iPhone walath wada karana vidiyata sub hadanawanam godak hodai.
iPhone & iPad

;);):cool::cool:

මේක බලන්න http://www.yify.tk/2014/03/idx-subtitles-android-ios.html

damithperera
07-14-2014, 07:34 AM
good post ඒත් සලකන්න බැරිලු හිරෝ

arjunathusitha
08-01-2014, 06:40 PM
මේක බලන්න http://www.yify.tk/2014/03/idx-subtitles-android-ios.html[/QUOTE]

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

laka86
08-05-2014, 03:21 PM
rep ++2

tharindudar
08-13-2014, 11:10 AM
maru baduwak wage, film ekak dala balamu

mahee1220
08-13-2014, 12:07 PM
:giggle:

gayanf
09-08-2014, 12:05 PM
MX PLAYER aluth update eke .idx sub wada karanwa

virajekanayake
11-06-2014, 05:56 PM
මචන්, iphone වලින් සිංහල sub බලන්න ක්‍රමයක් නැද්ද?

ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]
http://www.applesinhalen.com/2014/06/ios.html

virajekanayake
11-06-2014, 06:01 PM
ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]

http://www.applesinhalen.com/2014/06/ios.html

USG
11-09-2014, 07:34 AM
එල තමයි හිරා,,,,,,,ඔන්න සැලකුවා

BUDSARA PASINDU
12-09-2014, 01:53 PM
තැන්කු වේවා!!!

malithishara
02-19-2015, 11:23 PM
ඔබට ස්තුතියි සහෝදරයා

lahirusankalpa
05-11-2015, 10:47 PM
නියමයි thanks:cool:

A$itha
05-12-2015, 10:59 AM
එල එල

dushan9201
12-19-2015, 07:31 PM
iPad eken sinhala subtitle ekka balanne kohomada

hasan
12-19-2015, 10:17 PM
ela saho

randysandy
01-07-2016, 05:15 PM
oyala oya kiuwa serama step tika kalath sinhala subtiltle eka play wenne menna mi widiyata koto kotu kotu tama watenne.kohomada andriod phone ekakata sinhala fonts danne mata aduma gane fb eke dana sinhala post ekawath balanna behe android lolipop thiyenne habai phone eka samsung ho wena famous phone ekak newei mediacom kiyala jathiyak. HELA AKURUTH software ekath dala thiyenne.kawuru hari dannawanam kiyannako sinhala font save karanne kohetada kiyala mage phone ekata please help me....

A$itha
01-07-2016, 05:57 PM

mx player eke wada....
habayi film eke namayi sub files wala namayi samana wenna oni

yohan
01-17-2016, 08:13 AM
re post

prabod ruchira
02-16-2016, 03:52 PM
Sub eka extract karanna bane bn.ai e?

harshana001
05-03-2016, 07:12 PM
හ්ම්

kushanchathuranga
05-04-2016, 07:09 AM
ela

korea
07-03-2016, 06:25 PM
meke thiyena film balana vdiha kiyanawada plz

arjunathusitha
07-09-2016, 11:20 AM
iPhone walin balanne kohomada?? :D:D:D:D

මරු හිරා
02-09-2019, 07:35 PM
Играй в покер на сайт покер дом: быстрый клиент, много свободных столов, регулярные турниры. Заходи на зеркало официального сайта сайт покер дом и получи бездепозитный бонус Click here... (sayt-poker-dom-20-55.pokerdom-4win.ru)

Хуй тебе!

BobbySah
07-28-2019, 08:44 PM
русская народная музыка скачать бесплатно mp3 зажигательная https://muzplay.me/
скачать музыку 1990 года зарубежных https://muzplay.me/zarubezhnye-pesni/
anivar lambada скачать (https://muzplay.me/artist/Anivar/)
gazirovka бомбическая бич текст (https://muzplay.me/artist/Gazirovka/)
пальцами по губам grivina рингтон https://muzplay.me/artist/Grivina/
mp3 jah khalib все песни https://muzplay.me/artist/Jah+Khalib/
музыка 2018 kazka (https://muzplay.me/artist/KAZKA/)

Somadantha
07-31-2019, 08:04 AM
monawada ban me basawa?