PDA

View Full Version : Attention All Members

HEDZ
10-11-2011, 12:55 PM
ZOOM.LK ඔබේම වෙබ් අඩවිය වශයෙන් හැමදාම ඔබ කළ සුළු ඉල්ලිම් පවා ඉටු කිරීමට කිසිවිටකත් දෙපාරක් සිතුවේ නැත.ඔබ සියළු දෙනා හොඳින් දන්නා පරිදි,දැනට අප සිංහල ගීත හා සිංහල උපසිරැසි ඔබ වෙත වෙබ් අඩවිය මඟින් නිකුත් කරමින් පවතී.දැනටමත් වැඩි ඉඩකඩක් ලබා දි ඇත්තේ සිංහල උපසිරැසි සදහා බව ඔබ සියළු දෙනා හොඳින් දන්නා කරුණකි.

නමුත් මැතකදී අපට ඔබෙන් නවතම ඉල්ලිමක් ලැබී ඇත.මැතකදි අප වෙතට පෞද්ගලිකව දන්වමින් ඔබ ඉල්ලුම් කල කාරණයක් වන්නේ දැනට ලංකාවේ ගීත ලබා දෙන වෙබ් අඩවි බොහොමයක් ඇති නිසා සිංහල උපසිරැසි පමණක් ලබාදෙන වෙබ් අඩවි ඇත්තේ අතලොස්සක් පමණක් නිසාත්,මෙම වෙබ් අඩවිය සිංහල උපසිරැසි පමණක් ලබා දෙන වෙබ් අඩවියක් ලෙසට වෙනස් කරන ලෙසයි.

අප කණ්ඩායම මුලින්ම තීරණය කර තිබුණේ මෙය සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක් කිරිමට නොවේ.නමුත් ඒ සදහා ලැබුණු ඉමහත් ප්‍රතිචාර අපට මෙන්ම ඔබටත් දැන් අත්විදිමට හැකියාව ලැබි තිබේ.දිනෙන් දින අලුත් පිරිස් උපසිරැසි ලබා දිමට අපත් සමග එක්වන අතර එයද අපට ඉමහත් සතුටක් මෙන්ම මහත් ශක්තියකි.

අප මුලින් සඳහන් කල පරිදි, මෙවරත් ඔබේ අදහස් වලට ගරු කරමින් ඔබට කැමති ආකාරයට වෙබ් අඩවියෙහි වෙනස්කම් සිදුකිරීමට අප කැමැත්තෙමු.එම නිසා මේ වෙනස හොඳද නරකද යන්න පිළිබඳව අදහසක් පලකිරිමට ඔබ කාරුණික වන්නේ නම් එය අප ඉතා අගය කොට සලකමු.

RaviTH
10-11-2011, 01:18 PM
mama hethanne aluth wenasa hodawei...zoom eke dan hugak films danawane

Mal Baba
10-11-2011, 02:56 PM
හ්ම් අදහස නම් නරකම නෑ මචන්
අනිත් අය මොකද කියන්නේ කියල බලමු
මම නම් එකගයි අදහසට

තව කරණයක් කියන්නම් ෆෝරම් එක තව පොඩ්ඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක් සහෝදරයා.මොකද පෝස්ට් එකක් එහෙම දාන්න ගියහම පහසුවෙන් කරගන්න අමාරුයි පොඩ්ඩක්

Demax
10-11-2011, 04:38 PM
matanam dan thiyana widiya hodai wage..ane manda balamu kattiyage adahas

gamage
10-11-2011, 04:44 PM
මම හිතන්නේ ඇත්තටම එක නියමම අදහසක් කියලා..මොකද ‍ෆිල්ම් වෙනුවෙන් තියන සයිට් අඩුයි තමයි..අදහස නියමයි

බොරලුගොඩ
10-11-2011, 05:09 PM
මම නම් අදහසට 200% ක් කැමතියි ඔන්න..පුලුවන් නම් ලගදිම වැඩේ කරන්න

Punisher
10-11-2011, 05:19 PM
මම හිතන්නේ අදහස නම් නියමයි කියලා

Sali07
10-11-2011, 06:04 PM
Ae me tiyana widiya narakada?
main domain eke site eka mehemama tiyeddi subtitles walata sub domain ekak aran wenama ekak karanam hoda nadda (Example -www.subtitles.zoom.lk)

Mal Baba
10-11-2011, 06:18 PM
Ae me tiyana widiya narakada?
main domain eke site eka mehemama tiyeddi subtitles walata sub domain ekak aran wenama ekak karanam hoda nadda (Example -www.subtitles.zoom.lk)

ekath narakama ne ethakota sub walata wenamama page ekak create karanam maxzama thiyei hebei macho

Harsha Sri
10-11-2011, 06:22 PM
අනිත් අයගෙනුත් අහලම කලා නම් හොදයි

TharinduFox
10-11-2011, 06:37 PM
මම හිතන්නේ වෙනම පිටුවක් හැදුවොත් හොදයි කියලා...මොකද කියන්නේ..අලුත් ෆිල්ම් ඉස්සරහා දාන්න වෙන පිටුවක අනිත් සේරම ෆිල්ම් වල බැනර් දාන්න

*maheshi*
10-11-2011, 06:52 PM
Ae me tiyana widiya narakada?
main domain eke site eka mehemama tiyeddi subtitles walata sub domain ekak aran wenama ekak karanam hoda nadda (Example -www.subtitles.zoom.lk)

මේ විදිහත් හොදයි නැත්නම් වෙනම පෙජ් එකක් දැම්මත් හරි :yes::yes:

sts
10-11-2011, 07:06 PM
hodai adahasa nam. eth music peththath ata arinna epa. ekata wenama page 1k danna. sub home page 1ke danna.

eka hodai kiyala mata hitenawa.

:) :) :)

CREATIVEN
10-11-2011, 07:07 PM
ඒක ගොඩාක් හොඳ තීරනයක් ලෙස මමත් දකිනවා..
නමුත් සබ් නිර්මාණය ක්‍රමවත් කිරීමටත් පියවරක් ගන්න වෙයි යාලුවා..
ඒකට යම වටිනාකමක් ලැබෙන ලෙස කටයුතු කලොත් හොඳවෙයි කියල හිතනවා..
යම් මුදලක් ගෙව්වොත් සබ් නිර්මාණයට අපේ යාලුවෝ පෙළඹෙයි කියල මට හිතෙනවා..
මම අහපු සහ අහන්නට ලැබුණු සමහර අදහස් වලින් මට නම් ඒක තේරුනා ..
තමන් නිර්මාණය කරන සබ් වලට කිසිම වටිනාකමක් නැතිව යනවා ලෙස ඔවුන් දරන අහදස් මෙයට හේතුව ලෙස මම දකිනවා..

මේක යම් යෝජනාවක් විතරයි ක්‍රි‍යාත්මක කිරීම ඔබ සතුයි..

මම නම් මුදලක් ලැබුනත් නැතත් විනෝදාංශයක් විදියට සිංහල සබ් නිර්මාණය සිදුකරනවා
ඉදිරියටත් එහෙමම තමා.. :)

වෙනස අවශ්‍යයි .,. වෙනසට කැමතියි ..

Wikiya
10-11-2011, 07:10 PM
ආයෙත් අහලා අපිත් 100% කැමතියි..සිංදු නම් කොහෙන් හරි හොයා ගන්න බැරිය..ඒ වගේද සබ්..මමත් මේ සයිට් එකට වුනේ ඒ නිසා නොවැ... :)

ජයෙන් ජය වේවා...!

HEDZ
10-11-2011, 07:20 PM
ඒක ගොඩාක් හොඳ තීරනයක් ලෙස මමත් දකිනවා..
නමුත් සබ් නිර්මාණය ක්‍රමවත් කිරීමටත් පියවරක් ගන්න වෙයි යාලුවා..
ඒකට යම වටිනාකමක් ලැබෙන ලෙස කටයුතු කලොත් හොඳවෙයි කියල හිතනවා..
යම් මුදලක් ගෙව්වොත් සබ් නිර්මාණයට අපේ යාලුවෝ පෙළඹෙයි කියල මට හිතෙනවා..
මම අහපු සහ අහන්නට ලැබුණු සමහර අදහස් වලින් මට නම් ඒක තේරුනා ..
තමන් නිර්මාණය කරන සබ් වලට කිසිම වටිනාකමක් නැතිව යනවා ලෙස ඔවුන් දරන අහදස් මෙයට හේතුව ලෙස මම දකිනවා..

මේක යම් යෝජනාවක් විතරයි ක්‍රි‍යාත්මක කිරීම ඔබ සතුයි..

මම නම් මුදලක් ලැබුනත් නැතත් විනෝදාංශයක් විදියට සිංහල සබ් නිර්මාණය සිදුකරනවා
ඉදිරියටත් එහෙමම තමා.. :)

වෙනස අවශ්‍යයි .,. වෙනසට කැමතියි ..

අනිවාර්යෙන්..මුදලක් නෙමෙයි හැබැයි පරිගනකය එක්ක ගනු‍දෙනු කරද්දි අවශ්‍ය වන දේවල් වගයක් අපි දෙන්න දැනටමත් සැලසුම් කරලා ඉවරයි.එක ප්‍රසිද්ධ නොකර තමයි කරන්න හිටියේ.අනිවාර්යෙන්ම ඔවුන්ගේ සබ් එකට වෙන මහන්සියට වටිනාකමක් වටිනාකමක් දෙන්න අපි සුදානම්.

CREATIVEN
10-11-2011, 07:23 PM

ඒක හොඳයි ..
වටිනාකමක් දුන්නම ඒක විධිමත් වෙයි කියල හිතුන සහ දැනුන නිසයි කිව්වෙ..
වරදවා නොහිතයි කියල හිතනවා..

:)

HEDZ
10-11-2011, 07:33 PM
ඒක හොඳයි ..
වටිනාකමක් දුන්නම ඒක විධිමත් වෙයි කියල හිතුන සහ දැනුන නිසයි කිව්වෙ..
වරදවා නොහිතයි කියල හිතනවා..

:)

අපෝ නෑ එහෙම හිතුවේ නෑ...කොහොමත් අපි කලින්ම සැලසුම් කරලා ති‍බ්බේ..
USB flash drives,MP4 PLAYERS වැනි ත්‍යාග අපි සුදානම් කරලා තියෙන්නේ.තව ඉස්සරහට මේ දෙන දේවල් වෙනස් කරනවා.අපි වෙනුවෙන් උදව් කරන අයව කවදාවත් අපි අමතක කරන්නේ නෑ

Mal Baba
10-11-2011, 07:39 PM
අනිවාර්යෙන්..මුදලක් නෙමෙයි හැබැයි පරිගනකය එක්ක ගනු‍දෙනු කරද්දි අවශ්‍ය වන දේවල් වගයක් අපි දෙන්න දැනටමත් සැලසුම් කරලා ඉවරයි.එක ප්‍රසිද්ධ නොකර තමයි කරන්න හිටියේ.අනිවාර්යෙන්ම ඔවුන්ගේ සබ් එකට වෙන මහන්සියට වටිනාකමක් වටිනාකමක් දෙන්න අපි සුදානම්.

good idea bro eka thawath hoda adahasak

සෝරෝ
10-11-2011, 07:42 PM
සයිට් එකට විශේෂ අනන්‍යතාවක් ඇතිකරගන්න එක හොඳයි තමයි..
සිංහල සබ්ටයිට්ල් දෙන සයිටුත් අඩුයි තමයි..

ඒත් මූලිකත්වය දෙන්න ඕන යූසර්ස්ලා ඉල්ලන දේ දෙන්න.. එයාලා ඉල්ලන්නේ සිංහල උපසිරැස සහිත මූවීස් නම් ඒක කරාට කමක් නෑ..

හැබැයි එයාලා ඊට එහා දෙයක් බලාපොරොත්තුවෙනව නම් ඒ ගැනත් සලකන්න වෙනවා..

අනිත් විශේෂ දේ තමා මේක ෆෝරම් එකක් නිසා එක දේකට කොටු නොවී පුළුවන් හැම දෙයක්ම දෙන්න පුළුවන් නම් හොඳයි..

අර සාලි කින් කියලා තියෙනවා වගේ සබ්ටැයිටල් වලට සබ් ඩොමේන් එකක් දාමු.. එතකොට යූසර්ලටත් ලේසි වෙයි..

ඔන්න මේක තමා මගේ අදහස.. අදහස් ඕන කියපු නිසා දැම්මේ මේක..

Mal Baba
10-11-2011, 07:49 PM

බහුතරයක් ෆිල්ම් සෙවුවම එන්නෙ සූම් එකේ ලින්ක් ඉතින් අර වගේ සබ්.ඩොමින් එකක් හදල ඒකෙන් ඒ සයිඩ් එක ප්‍රොමෝට් කරානම් වැඩි රසික පිරිසක් ග්‍රහණය කරගන්න අවස්ථාවක් ලැබෙනවා

ෆෝරම් එකෙත් තව වැඩි දියුණු වීම් වෙනව නම් හොදයි කියල මම හිතන්නේ.සබ් එහෙම හොයාගන්නත් ලේසි එතකොට මොකද අලුත් සබ් එකක් දාපුවහම ඒක පෝස්ට් නිසා යට යනවා ඒකයි අවුල

CREATIVEN
10-11-2011, 07:49 PM
අපෝ නෑ එහෙම හිතුවේ නෑ...කොහොමත් අපි කලින්ම සැලසුම් කරලා ති‍බ්බේ..
USB flash drives,MP4 PLAYERS වැනි ත්‍යාග අපි සුදානම් කරලා තියෙන්නේ.තව ඉස්සරහට මේ දෙන දේවල් වෙනස් කරනවා.අපි වෙනුවෙන් උදව් කරන අයව කවදාවත් අපි අමතක කරන්නේ නෑ

:thumbsup:

copper
10-11-2011, 07:53 PM
damu damu mama nam kamathi sub denawata

HEDZ
10-11-2011, 07:58 PM
කට්ටියගේ අදහස් අනුව අනිවාර්යෙන් වෙනසක් සිදුවේවි..මේ වගේ අදහස් කියනවට ස්තුතියි.මේ වගේ අදහස් දැනගන්න තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත් :yes::yes:

Mal Baba
10-11-2011, 08:32 PM
Need More Ideas

Punisher
10-11-2011, 09:22 PM
කට්ටියගේ අදහස් අනුව අනිවාර්යෙන් වෙනසක් සිදුවේවි..මේ වගේ අදහස් කියනවට ස්තුතියි.මේ වගේ අදහස් දැනගන්න තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත් :yes::yes:

:) :)

Zen
10-11-2011, 10:01 PM
wenasak thiyanawanam hodai habai hoda widiyata

MANJU
10-11-2011, 10:35 PM
ලොකු ගේමක් දෙමු ඇඩ්මින් අයියේ එල එල

sarathfonseka
10-11-2011, 11:23 PM
නියමයි
මගෙත් 250% කැමත්ත සිංහල උපසිරැසි වලට

මරු හිරා
10-12-2011, 06:40 AM
එල අදහසට මාත් එකඟයි ඔන්න

kterulz
10-12-2011, 07:49 AM
:
ලොකු ගේමක් දෙමු ඇඩ්මින් අයියේ එල එල
:fight:

පොඩ්ඩා
10-12-2011, 07:40 PM
ela ela hoda deyak karanna

Angel_senuri
10-12-2011, 10:03 PM
matanam hithenne wenas wunoth hodai kiyala.

Mal Baba
10-12-2011, 11:24 PM
ලොකු ගේමක් දෙමු ඇඩ්මින් අයියේ එල එල
mu kata eriyoth kata hari gemak denna mai try eka

MANJU
10-13-2011, 08:51 AM
mu kata eriyoth kata hari gemak denna mai try eka

අෆි ෆට්ට කොල්ලෝ නේ අයියේ

panchaz
10-13-2011, 09:45 AM
subtitle witharak denna puluwan nam loku deyak :)
anith eka subtitle wadi pura dunnoth site ekatath hugak kattiya ei :)

Mal Baba
10-13-2011, 08:49 PM
අෆි ෆට්ට කොල්ලෝ නේ අයියේ

ekane

sn87
10-13-2011, 09:31 PM
වැඩේ හොඳයි මම කැමතියි !!

DEVIL-MADU
12-16-2011, 02:43 AM
niyamai macho.......

princekrish
12-16-2011, 10:16 AM
අදහස නම් ගොඩක් හොදයි.....
කොහොමත් ලන්කවෙ ෆිල්ම්ස් වලට සබ් දෙන සයිට් අඩුයි කියල අපි ඔක්කොම දන්නවනෙ....

Mal Baba
12-20-2011, 05:24 PM
Wenasak Karamu

මිනියා
12-20-2011, 05:39 PM
ඔව් මචන් ඒ අදහස ගොඩක් හොදයි . මොකද මාත් මේකට ආවේ සිංහල උපසිරැසි ගන්න තමයි. මගේ යාලුවෝ ගොඩකට අද මම මේ site එක ගැන කිව්වා ..

tharaka
12-20-2011, 11:41 PM
මෙන්න මගේ අදහස . මමනම් ඕනම දෙයකට ඔට්ටුයි.හොඳ දෙයක්නම් අපිට කිසිම ප්‍රශ්ණයක් නැහැ.සිංහල සබ්දෙන එක වැඩිකරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.දැන් යන විදිහට සතියකට සබ් දෙකක්වත් දෙන්නම වෙනවා.ඉදිරියට සබ් තුනක්වත් දෙන්න උත්සහ කරමු.සබ් දෙන අය තවත් එකතු කරගමු.මටනම් මුදල් ලැබුණත් නොලැබුනත් මං විනෝදාංශයක් වශයෙන් සබ් දෙන්නේ.ඒක හැමදාටම එහෙමයි.අපිට යම් වටිනාකමක් දෙන එක හොඳයි.මුදල් වලට වඩා මටනම් වටින්නේ ඒ වෙනුවට අලුතෙන් එන ෆිල්ම් ඩවුන් ලෝඩ් කරලා data dvd write කරලා එවනවනම් හොඳයි.මොකද අපිට තියෙන පැකේජ් වලින් ගොඩක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න බැහැ.එහෙම එවනවනම් සබ් දෙන්න අපිට හොඳ ෆිල්ම් එකක් තෝරගන්න පුළුවන් වෙයි. ඒක මගේ පෞද්ගලික අදහසක් විතරයි.වෙනසක් වෙනවනම් හොඳයි

HEDZ
12-21-2011, 06:55 AM

ඒ අදහස නම් හොදයි.දාන්න හොදයි කියලා හිතෙන අලුත් චිත්‍රපටි හෝ පරණ මෙතෙක් උපසිරැසි නොදුන් හෝ රුපවාහිනි මාධ්‍යක විකාශය නොවු චිත්‍රපටයකට සබ් දාන්න හිතෙනවා නම් ඒක අපිට කියලා එවන්න.පුලුවන් විදියට අපි ඒ ෆිල්ම් එක data dvd එකකට write කරලා එවන්නම්.:yes:
එකත් හැබැයි හොදට කල්පනා කරලා කරන්න ඕන.ඒ කියන්නේ උපසිරැසි අපිට අවම වශයෙන් ෆයිල් එකක් දෙකක් හෝ එවපු අය වෙනුවෙන් තමයි චිත්‍රපට යවන්න ඕන.නැත්නම් කට්ටය ෆිල්ම් ගෙන්න ගන්න සබ් දෙනවා කියලා ෆිල්ම් එවන්න කියයි.අපි ඩිවිඩි යවන වැඩේටත් ඕකනේ උනේ.ඒකයි එකටත් නිති දැම්මේ.
තාරකගේ අදහස ඇත්තටම හොදයි.අපි බලමු ඉදිරියේදි එය ක්‍රියාත්මක කරන්න.:yes:

MANJU
12-21-2011, 12:37 PM

:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad:

:::N E O:::
01-18-2012, 04:57 PM
මම නම් අදහසට 200% ක් කැමතියි ඔන්න..පුලුවන් නම් ලගදිම වැඩේ කරන්න
yep

chamara54
01-18-2012, 05:17 PM
අදහස නියමයි
:clap:
ඔව් එහෙම කරන්න දැන් මමත් එන්නේ මේ site එකට මොනවද අලුත් සිංහල උපසිරස තියෙන්නේ කියලා බලන්න
ඒ වගේ තමා ගොඩක් අය 90% අය ඔය වෙනසට කැමැති
හැබැය් කලා වගේ නෙමි සිංහල උපසිරස වැඩි වැඩියෙන් දුන්නොත් ගොඩක් පිරිසක් මේකට එය්
අඩුම ගානේ දවසට එක සිංහල උපසිරසක් වත් දෙන්න

:::N E O:::
01-18-2012, 05:19 PM
:thumbsup:

SurangaWanni
03-12-2012, 10:41 AM
Patta Pata Pata............................

එක පයින් කැමතියි. වැඩේ දෙමු.....

CREATIVEN
03-12-2012, 10:57 AM
:hypnotised:

MANJU
03-14-2012, 01:44 PM
මලලසේකරයි

gwskantha
03-14-2012, 04:48 PM
sinhala sub ekka films..........sinhala sub ekka films..........sinhala sub ekka films..........

ajitha
03-14-2012, 05:28 PM
ela ela........

gceal
03-14-2012, 07:55 PM
:)

Street Fighter
03-15-2012, 11:19 AM
අදහස නියමයි

akmeemana
03-15-2012, 05:58 PM
එලකිරි සින්හල සබ් එක්ක ෆිල්ම්ස් විතරක් දෙනවනම් ගොඩක් හොදයි

පිස්සු කොල්ලා
04-05-2012, 10:52 AM
මමත් එක පයින් කැමතියි!

MANJU
04-05-2012, 01:23 PM
මමත් එක පයින් කැමතියි!

වමෙන්ද දකුණෙන්ද

AselaAsanka
05-16-2012, 06:29 PM
:)

chathubuddy
05-16-2012, 08:13 PM
anna supiri adahasa!

harsha0101
05-16-2012, 08:14 PM
:)

Naveen
05-16-2012, 09:34 PM
:)

AselaAsanka
05-17-2012, 10:13 AM
:)

Mal Baba
05-22-2012, 06:06 PM
Heduwe Nedda Thama
Sub Domain Eka

mbx
05-22-2012, 08:41 PM
good Idea :thumbsup::thumbsup::thumbsup::thumbsup:

shivantha123
05-22-2012, 09:02 PM
මම අලුත් meber කෙනෙක්, මම මුලින්ම ආවෙ film sub title හොයගන්න ලංකාවෙ කොයිතරම් web site තිබුනත් film එකකට sub title හොයාගන්න මේ තරම් web site එකක් නෑ...වෙනසක් එක්ක අපේ රටේ හොඳම web site වෙන්න මම මගේ හදවතින්ම සුබ පතනව…..!!!!!!!!!!! :yes::yes::yes::yes:

Aktamge
06-06-2012, 03:39 PM
කැමති අකමැතියි

sahan
06-06-2012, 03:45 PM
fatta fata fata.............. songs hama site ekakama thynva............. ela ela... adahasa hoda..........iiiiiiiii....................... :40_002: :40_002: :40_002: :40_002:

Diga
06-06-2012, 07:31 PM
අදහස හොදයි.. අපෙනුත් පුල් සපෝට්:14_002:

Bunchi
09-30-2012, 12:42 AM
මම අලුත් කෙනෙක් මමනම් හිතන්නෙ හැමෝම කරන දේවල්වලට වැඩිය අලුතෙන් වෙනස් දේවල් කරන අයට ඕන තැනක ඉස්සරහට යන්න පුලුවන්.

වෙනස්වුන එක හොඳයි

Agent47
09-30-2012, 06:52 AM
මම හිතන්නේ ඒ අදහස හොදයි .....සින්දු දෙන site ඇතිතරම් තියෙන්නේ .

shashi1987
09-30-2012, 08:04 AM
මමත් වෙනසකට කැමතියි.

jk perera
09-30-2012, 03:38 PM
සිරාවට අලුත් වෙනසට මමත් එකගයි

Iroshud
09-30-2012, 05:17 PM
great idea machn mata ada kale lankawe hadana music video pennanna be we like movies & tv shows <3