PDA

View Full Version : 50th subtitles



thusitha.4t
11-04-2013, 10:23 PM
http://3.bp.blogspot.com/-ilEjkOMxAb8/Unb7c0gvWBI/AAAAAAAAARs/HvrSMuovdhA/s1600/50.png

ලගදි අපේ සහෝදරයෝ දෙතුන් දෙනෙක්ම හාෆ් සෙන්චරි ගැහුවා එයාලට සුභ පතන ගමන් කියන්න ඕනේ ඔන්න මගේ එකත් ඇගට නොදනිම ආවා. මම ZOOM එක දකින්නේ 2012 අවුරුද්දේ අග කාලයේ, ඒ වෙනකම් මම සම්පුර්ණයෙන්ම ගෙදරට හිර වෙලා හිටියේ.මට අවුරුදු 18ක් වෙනකම් මගේ අම්මා ගෙදරට ඉන්ටර්නෙට් අරන් දුන්නේ නැහැ, ඇත්තටම මම තවමත් ඇයට එකට ගරු කරනවා එහෙම වුනා නම මට අද මෙහෙම ගමනක් එන්න වෙන්නේ නැහැ. මොකක්දෝ වාසන්වාකට කොහොම හරි මට ZOOM එක සෙට් වෙනවා හිතටත් අල්ලා ගියා, ඊට පස්සේ මම මේකට ඇනයක් ගහ ගත්තා, 01-29-2013 වෙනිදා තමයි ඔයාලා මගේ පළමු නිර්මාණය දකින්නේ THEM [2006] ෆිල්ම් එක. ඊට පස්සේ හෙමින් හෙමින් මම ෆිල්ම් වලට සබ් දාගෙන ආවා, ඇත්තටම කියනවා නම් මම ඉක්මනට ඉක්මනට සබ් දෙන කෙනෙක් නෙවෙයි මාසෙකට දෙකක් තුනක් තමයි දුන්නේ,
මේ අතර මගදී මම ඉල්ලා ගත්තා TV SERIES එකක්, මේ කාලේ තමයි හැමෝම හිතාගෙන හිටියේ zoom එක වැටුණා කියල. ඉතින් මම මොකද කලේ හෙමින් හෙමින් මේ SERIES එකේ පලවෙනි SEASON එකට සබ් දාලා ඉවර කළා, මට පොඩි ආඩම්බරයක් තියනවා අපේ HEDZ එක තියාගත්තා ZOOMඑකේ දහා පිරිම වෙනුවෙන් දාන්න. එකෙන් මගේ උපසිරැසි සීමාව 50ට ලං වුණා, මට ඕක එච්චර ගානක් නැහැ, එක පාරම HEDZ මට මේල් එකක් ඒව්වා 50ට එකක් දාන්න ලැහැස්ති කරගන්න කියල. මගේ පනස් වෙනි නිර්මාණය වෙන්න තිබ්බේ ෂිල්ඩ් එක එත් දෙවියෝ බැලුවා වගේ එක මේ සතියේ ගියේ නැහැ. ඉතින් ඇත්තටම අහිංසක ආඩම්බරයක් තිනවා 50ට ආපු එකට. මම තාම සහයෝගෙන් සබ් දාලා නැහැ, ඉදිරියේදී එහෙම දෙයක් බලාපොරොත්තු වෙමු, හැම වෙලාවකම වගේ මොනා හරි වෙච්ච ගමන් HEDZ තමා මගේ දුක සැප බැලුවේ ඉතින් මම හිතන්නේ ඔහු තමා අපි හැමෝගෙම නිහඩ ආශීර්වාදය. මට එකට කියන්න වචනයක් නැහැ. මම දැවැන්ත ලෙස ගරු කරන කෙනෙක්, ඒ ලස්සනට ඉවසීමෙන් ප්‍රශ්ණ නිරාකරණය කරගන්න කෙනෙක්, වගේම එකට උදව් කරන කෙනෙක්.
මම මෙතනට මෙහෙම ඉන්නේ නැහැ මගේ රසිකයෝ නැත්නම් මට කමෙන්ට් කරන අයට ඇත්තටම බොහොම ස්තුතියි, ඔයාලා නිසා තමයි මම අද මෙතැන් ඉන්නේ, ඔයාලා තමයි මාව දිරිගැන්නුවේ, ඒ විතරක් නෙවෙයි ඉන්ටර්නෙට් එකේ සියලුම උපසිරැසි කරුවන්ට මම ගරු කරනවා, මොකද මට නම් කරලා කියන්න බැහැ, මම එයාලගෙන් තමයි හුගක් දේවල් ඉගෙන ගත්තේ. මම ඒවා පාවිච්චි කරනවා. උදාහරනෙකට කියනවා නම් කොහේ හරි මම උපසිරැසි ගැන්වූ ෆිල්ම් එකකට කවුරු හරි උපසිරසි දාලා නම්, මම ඉක්මණට එක අරන් බලනාවා, එයාගේ වැරැද්දක් හොයන්න නෙවෙයි, මගේ වැරැද්දක් තිබුනොත් ඊලග උපසිරෙසේදී එක හදා ගන්න. අපි ශ්‍රී ලංකානුවෝ දෙමල සිංහල මුස්ලිම් කවුරු වුනත්, මෙතනින් තමයි අපි රටට එක එක ඒවා අරගෙන එන්නේ, චිත්‍රපට තමයි විදේශීය සංකෘතිය මෙහෙට එන ප්‍රධානම මාර්ගය, ඉතින් අපි දීපු දෙයක් ගැන අපි ලොකු වගකීමක් ගන්න වෙනවා. මොකද අන්තර්ජාලය තුල මොකක් හරි ෆිල්ම් එකක් ගන්න දුව දුව හොදම සීඩ් තියන එක හොයා හොයා ඉන්න ගියාම ෆිල්ම් එක බලන එක තිත්ත වෙනවා, සමහ හොද ෆිල්ම් වලට තාමත් ලින්ක් නැහැ හොයාගන්න, එත් අපේ සහෝදරයෝ පුදුම මහන්සියක් වෙලා ඒ තොරතුරු ඔක්කම එකතු කරලා ඔයාලට ගෙනත් දෙනවා. අන්න එකට මමත් බොහෝ සෙයින් ගරු කරන දෙයක්. තව දෙයක් තමයි බොහෝ වෙලාවට මම උපසිරැසි ගන්වන ඒවා අන්තර්ජාලයේ නැති ඒවා, මොකද HEDZ මාව හැම විටම ඒ දිහාට යොමු කලා, මම එකේ ලොකු හොදක් දකිනවා, මම ඇත්තටම එකට ආසයි. තව ඔයාලට දෙන්න හුගක් දේවල් තියනවා කරලා ඉවර වෙච්ච ඒවත් තියනවා, මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ, අනේ අපිව හදිස්සි කරවන්න එපා, අපි ඔයාලගේ ආසාව අනිවාරෙන්ම ඉෂ්ට කරනවා, පරණ කොටස් විශාල සංක්‍යාවක් තියන LOSt එක අපි ඔයාලා ඉදිරියට ගෙන්වා, ඉතිං එකේ ඉදිරි වැඩ කටයුතුත් ඒ විදිහටම වෙනවා SEASON එකක්ම දුන්න නිසා චුට්ටක් ඉවසලා ඉන්න, පොඩි විවේකයක් ගන්න මොකද ඕක ඉවර වුනහම අපරාදේ ඉවර වුනේ කියලා හිතෙයි, එක නසා හෙමිට බලන්න. මගේ උපසිරැසි කරණයේදී මම බොහෝ වෙලාවට සමාජයට මොනා හරි දෙයක් දෙන්න පුළුවන් ෆිල්ම් තොරාගතා ඉතින් එකටත් තෝරාගැනීමේදී ලොකු උදව්වක් වුනේ HEDZ, තව මට මොකක් හරි ප්‍රශ්ණයක් ආවහම මගේ වටා හුගක් අය එකතු වුනා මම ඒ ඔක්කටම ස්තුතිවන්ත වෙනවා, ඉතිං අවසානෙට කියන්න ඕනේ මම ඇත්තටම ZOOM එකේ අපේ උපසිරැසි කණ්ඩායම ගැන සතුටු වෙනවා, බොරු පාට් නැතුව තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන රහසේම දිගු ගමනක් යන සෙට් එකක් ඒ ගැන ඇත්තෙන්ම මට ආඩම්බරයි, අපේ මුල් ධන දායකත්වය දක්වන ප්‍රේක්ෂකයන් එක්ක, අපේ උපසිරැසි කණ්ඩායම එක්ක, මගේ හිතවතා HEDZ එක්ක මට දීර්ග ගමනක් යන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා, මගේ 50හේ මොකක් හරි ඔයාලට බලන්න මග හැරිලද කියල පහලින් බලන්න. ඒ වගේම හැමෝටම මම හැම දාම කියනවා වගේ ජය වේවා!!


01) Ils [Them] (2006) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=480)
02) A Nightmare on Elm Street (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=489)
03) Tears of the Sun (2003) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=500)
04) Defiance (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=543)
05) The Kingdom (2007) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=524)
06) Upstream Color (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=764)
07) Act of Valor (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=565)
08) Jhodaa Akbar (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=579)*HINDI
09) Max Payne (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=654)
10) Wanted (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=557)
11) Trust (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=712)
12) Eagle Eye (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=752)
13) Born to Race (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=742)
14) Devil Seed (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=674)
15) Pawn (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=661)
16) Revelation Road 1 (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=731)
17) Revelation Road 2 (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=732)
18) JONAH HEX (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=800)
19) Nothing Left to Fear (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=776)
20) Warrior (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=808)
21/25) Marvels Agents of S.H.I.E.L.D. (2013) (http://zoom.lk/TV/shield/)
26/50) LOST (2004) (http://zoom.lk/TV/Lost/)


http://www.zoom.lk/contributors/thusitha.html

DilanH
11-04-2013, 11:36 PM
50 ට සුබ පැතුම් 100 ඉක්මනට ඕනේ :yes:
(ඇයි ලොස්ට් සීසන් 2 එකත් ඉතින් ඉක්මනට දුන්නට කමක් නැ ඉතින් නේ ?...):D
ඒ වගේම කියන්න ඕනේ පරණයි කියලා අත නොහැර ගොඩක් විශිෂ්ට ගනයේ
නිර්මාණ අරන් ආපු තුසිත අයියට හදවතින්ම සුබ පතනවා ජයෙන් ජය

පොඩ්ඩා
11-04-2013, 11:55 PM
08) Jhodaa Akbar (2008)*HINDI
එකයි අද දාපු
20) Warrior (2011)

ෆිල්ම් එකයි ඇරෙන්න මම හැම ෆිල්ම් එකක්ම බලලා තියනවා මචන් උඔගේ. දැන් Warrior (2011) එකත් බැවෙන්න දාන නිසා එකත් බලන්න පුලුවන්.
උපසිරැසි දිලා අපිව පිනවන ඔබට සැමදා පොඩ්ඩාගේ ආචාරය හිමිවෙනවා! :yes:

Gayan Gamage
11-05-2013, 12:27 AM
50 වන උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභපැතුම්...!!!

http://www.quitsmokingjournals.com/userimages//congrats%204(82).gif

rasan perera
11-05-2013, 01:20 AM
නියමයි 50වැනි කඩඉම පසු කරපු එකට හදවතින්ම සුභ පතනවා. ජයවේවා!

මරු හිරා
11-05-2013, 05:48 AM
Jayen jayama wewa!

kiripaan
11-05-2013, 06:29 AM
මාගේ උණුසුම් සුභපැතුම් !

thilinaz
11-05-2013, 06:30 AM
Congratz Bro, keep It Up

SupunWe
11-05-2013, 07:28 AM
Agents of shield එක දෙන විදියට ඇඩෙනවා,
අර පැත්තෙ කට්ටියක් මැරීගෙන දගලන කොට මෙහෙ දීලත් ඉවරයි
එල ඈ:D
පනස්වෙනි උපසිරැසියට සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!

Seeker
11-05-2013, 08:11 AM
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්... උපසරැසි වලට ස්තූතියි...

asitha sandaruwan
11-05-2013, 08:50 AM
50 ගැහුවා නේ තුසිත අයියේ,නියමයි.ඉක්මන ට සෙන්චරියත් ගහන්න ඕනේ හොඳේ.සුභ පැතුම්.මේ වගේ ඉදිරියටත් උපසිරැසි ගමනේ දීර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා!!!

Gecko
11-05-2013, 09:06 AM
නියමයි යාළුවා ඔයාගේ හැම සබ් එකක්ම මම බලලා තියනවා මේ දවස් වල ලොස්ට් බලාගෙන යනවා. බොහෝම ස්තුතියි ඔයාට

Punisher
11-05-2013, 10:15 AM
හදවතින්ම සුභ පතනවා 50වැනි උපසිරැසිට. ලොස්ට් සිසන් දෙවැනි එකත් දෙවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම නැවතත් ස්තුතියි.

S.T.A.L.K.E.R.
11-05-2013, 10:20 AM
50 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් !

Anushiz
11-05-2013, 11:48 AM
50 ඉක්මනින්ම 100 වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාරියක් ස්තුතියි

princekrish
11-05-2013, 12:38 PM
උණුසුම් සුභ පැතුම් සහෝ . . .

CJA
11-05-2013, 04:05 PM
පණස්වෙනි උපසිරැසියට හදවතින්ම සුභපතනවා මචෝ..
ජයෙන් ජය..!!

Eranga 44
11-05-2013, 04:50 PM
.::50වෙනි උපසිරැසියට සුභ පැතුම්::.

sanjeewa2010
11-05-2013, 07:19 PM
මාගේ උණුසුම් සුභපැතුම් !

Lakruwan
11-05-2013, 08:49 PM
අපේ කොල්ලෙක් 50 ගැහුවාම කමෙන්ට් නොකර කොහොමද නේ. ඇත්තටම කියනවා නම් 50 කියන්නෙ සූම් අපේ කොල්ලන්ට කිරි කජු වගේ ඒත් දැන් දැන් ගොඩක් අය බිසී වෙලානෙ ඒක නිසා තමයි සමහර සබ් දවසක් විතර පරක්කු. ඒවුනාට කවදාවත් සයිට් එක මාසයක් විතර නැවතුනා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කවුරුවත් දාලා ගියේ නෑ. මේ ඉන්නෙත් එහෙම කොල්ලෙක් එයා අපේ සයිට් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වුන කෙනෙක්. බොහොම ස්තුතියි මලයා ඔයා කරන මේ මෙහෙවරට. සූම් අපි හැම චිත්‍රපටයකට උපසිරැසියක් කියන සංකල්පයෙන් පටං ගත්තාම අනෙක් අයත් ඒක කොපි කරගෙන ගියා. දැන් එයාලා හිතං ඉන්නෙ හැමෝටම කලිං සබ් දැම්මාම ලෝඩ්ලා කියලා. අපි නැවතත් පණගහලා එනවා ඒක මතක තියාගත්තොත් හොඳයි!. මිනිස්සු වුනාම වැටෙනවා හැබැයි ඒ වැටෙන අය කවදාවත් ආයෙ වට්ටන්න බෑ. අපිට පොඩි කරදරයක් වුනා තමයි ඒත් දැන් ඒ කරදරේ නෑ. උපසිරැසිගන්වන හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ අපේ තුසිත වගේ දිගට සූම් එකත් එක්ක රැඳී ඉන්න. වෙබ් අඩවියක් මෙතෙක් නොකරපු දේවල් කරන්නත් අපි සූදානම්!


50 මගෙන් සුභපැතුම් ත්‍යුෂාන්

:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::heartbeat:

thilanka mihiranga
11-05-2013, 10:25 PM
50 වෙනි උපසිරැසියට මාගේ උණුසුම් සුභපැතුම්

Sri-Mal
11-05-2013, 10:56 PM
ඔයා කිව්ව කතාව හරි, සයිට් එකට පහුගිය කාලේ යම් යම් බාධාවන් ඇතිවුණත් ඒක තැකීමක් නොකර, සයිට් එක නැවත පෙරටත් වඩා හොඳින් හදාගෙන අපි හැමෝම එකට ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න, අපි අතරම සහයෝගයෙන් තරගකාරිත්වයක් ඇතිවුණ නිසා තමයි මේ සයිට් එකේ ගොඩක් දෙනෙක් මේ 50 කඩඉම පසුකළේ, 50 කඩඉම පසුකරනවා කියන එකේ තේරුම තවදුරටත් උපසිරැසිකරණයට ආධුනිකයෙක් නොවෙයි, ප්‍රවීණයෙක් කියන එකනේ... ඉතින් ඒ වගේ අය ගොඩක් ඉන්න කණ්ඩායමක් අපිට ඉන්නවා, ඒ තත්වයට ඉක්මනින් ලඟාවෙන්න පුළුවන් ආධුනික අයත් ගොඩක් අපිට ඉන්නවා, ඉතින් සතුටු වෙන්න තව ඕනේ මොනවද.... :)

HEDZ
11-05-2013, 11:01 PM
සුම් එකට උදව් කරන හොද යාළුවෙක් වගේම මේ සබ් එක කරමුද කියලා කිව්වොත් නෑ බැ නොකියා කරලා දෙන යාළුවෙක්.හොද ෆිල්ම් එකක් හම්බුනේ ගමන් මම කියන්නත් කලින් උපසිරැසි දාලා එවලා තියනවා.ගොඩක් ෆිල්ම් වගේම ලොස්ට් එකේ සබ් එක දෙන අයිඩියා එක තුසිත ගේම තමයි.මේ වගේ සමාජිකයෙක් ඉන්න එක සුම් එකට වගේම මටත් හයියක්. 50වැනි සිංහල උපසිරැසිට සුභපැතුම්.

Amila
11-06-2013, 08:02 AM
මගෙනුත් උණුසුම් සුභපැතුම් සහෝ

pravmahe
11-06-2013, 10:00 AM
Best of Luck Brother!

Pramod Indunith
11-06-2013, 09:16 PM
කණ්ඩායමට අලුතෙන් එක්වෙලා, හිතුවටත් වැඩිය ඉක්මනට අර්ධ ශතකයක් ගහපු පළමු කෙනා ඔයාද කොහෙද :)

හදවතින්ම සුභ පතනවා තුසිත ඔයාට!

Lakshan(Rock)
11-11-2013, 08:25 PM
Congratz bro,

hasithadn
11-27-2013, 08:19 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup: