PDA

View Full Version : Command Prompt එකෙන් Drives හංගමු

Radical78
10-17-2011, 12:03 PM
http://letkr.webs.com/hide-drive.jpg
ඔන්න අදත් හංගන එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ.. මේකට කිසිම Software එකක් ඕන වෙන්නේ නැහැ.. ඕන වෙන්නේ Command Prompt එක විතරයි.. ඒක ඉතිං හැම Windows OS එකකම තියෙනවනේ.. අපිට පුළුවන් Command Prompt භාවිතයෙන් Hard Drives හංගන්න.. පොඩි Commands ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.. ගේමක් නැහැ.. එහෙනම් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා පියවරෙන් පියවර..

1. Taskbar එකේ තියෙන Start Menu එක Click කරලා Run එකට යන්න.
2. Run එකේ cmd කියලා ගහලා enter කරන්න. (දැන් Command Prompt එක open වෙයි)
3. දැන් Diskpart කියලා ගහලා Enter කරන්න.
4. ඊට පස්සේ List volume කියලා ගහලා Enter කරන්න.
5. දැන් මෙතනින් ඔයාලට හංගන්න ඕන Volume එක තෝරගන්න.
උදාහරනයක් විදියට select volume 3 ගැහුවොත් ඔයාලගේ volume 3 එක select වෙනවා.
6.ඊට පස්සේ Remove letter F කියලා ගහලා Enter කරන්න.
(F කියන්නේ අදාල Drive එකේ අකුර)
7. දැන් ගිහිල්ලා බලන්න Drive එක Hide වෙලා ඇති.

හංගලා විතරක් මදිනේ.. හංගපු එක එලියට ගන්න විදියත් කියලා දෙන්න එපායැ..

1. අපි හංගන කොට කරපු 1 සිට 5 දක්වා පියවරවල් එහෙමම කරන්න.
2. assign letter F කියලා ගහලා Enter කරන්න. (F කියන්නේ උදාහරනේ හැටියට, අදාල Drive එකේ Letter එක තමයි දෙන්න ඕන)

ඔන්න ඉතිං ඕක තමයි වැඩේ.. හොඳ නම් Comment කරලා යන්න.. එහෙම කිව්වට කීයෙන් කී දෙනාද Comment කරන්නේ..

ගත්තේ මෙතනින් (http://seramadewal.blogspot.com/2011/10/command-prompt-drives.html#more)

CREATIVEN
10-17-2011, 12:08 PM
වැදගත් වුනා

copper
10-17-2011, 12:50 PM
එල මචෝ...කරලා බලන්නම් කෝ

Radical78
10-17-2011, 12:54 PM
වැදගත් වුනා

එල මචෝ...කරලා බලන්නම් කෝ

එල එල
තෑන්ක්ස්!

mtchinthaka
10-17-2011, 01:09 PM
මචන්. උඹ මේක කරලා බැලුවද. දන්නේ නැති කෙනෙක් කරන්න එපා. මගේ එකෙන් error එකක් දෙනවා. දැන් ආයෙත් හාඩ් එක ගන්න බෑ.

CREATIVEN
10-17-2011, 01:17 PM
මචන්. උඹ මේක කරලා බැලුවද. දන්නේ නැති කෙනෙක් කරන්න එපා. මගේ එකෙන් error එකක් දෙනවා. දැන් ආයෙත් හාඩ් එක ගන්න බෑ.

:O

mtchinthaka
10-17-2011, 01:28 PM
:O
කරන්න එපා. අඩුම තරමේ එයාවත් බලලා නෑ. මේක boot, system partition ඒවට කලොත් සොරි තමයි. කොහේ හරි දැක්ක ගමන් copy paste තමයි ඉතින්.

mtchinthaka
10-17-2011, 01:35 PM
oka karanna one nam mehema karanna. menna niyama method eka...oya command promt eka daagena wede waradhdha ganne nathuwa.

just go to mycomputer>right click>manage>disk manager>right click on disk>select 'change driver letter and path'>remove all driver letters

and then the partition cannot be accessed by anything.
verify this - right-click the drive u removed driver letters from and see if the 'open' or 'explore' option is grayed out.

and no it cannot be found by search..

tip: this way u may assign a folder somewhere else in the hard-disk that will show the contents of the partition(but will be accessible by search)

Fox2011
10-17-2011, 01:45 PM
මචන්. උඹ මේක කරලා බැලුවද. දන්නේ නැති කෙනෙක් කරන්න එපා. මගේ එකෙන් error එකක් දෙනවා. දැන් ආයෙත් හාඩ් එක ගන්න බෑ.

මාර සින් කොන් එකක් නේ

Fox2011
10-17-2011, 01:45 PM
එල එල
තෑන්ක්ස්!

වැරැද්දක් තියනවලු මචෝ..පොඩ්ඩක් බැලුවනම් හරි

Radical78
10-17-2011, 02:34 PM
මචන්. උඹ මේක කරලා බැලුවද. දන්නේ නැති කෙනෙක් කරන්න එපා. මගේ එකෙන් error එකක් දෙනවා. දැන් ආයෙත් හාඩ් එක ගන්න බෑ.

මචං මම මේක කරලා බලලා තමයි දැම්මේ... කිසිම අවුලක් නැහැ..

Radical78
10-17-2011, 02:36 PM
කරන්න එපා. අඩුම තරමේ එයාවත් බලලා නෑ. මේක boot, system partition ඒවට කලොත් සොරි තමයි. කොහේ හරි දැක්ක ගමන් copy paste තමයි ඉතින්.

ඔයා දන්නේ නැතුව බොරුවට කෑගහන්න එපා.. මම කරලා බලලා තමයි දාන්නේ.. අනිත් එක මේක කොහෙන්වත් copy paste නෙමෙයි, මගේ Blog එකෙන් ගත්තෙ, මේ ලිපිය වෙන කොහේ හරි සිංහලෙන් තිබ්බා කියලා ඔප්පු කලොත් ඔයා කියන ඕන දෙයක් දෙනවා.. බොරුවට සද්ද දාන්න එපා.. හරියට කරලා බලන්න

Radical78
10-17-2011, 02:37 PM
වැරැද්දක් තියනවලු මචෝ..පොඩ්ඩක් බැලුවනම් හරි

කිසි වැරැද්දක් නැහැ.. මචං මම මේක කරලා බලලා තමයි දැම්මේ... කිසිම අවුලක් නැහැ..

Punisher
10-17-2011, 05:25 PM
මොකෝ මේ සින් එක...බලමුකෝ කරලා..දෙන්නම කියලා තියන විදියට කරලා බලමුකෝ

CREATIVEN
10-17-2011, 05:54 PM
oka karanna one nam mehema karanna. menna niyama method eka...oya command promt eka daagena wede waradhdha ganne nathuwa.

just go to mycomputer>right click>manage>disk manager>right click on disk>select 'change driver letter and path'>remove all driver letters

and then the partition cannot be accessed by anything.
verify this - right-click the drive u removed driver letters from and see if the 'open' or 'explore' option is grayed out.

and no it cannot be found by search..

tip: this way u may assign a folder somewhere else in the hard-disk that will show the contents of the partition(but will be accessible by search)

මම ට්‍රයි කලා වැඩකලේ නැහැ..
ඒක Hidden Program එකක් මම හිතන විදියට

mtchinthaka
10-17-2011, 07:04 PM
කිසි වැරැද්දක් නැහැ.. මචං මම මේක කරලා බලලා තමයි දැම්මේ... කිසිම අවුලක් නැහැ..

හරි. හරි. ඔන්න එහෙනම් බලන්නකෝ. අපි වැඩේ කරලම බලමුකෝ.

මෙන්න මුලින්ම හාඩ් එක හැංගුවා. කරපු විදියේ අවුලක් තියෙනවද ? බලන්න.

http://i53.tinypic.com/5o901.jpg
ඔන්න ආයෙත් ඔයා කියපු විදියට හාඩ් එක පෙන්වන්නයි හදන්නේ. කරපු විදියේ අවුලක් තියෙනවද කියලා බලන්න.

http://i52.tinypic.com/o89tzo.jpg
දැන් ඔයා මොකද කියන්නේ ?

මචන්, මම ඔයාට තව දෙයක් කියලා දෙන්නම්. වින්ඩෝස් වල group policy editor එකට ගියාම අපිට පුලුවන් rights දෙන්න වෙන කාටවත් ඒ partition එක access කරන්න බැරි වෙන්න. ඒත් දන්නේ නැති එකෙක් ඕක වින්ඩෝස් තියෙන partition (C:) එකට කලොත් වෙන්නේ machine එක boot වෙන්නේ නැති එකයි. ඔයා මේක චෙක් කරන්න ඇති.ඒත් හැම පාර්ටිශන් එකකටම නෙවේ. ඒකයි වැරැද්ද. ඔයා දන්නවා නම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා කියන්න.

Radical78
10-17-2011, 07:22 PM

ඔයා ඔතන නෙමෙයි... MyComputer එක ඇතුලේ බලන්න.. අනිත් එක තමයි අපි ටිකක් හරි Computer ගැන දන්නවනම් Windows තියෙන partition එක හංගන්නේ නැහැනේ.. ඔයා කියපු නිසා මම ආයෙත් කරලා බැලුවා.. මගේ නම් හොඳටම වැඩ.. ඔයාට පේනවා ඇතිනේ වෙන කිසිම කෙනෙක් Negative Comment දාලා නැහැනේ..

mtchinthaka
10-17-2011, 07:31 PM

මචන්. මම බැලුවේ My Computer එකේ තමයි. වෙන තැනක නෙවේ. මෙතන පෙන්නුවේ දෙන Error Message එක. චෙක් කලේ My Computer වල තමයි.

CREATIVEN
10-17-2011, 07:35 PM
[/SIZE]
මචන්, මම ඔයාට තව දෙයක් කියලා දෙන්නම්. වින්ඩෝස් වල group policy editor එකට ගියාම අපිට පුලුවන් rights දෙන්න වෙන කාටවත් ඒ partition එක access කරන්න බැරි වෙන්න. ඒත් දන්නේ නැති එකෙක් ඕක වින්ඩෝස් තියෙන partition (C:) එකට කලොත් වෙන්නේ machine එක boot වෙන්නේ නැති එකයි. ඔයා මේක චෙක් කරන්න ඇති.ඒත් හැම පාර්ටිශන් එකකටම නෙවේ. ඒකයි වැරැද්ද. ඔයා දන්නවා නම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා කියන්න.

ඒක ඇත්ත C එකට දැම්මොත් ඉවලයි..
:yes:

mtchinthaka
10-17-2011, 07:36 PM
ඔයාට පුලුවන් නම් ඔයාගේ list volume details එක දන්න. එතකොට මම කියන්නම් මොන එකටද කරලා බලන්න ඕනේ කියලා.

Radical78
10-17-2011, 07:37 PM
මචන්. මම බැලුවේ My Computer එකේ තමයි. වෙන තැනක නෙවේ. මෙතන පෙන්නුවේ දෙන Error Message එක. චෙක් කලේ My Computer වල තමයි.

මචං මම දන්නේ මෙව්චරයි.. මේක වැඩ කරන්නේ නැහැ කියලා කියපු එකම කෙනා ඔයා.. මම මේක මගේ කොම් එකේ අද දවසට විතරක් 3පාරක් ටෙස්ට් කරා.. මගේ එකේ නම් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා..

බොරලුගොඩ
10-17-2011, 07:37 PM
methana hena seen ekak wage...mama oya wada gana hari hati danne natha :(

mtchinthaka
10-17-2011, 07:39 PM
ඒක ඇත්ත C එකට දැම්මොත් ඉවලයි..
:yes:

ඒකනේ. කවුරු හරි කෙනෙක් ඒක කියලා දෙනවා නම් අනිත් අයව දැනුවත් කරන්න ඕනේ C එකට කරන්න එපා කියලා. මෙතන වෙන ප්‍රශ්නේ මම දන්නවා. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඔයා ඒක දන්නේ නැතුව ඇයි එහෙම දැම්මේ කියලයි.

මොකද මමත් මුලින්ම ලොකු අමාරුවක වැටුනේ. බයත් වුනා. මොකද මගේ පර්සනල් ෆයිල් තියෙන එක. පස්සෙ නෙට් එකෙ හොයලා හදාගත්තේ.

mtchinthaka
10-17-2011, 07:40 PM
මචං මම දන්නේ මෙව්චරයි.. මේක වැඩ කරන්නේ නැහැ කියලා කියපු එකම කෙනා ඔයා.. මම මේක මගේ කොම් එකේ අද දවසට විතරක් 3පාරක් ටෙස්ට් කරා.. මගේ එකේ නම් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා..

ඔයාට පුලුවන් නම් ඔයාගේ list volume details එක දන්න. එතකොට මම කියන්නම් මොන එකටද කරලා බලන්න ඕනේ කියලා.

Radical78
10-17-2011, 07:48 PM
මෙන්න බලාගන්න...
http://img683.imageshack.us/img683/1091/67561608.jpg

මෙන්න කරාට පස්සේ...
http://img231.imageshack.us/img231/2097/69291535.jpg

mtchinthaka
10-17-2011, 08:13 PM
මෙන්න බලාගන්න...
http://img683.imageshack.us/img683/1091/67561608.jpg

මෙන්න කරාට පස්සේ...
http://img231.imageshack.us/img231/2097/69291535.jpg

මචන්. මේක ගැන කතා කරන්න දෙයක් නෑනේ. ඔයාගේ දුවන්නේ 7.

Radical78
10-17-2011, 08:21 PM
මචන්. මේක ගැන කතා කරන්න දෙයක් නෑනේ. ඔයාගේ දුවන්නේ 7.

පිස්සුද බං.. මගේ තියෙන්නේ XP දන්න දවසේ ඉදන්...

CREATIVEN
10-17-2011, 08:29 PM
මචන්. මේක ගැන කතා කරන්න දෙයක් නෑනේ. ඔයාගේ දුවන්නේ 7.

ආ දැන් 7 වලට වැඩ නැද්ද ,, ඒකතමා මගේ ඕක වැඩ නොකලේ...
:69:

mtchinthaka
10-17-2011, 08:50 PM
කමක් නෑ. මම කියන්නම් මොකද වුනේ කියලා. XP වලදී සමහර වෙලාවට පොඩි පොඩි file shared වෙලා වෙන partition වල වදිනවා. ඒකයි මගේ එකේ boot, system කියලා දෙකක් පෙන්වන්නේ. එහෙම තියෙන කිසිම එකකට ඕක කරන්න එපා. එතකොට එකෙන් ආයෙත් re-assign කරන්න දෙන්නෙ නෑ.

ඒත් windows 7 වලදී එහෙම වෙන්නෙ නෑ. ඒකෙදී අපි කවුරුත් දන්නවා E ඒකට වින්ඩෝස් දැම්මත් My Computer වලදී පෙන්වන්නේ E එක C කියලා. 7 වලට පුලුවන් වින්ඩෝස් තියෙන partition එක primary කියලා අරගෙන partition ටික re-order කරලා පෙන්වන්න.

සෝරෝ
10-17-2011, 10:47 PM
මොකෝ දැං ඔය කවුරුත් හාර්ඩ් එක හංගන්න දඟලන්නේ....... http://www.myemoticons.com/emoticons/images/msn/new-emoticons/acne.gif

මරු හිරා
10-21-2011, 08:55 PM
මොකෝ දැං ඔය කවුරුත් හාර්ඩ් එක හංගන්න දඟලන්නේ....... http://www.myemoticons.com/emoticons/images/msn/new-emoticons/acne.gif

ane mata nam kattiya kiyana dewal dakala meka kolanna baya hithuna alo

Angel_senuri
10-21-2011, 09:46 PM
wow! nice tip! thanks bro..
rep++