PDA

View Full Version : Extended Battery Life



mtchinthaka
10-28-2011, 11:48 PM
ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ආයු කාලය වැඩි කරගනිමු.

තාක්ෂණය දියුණු වීමත් සමඟ පරිගණකය අතේ ගෙනයා හැකි තරමට කුඩා වී ඇත. මෙම අතේ ගෙන යා හැකි පරිගණකයේ ඇති ඉතා වැදගත් කොටසක් වන්නේ බැටරියයි. බොහෝ දෙනෙක් ලැප්ටොප් එකක් පාවිච්චි කලත් නිවැරදි ලෙස බැටරිය පාවිච්චි නොකරන නිසා අවසානයේ සිදුවනුයේ බැටරිය අකාලයේ මරු දැකීමය. මෙම ලිපිය මඟින් බලාපොරොත්තු වනුයේ නිවැරදි ලෙස බැටරිය පාවිච්චි කරන ආකාරය පෙන්වා දීමයි.

බැටරි අග්‍ර පිරිසිදුව තබන්න.
බැටරි සම්බන්ධක අග්‍රවල කුණු දූවිලි, මලකඩ බැදී තිබීම නිසා ක්‍රියාකාරී බව අඩුවිය හැක. එම නිසා පරිඝණකය ක්‍රියාවිරහිත කර, බැටරිය පරිස්සමින් ගලවා ගන්න. ඉන්පසු ඇල්කොහොල් වැනි දෙයකින්(ඉතා වාෂ්පශීලී) ද්‍රව්‍යයකින් තෙත් කරගත් පුලුන් කැබැල්ලක් ගෙන එය මඟින් බැටරි අග්‍ර හා පරිගණකයේ අග්‍ර පිසදා ගන්න. ඉන්පසු හොඳින් වියළුණු පසු පරිගණකය නැවත් සම්බන්ධ කර ක්‍රියාත්මක කර ගන්න. මෙය මාස 2, 3 කට සැරයක් කරන්න.

බැටරිය නිවැරදිව ආරෝපණය කරන්න.
මෙය බොහෝ විට මතවාදයට ලක්ව ඇති කරුණකි. එක එක පුද්ගලයන් වෙනස් මත දරන අතර බැටරිය නිවැරදිව ආරෝපණය නොකිරීම බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු වේ. කාලයකට පෙර ලැප්ටොප් වල පැමිණියේ නිකල් (Ni) සහිත වූ බැටරිය. නමුත් වර්තමානයේ පැමිණෙන්නේ ලිතියම් අයන් (Li) බැටරිය. මෙම ලිතියම් අයන් බැටරිය අර්ධ වශයෙන් බැටරිය බැස ඇති අවස්ථාවකදී වුවත් නැවත් ආරෝපණය කිරීම හානිදායක නොවේ. නමුත් නිකල් සහිත බැටරිය එසේ කිරීම සුදුසු නැත. ඔබගේ බැටරිය කුමන වර්හයේද කියා බැටරියේ පිටුපස දක්වා ඇත. එසේම charger කෙතරම් හොඳින් ගැලපුනත් වෙනත් වර්ගයක charger බැටරිය charge කිරීම සඳහා පරිගණකයට සම්බන්ධ කිරීමෙන් වලකින්න.
ඔබගේ පරිගණකයේ භාවිතා වන්නේ නිකල් සහිත බැටරියක් නම්, හොඳින් සිහියේ තබා ගත යුතු කරුණ වන්නේ එය නැවත ආරෝපණය කිරීම සඳහා බැටරිය සම්පූර්ණයෙන්ම බැසිය යුතු බවයි.

පරිගණකය සිසිල් වීමට දෙන්න.
පරිගණකය රත් වීමේදී ඒ හා සම්බන්ධ අනෙකුත් උපාංග වල කාර්යක්ෂමතාවය අඩු වේ. විශේෂයෙන්ම බැටරියේ ආයු කාලය අඩුවේ. ඔබේ පරිගනකයට නිදහසේ හුස්ම ගත හැකි විය යුතු බව සිහියේ තබාගන්න. මෙයින් අදහස් කරන්නේ පරිගනකය ආවරනය නොවූ ස්ථානයක තිබිය යුතු බවයි.

Zen
10-29-2011, 07:10 AM
ela lap ekak use karana ayata hugak wadagath wewi

සෝරෝ
10-29-2011, 07:29 AM
අපි මේක කරන්න වැඩේ අල වෙයිද බං... http://www.myemoticons.com/images/emotions/sad/i-can-t.gif



ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ආයු කාලය වැඩි කරගනිමු.

බැටරි අග්‍ර පිරිසිදුව තබන්න.
බැටරි සම්බන්ධක අග්‍රවල කුණු දූවිලි, මලකඩ බැදී තිබීම නිසා ක්‍රියාකාරී බව අඩුවිය හැක. එම නිසා පරිඝණකය ක්‍රියාවිරහිත කර, බැටරිය පරිස්සමින් ගලවා ගන්න. ඉන්පසු ඇල්කොහොල් වැනි දෙයකින්(ඉතා වාෂ්පශීලී) ද්‍රව්‍යයකින් තෙත් කරගත් පුලුන් කැබැල්ලක් ගෙන එය මඟින් බැටරි අග්‍ර හා පරිගණකයේ අග්‍ර පිසදා ගන්න. ඉන්පසු හොඳින් වියළුණු පසු පරිගණකය නැවත් සම්බන්ධ කර ක්‍රියාත්මක කර ගන්න. මෙය මාස 2, 3 කට සැරයක් කරන්න.

mtchinthaka
10-29-2011, 07:35 AM
අපි මේක කරන්න වැඩේ අල වෙයිද බං... http://www.myemoticons.com/images/emotions/sad/i-can-t.gif

nahe machan. hemihita wede karanna. alcohol nethi nisa colon ekak use karanna

*maheshi*
10-29-2011, 07:41 AM
ඉතාමත් වැදගත් පොස්ට් එකක්.

You must spread some Reputation around before giving it to mtchinthaka again. ලු නේ

පොඩ්ඩා
10-29-2011, 08:05 AM
thanks macho :)

මරු හිරා
10-29-2011, 04:34 PM
ela mata nam godak watinawa... but You must spread some Reputation around before giving it to mtchinthaka again. :(

BLacK HuNTeR
10-29-2011, 04:48 PM
මට මේක ගොඩක් වටිනවා මචෝ...ස්තුතියි

Punisher
10-29-2011, 09:44 PM
එල එල අපිටනම් ඉතින් ලැප්ටොප් නෑ

mtchinthaka
10-29-2011, 10:15 PM
ඔන්න එහෙනම් ලැප්ටොප් නැති අයට මම ගානේ ලැප්ටොප් එකක්.

http://new.gimcomputers.com/images/d410.jpg

Punisher
10-29-2011, 10:19 PM
ඔන්න එහෙනම් ලැප්ටොප් නැති අයට මම ගානේ ලැප්ටොප් එකක්.

http://new.gimcomputers.com/images/d410.jpg

ඩෙල් එපා! :(

mtchinthaka
10-29-2011, 10:58 PM
ඩෙල් එපා! :(

නිකම් හම්බ වෙන අශ්වයාගේ දත් ගනින්න එපා.

gamage
10-29-2011, 11:03 PM
නියමයි මචන් මටත් හුගක් වටින ලිපියක්
රෙප්+

Roshika
10-29-2011, 11:05 PM
good thread machan

Fox2011
10-30-2011, 06:46 AM
ela
onna rep+

සෝරෝ
10-30-2011, 02:46 PM
ඒ වුනාට බයයි බං... නොදන්න ඒව කරන්න.... http://www.myemoticons.com/images/emotions/sad/i-can-t.gif


nahe machan. hemihita wede karanna. alcohol nethi nisa colon ekak use karanna

සෝරෝ
10-30-2011, 02:47 PM
ඕ, ඩෙල් හොඳ නැද්ද.... :D


ඩෙල් එපා! :(

LKnerd
10-31-2011, 06:57 AM
thanks machan info walata