PDA

View Full Version : අපේ ආදර කතාව අදින්පස්සේ ලියවෙන එකක් නැහැ



Crazy Buddy
11-04-2011, 01:56 AM
මම මේ කරන දේ කොචිචර දුරට හරිද වැරදි ද කියන එක ගැන මම දන්නෙ නැහැ.මට ඕනේ මගෙ කෑලි කෑලි වලට කැඩිලා ගිය හිත ආයෙත් හදා ගන්න නෙමේ. මොකද ඒක කැඩිලා තියෙන විදිහට ආයේ හදන්න මම කොචිචර උත්සහ ගත්තත් එක හදන්න බැහැ.ඒ හින්ද මම දැන් එකට මහන්සි වෙන්නෙ නැහැ.එකයි ඔයාට හැම තිස්සෙම හිතෙන්නේ මට තියෙන්නෙ කිසිම හැගිමක් දැනිමක් නැති ගල්ම ගල් හිතක් කියලා.මට ඕනේ වුනේ ඒ ගල් හිත යට තියෙන වේදනාව,දුක ඔයාට දැන්නේ දෙන්නේ නැතිව ඉන්න.ඉතින් එහෙම ඉන්න ඉන්න ඒ හිත තවත් ගල් වෙනවා.

මම කාට හරි ලං වුනොත් ඒ දේ මට නැති වෙනවා කියන එක මම පොඩි කාලේ ඉදන් අත්දැකපු දෙයක්.ඒක දැනටත් එහෙමයි.ඉස්සරහත් එහෙම වෙයි.ඉතින් මම හැම වෙලාවෙම හිතුවෙ කාවවත් ලං කර ගන්නෙ නැතිව තනියම ඉන්නවයි කියල.ඒත් මට නොදැනිම ඔයා මට ලංවෙලා.දැන් ආයෙත් මට තනියම ඉන්න පුරැදු වෙන්න කාලේ ඈවිත් කියලයි මට හිතෙන්නේ.


මට මේ කිසිම දෙයක් එපා කියලා දමලා ගහලා යන්න බැරි තරමට මගෙ හිතට බර පැටවිලා.ඒ ගැන හිත හිත අඩලා අඩලා මටම ඈති වෙලා.දැන් මට ඕනේ මගෙ ජිවිතේ එවා වෙනුවෙන් කැප කරන්න.ඔයා කියනවා වගේ මගෙ හිත ගල් කරගෙන ඉන්න තියෙනවා නම් , හැමදාම අද මට දැනෙන මේ දුක,ඇස් වලින් එන කදුලු වලට ඉඩක් නැති වෙන්න තිබුනා.


මගේ ආගමේ හැටියට තමන්ට අයිති නැති දේවල් වලට ආස කරන එක පවක්.එත් මම දැන දැනම ඒ පව කරනවා.ඔයාගෙන් ලැබෙන ආදරෙට මම ගොඩක් ලොබ වෙලා.ඒ හින්දා වෙන්න ඇති.මම මැරිගෙන ආදරේ කලත් කවමදාවත් ඔයා මගෙ නෙමේ කියලා මම දන්නවා.කිසිම තේරුමක් නැති නමක් නැති සම්බන්ධයක් අපි දෙන්න අතරේ තියෙන්නෙ කියලා ඔයා මට සැරෙන් සැරෙ මතක් කරලා දුන්නත්,ඒ සම්බන්ධෙට නැවතුම තියන්න හදද්දි ඔය තව අකුර අකුර එකතු කරනවා.පස්සෙ අකුරු වචන වෙලා වාක්‍ය වෙලා ඡේද වෙලා ආයෙත් පරණ කථාවම පටන් ගන්නවා.ඉවරයක් වෙන්නෙ නැහැ.

ඔයාට කියලා ජිවිතයක් තියෙන්න ඔනේ.ඔයා මා එක්ක ඉන්නකම් ගොඩාක් දුක් වින්දා.දුක පිටි පස්සෙ ඉන්න සතුට කවදා හරි ඔයා ගාවට ඒවි.ඒත් මම ඉන්නකම් කවම දාවත් එකවත් හම්බ වෙන්නෙ නැතිව යයි,ඒ තරමට මම අවාසනාවන්ත කොල්ලෙක්.මට ඕනේ මගෙ අවාසනාව ඔයාගෙන් ඇත් කරලා තියා ගන්න.


ඔයාගෙ සතුට බලන්න මම ආසාවෙන් බලන් ඉන්නවා.මං ගැන කවමදාවත් වැරදියට හිතන්න එපා.ඔයාගෙන් මට ලැබුන ආදරේ හැමදාම මම ආදරෙන් තියා ගන්නවා.මම ජීවත් වෙලා ඉන්නකම් එක පරිසමෙන් මම බලා ගන්නවා.ඒ දේ තරමි වටින දෙයක් මට කවුරැත්ම දීලා නැහැ.ඔයාගෙන් මට ලැබුන ආදරේට මට ස්තුති කරන්න බැහැ. එකට ගොඩාක් පින්.අද මම ඔයාගෙන් ඇත් වෙලා ගියත් ඔයාට ඕනේ වෙලාවට මම ඔයා ගාව ඉදිවි.ඒත් අපේ තේරුමක් නැති අරමුනක් නැති නමක් නැති ආදර කථාව නමි අදින් පස්සෙ ලියවෙන එකක් නැහැ.

dani_baba
11-04-2011, 07:20 AM
අපොයි...තවත් එක ආදරයක නිමාවද? :(

copper
11-04-2011, 07:50 AM
තවත් කොල්ලෙක්ට සපත්තු අඩියක් තැගි ලැබිලා වගේ..
ඔවා ඔහොම තමයි බන් ඇති විම නැති විම සමාන්‍යයයි

මරු හිරා
11-04-2011, 03:28 PM
මේක ගොඩක් මට බොක්කටම වැදෙන කතාවක් බන්..මට වෙච්ච සීන් 1ට ගොඩක් සමානයි :(

Shaggy
11-04-2011, 05:53 PM
මටත් දුකයි මචන්... :(

mtchinthaka
11-04-2011, 07:02 PM
අයියෝ, හරිම දුකයි. :(

Angel_senuri
11-04-2011, 09:22 PM
ane,,,paw..
:( :(
mama asama na katawathma mehema wenawata..

Punisher
11-04-2011, 09:23 PM
මොනා කරන්නද බන් ජිවිතේ හැටි

Crazy Buddy
11-05-2011, 11:48 PM
අපොයි...තවත් එක ආදරයක නිමාවද? :(
හ්ම්..


තවත් කොල්ලෙක්ට සපත්තු අඩියක් තැගි ලැබිලා වගේ..
ඔවා ඔහොම තමයි බන් ඇති විම නැති විම සමාන්‍යයයි
ඒක ඇත්ත මචං


මේක ගොඩක් මට බොක්කටම වැදෙන කතාවක් බන්..මට වෙච්ච සීන් 1ට ගොඩක් සමානයි :(
තෑන්ක්ස් මචං


මටත් දුකයි මචන්... :(
:no::no::no:


අයියෝ, හරිම දුකයි. :(
:(:(


ane,,,paw..
:( :(
mama asama na katawathma mehema wenawata..
:(:(:(:(:(


මොනා කරන්නද බන් ජිවිතේ හැටි
හ්ම්..ඒක ඇත්ත මචං..

sujeewa
02-05-2012, 05:13 PM
:'(:'(:'(:23_002::23_002: