PDA

View Full Version : Subtitles Portal - Force (2011) Sinhala Subtitles



HEDZ
11-22-2011, 10:40 PM
Force (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46))

http://www.zoom.lk/forums/downloads/subs/force2.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)





හින්දි චිත්‍රපටවලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ඔන්න තවත් මේ අවුරුද්දේ තිරගත වුන නියමම චිත්‍රපටයක් අරන් ආවා.මට මේ චිත්‍රපටයයි සබ් එකයි සෙනසුරාදා (19) තමයි හම්බුනේ.ඒ එක්කම මහේෂි එක්ක එකතු වෙලා දිනකින් ඉරිදා (20) වෙද්දි මේක ඉවර කරන්න හම්බුනා.චිත්‍රපටය ඉක්මනට දෙන්න ඕන නිසයි මේහෙම කලේ.තවත් පොඩි දෙයක් කියන්න හදන්නේ.එක මෙහෙමම අහන්නම් මම.මෙහෙම කියන්න ඇත්තටම අපි කැමති නෑ.එත් මොනවා කරන්නද කියන්නම වෙලා තියන නිසා ඔන්න කියලා දාන්න යන්නේ.

1.අපි කොහොමද සබ් ඉක්මනට දෙන්නේ?
ෆිල්ම් එකක් හම්බුනාම අපි සබ් දෙනවා කිව්වොත් අනිවාර්යෙන් අපි අපේ පොඩි හරි විවේක කාලය එක වෙනුවෙන් කැප කරන්න දෙපාරක් හිතන්නේ නෑ.අපිටත් වැඩ තියනවා නමුත් තියන වැඩ පොඩ්ඩකට හරි මගහැරලා අපි බාර ගත්ත සබ් එක පුලුවන් ඉක්මනින් ඉවර කරනවා.අපේ විවේන කාලයේන් 100%ක්ම සිංහල උපසිරැසි දාන කටයුත්තට අපි මහන්සිවෙනවා.අන්න එහෙමයි අපි ඉක්මනට උපසිරැසි දෙන්නේ.අනිත් එක තමයි අපි දන්නවා අපි සිංහල උපසිරැසි දුන්නම ඔය වෙන සයිට් වල ඉන්න ඇතැම් අය සිංහල උපසිරැසි දෙන්නේ ඉංග්‍රිසි උපසිරැසි ෆයිල් එක බලාගෙන නෙමෙයි අපේ සිංහල සබ් එක බලාගෙන.මොකද එතකොට ඉතින් ලේසිනේ.අනික අපි උපසිරැසි දුන්න ගමන්ම තමයි අනිත් අයටත් උපසිරැසි දෙන්න මතක් වෙන්නේ..

2.සමහරක් කියනවනේ ඉක්මනට දෙන උපසිරැසි බාග වැඩ කියලා.
අපි සිංහල විශා‍රදයන් නෙමෙයි පොඩි පොඩි වැරදි තියෙනවා.ඒ උනත් උපරිමයෙන් අපේ මහන්සිය යොදවනවා අපි සබ් එක බාර ගත්තු එක ඉක්මනට ඉවර කරන්න.වෙලාවක් අවේලාවක් නැතුව මහන්සිවෙන නිසා සමහර විට ගැණු ළමයා එවන මැසෙජ් එකට රිප්ලයි එකක්වත් යවන්න අමතක වෙනවා.මොකද සබ් එකේ වැඩ නිසා.අන්තිමට එයත් තරහා වෙලා(පස්සේ ඉතින් සබ් එක දාපු ෆිල්ම් එකම දුන්නම ශේප් කරගන්න පුලුවන් ;) ) ඒ වගේ ප්‍රශ්නවලටත් මූන දිලයි ඉක්මනට සිංහල උපසිරැසි දෙන්නේ.

උඩ තිබුන ප්‍රශ්න උත්තර මගෙන් උනාට පල්ලෙහා තියන එවා අපේ ඇඩ්මින්ගේ පිළිතුරු.

3.කොහේ හරි දිලා තියන උපසිරැසි එකකට මේ සයිට් එකෙන් ආපහු උපසිරැසි දෙනවද?
කොහේ හරි වෙබ් අඩවියක සිංහල උපසිරැසි දිලා නම් ඒක ආපහු කෙනෙක් අලුතෙන්ම සබ් දාලාදෙන්න හැදුවොත් අපි එයාට එපා කියනවා.හැබැයි ඒ සබ් එක දෙන්නේ ඒක කලින් දුන්න හිමිකාරයාම නම් ඒ කියන්නේ උපසිරැසි එක දාපු කෙනාම නම් අපි දානවා.එහෙම නැතුව කාටවත් අලුතෙන් දාන්න කියන්නේ නෑ මොකද මොනදේ කිව්වත් නෙට් එකට සබ් එකක් දැම්මම ගුගල් එකේ සර්ච් කලාම සබ් එක එනවා.ඉතින් ඔක හොයාගෙන ගන්න දන්නේ නැති අය නෙමෙයි අද ඉන්නේ.අනික අලුතෙන් ආව ෆිල්ම් එකක් මොන කතන්දර කිව්වත් වෙන කොහේ හරි දිලා තියනවා නම් ඉන්න හුගක් අය දිලා තියන තැනින් අරන් බලනවා මිසක් අයේ වෙන තැනකින් දෙනකම් ඉන්නෙ නෑ.හුගක් අයට මම කියනවා උපසිරැසි එකක් දෙන්න කලින් කියන්න කියලා.සමහර අය දන්නවා ඇති සමහර ෆිල්ම් ගැන කිව්වම මම කියනවා මේකට දාන්න එපා මේක ටිවි එකේ ගිහින් තියනවා කියලා.එහෙම කියන්නේ තරහකට නෙමෙයි.ඔයාලා මහන්සිවෙලා කරන සබ් එකට අගයක් දෙන්නයි.නැතුව මටත් ඔයාලා දෙන්න හදන ඕන එකක් ඔහේ දාලා දාන්න පුලුවන්.

4.මේකේ කිහිපයක් වෙන සයිට් වලින් කලින් උපසිරැසි දුන්න එවා තියනවනේ.
ඔව් ඒක තමයි මම කලින්ම කිව්වේ සබ් එකේ අයිති කෙනාම අපෙන් අහනවා මම වෙන එකකට සබ් දුන්නා අපි මේකටත් මගේ ඒ සබ් එක දෙන්නද කියලා.මම එතකොට දානවා.නැතුව ඒ සබ් එක අලුත් කෙනෙක් දෙන්න යනවා නම් එපා කියනවා.උදාහරනයක් කිව්වොත් ALIVE ෆිලම් එක දුන්නේ වෙන වෙබ් අඩවියක පලකරපු ඒ සබ් එක කරන කෙනාමයි අපිටත් පුලුවන් කියන්න එක එක තැන්වල දිපු උපසිරැසි මේකට එපා කියන්න.නමුත් අපි එච්චර පටු අදහස් තියන අය නෙවෙයි.මම හැමදාම කියන්නේ මේක ඔයාලගේ සයිට් එක ඔයාලට ඕන විදියේ වෙනස් කමක් කරන්න හරි අපි හැමවෙලාවෙම ලැස්තියි.

5.මේකෙන් දුන්නත් වෙන එවගේ දැම්ම ගමන් සැහෙන්න අය ගන්නවලුනේ..
වෙන්න ඇති එක නෑ කියන්න බැ.හැබැයි,ඒක ඇත්ත කියන්නත් බෑමොකද ඔච්චර ගන්නවා කියන්නේ එයාලමයිනේ.අපේ නම් සබ් එක ගන්න ගාන ඕන කෙනෙක්ට බලන්න පුලුවන්.අනික රෙජිස්ට්ර් වෙලා ගන්න නිසා අපිට download log එකට ගියාම ගත්තේ කවුද කොයි වෙලාවේද කියලා බලන්න පුලුවන්.නමුත් එහෙම නැති එවගේ මෙච්චර අපෙන් ගත්තා කියලා කියන්නෙත් ඒ අයම තමයි.මොකද ප්‍රසිද්ධියේ දාලා නෑ නේ.එයාලට ඕන නම් එක 1000ක් 2000ක් ගත්තා කියන්න පුලුවන් ඉතින් විශ්වාස කරන්නේ කොහොමද?අනික අපේ ටොරන්ට් එක කිදෙනෙක් ගන්නවද කියලා නම් දන්නේ නෑ.මොකද අපි ලබා දෙන ටොරන්ට් එක අ‍පිට අයිති දෙයක් නෙවෙයි.එක ඩවුන්ලොඩ් කරගන්නේ කියද කියලා කවුන්ටර් එකක් දාන්න අපිට උවමනාවක් නෑ.අනික අපේ යාලුවෝ වගයක් දැන් කලින්ම එයාලා සබ් දෙන එකේ ටොරන්ට් එක දෙනවා.එක හොද අදහසක්.මොකද එතකොට සබ් එක දුන්න ගමන් අරන් බලන්න පුලුවන්නේ.

6.ZOOM.LK මොන සයිට් එකකට හරි විරොධිව හරි සිංහල උපසිරැසි දෙන්න විතරක් ආපු එකක්ද?
අපිට කාටවත් බනින්නවත් මඩ ගහන්නවත් උවමනා නෑ.අපිට පුලුවන් විදියට උදව් කරන්න අපි ඕන කෙනෙක්ට කැමතියි. අනික මේ වෙබ් අඩවිය පටන් ගත්ත මොන හේතුවක් නිසාද කියලා කිහිපදෙනෙක් දන්නවා.ඇත්තටම ඒක ලොකු ඉලක්කයක් එකට හිමින් හිමින් අපි යනවා.ඒක කොහොම හරි ඉක්මනටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.රටේ තියන තත්වය අනුව ටිකක් අපේ ඉලක්කයට යන එක අමාරු වැඩක්.අන්න එකයි අපේ ඉලක්කයට යන එක පොඩ්ඩක් ප්‍රමාද වෙන්නේ.

අනිත් එක මම කියන්නම ඕන අපිට උපසිරැසි දිලා දිරිමත් කරන තාරක/දර්ශන/මහේෂී/සුරංග/නුවන්/සෙනුරි/චින්තක/අමිල කියන zoom.lk උපසිරැසි කණ්ඩායමේ මේ හැමොටම ස්තුතියි. අද අපේ වෙබ් අඩවිය කුමන හෝ තැනක තියනවා නම් හෝ ජනප්‍රිය නම් ඒ මොවුන් කිප දෙනාගේ කැපවිම නිසා බව අනිවාර්යෙන් මතක් කල යුතුයි.



මේ ටික දැම්මේ මොකද කියලා බලනවා ඇති නේද?මමයි ඉතින් ඇඩිමින්ට මේහෙම දාමු කිව්වේ.එකයි එයාගෙනුත් අදහස් අරන් දැම්මේ කට්ටිය දැනගන්නත් ඕන නේ.හරි ෆිල්ම් එක ගැන විස්තරයක් ඕනද?එපා වගේ නේද?එහෙනම් ඩවුන්ලොඩ් කරගෙනම බලන්න.සබ් එක දාන්න උදව් කරපු මහේෂිට හුගක් ස්තුතියි.එහෙනම් ඔන්න බලලා කමෙන්ට් එකක් දාන්න.සමහර විට දැන් මේකේ සබ් එක දැම්ම නිසා ඔන්න වෙන සයිට් වලට චාන්ස් එක තියනවා එයාලත් ලගදිම දෙනවා කියලා උපසිරැසි බාර ගැනීම් ලිස්ට් එකට මේ ෆිල්ම් එකත් දාලා දාන්න.මොකද දැන් එහෙමනේ වෙන්නේ නේද :D කවුරු මොනවා කිව්වත් හොදම දේ කලින්ම දෙන්නේ ZOOM.LK එකේ උපසිරැසි දාන අපේ කණ්ඩායම තමයි.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත (Punisher) (http://www.zoom.lk/forums/members/punisher.html) සහ හසිතා මහේෂි කපුගමගේ (maheshi) (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි

RaviTH
11-22-2011, 11:10 PM
එල මම ඔන්න ගත්තා අපේ සූම් කොල්ලන්ට සිංහල උපසිරැසි තව තවත් දෙන්න පුලුවන් වෙන්න ඕන!

Demax
11-22-2011, 11:15 PM
onna machan mamath gaththa.
kiyanna ona ewa tika sub eka laga kiwwa onna :D

Gecko
11-22-2011, 11:21 PM
නියමයි මචෝ..ඔන්න බාන්න දැම්මා

tharaka
11-23-2011, 12:17 AM
එක දවසකින් සබ් එක දුන්න ඔය දෙන්නටම ස්තූතියි.මහේෂි සහ පනිෂර් කියන දෙන්නා ZOOM එකට හොඳ සේවයක් ලබාදෙන පැරණිම සමාජිකයින් දෙදෙනෙක්. නවක අපි ඔවුන්ව සහ ඔවුන්ගේ සේවය අගය කල යුතුයි.දැන් දිනෙන් දින ZOOM එක ජනප්‍රිය වෙනවා, බැදෙන සාමාජිකයින් සංඛ්‍යාවත් දිනෙන් දින වැඩිවෙනවා.මේ දියුණුව වෙනත් අයට ප්‍රශ්ණයක් වෙලාද ?

පසුගිය දවස්වල ඇතිවු ප්‍රශ්ණවලට ඔන්න පිළිතුරු ලැබිලා.හරියටම උත්තර දිලා තියෙනවා.මේ ප්‍රශ්ණ ඇතිවුයේ මගේ සබ් දෙකක් සම්බන්ධවයි.මං සබ් ලයින් දාන්නේ ෆිල්ම් එක බලද්දි ඒ ඒ අවස්ථාවට මට හැගෙන දේ අනුවයි.වෙනත් කෙනෙකුට මං වගේම සබ් දාන්න බැහැ.මොකද මට හැගෙන දේ මං ඒ අවස්ථාවේ දාන්නේ.අනිත් අයට හැගෙන දේ අනිත් අය දාන්නේ .පොඩ්ඩක් හිතන්න එකම ෆිල්ම් එකට 10 දෙනෙක් සබ් දැම්මත් සබ් දහයේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්.මට කණගාටුවෙන්න දෙයක් නැහැ මොකද මගේ සබ් එකේ අඩුපාඩු වෙනත් තැනක දාලා හරියන්නේ නැහැ. මං සබ් එක දුන්නේ ZOOM එකට ඉතිං එතන තමයි මගේ අඩුපාඩු ගැන comment දාන්න හොඳම තැන.

සමහරක් කියනවනේ ඉක්මනට දෙන උපසිරැසි බාග වැඩ, ෆිල්ම් එකේ තියෙන්නේ වෙන දෙයක් සබ් එකේ තියෙන්නේ වෙන බයිලයක් කියලා. ඔවුන්ගෙන් කෙනෙක් මෙහෙම ඇහුවොත් මොකද වෙන්නේ ( වෙනත් කෙනෙක්ගේ සබ් එකක හැම ලයින් එකක්ම බලාගෙන පොඩි පොඩි වෙනස්කම් කර සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු හදමින් මේක තමයි සුපිරිම ,හොඳම සබ් එක කියා තමන් විසින්ම අගය කල සබ් එකක් සුපිරි සබ් එකක් වෙයිද ? අනික සබ් දාන අමාරුව දන්නේ සබ් දාන අය විතරයි .අනුන්ගේ සබ් එකක් අරගෙන සමහර තැන් වෙනස්කර අඩුපාඩු පමණක් හදන එක හරිම ලේසියි.

තවදෙයක් කියන්න ඕන සබ් එකත් එක්ක ෆිල්ම් එක බලලා comment එකක් දානවනම් ගොඩක් හොඳයි.මොකද එතකොට තමයි සබ් එකේ වැරදි තැන් අඩුපාඩු හමුවෙන්නේ, හොඳද නරකද කියලා හරියටම කියන්න පුළුවන්නේ.වැරදි අඩුපාඩු පෙන්නුවා කියලා අපි ඔයාලත් එක්ක තරහා වෙන්නේ නැහැ.ඒක අපිව තවත් දිරිමත් කිරිමක් විතරයි.

මේ ෆිල්ම් එක හොඳයි කියලා තිබුණා.තාම බැලුවේ නැහැ.නැවතත් දෙන්නටම ස්තූතියි. RA ONE ෆිල්ම් එකටත් ඔය දෙන්නටම සබ් දෙන්න කියලා ඉල්ලා සිටිනවා . ස්තූතියි

මරු හිරා
11-23-2011, 07:00 AM
onna machan mamath gaththa.

HEDZ
11-23-2011, 07:19 AM
තවදෙයක් කියන්න ඕන සබ් එකත් එක්ක ෆිල්ම් එක බලලා comment එකක් දානවනම් ගොඩක් හොඳයි.මොකද එතකොට තමයි සබ් එකේ වැරදි තැන් අඩුපාඩු හමුවෙන්නේ, හොඳද නරකද කියලා හරියටම කියන්න පුළුවන්නේ.වැරදි අඩුපාඩු පෙන්නුවා කියලා අපි ඔයාලත් එක්ක තරහා වෙන්නේ නැහැ.ඒක අපිව තවත් දිරිමත් කිරිමක් විතරයි.

අනිවාර්යෙන් මොකද අපේ වැරද්දක් තියනවා නම් පිට තැනක කියලා හරි යන්නේ නෑ.ඒක අපිට මේතනදිම කිව්වා නම් හරි.අපි දන්නවා අපි සිංහල උපසිරැසි දුන්නම ඔය වෙන සයිට් වල දාන්නේ ඉංග්‍රිසි උපසිරැසි ෆයිල් එක බලාගෙන නෙමෙයි අපේ සිංහල සබ් එක බලාගෙන.මොකද එතකොට ඉතින් ලේසිනේ.අනික අපි උපසිරැසි දුන්න ගමන්ම තමයි අනිත් අයටත් උපසිරැසි දෙන්න මතක් වෙන්නේ..

CREATIVEN
11-23-2011, 07:47 AM
මෙතනින් ෆිල්ම් එකේ සිංහල උපසිරැසි අරගන්න අය වෙන සයිට්වල තම අදහස් දාන්නෙ නැතිව මේකෙම දානවනම් හොඳයි..
මෙහෙන් උපසිරැසි අරගෙන නම් වෙනස් කරල තවත් තැන් වල දානව මට අතටම අහු වුනා..
එහෙම ජරා / හොර / මූසල වැඩ නොකරන්න කියල මෙතනින් සබ් ගන්න යාලුවන්ගෙන් ඉල්ලා සිටිනව..
අපි වරදක් දැක්කොත් ඒක පෙනල දෙනව, ඒත් අහන්නෙම නැතිනම් අපෙත් සීමව පනිනව..
මම නම් ඉංග්‍රීසි විශාරද කෙනෙක් නෙමෙයි මම උපසිරැසි කරන්නෙ මගේ ඉංග්‍රීසි දැනුම තව තවත් පුළුල් කරගන්නයි..
උපසිරැසි දාත්දි අපෙන් වෙන පරිවර්තන දුර්වලතාගැන මම නම් කණගාටුවෙනව.. ඒ ගැන අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලනව..

ඔන්න සබ් එක ගත්ත..
ෆිල්ම් එක අරගෙන එන්න ඕන දැන්..
ෆිල්ම් එක බැලුවම ආයෙ කොමෙන්ටුවක් දාන්නම්...
:)

*maheshi*
11-23-2011, 07:49 AM
කියන්න තියන දේ කෙලින්ම කියලා තියන එක හොදයි.RA ONE ෆිල්ම් එකටත් අනිවාර්යෙන් සබ් දෙන්නම්

සෝරෝ
11-23-2011, 08:00 AM
මොකක්ද වෙලා තියෙන සීන් එක...

කොහොම වුනත් සබ්ටයිටල් කොපි කරන එක ඉස්සර ඉඳන්ම වෙච්ච දෙයක්.. ඒකනිසා මම නම් හිතන්නේ ඒකට තරහා අරං වැඩක් නෑ කියලා.. මම නම් ඒ වගේ වෙලාවට සතුටු වෙනවා.. එහෙම ගන්න එක ගැන.. මොකද අපේ දේවල් ලස්සන නිසා තමයිනේ අනිත් අය කොපි කරන්නේ... (මටත් වෙලා තියෙනවා මගේ කවි නිසඳැස් හොරකන් කලා ඉස්සර.. ළඟදී නම් අහු වුනේ නෑ..)

හරි ඒවයින් වැඩක් නෑ.. ඔන්න සබ් එක මමත් ගත්තා.. රෑට බලන්නෝන..

සෝරෝ
11-23-2011, 08:01 AM
මොකක්ද වෙලා තියෙන සීන් එක...

කොහොම වුනත් සබ්ටයිටල් කොපි කරන එක ඉස්සර ඉඳන්ම වෙච්ච දෙයක්.. ඒකනිසා මම නම් හිතන්නේ ඒකට තරහා අරං වැඩක් නෑ කියලා.. මම නම් ඒ වගේ වෙලාවට සතුටු වෙනවා.. එහෙම ගන්න එක ගැන.. මොකද අපේ දේවල් ලස්සන නිසා තමයිනේ අනිත් අය කොපි කරන්නේ... (මටත් වෙලා තියෙනවා මගේ කවි නිසඳැස් හොරකන් කලා ඉස්සර.. ළඟදී නම් අහු වුනේ නෑ..)

හරි ඒවයින් වැඩක් නෑ.. ඔන්න සබ් එක මමත් ගත්තා.. රෑට බලන්නෝන..

වයර් ෂෝට්
11-23-2011, 10:27 AM
කවුද කෙනෙක් කිව්වා වගේ ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ.ගහන්න ගහන්න කිසිම ප්‍රශ්ණයක් නැහැ.අන්තිමෙදි එයාලටම ගල් ගහන එක එපා වෙයි.සබ් ගැන අඩු පාඩු තියෙනවනම් මේකේ දාන්න වෙන කොහෙවත් දාන්න එපා.අපි මෙතන්ට එන්නේ මේක හොඳ දෙයක් දෙන නිසයි.ඇතැම් අයට ඇහේ කටු අනිනවා වගේ ඇති නමුත් කරන්න දෙයක් නැහැ.ඇත්ත තිත්තයිනේ.ඉදිරියටත් ZOOM එකෙන් හොඳ දේවල් දෙන්න.අපි අපේ ගමන ඉදිරියටම යමු නොසැලි.සබ් දෙන හැම කෙනාටම ගොඩක් පින්

පොඩ්ඩා
11-23-2011, 12:25 PM
බොහොම ස්තුතියි මචන් සබ් වලට ඔයාලා නියම වැඩක් කරන්නේ..

මෙන්න මේ ටිකත් මම කියන්නම්.අපි හැමතැනින්ම සබ් ගන්නවා වගේම ඒ අයව අගේ කරනවා.
අනික කලින් දෙන්නේ කවුද අපි එක අනිවා බලනවා.අනිත් එක තමයි හැමදාම ඔන කෙනෙක්ට අංක 1වෙලා ඉන්න බෑ හොද තරග කාරයෙක් අවම දෙවෙනියා වෙනවා.එක තමයි ලොකේ හැටි.දැන් සූම් එක සිංහල උපසිරැසි අතින් අංක 1 බව අපි දන්නවා.මොකද අලුත්ම ෆිල්ම් ඉක්මනට දෙන නිසා. :yes:
සමහර ඉන්නවා තමන්ගේ පරාජිත බව දරාගන්න බැරි උනාම හිතේ දුකට එක එක එවා කියනවා.එවා ඔයාලා ගනන් ගන්න එපා.අපි ඔයාලා එක්ක හැමදාම ඉන්නවා.සූම් එක දැන් අංක 1 තත්වය ඉස්සරහාටත් ආරක්ෂා කරගන්න කියලා අපි සූභ පතනවා එක හිතින්ම.

Zen
11-23-2011, 12:37 PM
thanks machans la sub ekata

LKnerd
11-23-2011, 12:55 PM
oyala hoda wadak karanne.onna mama DL karana thanath comment ekak damma

copper
11-23-2011, 01:19 PM
කවුරු මොනා කිව්වත් අපිට සූම් එකෙන් දෙන සබ් හොදා

Mal Baba
11-23-2011, 01:32 PM
සූම් එකේ සබ් තමයි මම දැනට යූස් කරල තියෙන සිංහල සබ් ලෙහෙසියෙන් ඩවුන් කරගන්න පුලුවන් වීම සහ යාලුවන්ගේ ක්‍රියාවන් අගයකිරීමට

ඇත්තටම සමහර ෆිල්ම් බැලුවෙ නැතත් මේක පබ්ලිශ් කරපු ගොඩක් ෆිල්ම් වල සබ් මම අරගෙන තියෙනවා.මේ වගේ දේවල් අගය කරන්න ඕනා ඇත්තම කිව්වොත් අපි,ඒ විතරක්ද ඩීවීඩී ගහල ගෙවල් වලටම තැපැල් කරන එවා ලෙහෙසියෙන් කරන පුළුවන්ද දේවල්ද,එකෙන්ම මේ දේවල් දිගටම කරගෙන යන්න,

මේ සබ් එකටත් තෑන්ක්ස් කිව්ව ෆිල්ම් එක කලින් බෑවා සබ් එක එනකම් හිටියෙ
ස්තුතී

Viraj_rox
11-23-2011, 02:25 PM
ස්තුතියි අපි හැමදාම සූම් එක්ක

Punisher
11-23-2011, 07:20 PM
මොකක්ද වෙලා තියෙන සීන් එක...

කොහොම වුනත් සබ්ටයිටල් කොපි කරන එක ඉස්සර ඉඳන්ම වෙච්ච දෙයක්.. ඒකනිසා මම නම් හිතන්නේ ඒකට තරහා අරං වැඩක් නෑ කියලා.. මම නම් ඒ වගේ වෙලාවට සතුටු වෙනවා.. එහෙම ගන්න එක ගැන.. මොකද අපේ දේවල් ලස්සන නිසා තමයිනේ අනිත් අය කොපි කරන්නේ... (මටත් වෙලා තියෙනවා මගේ කවි නිසඳැස් හොරකන් කලා ඉස්සර.. ළඟදී නම් අහු වුනේ නෑ..)

හරි ඒවයින් වැඩක් නෑ.. ඔන්න සබ් එක මමත් ගත්තා.. රෑට බලන්නෝන..

සබ් කොපි කරපු එකක් නෙමෙයි කොල්ලෝ...කවුදෝ පඩිතුමෙක් කියලා ඉක්මනට සබ් දෙන්නේ බාගෙට දාලාලු.අර කියනවනේ තමන් ගේ ඇහේ පොල්කෙන්ද පෙන්නේ නෑ අනුන්ගේ ඇහේ තියන පොල් පරාලේ පෙනවා කියලා.එකටයි මේ කිව්වේ.

Mal Baba
11-23-2011, 08:01 PM
සබ් කොපි කරපු එකක් නෙමෙයි කොල්ලෝ...කවුදෝ පඩිතුමෙක් කියලා ඉක්මනට සබ් දෙන්නේ බාගෙට දාලාලු.අර කියනවනේ තමන් ගේ ඇහේ පොල්කෙන්ද පෙන්නේ නෑ අනුන්ගේ ඇහේ තියන පොල් පරාලේ පෙනවා කියලා.එකටයි මේ කිව්වේ.

Kawuda Ehema Karala Thiyenne
Ehema Kiyala Thiyenne Mokada
Bageta Dala Ne Full Film Ekama Sub Duwanawa
Api Balanne Ekane Zoom Eke Sub

Punisher
11-23-2011, 08:09 PM
Kawuda Ehema Karala Thiyenne
Ehema Kiyala Thiyenne Mokada
Bageta Dala Ne Full Film Ekama Sub Duwanawa
Api Balanne Ekane Zoom Eke Sub

තව එකයි සිංහල සබ් එකක් දෙන සයිට් තියෙන්නේ එකේ තමා ඔන්න.එයාලගේ සබ් හොදයි ලුනේ..ලගදි හැබැයි එයාලා දාපු සබ් එකක් බැලුවා එකේ ඉංග්‍රිසි ලයින් සමහර එවත් යනවා..සමහර සබ් දාලාත් නෑ.අපි නම් හැම වචනයක් ම පේන වචන වලට පවා සබ් දානවා.කමක් නෑ හිතේ දුකට කියන කතානේ.

Mal Baba
11-23-2011, 08:20 PM
තව එකයි සිංහල සබ් එකක් දෙන සයිට් තියෙන්නේ එකේ තමා ඔන්න.එයාලගේ සබ් හොදයි ලුනේ..ලගදි හැබැයි එයාලා දාපු සබ් එකක් බැලුවා එකේ ඉංග්‍රිසි ලයින් සමහර එවත් යනවා..සමහර සබ් දාලාත් නෑ.අපි නම් හැම වචනයක් ම පේන වචන වලට පවා සබ් දානවා.කමක් නෑ හිතේ දුකට කියන කතානේ.
මමත් මේ තව එකෙක් එක්ක එකතුවෙලා එකක් හැදුවා 25% ඉවර උනාම ඒක නවත්වන්න උනා ඉහළින් ආපු ඕඩර් එකකට වෙන ෆිල්ම් එකකට දාන්න බලන්න ඕනේ

Punisher
11-23-2011, 08:24 PM
මමත් මේ තව එකෙක් එක්ක එකතුවෙලා එකක් හැදුවා 25% ඉවර උනාම ඒක නවත්වන්න උනා ඉහළින් ආපු ඕඩර් එකකට වෙන ෆිල්ම් එකකට දාන්න බලන්න ඕනේ

ඒ මොකෝ ඒ? :?:

Mal Baba
11-23-2011, 08:33 PM
ඒ මොකෝ ඒ? :?:

වෙන කස්ටිය බාරගෙන ලුනෙ ශිට් වෙන හොද ෆිල්ම් එකක් බලන්න ඕනා පොඩ්ඩක් ඉන්න කෝ

Punisher
11-23-2011, 08:44 PM
වෙන කස්ටිය බාරගෙන ලුනෙ ශිට් වෙන හොද ෆිල්ම් එකක් බලන්න ඕනා පොඩ්ඩක් ඉන්න කෝ


IMDb - 11-11-11 (2011) (http://www.imdb.com/title/tt1712159/)
ෆිල්ම් එකට සබ් දාපන් අලුත් එකක් නේ

CREATIVEN
11-23-2011, 09:22 PM
IMDb - 11-11-11 (2011) (http://www.imdb.com/title/tt1712159/)
ෆිල්ම් එකට සබ් දාපන් අලුත් එකක් නේ

Ratings: 4.2/10 from මදි නේහ්.. චා වෙනැති..

Mal Baba
11-24-2011, 11:36 AM
IMDb - 11-11-11 (2011) (http://www.imdb.com/title/tt1712159/)
ෆිල්ම් එකට සබ් දාපන් අලුත් එකක් නේ


Ratings: 4.2/10 from මදි නේහ්.. චා වෙනැති..

Mama Oka Down Karala Balala Wamane Dala
Delete Kara LoL

sts
11-24-2011, 09:02 PM
Film 1ke bagayak beluwa ituru tika balanna hadanakota dekke sub 1ka dala.

:) :) :)

chathura1020
11-24-2011, 09:48 PM
Mokadda aula

Mal Baba
11-24-2011, 10:21 PM
Film 1ke bagayak beluwa ituru tika balanna hadanakota dekke sub 1ka dala.

:) :) :)
Mama Full Film Eka Beluwa Aye Sub Ekath Ekka Beluwa Ela Ela

MANJU
11-25-2011, 01:05 AM
මටත් ගේමට බහින්න වෙයි වගේ
බලමු ටිකක් වටයක්ම වනල දානව ඉතිං ඔන්න ආයි කියන්නෑ

Anushiz
11-27-2011, 05:28 PM
thanks lot 2natama :):

zoomboy
02-09-2012, 12:38 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

yevon1992
08-31-2012, 05:43 PM
elz

rangak3
07-04-2013, 01:32 PM
eLzzzzzzz

shashi1987
07-05-2013, 08:18 AM
Thanks

thilanka mihiranga
07-05-2013, 09:00 AM
ඔන්න මමත් ගත්තා. සබ් එකට ස්තූතියි.

naduniza83
07-05-2013, 09:23 AM
:rolleyes: