PDA

View Full Version : "භාෂා හෙළකුරු" එළිදකී



සෝරෝ
12-04-2011, 09:16 AM
ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී!

ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන.

මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි සිංහල කියවන්න පුළුවන් උනත් සිංහලෙන් ලියන්න (යතුරු කරන්න) නොහැකි වීම. මොකද සිංහල වෙබ් අඩවි කියවීම විතරක් නෙමෙයි සිංහලෙන් යතුරු කිරීමත් අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු අවශ්‍යතාවයක්. සිංහලෙන් ටයිප් කරන්න විදියක් නැති උනොත් අපිට සිංහලෙන් search කරන්නවත්, සිංහලෙන් බ්ලොග් ලියන්නවත්, facebook එකේ සිංහලෙන් කමෙන්ට්ස් දාන්නවත් විදියක් නැති වෙනවා.

http://4.bp.blogspot.com/-8Du8Uvke8uI/TtqOFOmK46I/AAAAAAAABfQ/xDRicGmrKvM/s640/Screenshot.png

ඉතිං භාෂා හෙළකුරු නිර්මාණය බිහිවෙන්නෙ ඔන්න ඔය ගැටළු සියල්ලටම පොදු පිළියමක් වශයෙන්. ඒ වගේම දැයේ සහ බසේ අවශ්‍යතාවක් වශයෙන්. හෙළකුරු සිංහල යතුරුපුවරුව සහ සිංහල අකුරු ඇතුළත් කිරීමේ ක්‍රමය (Helakuru Sinhala Keyboard Layout+IME) නිර්මාණ‍ය වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඕනෑම තැනක සිංහලෙන් යතුරු කළ හැකි ලෙසින්. එනම් SETT බ්‍රව්සරයේ විතරක් නෙමෙයි, messages, facebook, twitter, Gmail වැනි ඕනෑම app එකක් තුළ පවා හෙළකුරු භාවිතා කර සිංහලෙන් යතුරු කරන්න පුළුවන්.

මේ සඳහා භාවිතා වෙන්නෙ ජංගම දුරකථන සඳහා ප්‍රායෝගිකව පහසුතම ආකාරයෙන් සැකසූ ශබ්දානුකූල යතුරු පුවරු සැකැස්මක් (phonetic keyboard layout). මෙම හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව ද වෙනවා.

http://1.bp.blogspot.com/-t6Ab9KL2Ww4/Ttp1x6wezYI/AAAAAAAABfA/-zGRgcqGOEA/s1600/Helakuru-launch.png
විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් BMICH හිදී භාෂා හෙළකුරු එළිදැක්වීමට එක්වුනු අවස්ථාව


භාෂා හෙළකුරු යතුරුපුවරුව ලබාගන්නෙ කොහොමද?
ඔබේ Android දුරකථනයෙන් Android Market වෙත ගොස් Helakuru සඳහා සොයන්න.
Helakuru යතුරුපුවරුව බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරන්න.
අකුරු ලිවිය යුතු තැන long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.
ඒත් ඔය යතුරු කරන සිංහල පෙනේවිද?
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කර තිබෙන හෝ නොතිබෙන ඕනෑම කෙනෙකුට දැන් ඉතිං ඔය ප්‍රශ්නෙ අනිවාර්යෙන් මතුවෙන්න ඇති. මොකද එය තර්කානුකූලයි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවමත් සිංහල සහය නැත්නම් අපි මේ ටයිප් කරන සිංහල පේන්න විදියක් නෑ. ඔව් ඒක හරි. ඒත් එහෙමයි කියලා අපිට මුකුත් නොකර ඉන්න බෑනෙ නේද? අන්න ඒ නිසයි ඒ ගැටළුවට හෙළකුරු වෙතින් මෙවැනි පිළියමක් සැපයෙන්නෙ.

http://1.bp.blogspot.com/-8pHe926erEE/TtqNkyKN0RI/AAAAAAAABfI/-ZF9vVWA8vM/s400/Bhasha+Helakuru+Sinhala+Keyboard.png

හෙළකුරු යතුරුපුවරුව ඔබ කලින් කියූ ආකාරයට ක්‍රියාත්මක කළාට පස්සෙ ඔබට පෙනෙ‍යි ඉහත ආකාරයේ යතුරු පුවරුවක් ඔබ අකුරු ඇතුළත් කරන තැනක් tap කරන හැම විටකදිම දිස්වෙනවා. මේ තමයි හෙළකුරු යතුරුපුවරුව. මෙහි පහළ වම් කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.

මේ බොත්තමෙන් ඔබ සිංහල භාෂාව තේරූ විට ඔබට පෙනෙයි ඉහත රූපයේ ආකාරයට නිල් පැහැති හෙළකුරු පෙරදසුන් තීරුව දිස්වෙනවා. ‍අපි කලින් කතාවුන ගැටළුවට, එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් මත අපිට සිංහල හරිහැටි නොපෙනීමේ ගැටළුවට පිළියම සැපයෙන්නෙ මෙන්න මේ හෙළකුරු පෙරදසුන් තීරුව හරහායි. ඔබේ දුරකථනයේ සිංහල සහය නොමැති නිසා ඔබ අකුරු ඇතුළත් කරන තැන ඔබ ඇතුළත් කරන සිංහල යුනිකේත අකුරු හරිහැටි නොපෙනුනත්, ඒ ඔබ ඇතුළත් කරන සිංහල අකුරු වලම පෙරදසුනක් ඔබට මේ හෙළකුරු පෙරදසුන් තීරුවෙන් නිවැරදි rendering සහිතවම දැක බලාගන්න පුළුවන්. (එනම් ‍භාෂා හෙළකුරු යතුරුපුවරුව භාවිතා කරන්න ඔබ දුරකථනය root කර තිබීම හෝ සිංහල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.)

http://1.bp.blogspot.com/-2VGXdzOclJw/TtqQc7Ju_PI/AAAAAAAABfY/o6ZeR8g2yio/s640/Help.png


හෙළකුරු යතුරුපුවරුවෙ පහල වම් කෙළවරේම ඇති බොත්තමෙන් ඔබට හෙළකුරු සුචිය වෙත පිවිසෙන්න පුළුවන්. හෙළකුරු යතුරුපුවරුව ශබ්දානුකූල (phonetic) යතුරුපුවරුවක් කියලා කලිනුත් කිව්වනෙ. ඉතිං ඒ ආකාරයෙන් ශබ්දානුකූලව සෑම සිංහල අකුරු සංයෝගයක්ම යතුරු කරන ආකාරය මෙම සුචියෙන් ඔබට බලා ගන්න පුළුවන්. සුචියට පිවිසුනු වහා ඔබට පේන්නෙ අකුරු එකතූන් 5ක්. මේ අකුරු එකතූන් 5න් ඔබට යතුරු කරන ආකාරය දැනගත යතු එකතුව තෝරලා අදාළ දේ පහසුවෙන් සහ ඉකිමණින් ඔබට දැනගන්න පුළුවන් වෙයි.

ඉතිං මේ නව නිර්මාණය අපේ භාෂා ලංකා (පුද්) සමාගමේ 4 ‍වැනි නව නිර්මාණය වෙනවා. පසුගියදා පැවති ඉ-ස්වාභිමානී (e-Swabhimani) ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදි ජයග්‍රාහී සම්මාන 3ක් හිමි කරගනිමින් අපේ සමාගම වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූ සමාගම බවට පත්වූ බව ඔබ අතරින් බොහෝ දෙනෙක් දන්නවා ඇති. මීට කලින් අපි එළිදැක්වූ නිර්මාණයන් වන SETT Browser, SETTdeco යුනිකේත විකේතකය සහ Bhasha Dictionary සඳහායි එම ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය අපිට හිමිවුනේ.

http://4.bp.blogspot.com/-Baxz4-sCorA/TtqTyHRsfRI/AAAAAAAABfg/927-x5Nlwso/s320/Bhasha-e-Swabhimani.jpg
භාෂා ලංකා (පුද්) සමාගම මේ වසරේදී දිනාගත් ඉ-ස්වාභිමානී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය


ඉතිං මේ හතරවැනි නව නිර්මාණයත් පෙර නිර්මාණ 3 තරම්ම වැදගත් සහ ප්‍රයෝනවත් නිර්මාණයක් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මෙම නව නිර්මාණයත් ඔබ සැමට සැපයෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.

දැයේ අවශ්‍යතාවයන් සහ බසේ අවශ්‍යතාවයන් වන මෙවැනි නිර්මාණයන් අප ඔබ වෙත ලබාදෙන්නෙ එය අපෙන් රටට සිදුවිය යුතු යුතුකමක් ලෙස සලකලා මිසක් වාණිජ්‍යමය අපේක්ෂාවකින් නෙමෙයි. ඉතිං ඔබේ යුතුකමක් ලෙස මෙම නිර්මාණයන් ගැන රටටම කීමෙනුත්, Android Market හරහා මේ සඳහා ratings එක් කිරීමෙනුත්, හෙළකුරු facebook පිටුව හරහා මෙහි ප්‍රවර්ධනය ‍උදෙසා ඔබේ අදහස් උදහස් බෙදා ගැනීමෙනුත් අපට ඔ‍බේ සහයෝගය ලබා දිය හැකි නම් ඉතා අගෙයි.

ස්තූතියි! ඔබ‍ට ජය!



Source - ධනිකගේ සිතුවිලි (http://dhanikauom.blogspot.com/2011/12/blog-post.html?showComment=1322969908734#c7155041059903 140594)

Zen
12-04-2011, 09:22 AM
ela ne

සෝරෝ
12-04-2011, 09:23 AM
අපේ කොල්ලෙක්... රටට ආඩම්බරයක්.... :yes:


ela ne

Punisher
12-04-2011, 09:25 AM
BMICH එකේ තියන ප්‍රදර්ශනය සදුදාත් තියනවද?

Angel_senuri
12-04-2011, 09:46 AM
shoke ne.aththatama hoda wadak. oka aran thiyena blog ekath superb ekak!
aiyo..oyata rep denna bane.. :(

සෝරෝ
12-04-2011, 09:48 AM
මේක අපේ ධනියකයාගේ තවත් එළකිරි වැඩක්...

මට රෙප් ඕන නැ... ඔය බ්ලොග් එකට ගිහිං ඌට කමෙන්ට් එකක් දාලා ඌ දිරිගන්වන්න එතකොට හරි... :)



shoke ne.aththatama hoda wadak. oka aran thiyena blog ekath superb ekak!
aiyo..oyata rep denna bane.. :(

*maheshi*
12-04-2011, 10:15 AM
නියම වැඩක් නේ සිංහල භාෂාව ලොකේට ගෙනියන එක හොද වැඩත් ඇත්තටම

සෝරෝ
12-04-2011, 10:18 AM
ධනික ලාගේ ඔය හතරවෙනි නිර්මාණේ.... :)



නියම වැඩක් නේ සිංහල භාෂාව ලොකේට ගෙනියන එක හොද වැඩත් ඇත්තටම

hasithadn
12-04-2011, 10:00 PM
anik 3na mokakda:59:

DiN3sH
12-05-2011, 11:16 AM
නියමයි..

MANJU
12-05-2011, 01:59 PM
ෆට්ට නියමයි

මරු හිරා
12-10-2011, 06:39 AM
ane ape S60 thiyenne

deen7777
12-10-2011, 03:35 PM
yeah ,congrats,happy srilankan!:D:thumbsup::thumbsup::thumbsup::thumbsu p:

සෝරෝ
12-10-2011, 03:40 PM
ඇන්ඩ්‍රොයිඩයක් බස්සපං බං දැං යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙනරේශන් එක :D



ane ape S60 thiyenne

සෝරෝ
12-10-2011, 03:41 PM
:)



yeah ,congrats,happy srilankan!:D:thumbsup::thumbsup::thumbsup::thumbsu p:

:::N E O:::
01-18-2012, 05:13 PM
Fatta:thumbsup: