PDA

View Full Version : ගිනිගත් නිම්නයේ ගත කළ දවසක් - Valley of Fire



damithperera
06-27-2014, 01:23 PM
මේ, හරිම අහම්බෙන් යැවුණු ගමනක්. ගමන ගිය දවසෙ උදේ වෙනකල්ම මේ තැන ගැන අහලාවත් තිබුණෙ නෑ. කලින් සූදානම් කරගෙන හිටපු සැලසුමක් වෙනස්වුණා. ඉන්පස්සෙ අපි ලාස් වේගාස් ආවෙ කිසිම පෙර සූදානමක් ඇතුව නෙමෙයි. මේ සූදු පුරයෙ අපි මොනවා කරන්නද. සම්පූර්ණ දවසක්ම අපිට ඉතිරි වෙලා තිබුණු නිසා යන්න තැනක් හෙව්වා. එතකොට තමයි Valley of Fire ගැන දැනගත්තෙ.


http://2.bp.blogspot.com/-XC_AFzvU-SU/UUk8Hb-j6oI/AAAAAAAAAis/6QrqJQ1IHFQ/s400/vf26.jpg

මේ නෙවාඩා ප්‍රාන්තය. ග්‍රෑන්ඩ් කැන්යන් සිට ලාස් වේගාස් දක්වා එන මාර්ගය වැටී ඇත්තේ ඉතාමත්ම නිසරු ප්‍රදේශයක් හරහා. ප්‍රදේශය හරහා වැටී තිබූ වංගු වලින් ගහණ කඳුකර මාර්ගය තත්වයෙන් නම් ඉතාමත් උසස්. ඒ වගේම ලස්සණයි. නිසරු පස නිසා එක දිගට පැතිරුණු හරිත යායක් නැතත් තැන් තැන් වල වැවී තිබූ තරමක් විශාල හරිත පඳුරු විඩාබර දෙනෙතට ගෙනාවෙ සහනයක්. අපි ලාස් වේගාස් එනකොට හොඳටම දවල් වෙලා. ගිම්හාන කාලෙ දැනෙන රස්නය ඇඟ දවන තරම්.

http://2.bp.blogspot.com/-V7msKiqbIRU/UUk9CeF-ONI/AAAAAAAAAi8/J1fdcfYgD94/s400/vf1.jpg

http://1.bp.blogspot.com/-uEFzmdTPpPg/UUk8uoukmSI/AAAAAAAAAi0/dqy8tPyi9go/s400/vf2.jpg

වචනයේ පරිසමාප්ත අරුතින්ම ලාස් වේගාස් කියන්නෙ පාළු කතරට කොහෙන්දෝ කඩාපාත්වුණු සුරපුරයක්!!! විශේෂයෙන්ම රාත්‍රි කාලයට. තනිකරම විනෝදය සඳහා පමණක්ම කැපවුණු මේ පුරවරයෙ, දිනකට නාස්ති කරන මුදල් කන්දරාවෙන් කී දෙනෙක්ගෙ නම් බඩගිනි නිවන්න පුළුවන් වේවිද කියලා හිතන්නවත් බැරිතරම්... අපි වගේ සංචාරකයිනුත් නැතිව නෙමෙයි. නමුත් එකකට එකක් පෑහෙන තරමට ඉදිවී ඇති මේ අතිවිශාල හෝටල් සංකීර්ණ තනා ඇත්තේ සූදුවට ආරාධනා කරන්නමයි. මගෙ වඩාත්ම සිත් ගත් තැන වුණේ මැඩම් ටුසාඩ් ( Madame Tussauds) ඉටි කෞතුකාගාරය. නරඹන්නන් මේ ඉටි රූ සමග පිංතූර ගන්නා අයුරු බලාසිටීමම පමණක් වුණත් ගෙනෙන්නෙ අපූරු විනෝදයක්. රෑ වුණාම, නිමෙන පත්තුවෙන නියොන් විදුලි එළියෙන් ආලෝකමත්වුණු වීදි දිගේ යනවිට, හිතාගන්න බෑ මේ අපි දහවල් දුටු නිස්කලංක පරිසරයමද කියලා.
රාත්‍රිය පුරා වේගාස් වල ලස්සණ බැලූ අපි පහුවෙනිදා උදේ අන්තර්ජාලය පීරමින් යන්න තැනක් සොයනවිට තමයි, මේ ගිනිගත් නිම්නය; හරියටම කියනවනම් - Valley of Fire හමුවුණේ.

http://1.bp.blogspot.com/-U8yv5D6EeBY/UUk-XI7kPlI/AAAAAAAAAjE/OTqkRzCoNEM/s400/vf4.jpg

Valley of fire - පිහිටා ඇත්තේ ලාස් වේගාස් වල සිට කිලෝමීටර් 80 දුරින්. නෙවාඩා ප්‍රාන්ත රජයට අයත් පැරණිතම ජාතික උද්‍යානය ලෙසිනුයි මෙය හැඳින්වෙන්නේ. ප්‍රමාණයෙන් අක්කර 42000 ක්. උද්‍යානයට ඇතුළුවෙන්නත් කලින්, දුර සිට බලනවිටම, මේ නම මෙතනට ලැබුණේ කොහොමද කියලා පහසුවෙන්ම තේරුම්ගන්නට පුළුවන් වෙනවා.

http://3.bp.blogspot.com/-N9vaA-gt7f4/UUk-0UOEB8I/AAAAAAAAAjM/UCGu14btNYM/s400/vf9.jpg

උද්‍යානය පුරාම ඇත්තේ පොළවෙන් ඉහළට මතුවූ, රතු පැහැති වැලිගලින් නිර්මාණයවූ, විවිධ හැඩයන්ගෙන් යුත් පුදුමාකාර ස්වභාවික නිර්මාණයන්. මේ ගල් කඳු හිරු රශ්මිය වැටුණු විට ගිනි සිළු වගේ පෙනෙන නිසාලු මේ අපූරු නම මෙතනට ලැබිලා තියෙන්නේ. අවාසනාවට එදා අපි ගිය දවසේ අහස වළාකුළු වලින් පිරී තිබුණු නිසා මේ කතාවෙ ඇත්ත නැත්ත අපිට තහවුරු කරගන්න ලැබුණේ නෑ.

http://3.bp.blogspot.com/-hd3wcTZo0ao/UUlLcZt0dHI/AAAAAAAAAlM/6jGGpCVPK9g/s400/vf11.jpg

උද්‍යානය මැදින් වැටී ඇති මේ පාර 1995 දී නම්කර ඇත්තේ Nevada scenic byway කියලයි. නමින්ම හිතාගන්න පුළුවන්නෙ පාර කොයි තරම් ලස්සණ ඇතිද කියලා


http://2.bp.blogspot.com/-rF5yiuEzLR4/UUk_ZN9JJ1I/AAAAAAAAAjU/SFK8TYLt9Bw/s400/vf20.jpg

http://2.bp.blogspot.com/-nRWts6VP1Dg/UUlKTSAFO5I/AAAAAAAAAlI/MVmMu790izc/s400/vf24.jpg

උද්‍යානයට ඇත්තේ වසර මිලියන 150 ගණනක අතීතයක්. වෙන විදිහකින් කීවොත් මෙහි ඉතිහාසය ඩයිනසෝර් යුගය දක්වාම දිවයනවා. ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණයන් වන මේ ගල් කඳු, වසර ගණනාවක් පුරා බොහෝසෙයින් ඛාදනයන්ට ලක්ව, නොයෙකුත් කාලගුණ තත්වයන් යටතේ පාරිසරික වෙනස්කම් රාශියකට භාජනයවීමේ ප්‍රතිඵලයන් වශයෙන් නිර්මාණයවී ඇති බවයි පැවසෙන්නේ.

http://1.bp.blogspot.com/-rJAqr-teh0E/UUlAMbs2T-I/AAAAAAAAAjc/x0tUPFto3z0/s400/vf12.jpg

http://3.bp.blogspot.com/-bZEq4o5XZAE/UUlAr80J9aI/AAAAAAAAAjk/WaVlhs4edlY/s400/vf15.jpg

ගල් කඳු මතුවූ මේ නිසරු පොළවෙහි බහුල වශයෙන්ම ඇත්තේ කුඩා තණ පඳුරු. සත්ව ගහණය නම් ඉතාමත්ම අඩු අගයක් බවයි දැනගන්නට ලැබුණේ. අපිට දකින්නට ලැබුණෙත් එකම එක කටුස්සෙක් පමණයි. වසරකට ලැබෙන වර්ෂාපතනය සඳහන්වන්නේ අඟල් 4ක් ලෙසින්


http://1.bp.blogspot.com/-Ogepk1OIFJI/UUlBb2seO0I/AAAAAAAAAjs/94J7XYKy5ts/s400/vf10.jpg
ෆොසිල බවට පත්වූ මෙවැනි ශාක කඳන් කීපයක්ම අපට දැකගන්නට ලැබුණා.

තද හිරු එළියක් නැති එදා, තද අඳුරු පැහැති ආකාශය පසුබිම් කරගත් රක්ත වර්ණ මේ ගල් කඳු පරිසරයට එක්කළේ අමුතුම ගුප්ත බවක්.

http://3.bp.blogspot.com/-lBK-CyjYEP8/UUlB9BFauCI/AAAAAAAAAj4/aeEo0JLOHps/s400/vf25.jpg

නමේ විදිහට නම් තියෙන්න ඕනේ රතු පැහැති ගල් කඳු පමණක් වුණත් සමහරක් තැන්වල රතු හා සුදු ලෙස ඉතා පැහැදැලිව කොටස් දෙකකට බෙදුණු කඳුත් දකින්න පුළුවන්.

http://1.bp.blogspot.com/-4WkUmkcFgMU/UUlCrnVcWeI/AAAAAAAAAkA/Hy-NSJW9R90/s400/vf17.jpg

http://2.bp.blogspot.com/-FYHSzS7dNlA/UUlDzeREn_I/AAAAAAAAAkI/qdyQ0YzMSKw/s400/vf18.jpg

රතු සුදු මිශ්‍ර වර්ණයන් ගණනාවකගෙන් සමන්විත පේනතෙක් මානයේ පැතිරුණු මෙම කඳු යාය මවන්නෙ දර්ශණීය දසුනක්.


http://4.bp.blogspot.com/-R52ac94YYsI/UUlEQqASCMI/AAAAAAAAAkQ/yalRFkOwYa4/s400/vf19.jpg

http://1.bp.blogspot.com/-QVkGWguMyRM/UUlGGTLzO7I/AAAAAAAAAkc/rvHACKcMpQE/s400/vf21.jpg
මේ අපූරු හැඩ නම් කර තිබුණේ ‘මී වද’ (Bee Hives) ලෙස

http://3.bp.blogspot.com/-0zffmSbPGi8/UUlG34KkvYI/AAAAAAAAAkk/R58vXyEll-g/s400/vf8.jpg

http://4.bp.blogspot.com/-Yge6le_sjWU/UUlG8XHswzI/AAAAAAAAAkw/yMfm-tztzVo/s400/vf7.jpg

වාහනයෙන් යා හැකි මාර්ගය නරඹා අවසන් කරන්නට අපට ගතවුණේ පැය 5ක් වැනි කාලයක් . පෙර සූදානමකින් පැමිණියේ නැති නිසාම අඩිපාර දිගේ පයින් යන ගමන අපට අකමැත්තෙන්වුණත් මගහරින්නට සිදුවුණා.. ඒ ගැන තාමත් ඇත්තේ කිව නොහැකි තරමේ කණගාටුවක්.

http://4.bp.blogspot.com/-DPQ4WsJMXC4/UUlHxFd_wKI/AAAAAAAAAk0/9MHvINYbiIU/s400/vf23.jpg
මේ සංචාරකයින් සඳහා ඇති අවසන් නැවතුම

http://1.bp.blogspot.com/-y2y1si6GGY0/UUlIUlRdBjI/AAAAAAAAAlA/g2swR9aZfcA/s400/vf22.jpg
මාර්ගය අවසන් වන්නේ මෙතනින්. මේ විශාල ගල් පර්වත නම් කර තිබුණේ Silica dome ලෙස

සංචාරකයින්ට අවවාද, උපදෙස් දෙන බෝඩ් ලෑල්ලක්වත් මුළු ගමන පුරාවටම දකින්නට ලැබුණෙ නැතත්, පරිසරයට ආදරය කරන්නන් පැමිණෙන නිසාම, හැම සංචාරකයෙකුගේම හැසිරීම විනය ගරුකයි. රාත්‍රිය මෙහි ගතකරන්නට සංචාරකයින්ට අවසර නැහැ. උද්‍යානය විවතෘව තබන වේලාව සඳහන් වන්නේ හිරු උදාවේ සිට හිරු බසින තුරු (from sun rise to sun set) ලෙසින්. ඉතිං අර අපූරු පාර දිගේ ගමන නිමා කළ අපි මේ අතිශයින් චමත්කාරජනක පරිසරයෙන් සමුගත්තා. වසර දෙකකට ආසන්න කාලයක් ගතවුණත්, තව අදත් මෙහි හැම ඡායාරූපයක් සම්බන්ධයෙන්ම මට ඇත්තේ, මටම පුදුම හිතෙන තරමේ සජීවී මතකයක්. මේ අරුම පුදුම පරිසරය විසින් සංචාරකයින්ව තමා වෙත ඇද බැඳ තබාගන්නා අයුරු ඇත්තෙන්ම විශ්මයජනකයි!

සංචාරක සටහන සමුද්‍රිකා හේරත්

gdplk
06-27-2014, 02:15 PM
කියන්න වචන නෑ...
සුපිරි...
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
rep++

damithperera
06-27-2014, 02:26 PM
කියන්න වචන නෑ...
සුපිරි...
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
rep++

ස්තුතියි මචෝ ..ඔන්න මගෙනුත් රෙප්3+++

janith nilanga
06-27-2014, 02:54 PM
Good Post Macho

damithperera
06-27-2014, 03:30 PM
Good Post Macho

thanks bro

මරු හිරා
06-27-2014, 06:33 PM
සුපිරි

damithperera
06-27-2014, 06:44 PM
සුපිරි

ස්තුතියි සහෝ

apkumara
06-27-2014, 06:49 PM
niyamiy rep balu

Imal619
06-27-2014, 06:55 PM
:thumbsup::thumbsup::thumbsup:

Code#M
06-27-2014, 09:26 PM
patta

hasitha2010
06-27-2014, 10:27 PM
http://3.bp.blogspot.com/-5CigUqNya5o/U4gFi0FG5tI/AAAAAAAACPo/o_J-tJtRmQQ/s1600/9.png

damithperera
06-28-2014, 12:08 AM
ස්තුතියි ඔයගොල්ලන්ට

Street Fighter
06-28-2014, 12:51 PM
maxxa ............ :)

damithperera
06-28-2014, 01:30 PM
එල

thilanka mihiranga
06-30-2014, 02:11 PM
You must spread some Reputation around before giving it to damithperera again.

magadia
04-11-2016, 11:43 AM
කියන්න වචන නෑ...
සුපිරි...

kushanchathuranga
04-12-2016, 10:14 AM
fatta

damithperera
04-12-2016, 02:19 PM
කියන්න වචන නෑ...
සුපිරි...

thanks machan

damithperera
04-12-2016, 02:20 PM
fatta

ela ela thanks