PDA

View Full Version : ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය



හිතුමතේ ජීවිතේ
08-05-2014, 09:23 AM
මේක මගේ දෙවන ත්‍රෙඩ් එක...හොයලා බලලා විස්තර කියන්න හිතුනා කවුරුත් දන්නා කෝච්චිය එහෙම නැත්නම් දුම් රිය ගැන...විස්ථර හොයාගත්තේ අන්තර්ජාලයෙන් සහ විකිපීඩියා වෙබ් අඩවියෙන්....

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය

ප්‍රවාහන අමාත්‍යාංශය මගින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1858 දි...ප්‍රධාන මාර්ග පහක් ඔස්සෙ තම සේවාවන් පවත්වාගෙන යනවා...වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවය කිලෝමීටර 1508ක පුළුල්මාර්ගයකින්( ඩි 5 අඟල් 6) සමන්විතය...විශේෂතම කාරණය වන්නෙ ලෝකයේ තියෙන ලස්සනම දුම් රිය මාර්ඝ අතරට අපේ දුම් රිය මාර්ගයද එකතු වීම....දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහිත කඳුවැටි, මීදුමෙන් වැසීගත් කඳු මුදුන් ආදී ස්වභාවික අලංකාරයෙන් මෙන්ම මිනිසාගේ අලංකාර නිර්මාණ වන තේ වතු, පයින් වනාන්තර හා පාලම්, උස් ස්ථානවල පිහිටි දුම්රිය සථාන ආදී ඉංජිනේරුවරුන්ගේ විශ්වකර්ම නිර්මාණ ආදියෙන්ද අලංකෘතය.

http://www.lanka-holidays.com/images/slides/destinations/train-travel-srilanka.jpg

http://www.greatmirror.com/images/medium/014905.jpg

http://3.bp.blogspot.com/-_wa-qFwIRng/UOErnYBMd7I/AAAAAAAAAbI/TlhRQPhlGnQ/s1600/218072_10151244588123780_2096465704_n.jpg

එවකට ලංකාණ්ඩුවේ දුම්රිය යනුවෙන් හැදින්වුණු දුම්රිය සේවයට රටේ සංවර්ධන හා ඒකාබද්ධ මෙවලමක් වශයෙන් 1850 දශකයේ දී බිහි විය. ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ශ්‍රී මත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසිනි. ඒ 1858 අගෝස්තුවේ දීය. ප්‍රධාන මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා නැගෙනහිරට කි.මී. 54ක් දක්වා ඉදිකිරීමෙන් පසු ප්‍රථම දුම්රිය 1864 දෙසැම්බර් 27වැනි දින ධාවනය කළේය. මේ මාර්ගය ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත වූයේ 1865 ඔක්තෝබර් 02 වැනිදාය. ස්වකීය ජාල පද්ධතිය වර්ධනය කර ගත් දුම්රිය සේවා 1927 දී කි.මී. 1530කින් යුත් මුළු ධාවන මාර්ගයක් ක්‍රියාත්මක කළේය. ප්‍රධාන මාර්ගය 1867 දී මහනුවර දක්වා ද, 1874 දී නාවලපිටිය දක්වා ද 1885 දී නානු ඔය දක්වා ද 1894 දී බණ්ඩාරවෙල දක්වා ද 1924 දී බදුල්ල දක්වා ද අදියර මගින් ව්‍යාප්ත විය. අනෙකුත් දුම්රිය මාර්ග රටේ විවිධ ප්‍රදේශ ඒකාබද්ධ කරමින් යථා කාලයේ දී සම්පූර්ණ කරන ලදී. . ඒ අනුව මාතලේ මාර්ගය 1880 දී ද මුහුදුබඩ මාර්ගය 1895 දී ද උතුරු මාර්ගය 1905 දී ද මන්නාරම මාර්ගය 1914 දී ද කැලණිවැලි මාර්ගය 1919 දී ද පුත්තලම් මාර්ගය 1926 දී ද මඩකලපුව සහ ත්‍රිකුණාමලය මාර්ග 1928 දී ද සම්පූර්ණ කරන ලදි.

ආරම්භයේ දී දුම්රිය ඇති කරන ලද්දේ කඳුරටින් කෝපි සහ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා ය. අපනයනය සඳහා ගෙනා මෙම නිෂ්පාදන ප්‍රධාන ආදායම් මාර්ගය විය. ජනගහණවර්ධනය සමග මගී ප්‍රවාහනය වැඩි වුණු අතර 1960 දශකයේදී ප්‍රධාන ව්‍යාපාර මූලාශ්‍රය බවට භාණ්ඩ ප්‍රවාහනය පත්විය. දුම්රිය දැන් ප්‍රධාන වශයෙන් කරනුයේ මගීන් ප්‍රවාහනය කිරීමය. වැදගත් මගී ප්‍රවාහන සේවයක් ඉටු කරන දුම්රිය මහා මාර්ග තදබදය අඩු කරමින් මගීන් කොළඹට සහ කොළඹින් ප්‍රවාහනය කරයි.


ශ්‍රී ලංකාවේ ධාවනය වන ඩීසල් එන්ජින් පංති කිහිපයකට හා උප පංති කිහිපයකට බෙදා වෙන් කළ හැක.

දුම්රිය එන්ජින් වර්ගීකරණය

එම් පංතිය- ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ඩීසල් එන්ජින්
ඩබ්ලිව් පංතිය- ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ජලකර එන්ජින්
එස් පංතිය - ආසන්න ප්‍රදේශවල ධාවනය වන එන්ජින්
එන් හා පී පංතිය - පටු දුම්රිය මාර්ගයේ ධාවනය වන එන්ජින්
වයි පංතිය

දුම් රිය ගැන හොයා ගත්ත කරුණු කාරනා ගොඩක් තියෙනවා...මොකද කියන්නෙ මේ වගේ දේවල් වල්ට කැමති අය ඉන්නවා නම් කියන්න....හොයාගත්ත විස්තර දාන්නම්....

infokosala
08-05-2014, 09:34 AM
Good Post macho... Rep ++

gdplk
08-05-2014, 09:35 AM
Good Post machan...
rep2++...
:haha:

ajiya
08-05-2014, 12:26 PM
dapan yako..oka ahannath deyakda..rep 2

thilanka mihiranga
08-05-2014, 12:38 PM
හොද විස්තරයක්.. රෙප් +7

Ireshpalitha
08-05-2014, 12:40 PM
ela machan

laka86
08-05-2014, 03:20 PM
rep ++2

dilitha dinisuru
08-05-2014, 03:40 PM
rep+++++++++++++++++++++

warshan
10-19-2014, 05:07 PM
Niyamai machan

TharakaMadushan
10-19-2014, 08:14 PM
Good Post macho... Rep ++


Good Post machan...
rep2++...
:haha:


හොද විස්තරයක්.. රෙප් +7


Niyamai machan

:cool::cool::clap::clap::clap::clap:

tanuja
04-24-2016, 05:11 PM
මම ආසම ලිපියක්. ඔන්න සැලකුවා. ලිපියට ස්තූතියි!

kushanchathuranga
04-25-2016, 06:41 AM
niyamai macho

chamika (dila)
04-25-2016, 06:13 PM
Rep +++++