PDA

View Full Version : HTC Phones



හිතුමතේ ජීවිතේ
11-04-2014, 01:50 PM
http://cdn2.gsmarena.com/vv/pics/htc/htc-desire-816-dual-sim.jpg

මං ගත්තා HTC Desire 816 කියන ෆෝන් එක....පොඩ්ඩක් සැකෙන් තමා ගත්තෙ ෆෝන් එකේ කොලිටිය එහෙම කොහොම වෙයිද කියලා දන්නෙ නැති නිසා....
ගන්න හිතන් ඉන්න අයට දැනගන්නත් එක්ක කියන්නම් ෆෝන් එක ගැන විස්තර....HTC කියන්නෙ ඇමරිකානු තාක්ෂනය උපයෝගි කරගනිමින් තායිවානය තුල පරිඝනක සහ තාක්ෂනය සඳහා වූ උපකරන නිශ්පාදන ආයතනයක්...(High-Tech Computer Corporation)..

HTC Desire 816 ගැන කියනවා නම් මේ ෆෝන් එකට මෙගා පික්සල් 13 ක කැමරාවක් , ඉදිරිපස 5 Mpx කැමරාවක් සහිතව අඟල් 5.5 ක පුළුල් තිරයක් සහිතව එන ෆෝන් එකක්...කැමරා කොලිටි එක ගත්තම නොකියා ජංගම දුරකතනයක් හා සමාන පැහැදිලි චායාරූප ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා....ඇන්ඩ්‍රො ිඩ් කිට් කැට් මෙහෙයුම් පද්දතිය සමඟ එන මෙම දුරකතනයේ අභ්‍යන්තර මතක ධාරිතාවය ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ....ගිගා බයිට් අටක මතක ධාරිතාවක් පමනයි ලැබෙන්නෙ....තිබිය යුතු සෑම පහසුකමක්ම නොඅඩුව තියෙනවා....

ෆෝන් එකේ හැඩය ගැන කියනවා නම් සිත් ගන්නා සුළු හැඩයක්ද තියෙනවා....ඇන්ඩ්‍රො ිඩ් මෙහෙයුම් පද්දතිය සමංග එන HTC සෙන්ස් නැමැති මෙහෙයුම් පද්ධතිය නිසා කිට් කැට් මෙහෙයුම් පද්ධතිය සාම්ප්‍රදායික රටාවෙන් වෙනස් වෙලා තියෙනවා......

HTC වල තියෙන විශේෂ පහසුකමක් තමා බූට් වෙන්න යන වෙලාව තප්පර 5ක් වගේ සුළු වෙලාවක්....ඔන් කල ගමන් HTC කියලා වැටුනා ඔන් වෙලා ඉවරයි...අනිත් එක හිර වෙන්නෙ නෑ....රැම් මතක ධාරිතාවය 1.5 MB ( Hi End ) නිසා වෙන්න ඇති....ඇත්තටම අමතර සොෆ්ට්වෙයාර් කිසිවක් එන්නෙ නෑ...හැම සොෆ්ට්වෙයාර් එකක්ම ප්ලේ හරහා ගන්න පහසුකම සලසලා තියෙනවා ( උදා හරන සැම්සුන් ඇප් , සැම්සුන්ග් පුශ් සර්විස් , සැම්සුන්ග් චැට් වගේ වැඩකට නැති ඒවා එන්නෙ නෑ )

HTC Phone ගන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් කිසිම බයක් සැකක් නැතුව ගන්න කියලා මම රෙකමන්ඩ් කරනවා....මොකද පඳුරකට පයින් ගැහුවත් සැම්සුන් විසි වෙන කාලේ HTC වගේ ෆෝන් එකක් පොඩි ගතියක් තියෙනවා....මට නම් සැම්සුන්ග් එපා වුනේ එකක් ෆෝන් එක නිතර හිර වෙනවා...අනෙක තමා අපි ලක්ශ ගනන් දීලා සැම්සුන්ග් ෆෝන් යූස් කරනකොට ඒ ෆෝන් එකේම කිසිම වෙනසක් නැති චයිනා ෆේක් එක රුපියල් 10,000 ට වෙන මිනිස්සු අරන් යනවා...එපා වෙන්නෙ නැද්ද...දකින එකත් හිතන්නෙ ෆේක් කියලා....

janith nilanga
11-04-2014, 02:03 PM
එල එල ,,, විස්තෙරේට තැන්ක්ස් සහෝ

හිතුමතේ ජීවිතේ
11-04-2014, 02:21 PM
තැන්ක්ස් ජනිත්....

isuru503
11-04-2014, 02:37 PM
මරු විස්තරයක්

Seeker
11-04-2014, 03:03 PM
:cool:

mangala007
11-04-2014, 04:13 PM
bump

ajiya
11-04-2014, 04:32 PM
අපිට කොයින්ද මූදු මාලු ලොක්කා

sharsthri kumara
11-04-2014, 04:51 PM
math ganna inne.thanks vistharayata

හිතුමතේ ජීවිතේ
11-04-2014, 05:07 PM
ගන්න කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ...පොඩි ඩීසන් ලූක් එකක් තියෙන ෆෝන් එකක්....අල්ට්‍රා පික්සල් කැම් තියෙන HTC One M8 එක ගන්න

pasan ravindu
11-04-2014, 06:02 PM
:cool:

sameeramw
11-04-2014, 06:05 PM
:cool:

මරු හිරා
11-04-2014, 07:17 PM
මගේ ගාවත් කලින් තිබ්බෙ htc හැබැයි සමහර ඒවගෙ කැමර් පට්ට අවුල්.රෑට දම් පාටයි. තව සමහර ඒවගෙ android updates ආවම නැති ලෙඩ එනවා.උදාහරණයක් විදිහට htc one x 4.2.2 අප්ඩේට් කරාට පස්සෙ රූට් කරල සිංහල දැම්මත් වැඩ නෑ. Htc one m8 එක නම් පට්ට. Desire 816 හොඳයි. ඒකෙ සිංහල් දාගන්න පුලුවන්ද කියල බලල කියපන්.පුලුවන් නම් 820 ආවම ගන්නවා. ඕක මගේ යාලුවෙක් ගාවත් තියනවා.මම එක සැරයක් කලුවර වෙලාවක ෆොටෝ එකක් ගත්තම දම් පාට උනා.පස්සෙ ඌ කිව්ව හරිගියා කියල.පොඩ්ඩක් බලල කියපන්. සැම්සුන් ෆෝන් හිරවෙන සීන් එක s4 එකේ ඉඳල නම් නෑ මම හිතන්නෙ.

viduwa
11-04-2014, 10:26 PM
මචෝ Prices ටිකයි ගන්න තැන් ටිකකුයිත් කිව්වනම් වටිනව නේ ..........;)

USG
11-04-2014, 10:45 PM
එල එල ,,, විස්තෙරේට තැන්ක්ස් සහෝ

:yes::yes:

.::SANJU::.
11-04-2014, 10:59 PM
අනෙක තමා අපි ලක්ශ ගනන් දීලා සැම්සුන්ග් ෆෝන් යූස් කරනකොට ඒ ෆෝන් එකේම කිසිම වෙනසක් නැති චයිනා ෆේක් එක රුපියල් 10,000 ට වෙන මිනිස්සු අරන් යනවා...එපා වෙන්නෙ නැද්ද...දකින එකත් හිතන්නෙ ෆේක් කියලා....

:D

සිරා කතාව බං

DEVIL-MADU
11-06-2014, 08:39 PM
elazz

Ireshpalitha
11-09-2014, 07:58 PM
Price kohomada machan

prasannalive
11-09-2014, 08:41 PM
HTC Phone එකක් ගන්න කෙනුකුට වැදගත් වෙන පොස්ට් එකක් එල...මම use කරන්නෙත් HTC M7 එකක්

tharakadilshan
11-09-2014, 09:37 PM
macho kiyak unada bn

හිතුමතේ ජීවිතේ
11-10-2014, 04:10 PM
රිප්ලයි කරපු හැමෝටම මෙන්න උත්තර....

1) සිංහල නම් තාම අප්ඩේට් නැහැ.....මම හිතන්නෙ ලොලිපොප් ආවම අප්ඩේට් එකක් ඒවි....
2) කැම් එකේ පාට වෙනස් වෙන කේස් එකක් නම් මට ආවෙ නෑ...දවල් වෙලාවට නම් කිසිම අවුලක් නෑ පික් කොලිටිය උපරිමේම තියෙනවා...හැබැයි නොකියා තරම් නම් නැහැ....බොරු කියන්න ඕන නෑ නේ....රෑට නම් පොඩ්ඩක් ඩොට් එන ගතියක් තියෙනවා....
3) ගන්න තැනක් කියනවා නම් දළුගම / කඩවත / වත්තල / කිරිබත්ගොඩ SL Phones බලන්න...උන් Money Back ගරන්ටි එක වගේම Trading offer එකත් දෙනවා...ෆ්‍රෙන්ඩ්ල කතා කරනවා ඕනම දෙයක් කරගන්න පුළුවන්...මම ෆෝන්ස් ගත්තෙම එතනින්....කිසිම අවුලක් නැහැ....Reputed කම්පැනි එකකින් ගන්නවා නම් වායු මොබයිල්ස් (VAYU Mobiles) බලන්න.... https://www.facebook.com/SLPHONES


HTC 210 = 16500/-
HTC 310 = 19500/-
HTC 510 = 31500/-
HTC 610 = 33500/-
HTC 616 = 33500/-
HTC 816 4G= 46000/-
HTC 816 Dual sim = 44500/-
HTC ONE 4G (M7) = 54500/-
HTC ONE 4G (M8) = 74500/-
HTC ONE 4G (M8) MINI = 53500/-
HTC ONE MINI = 43500/-

4) ඔව් සැම්සුන් වල S4 (hi End Devices) පස්සෙ හිර වෙන කේස් එක ආවෙ නැ...හැබැයි දැන් හැම තැනම සැම්සුන් නේ...ලක්ශෙක සැම්සුන් ෆෝන් එකක් ගත්තත් අර ගැම්ම නෑ..ෆේක් වැහි වැහැලා....ඔරිජිනල් සැම්සුන් වල කිසිම වැරැද්දක් කියන්න බැහැ...මම පිලිගන්නවා..

RusiruDon
11-29-2014, 01:27 PM
1+ machan thankzzz

TharakaMadushan
11-29-2014, 04:12 PM
එල එල සහෝ, දැනුවත් කළා ට Thanks.... :yes:

pathumdananjaya
11-29-2014, 11:19 PM
:cool:

sahancharu
03-15-2015, 09:45 PM
htc desire 816 vs samsung galaxy s3

මේ දෙකෙන් හොඳම phone එක මොකද්ද කියනවද දන්නා අය..camera quality එක එහෙම..

sameeramw
03-15-2015, 10:10 PM
HTC පට්ට.. ගන්න නම් බය වෙන්න දෙයක් නෑ...

sahancharu
03-15-2015, 11:49 PM
kk thankz machoo..:cool:

sahancharu
03-15-2015, 11:50 PM
HTC පට්ට.. ගන්න නම් බය වෙන්න දෙයක් නෑ...

kk thankz machoo..:cool:

SupunWe
03-16-2015, 06:48 AM
මේක කීයද මචන්?

achala2010
03-16-2015, 10:11 AM
:thumbsup::thumbsup:

sahancharu
03-16-2015, 08:09 PM
මේක කීයද මචන්?

34k වගේ වෙනව මචෝ..

darshaka
03-17-2015, 02:49 PM
ela mchan . mamath gathte HTC Desire 820q dual sim 4G LTE 1. supiri.aye kiyanna deyak nee

හිතුමතේ ජීවිතේ
03-18-2015, 03:34 PM
:yes: :yes: :yes: :yes:

ඔව් මචෝ මාරම ගති ෆෝන් එකක් තමා...නිකමට ගත්ත අයගෙන් අහලා විස්තර දැන ගන්න

shinza
04-13-2015, 06:16 PM
අනේ මචං මන් ගන්න හදන්නේ hTC desire 620 dual ෆෝන් එක . අනේ මචන්ලා එක හොදයි නම් කියනවද ;)

yohan
04-13-2015, 09:47 PM
පට්ට මචන් ...HTC SONY MOTROLLA මචන් මොට්‍රොලට පස්සේ HTC ඉන්නේ හොද පොන් හදන එකෙක්ට