PDA

View Full Version : Phone History



හිතුමතේ ජීවිතේ
11-04-2014, 03:27 PM
සූම් එකේ පරන ඒවා හොය හොය ඉන්නකොට මෙන්න මේ පෝස්ට් එක (http://www.zoom.lk/forums/showthread.php?t=16992)දැකලා මටත් මගේ පරන ෆෝන් ටික මතක් වුනා...නිකමට හිතුනා මගේ එකත් දාන්න.....ඔන්න එහෙනම් විස්තරේ...

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/First_Generation_Motorola_StarTAC_cellular_phone.j pg/640px-First_Generation_Motorola_StarTAC_cellular_phone.j pg

මුලින්ම මං ෆෝන් එකක් අතගෑවේ ඔන්න ඔය උඩ තියෙන මොටරෝලා ස්ටර් ටැක් කියන ෆෝන් එක...තිබ්බෙ අපේ මාමගේ ගාව....අපි එතකොට කිව්වෙ සෙල්ටෙල් එක කියල....මොබයිල් කියන වචනෙ දන්නෙ නෑ....සෙල්ටෙල් කියලා කියන්න හේතුව පාවිච්චි කරපු නෙට්වර්ක් එක නිසා...ඉස්සර ජී එස් එම් තිබ්බෙ සෙල්ටෙල් විතරයි...( වර්ථමාන එටිසලාට් ) පස්සෙ ඕක දැකපු අපේ තාත්තට ඕන වුනා ෆෝන් එකක්....මෝටරෝලා ෆෝන් එක සෑහෙන මිලයි ඒ කාලෙම 34000 ක්...ඉතින් අපි ගත්තෙ මෙන මේ ෆෝන් එක...නොකියා 918

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTE2sHheUx61ZP5uLBN5m_IsoeInXE3-8oLuPcTcpxjDNL7SL_G

ඔය උඩ තියන්නෙ නොකියා 918...කෝල් විතරයි වෙන කිසිම ඔප්ශන් එකක් නෑ....යූස් කලේ මොබිටෙල් ඇනලොග් කනෙක්ශන් එකක්...සිග්නල් හොයන්න ගස් ගල් පවා බඩ ගෑවා....තනි ගඩොල් භාගයක්....හැබැයි බිම වැටුනත් කැඩිලා නම් නෑ...තාම තියෙනවා ෆෝන් එක....ඔහොම කාලයක් යනකොට එක පාරම ඩයලොග් ඇනලොග් කනෙක්ශන් එක ඩිජිටල් වුනා...ඩයලොග් ජී එස් එම් ආපුම ගමන් මන් ගත්තා නොකියා 3310 ෆෝන් එකක්...


http://1.bp.blogspot.com/-XOWj9_In5k8/ULHwSHYHm8I/AAAAAAAAAh0/ObmKvZEIxJw/s1600/Nokia3315FsetSegelMulusIMEITembus042.jpg


පස්සෙ කාලෙදි තමා ගොඩක් හීනි ( ස්ලිම් ) ෆෝන් කරලියට ආවෙ.....එතකොට තිබ්බ 3315 එක විකුනලා ගත්තා සෝනි එරික්සන් T105 එකක්...ඔය පහලින් තියෙන්නෙ ඒක

http://1.bp.blogspot.com/-ZCWxtOxVF1M/USOdtQ5l9GI/AAAAAAAABSo/hMBcSRsDX6w/s1600/Sony+Ericsson+T105.JPG

මේක තමා භාන්ඩෙ...වැඩ කෝටියයි....ස්ලිම් මාර හැන්ඩියා....නිල් පාට ලයිට් එක...බර නෑ පට්ටම ෆෝන් එක...ගත්ත ගානට වඩා වැඩියෙන් වුනත් දෙන්න තරම් මාකට් එක....කොහොම හරි ඕකෙන් පස්සෙ කලර් ඩිස්ප්ලේ උණක් හැදිලා ගත්තා සෝනි එරික්සන් T230...පහලින් තියෙන්නෙ ඒක

http://forumcelular.com.br/ImagesB/sony-ericsson-t230_nimg4.jpg

අරගෙන මාසයක් යන්න වුනේ නෑ....සුනාමියට අහුවුනා....දැන් නම් ෆෝන් එක නෑ..හැබැයි ඉස්සරවෙලාම මම GPRS ගිය ෆෝන් එක ඕක....ඒ කාලේ බලන තරමක් බැලුවෙ ෆෝන් ඉරොටිකා...පස්සෙ ඉතින් සල්ලි නැතුව වේලි වේලි ඉඳලා ගත්තා නොකියා 6230 ෆෝන් එකක්...එම් පී ත්‍රී එහෙමත් ප්ලේ කරන්න පුළුවන්...ඒ දවස් වල මගේ රින්ගින් ටෝන් එක "අහංකාර ලඳුනේ....." ඔය පහලින් තියෙන්නෙ Nokia 6230 තමා

http://www.hamariweb.com/mobiles/LargeImages/438_01.jpg

මෙගා පික්සල් 1.3 ක කැමරාව වැඩ කෝටියයි ඒ දවස් වල...අනික මට මතක විදියට ඔය ෆෝන් එකෙ මෙගා බයිට් 6 ක මතක ධාරිතාවක් තමා තිබ්බෙ...ෆෝන් එකත් එක්ක මෙගා බයිට් 32 ක කාඩ් එකක් ෆ්‍රී හම්බ වුනා...ඒ කාලෙ මෙගා බයිට් 32 ට අපි සෑහෙන්න විඩියෝ ඕඩියෝ පින්තූර පවා සේව් කරන් හිටියා.....

පස්සෙ 3ඝ් ආවට පස්සෙ උණක් ගහලා ගත්තා නොකියා ණ් 70 යක්...තාමත් රන් කරනවා ෆීල්ඩ් එකේ...මෙගා පික්සල් 2ක කැමරාවක් වීඩියෝ කෝල් නැති දෙයක් නෑ...ඔය පහලින් තියෙන්නෙ ඒක...මං ගත්තෙ මියුසික් එඩිශන් එකක්....බ්ලැක්

http://cdn2.gsmarena.com/vv/pics/nokia/nokia-n70-01.jpg

ඕකෙන් පස්සෙ අත ගැහුවේ නොකියා X3-02 එකට....කියන්න දෙයක් නෑ පට්ටම ස්ලිම් ෆෝන් එක..ගත්තෙ සොෆ්ට්ලොජික්...ෆෝන එකේ අවුලක් ගියා මගේ අතින්....ඒත් හොරාට නොකියා කෙයාර් ගිහින් දුන්නා...දවස් දෙකෙන් කිරි ටොයියෙක් මගේ අතේ....


http://www.mobilepoint.com.pk/uploads/2013/11/25/Nokia-X3-02-Touch-and-Type_3515.jpg

ඔය උඩ තියෙන්නෙ ඒක....පස්සෙ ඉතින් හැමෝම දන්න සැම්සුන්ග් ගැලැක්සි එස් 2 එක....දැන් පාවිච්චි කරන්නෙ මේක... (http://www.zoom.lk/forums/showthread.php?t=18858)

මගේ ෆෝන් කතාව ඉවරයි....කට්ටිය කමන්ට් කරන්න බලන්න තමන් යුස් කරපු ෆෝන්....විනෝදය වෙනුවෙන් දැම්මෙ...

janith nilanga
11-04-2014, 03:45 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

ajiya
11-04-2014, 04:36 PM
මට මතක නෑ බන්.... මම පෝන් කියක් විතර යූස් කලාද කියලා..... හි හි

sameeramw
11-04-2014, 06:09 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

USG
11-04-2014, 11:06 PM
:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
11-05-2014, 09:24 AM
මුලින් තිබ්බේ තඩි මෝටරෝල එකක්
ඊළඟට E tel chinese එකක්
Sony E k800i
Sony E k850
Nokia 6220 Classic
Nokia 5730 Xpress Music
Nokia N8
Samasung Galaxy Note
HTC One X
Micromax 1900 ෆෝන් කට්ටක්
Nokia XL
Samsung Galaxy S4 4G

ajiya
11-05-2014, 01:03 PM
මුලින් තිබ්බේ තඩි මෝටරෝල එකක්
ඊළඟට E tel chinese එකක්
Sony E k800i
Sony E k850
Nokia 6220 Classic
Nokia 5730 Xpress Music
Nokia N8
Samasung Galaxy Note
HTC One X
Micromax 1900 ෆෝන් කට්ටක්
Nokia XL
Samsung Galaxy S4 4G

යකෝ මූ කෙල්ලෝ මරැ කරන විදියටනේ 4න් මරැ කරලා තියෙන්නේ