PDA

View Full Version : “සැම්සුන්ග් Samsung Core2 දුරකථනයේ සොෆ්ට්වෙයාර් දෝෂයක්”



Dilshan
12-03-2014, 07:35 PM
මේ ලිපිය ෆේස්බුක් එකේ දැක්කේ. මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා කවුරු හරි කියන්න. මමත් මේ ෆොන් එක ගන්න ගියේ ගානත් අඩුයි සිංගර් එකේ තියන නිසා

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xap1/t31.0-8/s720x720/10714111_803255059754360_5730584751539380333_o.jpg

අපි අපගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න නොයෙක් දේවල් කරනවා.පිළිගත් වෙළද නාමයකින් අපි ස්‍මාර්ට් ෆෝන් එකක් මිළදී ගන්නෙත් අපගේ අවශ්‍යතාවන්ට ගැලපෙන හොද දුරකථනයක් කියන විශ්වාසය මත.

“සැම්සුන්ග් Samsung Core2 දුරකථනයේ සොෆ්ට්වෙයාර් දෝෂයක්”

ඔබ මේ වචන විශ්වාස කරන්නෙත් නැති වේවි.ඇත්තටම මෙය සත්‍යයක්. සැම්සුන්ග් Samsung Core2 දුරකථනයේ සොෆ්ට්වෙයාර් ගැටලුවක් නිසා මේ දිනවල එම දුරකථන සියල්ලම ඔවුන්ගේ රෙපෙයාර් සෙන්ටර් වෙත ‍ගෙන්න ගන්නවා.මෙම දෝෂය ඔබේ දුරකථනයේ ඇත්නම් ඔබේ දුරකථනයත් auto restart වේවි. එය වෛරසයක් නොවේ..පිලියමක් ලෙස දුරකථනය Reset කලත් ‍මෙම ගැටලුවට සාර්ථක විසදුමක් ලැබෙන්නේ නැහැ.ඔබට අනිවාර්‍‍යෙන්ම ඔබේ දුරකථනය ඔවුන්ගේ රෙපෙයාර් සෙන්ටර් එකකට භාර දීමට සිදු වෙනවා.

මේ මගේ සවන් වලට ඇහුනු ‍පුංචි කතාබහක්.මෙම පාරිභෝගික මහතා දැනට දවස් තුනකට ‍පෙර Samsung Core2 දුරකථනයක් මිළදී ගත් මහත්මයෙක්.

පා‍‍.භෝ - මල්ලි මම මේ ෆෝන් එක අරගෙන ගියේ පෙරේදා.‍මේ ෆෝන් එක ඔටෝ රී ස්‍ටාර්ට් වෙනවනේ මල්ලි.

අලෙවි.ක - අපි මේක කම්පැනි දාමු සර්.මේකට අලුත් update එකක් දාන්න තියෙනවා.ඊට පස්සෙ හරියයි.

පා‍‍.භෝ - ඒම කම්පැනි දැම්මම හරියනවද මල්ලි...ෆෝන් එක අරගෙන දවස් කීයද? රුපියල් විසිදාහක් දීලා අලුතින්ම ෆෝන් එකක් ගන්නෙ කම්පැනි දාන්න නෙමෙයිනෙ මල්ලි...මට මේ ෆෝන් එක මාරු කරලා දෙන්න...

අලෙවි.ක - එහෙම කරන්න බෑ සර්.මට පුලුවන් මේක කම්පැනි දාලා හදලා දෙන්න.එතනින් එහාට දෙයක් මට කරන්න බෑ...

ඔබ දන්නවාද ‍මෙම දුරකථනය ගත් පාරිභෝගික මහතාට අවසානයේ සිදුවුනේ මිළදි ගැනිමෙන් දවස් 3කට පසු එම දුරකථනය නැවතත් සතියකට පමන කම්පැනියේ තියාගන්න බාර දෙන්න වෙච්ච එක.

ඇත්ත.වගකීමක් තියෙන මොන දුරකථනයක් වුනත් නිෂ්පාදන දෝෂයක් තිබුනොත් අදාල සමාගමට යැවිය යුතුයි.නමුත් මිලදී ගැ‍නීමෙන් දවස් දෙක තුනකට පසුත් එම කාර්යය කිරීමට සිදුවුනොත්...

කෙසේ වෙතත් ‍ලංකාවේ දුරකථන වෙළදපොළට පැමිණ මාසයක් ගත වීමටත් මත්තෙන් Samsung Core 2 දුරකථන‍යේ මිළ රුපියල් තුන් දහසකින් අඩු කර විකුනූ සැම්සුන්ග් සමාගමට මාස දෙකක් ගත වෙන තැන සොෆ්ට්වෙයාර් ගැටලුවකටත් මුහුණ දීමට සිදුවුනා.

ඔබ මිළදී ගත් Samsung Core 2 දුරකථන‍යේත් Auto Restart වෙන ගැටලුව තිබුනොත් මතක තබා ගන්න ඔබේ දුරකථනයත් Samsung Repair Centre එකකට රැගෙන යා යුතු බව.

සිදුවීම නිසා පාරිභෝගිකයන්ගේ පැහැදීම ‍සෑහීමකට පත් වෙන අයුරින් අඩු වී තිබෙනවා. “‍ස්මාර්ට් ෆෝන් නම් ගැලැක්සි තමයි” කියූ බොහෝ පිරිසක් දැන් “සැම්සුන්ග් ගන්න බයයි” කියන වචන ටික කියන්නෙ ඇත්ත ‍තේරුම් ගත්ත නිසා.

“අපි නම් මැරුවත් සැම්සුන්ග්” යැයි පවසන පාරිභෝගියන් ටත් ලගදීම එය බොරුවක් කියා කියන්නට සිදු වේවි.

සැම්සුන්ග් ආයතනය මෙම ගැටලුවට විසදුමක් ලෙස ඔබේ දුරකතනය update කර දේවි.නමුන් සැම්සුන්ග් ආයතනය ගැන ඔබ‍ට තිබූ විශ්වාසය නැවතත් ඇති කරන්නට නම් විසදුමක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති වේවි.‍

Pramod Indunith
12-03-2014, 07:44 PM
මේ ප්‍රශ්නය SONY මාදිලි කීපයකටත් ඇවිත් කියලා ආරංචියි. සොෆ්ට්ට්වෙයාර් ප්‍රශ්නයක් ඕක. ඒත් ඉතිං ගෙදරදි OS එක flash කලොත් එහෙම වොරන්ටි නැතිවෙනවා. ඒක නිසා අදාල සමාගමට ගෙනිහින් දෙන එක තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් මේ වගේ සොෆ්ට්වෙයාර් ගැටලුවක් ආවම සමාගමෙන්ම අප්ඩේට් එකක් දෙනවා. ඒ වගේ අප්ඩේට් එකක් එන්නත් හැබැයි මාස කීපයක් වගේ යන්න ඉඩ තියෙනවා.
ගෙදරදි කරලා බලන්න පුලුවන් හොඳම දේ තමයි ෆෝන් එක රීසෙට් කරලා බලන එක.

janith nilanga
12-03-2014, 08:31 PM
මාර සීන් එකනේ ,,,

USG
12-03-2014, 09:06 PM
:shocked:

Dilzan
12-03-2014, 09:07 PM
අයියෝ සල්ලි ... මම නම් මෙහෙම සීන් එකක් දන්නේ නෑ.. හොයල බලමු

gayan159
12-03-2014, 09:30 PM
Ade danna ekek kiyahanko Samsung repair center eka koheda thine kila?

ajiya
12-04-2014, 09:52 AM
අනේ අපිට නැනේ ඔය පෝන්..හි හි

TharakaMadushan
12-04-2014, 10:00 AM
අනේ අපිට නැනේ ඔය පෝන්..හි හි


අයියෝ සල්ලි ... මම නම් මෙහෙම සීන් එකක් දන්නේ නෑ.. හොයල බලමු


මාර සීන් එකනේ ,,,

:shocked:

හිතුමතේ ජීවිතේ
12-04-2014, 06:15 PM
Api nam HTC.....

sameeramw
12-04-2014, 10:35 PM
:?::?::?::?::?::?::?::?:

SupunWe
12-05-2014, 07:30 AM
මේ ප්‍රශ්නය SONY මාදිලි කීපයකටත් ඇවිත් කියලා ආරංචියි. සොෆ්ට්ට්වෙයාර් ප්‍රශ්නයක් ඕක. ඒත් ඉතිං ගෙදරදි OS එක flash කලොත් එහෙම වොරන්ටි නැතිවෙනවා. ඒක නිසා අදාල සමාගමට ගෙනිහින් දෙන එක තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් මේ වගේ සොෆ්ට්වෙයාර් ගැටලුවක් ආවම සමාගමෙන්ම අප්ඩේට් එකක් දෙනවා. ඒ වගේ අප්ඩේට් එකක් එන්නත් හැබැයි මාස කීපයක් වගේ යන්න ඉඩ තියෙනවා.
ගෙදරදි කරලා බලන්න පුලුවන් හොඳම දේ තමයි ෆෝන් එක රීසෙට් කරලා බලන එක.

උබ නින්දෙන් ඇහැරිලාද ආවෙ! ෆෝන් ගැන කුණු කතාවක් කියනකොට කොහෙන් හරි ආරංචි වෙනවා නේ! :P