PDA

View Full Version : සිව් වසරක අභිමානය



HEDZ
12-27-2014, 09:10 AM
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10881596_722051954569166_1403069428449654364_n.jpg ?oh=5203f2f49d593d9a067860f42c43d591&oe=54FA825A&__gda__=1429863814_33f46a194c89a2710372578c3371b67 2


සිව් වසරකට පෙර දෙසැම්බර් 24වැනි දින සුම් අඩවිය අන්තර්ජාලයට එක් කලත් එහි නිල වශයෙන් වැඩ ආරම්භ කරනු ලැබුවේ දෙසැම්බර් 27වන දිනයි. ''අපිටත් සයිට් එකක් කරන්න පුලුවන් වේවිද'' වැනි පුංචි සිතුවිල්ලක් හිතට ඇවිත් එය සිතුවිල්ලකට පමණක්ම ඉඩ නොදි වැඩ රාජාකාරි ආරම්භ කලේ 2010 ඔක්තොම්බර් 3වැනි දිනයි. ඔක්තොම්බර් මසම වෙබ් අඩවිය එලිදක්වන්න කටයුතු කරගෙන ගියත් වෙබ් ෆොරම් එකක් නිසාම හා තවත් නොයෙකුත් කටයුතු නිසා දෙසැම්බර් මස වෙනතුරු වෙබ් අඩවියේ වැඩ කටයුතු සිදුකෙරුනා. සිතුව ආකරයටම අනන්‍යවු වර්ණයක්,අපටම අනන්‍ය වු සලකුණක් හා පාඨයක් සමගින් අප වෙබ් කලාව තවත් වෙනස් කිරිමේ අරමුනින් අපගේ ගමන ආරම්භ කලා. මුල් කාලයේ ගීත ලබාදිමට කටයුතු කලත් ඒකල ආ චිත්‍රපටි උපසිරැසි රැල්ලට අපිත් එකතු වුනා වගේම එය විශාල වශයෙන් වෙනස් කිරිමට අපට හැකි වුනා. ඒ වෙනස එකක් දෙකක් නොව රැසකි. රුපවාහිනි කතාමාලා මුල්වරට උපසිරැසි ලබා දිම,ලයින්දහස් ගනන් වු හින්දි,ඉංග්‍රිසි චිත්‍රපටි සියල්ල මඟනොහැර ලබා දිම,චිත්‍රපටියක් ලැබුන සැනින් උපසිරැසි නිකුත් කිරිම ඒ අතරින් සමහරකි. මුල් කාලයේ වෙලාවක් කලාවක් නැතුව උපසිරැසි ලබා දුන්නාට ඇතැමුන් විවිධ දැ පැවසුවත් අද සියල්ලම අනුගමනය කරනුයේ ඒ පිලිවෙතයි. ඊට අමතරව කොරියානු කතාමාලා රැල්ල එමටත් පෙර කොරියානු කතාමාලා ලබා දෙමින් අද වෙන විට කොරියානු කතාමාලා පමණක් 15කට ආසන්න සංඛ්‍යාවක් අප ලබා දි අවසන්. ඉංග්‍රිසි රුපවාහිනි කතාමාලාද එසේමය.


වසර 4ක් මේ ආ ගමන් මඟ ලේසි පහසු එකක් වුයේ නැත. අපහසු කාල වලදි පවා අපහට උදව් කරමින් දිරිමත් කරමින් අපව මේ තත්වයට ඔසවා තැබිමට ගත් සියළුම දෙනාට හිසනමා ආචාර කරමි. විටෙක සියල්ලන්ටම පැන නැගුන ප්‍රශ්නයක් තිබුනා HEDZ යන්නේ කවුරුන්ද වඟ. HEDZ යනු නාමයක් පමණි මේ පිටුපස වැඩකරන තවත් කිහිපදෙනෙක්ම ඇත. ඔවුන් සියළු දෙනාගේම මහන්සිය නොවෙන්නට අද මෙවැනි වෙබ් අඩවියක් තියෙන්නද නැත. අන්තර්ජාලය තුල අප අසාර්ථක වු එක දෙයක් ඇත. එනම් වෙබ් අඩවි වල එකිනෙකා සහායෝගිතාවයෙන් වැඩකිරිමට සැලස්විමයි. නමුත් එය කිසිදු සාර්ථක බවක් නොමැති බව දැනුනේ පසුගිය 2013 වර්ෂයේ අපගේ සිදුවු යම් තාක්ෂණික දෝෂයක් නිසා මැයි ජුනි ජුලි හා ඔක්තොම්බර් නොවැම්බර් මස වල වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරිමේදි නොයෙකුත් බාධා පැමිනුනි. එවැනි අවස්ථාවේදි ඇතුම් වෙබ් අඩවි වල අය අපවෙන අවඥා සහගත අදහස් පලකරන විටකදි ඇතැම් වෙබ් අඩවි අප නැවතත් නගා සිටිවිමට හැකි උදව්වක් තිබේද යැයි අසා විමසනු ලැබිය.කාට හෝ සිතුනා නම් වෙබ් අඩවිය මුදල් නිසා ඇඩ් දාගෙන කරගෙන යනවා යැයි කවුරු හරි සිතුවා නම් ඒ කාලයේ වෙබ් අඩවිය වෙනුවෙන් විශාල මුදලක් සමගින් වෙබ් අඩවිය ඔවුන්ට පවරන්නේද යැයි ලංකාවේ මාධ්‍ය ආයතනයක් පවා අපෙන් විමසා සිටියා. නමුත් ඒ ඉල්ලිම අප ප්‍රතික්ෂේප කලේ මේය මුදල් නිසා නොව මේය අපට වෙබ් අඩවියක්ම නොව පවුලේද සමාජිකයෙක් තරම් ලෙන්ගතු වු බැවිනි. අද ඔබ දැන්විම් පලකරලා තියනවා දැක්කාත් වෙබ් අඩවියට දරණ වියදමින් 15%ක් පමණක් සම්පුර්ණ කිරිමට පමණයි ඒ මුදල සැහෙන්නේ. අනික් සියල්ල අපගේ වියදමින් දැරිමට අප කටයුතු කරයි. කෙසේ වෙතත්, අර අසාර්ථක බවට පත්වුවත් යම් තරමකට හරි කරදරයක් වු විටකදි හෝ වෙබ් අඩවි වල යම් පිරිසක් ගේ සහයෝගිතාවයක් ඇති බව දැකිම සතුටක් වුනා. සම්පුර්ණයෙන් නැවත වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම සියළුම ෆයිල් අපට අප්ලොඩ් කිරිමට සිදුවුනා. ඒ නිසයි අර වගේ කාලයක් ගතවුනේ. ඔබගේ කමෙන්ට් ත්‍රේඩ් එකතු වු විට විශාල ගිගාබයිට් ප්‍රමාණයක් වෙබ් අඩවිය දරාගෙන සිටිනවා. ඉතින් ඒ සියල්ල නැවතත් සකස් කිරිමට 2013 වසරේ අපට සිදුවුනා. අප ආ ගමන් මගේ යම් අදුරු මතකයක් ලෙසටත් ඒ වසර අපට ගන්නට පුලුවන්


අවසාන වශයෙන් අදට අවුරුදු 4ක් ගෙවි 5වැනි අවුරුද්දට මෙසේ අපි පිට නගන්නේ තවත් වෙනසක් ඇති කිරිමේ බලාපොරොත්තුවෙන්. ලංකිය සිංහල උපසිරැසි කලාව වෙනස් කලා මෙන් තවත් ඉදිරියේදි තවත් වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ කටයුතු දැනටමත් සකස් කරමින් පවති. සුම් සාර්ථකත්වට නිතව වශයෙන්ම උර දෙන අපට සිටිනා සියළුම උපසිරැසි ගන්වන ශිල්පින් මතක් කල යුතුමයි. ඔවුන් නොමැති නම් අද මෙවැනි ජනප්‍රියත්වයක් අපට ලැබෙන්නේ නැත. සියළු දෙනාටම ස්තුතියි. 4වැනි උපන්දිනය වෙනුවෙන් උපසිරැසි සමාජිකයන් මෙන්ම වෙබ් අඩවියේ ක්‍රියාකරි ෆොරමය තුල සිටිනා සමාජිකයන්ගේ සාදයක් පවත්වන්න තිරණය කලත් මේ දවස් වල හැමෝටම සහාභාගි වන්නට නොහැකි නිසා දින කිහිපයකට එය කල් දැම්මා. ලඟදිම ඒ ගැනත් දන්වන්න කටයුතු කරන්නම්.

හැමෝටම ස්තුතියි වචනයකින් හරි දක්වන සහායෝගයට.ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න.

nisallakshan
12-27-2014, 09:55 AM
අනිවා අපි හැමදාම ZOOM එක්ක ඉන්නවා මොනවා වුනත්
ඒ වගේම අපේ සහෝදර ZOOM වෙබ් අඩවියේ 4 වැනි
උපන්දිනයට සුභ පතනවා හදවතින්ම....

sameeramw
12-27-2014, 09:59 AM
Congratulations on Zoom's success. But remember, Success is not final, failure is not fatal. it is the courage to continue that counts.........We always with you.... Well done.. Cheers

Sri-Mal
12-27-2014, 10:12 AM
Zoom 4 වෙනි උපන්දිනයට හදවතින්ම සුභපැතුම්!! ජයවේවා!!

pavara
12-27-2014, 10:18 AM
සුබ උපන්දිනයක් Zoom.LK

janith nilanga
12-27-2014, 10:36 AM
2013 වසර ,, Zoom 1කට අදුරු මතකයක් වුවත් ..? අපි වැටුනේ නැ .. අපි එයින් ඉදිරියට යෑමේ පන්නරය ලැබුවෙමු .. දිනෙන් දින ඉදිරියට යන උපසිරැසි කලාවේ හා අර්ථවත් ලිපි ( සමාජීය , ආගමික , අද්‍යාපන , කාලීන ) පලකිරීමේ කලාවේ ප්‍රමුකයා වන Zoom.lk ,, තවත් අපමණ කාලයක් මෙවන්දෑ කිරීමට ශක්තිය , දිරිය , වාසනාව , පිරිස්බලය නොඅඩුව Zoom.lk වෙත ලැබෙන්න කීයා මම මගේ හදවතින්ම ප්‍රර්ථනාකරනවා ....!!!

ranil eranga
12-27-2014, 11:06 AM
zoom සදා අමරණියයි මාගේ හද පිරි සතුට.

apkumara
12-27-2014, 11:18 AM
SADAKAL WAJABAWA ZOOM.LK

Amila
12-27-2014, 12:08 PM
HAPPY BDAY ZOOOM

party ekak dennako apita :D

A.M.S.M Aluthwewa
12-27-2014, 12:19 PM
තවත් ඉදිරියට යෑමට සුබ පැතුම් !!!!!!

infokosala
12-27-2014, 12:34 PM
අපි හැමදාම ZoOm එකත් එක්ක ඉන්නවා... http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7160033.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7160033.gif

sipmedia
12-27-2014, 01:40 PM
Kothekuth karadara badaka awath ewa jaya gena Idiriyata yamata shakthiya labewaa....

Lankawe apita 'zoom' thamai..

"ZOOM" EKATA JAYA,,, :14_002:

damithperera
12-27-2014, 02:00 PM
අපි හැමදාම සූම් එක සමගයි.කවුරු මොනා කිවුවත් සූම් තමයි ලංකාවේ අංක 01.මගෙන් සුබ පැතුම් ...............

gdplk
12-27-2014, 03:20 PM
 

සුබ පැතුම්... අපි හැමදාමත් ZOOM එක්ක ඉන්නවා...

princekrish
12-27-2014, 06:02 PM
ඉදිරු අවුරුද්ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!

asitha sandaruwan
12-27-2014, 06:16 PM
zoom.lk සිව්වැනි උපන්දිනයට හද පිරි සුභාශින්ෂණ ඉතා සතුටින් පල කරමි,ආ ගමන තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්නට ශක්තිය ලැබේවායි එක සිතින් පතමි.! :)

yevon1992
12-27-2014, 07:11 PM
සැමදා zoom.lk සමග ඉන්නවා zoom.lk ජය වේවා

Imal619
12-27-2014, 07:33 PM
"ආ මග කෙටියි යායුතු මග දුරයි..."

Congratz....

Story Teller
12-27-2014, 07:33 PM
සූම් එකට තාම අවුරුදු 4 යි... තාම පොඩි බබෙක් නේ! තව ගොඩක් කල් මේකට ගමනක් යන්න පුළුවන්. පොඩි ළමයෙක් ටිකෙන් ටික ඉගෙන ගෙන මොළකාරයෙක් වෙනවා වගේ, මේකත් ටිකෙන් ටික දියුණු කරලා හොඳම තැනකට ගන්න උත්සාහ කරමු! සූම් එකට මගෙන් හැමදාම සුබ පැතුම්!

මරු හිරා
12-27-2014, 07:42 PM
Happy Birthday!
අපිත් හැමදාම සූම් එකත් එක්කයි

Eranga 44
12-27-2014, 07:43 PM
.:: Happy B'day ZOOM ::.
අපි හැමදාමත් සූම් එක්ක ඉන්නවා, සූම් එකට ජයවේවා!!
ඉදිරි ගමනටත් හදවතින්ම සුභ පතනවා

Eranga 44
12-27-2014, 07:44 PM
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQxDn-mwwNVVD2iB172tUXEZshzQ10XTakiKnbP2QhTh6MkSCEo

USG
12-27-2014, 08:12 PM
මොන දේ උනත් සූම් එක්ක අපි දිගටම ඉන්නව,,,,,,ඒක ගැන ආයේ කතා දෙකක් නැ,,,,,,,,,,,,,,ඒ අභිමානය දිගටම අපිත් එක්ක තියනවා

pathumdananjaya
12-27-2014, 11:58 PM
:51_002::51_002: Happy birth day ZOOM.LK And All The Best ZOOOOOM

CHAMARAN
12-28-2014, 05:41 PM
සුබ ගමනක් අපිට කරන සේවයට...........

prasannalive
12-28-2014, 08:28 PM
ජය වේවා!!!

http://dailylifemessage.com/wp-content/uploads/2013/01/keep-going-pic.jpg

imdi1979
12-29-2014, 06:42 AM
ZOOM වෙබ් අඩවියේ 4 වැනි
උපන්දිනයට සුභ පතනවා හදවතින්ම....:thumbsup:

SupunWe
12-29-2014, 07:51 AM
දිනෙන් දින සාර්ථකත්වයට යන්න හැකිවේවායැයි ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා,
හතරවෙනි උපන්දිනයට හදවතින්ම සුභ පැතුම්,
ජයවේවා!

SupunWe
12-29-2014, 07:51 AM
දිනෙන් දින සාර්ථකත්වයට යන්න හැකිවේවායැයි ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා,
හතරවෙනි උපන්දිනයට හදවතින්ම සුභ පැතුම්,
ජයවේවා!

Lakruwan
12-30-2014, 02:01 PM
සිව් වන උපන්දිනයට මගෙන් සුභපැතුම් සූම් වෙත!!!!!

TharakaMadushan
12-30-2014, 08:33 PM
http://harrisongreetingcards.net/images/1330.png

අපි හැමදාම Zoom එක ඉන්නවා, තව තවත් ඉදිරියට යමු....

sumane
01-01-2015, 04:44 PM
http://www.picgifs.com/graphics/h/happy-birthday/graphics-happy-birthday-808558.gif

Seeker
01-02-2015, 08:12 AM
සූම් එකට ජයවේවා...! තවත් දීර්ඝ ගමනක් යෑමට මගෙන් සුභ පැතුම්..

sahanyugantha
01-02-2015, 09:05 AM
I'd Say Adz r not bad thing, that would help to increase the motivation factor and upgrade the site features
( I said wht I feel:k0243::k0243:, I love this site)

Code#M
01-02-2015, 07:31 PM
අප්පේ පරක්කු වුණා නොවැ කොමෙන්ට් කොරන්න:D
සුබ පැතුම්!!!

Tihonenate
10-18-2019, 12:04 AM
Прошлой ночью серфил данные инета, и вдруг к своему удивлению увидел важный сайт. Это он: https://forums.iis.net/members/sipstore.aspx . Для меня вышеуказанный ресурс оказал хорошее впечатление. Успехов всем!