PDA

View Full Version : ලාබෙට 2nd hand ෆෝන් ගන්න අයට මෙන්න.

මරු හිරා
04-13-2015, 11:04 AM
http://www.gizbot.com/img/2014/03/01-top-20-best-mobile-phones-invest-to-buy-this-march-2014-news-smartphones.jpg

සෑහෙන්න කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න වගේම මේ පැත්තෙ එන්න බැරි උන නිසා ඔන්න ත්‍රෙඩ් එකක් දාන්න ආවේ කාටත් වැදගත් වෙන කතාවක් ලියල.මේක කොහෙන්වත් උස්සපු එකක් එහෙම නෙවෙයි. හැමෝම දන්නවනේ දැන් විවිධ වෙබ් අඩවි වගේම ෆේස් බුක් ග්රූප් හරහාත් 2nd hand phones විකුණන එක ලොකුවටම කෙරීගෙන යනව කියල. ගොඩක් වෙලාවට කට්ටිය මේකට සෑහෙන්න උනන්දුයි. මොකද කඩේ ගානට වඩා සෑහෙන්න අඩුවෙන් අලුත් හොඳ තත්වයේ ටිකක් විතර පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න පුළුවන් මේ නිසා. හැබැයි මෙහෙම ගන්න ගියාම වෙන ගැටළු කීපයකුත් තියනවා. ඒවා මොනවද ඒවට මොනවද කරන්න ඕන, ඒ වගේම මොනවද හොඳ ෆෝන් එකක් ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කියන එක ගැන තමයි මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ.මුලින්ම එහෙනම් බලමු ෆෝන් එකක් මෙහෙම ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියල.

මුලින්ම බලන්න මේ දාල තියන ෆෝන් එකට අදාළ ඔක්කොම දේවල් ටික තියනවද කියල. ඒ හැම දෙයක්ම ඔරිජිනල් ෆෝන් එකත් එක්ක එන දේවල් වෙන්න ඕන. ඒ වගේම බොක්ස් එකත් ගොඩක් වැදගත්. ෆෝන් එකට අදාළ ඉමි නම්බරය සහිත බොක්ස් එකද කියල චෙක් කරලා බලන්න. *#06# ගහල ෆෝන් එකේ ඉමි එක බලාගන්න. ෆෝන් එක කෝල් කරලා බලන්න යන්න කලින් ඉමි එක එවන්න කියල කෝකටත් චෙක් කරලා බලන්න. http://www.imei.info/ මේ කියන දේවල් නැති උනොත් ගන්න ෆෝන් එකත් කවදාහරි විකුණන දවසක දෙන්න වෙන්නෙ කුණුකොල්ලෙට.

ෆෝන් එකට අදාළ වගකීම් සහතියකය තියනවද බලන්න. ගොඩක් ෆෝන් රටින් ගෙනාපුවා එහෙම තියනවා. වැඩිය හොඳයි ලංකාවෙන්ම ගත්ත වගකීම ඉතුරු වෙලා තියන එකක් ගන්න පුළුවන් නම්. එතකොට යම් තාක් දුරකට ෆෝන් එක කොච්චර කල් පාවිච්චි කරලද කියල දැනගන්න පුළුවන්.
ෆෝන් එක අවුරුද්දකට වඩා පාවිච්චි කරලා නම් ගන්න එපා. පිට පෙනුම හොඳට තිබ්බත් performance අතින් අඩුපාඩු එන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් වල (ඔක්කොගෙම නෙවෙයි ගොඩක් ඒවගේ). නමුත් Apple වල සහ Windows Phone වල මේක ටිකක් අඩුයි. Android නම් අවුරුද්දකට වඩා වැඩිපුර පාවිච්චි කරපුව නොගෙන ඉන්න එක වැඩිය හොඳයි.

ඊළඟ කාරණය තමයි ෆෝන් එකේ පිටත පෙනුම, Samsung වගේ ෆෝන් වල නම් Silver line එක හානි වෙලා නම් ගන්න යන්න එපා. ඕනෑම ෆෝන් එකක් අරන් බලන්න ඒක බිම කීප වතාවක් වැටිලා තියන සලකුණු තියනවද කියල. අනිත් එක තමා ලොකුවට බිම එක පාරක් හරි වැටිලා ටිකක් ලොකු හානියක් වෙලා තියනවා නම් අඩුවට දුන්නත් ගන්න එපා ගොඩක් දුරට Main board එකේ අවුල් එන්න ඉඩ තියනවා.Back cover එක ගලවන්න පුළුවන් ෆෝන් එකක් නම් අරගෙන ඇරලා බලන්න ෆෝන් එකේ ඇනවලට දාල තියන සීල් එක එහෙම කඩල තියනවද කියල. ඒක කඩල නම් ෆෝන් එක ගලවල මස් කරපු එකක් වෙන්න පුලුවන්. ඒ නිසා එහෙම ඒවා නොගෙන ඉන්න එක වඩා හොඳයි.
ෆෝන් එක ගන්න යද්දී විකුණන කෙනාගේ ගෙදරටම වගේ ගිහින් ගන්නවා නම් වඩා හොඳයි. ෆෝන් එකට අදාළ බිල් ආදී ලියකියවිලි වලට අමතරව විකුණන කෙනාගේ ID copy එකක අත්සන් කරපු පොඩි ලියුම් කෑල්ලක් ලබා ගන්න. මොකද උස්සපු එකක් එහෙම උනොත් පොලිසියට මාට්ටු වෙන්නෙ අපි නිසා. එහෙම දෙන්න බෑ කියනවා නම් ඒක කොහෙත්ම ගන්න එපා.

මේ වෙද්දී සෑහෙන්න කොපි තියන නිසා ෆෝන් එක ඔරිජිනල් එකක්ද කියල දන්නා කෙනෙක් ලවා චෙක් කරගන්න. මොකද කොපි වලත් සමහර ඒවගේ ගැලපෙන ඉමි නම්බර් තියනවා දැන්.
බැට්රි එකේ තත්වය කොහොමද කියල අහල බලන්න. iPhones වල එහෙම ඉක්මනින් බැට්රි බහිනවා නම් බෝඩ් එකේ ලෙඩ තියෙන්නත් පුළුවන්. හොඳ බැට්රි තත්වයක් තියන ඒවා බලල ගන්න.
iPhones ගන්නවා නම් අනිවාර්යයෙන්ම Factroy Unlocked එකක්ද කියල බලල ගන්න. R Sim Unlocked ඒවා වල USSD එහෙම වැඩ නැති අවුල් තියනවා. අනිත් එක තමා කොච්චර අඩුවට දුන්නත් iCloud Lock නම් අරගන්න එපා. Connect to iTunes වගේ වැටිලා තියන ෆෝන් අඩුවට තියනවා. විකුණන කෙනා කියයි මේක හදාගන්න පොඩි ගානක් යනව මට වෙන එකක් තියන නිසා මේක විකුනන්නේ වගේ දේවල්, ඒත් ඒවා ගන්න එපා ඒ වගේ ඒවා එන්නෙ ගොඩක් වෙලාවට ෆෝන් එකේ hardware fault එකක් නිසා. iPhones ගන්නවා නම් අනිවා හොඳට ඒ ගැන දන්නා කෙනෙක් එක්ක ගිහින් බලල ගන්න.

කොරියාවෙන් ගෙනාපු ඒවා ගන්න එපා., ඇමරිකන් ඒවා වගේ ඒවත් එපා. international version ඒවා ගන්න. කන්වර්ට් කරලා සොෆ්ට්වෙයා ගහපුවා ගන්නත් එපා.

අඩු ගානකට ගන්නවා නම් Android නැතුව වින්ඩෝස් ෆෝන් එකකට යන්න. මොකද වින්ඩෝස් නම් ස්ලෝ වීම අතින් සෑහෙන්න අඩුයි. අඩු ගානකට android phone එකක් ගත්තොත් නම් වැඩක් කරගන්න බැරුව මාර දුකක් විඳින්න වෙයි.

හරි එහෙනම් ඔන්න ෆෝන් එකක් ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරනා කීපයක් මම දැන් කිව්වා. දැන් බලමු මොනවද දැනට වෙළඳපලේ මුදලේ වටිනාකමට ගන්න තියන ෆෝන් කියල. මම මේ පිළිවෙලට දානවා නෙවෙයි නිකන් දාගෙන යන්නෙ. මේ එකකින් වත් වැඩියම හොඳ එක මොකක්ද කියල මම කියන්න යන්නෙ නෑ.

Sony Xperia Z2 කඩේ මිල 52k විතර, 2nd hand හොඳම තත්වයේ එකක් 45ට අඩුවෙන් පුළුවන්. ඊට වැඩිය නම් ගන්න එපා. XPeria Z3 එක නම් ගන්න එකේ තේරුමක් නෑ. මොකද Z2 එකට වඩා 20ක් විතර මිල වැඩි උනාට කිසිම වෙනසක් නෑ වගේ.

OnePlus One කඩේ මිල 16GB එක 50ට අඩුයි. 64GB එක 60ට අඩුයි. 2nd hand නම් 64GB එක විතරක් ගන්න මොකද මෙමරි කාඩ් ගහන්න බැරි නිසා. 64GB 45k වගේ හෝ ඊට අඩුනම් ගන්න.

iPhone 5s කඩේ මිල නම් හරියටම දන්නෙ නෑ. 16GB factory unlocked එකක් Gold color නම් 50 හෝ ඊට අඩු ගානක් තමා වටින්නේ. ඊට වැඩියෙන් ගන්න එපා.

iPhone 6 මේකෙත් කඩේ මිල කියන්න යන්නෙ නෑ. එක එක ගණන් වලට තියනවා 16GB එකක් 85ක් වගේ වෙනව හොඳම තත්වයේ තියනවා නම්.

Galaxy Note 3 මේකෙත් තව Neo කියල එකක් තියනවා ඒක ගන්න එපා. ගන්නවා නම් SM-N900 හෝ 9005 කියන මොඩල් දෙකෙන් එකක් ගන්න. කඩේ මිල 60ක් හෝ ඊට වැඩි. 2nd hand නම් 42ක් වගේ තමා උපරිම වටින්නේ දැන්. හැබැයි හොඳම තත්වයේ එකක් ගන්නවා නම් වටිනවා හැම අතින්ම. මොකද මේකෙ හැම දෙයක්ම වගේ හොඳයි. විශේෂයෙන්ම බැට්රි කාලය සහ Ram එක

Galaxy Note 4 කඩේ මිල නම් 85k වගේ මම හිතන්නේ. 2nd hand ගන්නවා නම් 70ට අඩුවෙන් ගන්න.

LG G3 ගන්නවා නම් අනිවාර්යයෙන්ම 32GB එකක්ම ගන්න. මොකද 16GB එකේ 2GB Ram සහ 32GB එකේ 3GB Ram වෙන නිසා. මේකත් ගන්න ගානට වටිනා හොඳම ෆෝන් එකක්. ටිකක් රත් වෙන ගතිය නම් අනිත් ඒවට වඩා වැඩි වගේ. හැබැයි ෆෝන් එක අනිත් හැම අතින්ම සුපිරි. කඩේ මිල 64ක් හෝ ඊට අඩුයි. 2nd hand නම් ඉතින් 50ක් වගේ තමා වටින්නේ.

HTC One M8 මේකෙ කඩේ මිල 60ට පොඩ්ඩක් වැඩි. 2nd hand නම් 50ක් වගේ වටිනවා හොඳම තත්වයේ තියන එකක්. දැන් දැන් 50ට අඩු වේගෙනත් එනවා.

LG G2 ගන්න ගානට හොඳටම වටිනා ෆෝන් එකක්. 32GB එකක්ම ගන්න එක තමා වටින්නේ. හොඳම තත්වයේ එකක් 35ට අඩු ගානක් තමා වෙන්නෙ. හැම අතින්ම සුපිරි ෆෝන් එකක් මේක.

Samsung Galaxy S5 කඩේ මිල නම් එන්න එන්නම අඩු වෙනවා. 2nd hand නම් හොඳම තත්වයේ තිබේ නම් 45 හෝ ඊට අඩුනම් විතරක් ගන්න.

Nokia Lumia 930 වැඩිපුර දකින්න නැති ෆෝන් එකක්. වින්ඩෝස් වලට කැමති අයට නම් ගොඩක් හොඳ භාණ්ඩයක්. වින්ඩෝස් 10 අප්ඩේට් එක මෙකට ආව ගමන් එනවා. කඩේ මිල නම් 54ක් වගේ මතක. 2nd hand නම් 40ට අඩු නම් පමණක් ගන්න.

Galaxy S4 හොඳම තත්වයේ තිබේ නම් 30 හෝ ඊට අඩු නම් ගත්තට වරදක් නැත.

Sony Xperia Z1 හොඳම තත්වයේ තිබේ නම් 35ට අඩු ගණනක් වගේ නම් ගන්න.

මේ වෙලාවේ ත්‍රෙඩ් එකට ටයිප් කරලා කරලා එපා වෙලා නිසා නවත්තනවා. මුළු රටේම තියන ෆෝන් ගැන කියන්න වෙලාවක් නෑ. ප්‍රශ්න තිබේ නම් අහන්න. ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් අහන්න පුළුවන් විදිහට උදව්වක් කරන්න පුළුවන්. මේ දාල තියන මිල ගණන් මේ දින කීපයෙන් පසුව වෙනස් වෙයි. ඒ වගේම 100% නිවැරදි නොවෙන්නත් පුළුවන්. පොඩි අදහසක් දැනගන්න තමා දැම්මේ. එහෙනම් ඔබේ ප්‍රතිචාරය දක්වල යන්න. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ෆෝන් එකක් ගන්නවා නම් හදිසි වෙන්නෙ නැතුව හොඳට හොයල බලල ගන්න. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%84 %E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0% B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A 9%E0%B6%9A%E0%B7%8A) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/97ahLVM.png

damithperera
04-13-2015, 11:46 AM
හිරාන් මල්ලී කාලෙකින් දැක්කේ .විභාගය ඉවරයි වගේ.සෑහෙන වටින පොස්ට් එකක් .එහෙනම් ඔන්න මුලින්ම මගෙන් රෙප් 8++++++++

asitha sandaruwan
04-13-2015, 12:05 PM
නියමයි හිරා.වටිනා ත්‍රෙඩ් එකක්.සලකලා ඇති ඔන්න
http://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar503_107.gif:D:D:D:k0243::k0243:

Seeker
04-13-2015, 12:11 PM
Good Post... rep+++

janith nilanga
04-13-2015, 12:23 PM
හොද විස්තරයක් හීරෝ & රේප් 12

මරු හිරා
04-13-2015, 01:54 PM

එල එල බොහොම ස්තුතියි! කාලෙකින් කට්ටිය දකින්න ලැබිච්ච එක ලොකු වාසනාවක්

azzer
04-13-2015, 03:10 PM
Good post

infokosala
04-13-2015, 04:25 PM
HTC ONE M7 - here (http://www.aliexpress.com/item/HTC-ONE-M7-801E-Quad-Core-2G-RAM-32G-ROM-1920-1080-Full-HD-Beat-Audio/32214951044.html) 250.80$ = 33 or 34 :cool:

infokosala
04-13-2015, 04:27 PM
good post rep +++

shinza
04-13-2015, 04:47 PM
දාල තියෙන post එක හුගක් වටිනවා . මන් අලුතින්ම hTC desier 620 dual ෆෝන් එකක් ගන්න යන්නේ. පුලුවන්නම් කියනවද එක හොඳයිද කියලා. ලෙඩ එහෙම තියෙනවනම් ...:k0243: . බොහොම ස්තුතියි

thilinaz
04-13-2015, 05:18 PM
එල එල ගොඩක් කාලෙකින්නේ බන්, සලකල ඇති

මරු හිරා
04-13-2015, 06:56 PM
HTC ONE M7 - here (http://www.aliexpress.com/item/HTC-ONE-M7-801E-Quad-Core-2G-RAM-32G-ROM-1920-1080-Full-HD-Beat-Audio/32214951044.html) 250.80$ = 33 or 34 :cool:
ගන්න එපා. ෆෝන් එක සුපිරි තමා. ඒත් කාලයක් ගියාම ලෝ ලයිට් පිනක් ඉශු එනවා. කැමරා එක පට්ට චා

දාල තියෙන post එක හුගක් වටිනවා . මන් අලුතින්ම hTC desier 620 dual ෆෝන් එකක් ගන්න යන්නේ. පුලුවන්නම් කියනවද එක හොඳයිද කියලා. ලෙඩ එහෙම තියෙනවනම් ...:k0243: . බොහොම ස්තුතියි

හොඳටම නම් කියන්න දන්නෙ නෑ. ඒත් ගන්න ගානට වටිනා ෆෝන් එකක් කියල තමා කට්ටියගේ අදහස් තියෙන්නෙ. හැබැයි සිංහල නම් HTC වල වැඩ නෑ. රූට් කරලා සිංහල දාන්න වෙයි. රූට් කරන්න ටිකක් අමාරුයි. Ram 1GB නිසා මම අනුමත කරන්නෙ නෑ. මොකද ඔය ගානට Huawei Honor 3C එක 2GB Ram එක්කම තියනවා. ඒ නිසා ඒක ගන්න එක වැඩිය හොඳයි. HTC වල සොෆ්ට්වෙයා අප්ඩේට් වල අවුල් තියනවා. ටිකක් හිතල බලන්න. හුවාවී නම අවුල් වගේ නම් අරක ගන්න. හැබැයි Performance අතින් නම් හුවාවී එක තමා

Code#M
04-13-2015, 07:40 PM
උබ ඉඳලා ඉඳලා වල බහිනවා නේ:cool:
රෙප් 3+

Imal619
04-13-2015, 07:43 PM
Thanks machan...rep+

මරු හිරා
04-13-2015, 07:46 PM
දාල තියෙන post එක හුගක් වටිනවා . මන් අලුතින්ම hTC desier 620 dual ෆෝන් එකක් ගන්න යන්නේ. පුලුවන්නම් කියනවද එක හොඳයිද කියලා. ලෙඩ එහෙම තියෙනවනම් ...:k0243: . බොහොම ස්තුතියි

එල එල ගොඩක් කාලෙකින්නේ බන්, සලකල ඇති

උබ ඉඳලා ඉඳලා වල බහිනවා නේ:cool:
රෙප් 3+

Thanks machan...rep+

:)

yohan
04-13-2015, 09:35 PM
ගන්න එපා. ෆෝන් එක සුපිරි තමා. ඒත් කාලයක් ගියාම ලෝ ලයිට් පිනක් ඉශු එනවා. කැමරා එක පට්ට චා

හොඳටම නම් කියන්න දන්නෙ නෑ. ඒත් ගන්න ගානට වටිනා ෆෝන් එකක් කියල තමා කට්ටියගේ අදහස් තියෙන්නෙ. හැබැයි සිංහල නම් HTC වල වැඩ නෑ. රූට් කරලා සිංහල දාන්න වෙයි. රූට් කරන්න ටිකක් අමාරුයි. Ram 1GB නිසා මම අනුමත කරන්නෙ නෑ. මොකද ඔය ගානට Huawei Honor 3C එක 2GB Ram එක්කම තියනවා. ඒ නිසා ඒක ගන්න එක වැඩිය හොඳයි. HTC වල සොෆ්ට්වෙයා අප්ඩේට් වල අවුල් තියනවා. ටිකක් හිතල බලන්න. හුවාවී නම අවුල් වගේ නම් අරක ගන්න. හැබැයි Performance අතින් නම් හුවාවී එක තමා

හුඅවී එකට වැඩ HTC එක හොදයි මචන් ..සොෆ්ට් වෙයාර් කොලිටිය පට්ට පිනක් ඉශු එක ලොකු ලෙඩක් ණේඒ ෆොනේ එකේ තියෙන හ්හද ගන්න ලේසි..
පිනක් ඉශු එක එන්නේ කාමර එක ට අඩු එළියක් යටතේ ෂූට් කරොත් ......එක මචන් සොෆ්ට් වෙයාර් උප්ග්රෙඩ් එකක් දුන්නම හරිගස්සන් පුළුවන් ...HTC කියන්නේ බන් හුඅවී වලට වැඩ යුස් කොරන්න පුළුවන් හොද ෆොන් එකක් ...

TharakaMadushan
04-13-2015, 11:21 PM
සෑහේන්න වටින විස්තරයක් මවන්.... රේප් ++++

apkumara
04-14-2015, 07:11 AM
onna kalakin awata salakuwa

shinza
04-14-2015, 07:46 AM
ගන්න එපා. ෆෝන් එක සුපිරි තමා. ඒත් කාලයක් ගියාම ලෝ ලයිට් පිනක් ඉශු එනවා. කැමරා එක පට්ට චා

හොඳටම නම් කියන්න දන්නෙ නෑ. ඒත් ගන්න ගානට වටිනා ෆෝන් එකක් කියල තමා කට්ටියගේ අදහස් තියෙන්නෙ. හැබැයි සිංහල නම් HTC වල වැඩ නෑ. රූට් කරලා සිංහල දාන්න වෙයි. රූට් කරන්න ටිකක් අමාරුයි. Ram 1GB නිසා මම අනුමත කරන්නෙ නෑ. මොකද ඔය ගානට Huawei Honor 3C එක 2GB Ram එක්කම තියනවා. ඒ නිසා ඒක ගන්න එක වැඩිය හොඳයි. HTC වල සොෆ්ට්වෙයා අප්ඩේට් වල අවුල් තියනවා. ටිකක් හිතල බලන්න. හුවාවී නම අවුල් වගේ නම් අරක ගන්න. හැබැයි Performance අතින් නම් හුවාවී එක තමා

thanx මචං. දැනුවත් කිරීමට. :cool: :cool: :cool:

hasitha7shanaka
04-14-2015, 07:46 AM
Supiri Post ekak

salakuwa hode +++

මරු හිරා
04-14-2015, 08:08 AM
හුඅවී එකට වැඩ HTC එක හොදයි මචන් ..සොෆ්ට් වෙයාර් කොලිටිය පට්ට පිනක් ඉශු එක ලොකු ලෙඩක් ණේඒ ෆොනේ එකේ තියෙන හ්හද ගන්න ලේසි..
පිනක් ඉශු එක එන්නේ කාමර එක ට අඩු එළියක් යටතේ ෂූට් කරොත් ......එක මචන් සොෆ්ට් වෙයාර් උප්ග්රෙඩ් එකක් දුන්නම හරිගස්සන් පුළුවන් ...HTC කියන්නේ බන් හුඅවී වලට වැඩ යුස් කොරන්න පුළුවන් හොද ෆොන් එකක් ...

HTC හොඳ බව මම දන්නවා. ඩිසයින් එක සොෆ්ට්වෙයා එක ඒ වගේම හුවාවී වලට වඩා 2nd hand market එක. හැබැයි ෆෝන් එකක් ගනිද්දී වටිනාම කරන 2ක් තමයි කැමරා එක වගේම Ram එක. M7 එකේ නම් pink issue එක හදන්න බෑනේ. නැති ඒවගෙත් කාලයක් යද්දී එනවා. ඒ එන්නෙ ෆෝන් එකේ හීට් problem එකක් නිසා. ඒ නිසා ගනිද්දී දෙපාරක් හිතන්න වෙනව. HTC One M8, Desire Eye, Desire 816 වගේ නම් අවුලක් නෑ. 820 එකත් අවුල්

මරු හිරා
04-14-2015, 08:19 AM
thanx මචං. දැනුවත් කිරීමට. :cool: :cool: :cool:

Asus Zenfone 5 එක ගැන මට කියන්න අමතක උනා. දැනට ගන්න නම් තියෙන්නෙ Dialcom එකේ තමා. Dual Sim 16GB Rom & 2GB Ram තියන version එක ගන්න පුළුවන් නම්. මාරම ලුක් එකක් තියෙන්නෙ ෆෝන් එකේ (සුදු එක පට්ට) hardware warranty එක්ක ගන්න හැබැයි ෆෝන් එක අලුත් නිසා. මගේ යාලුවෙක් ගාව තියනවා ෆෝන් එක පට්ට Zen UI එක ගොඩක්දුරට HTC Sense UI එක වගේම තමා. සෙල්ෆි වලටත් පට්ට ඔප්ෂන් එකක් තියනවා

http://ecx.images-amazon.com/images/I/41n45tRc2NL._SX425_.jpg

මරු හිරා
04-14-2015, 08:20 AM
සෑහේන්න වටින විස්තරයක් මවන්.... රේප් ++++

onna kalakin awata salakuwa

Supiri Post ekak

salakuwa hode +++

ස්තුතියි හැමෝටම

prasannalive
04-14-2015, 10:17 AM
:cool:

මරු හිරා
04-14-2015, 10:28 AM
:cool:

:P

sanjaya20
04-14-2015, 01:38 PM
moko bn korean phone ganna epa kianne

මරු හිරා
04-14-2015, 01:57 PM
moko bn korean phone ganna epa kianne

ගොඩක් ඒවගේ කෝල් වල ප්‍රශ්න තියනවා. කියන එක ඇහෙන්නේ නැති අවුල වගේ ඒවා. අනිත් එක 2nd හෑන්ඩ් මාකට් එක සෑහෙන්න අඩුයි. ප්‍රශ්නයක් ආවම සොලියුෂන් අඩුයි. රොම් වගේ දේවල් හොයද්දි. තව ගොඩක් අවුල් තියනවා

sanjaya20
04-15-2015, 04:08 AM
Call drop wena eka hadanna puluwan bn.

pasan ravindu
04-15-2015, 04:31 AM
Hirawa dakka kal oi :giggle: :giggle: GooD PosT!!!!

infokosala
04-15-2015, 07:54 AM
[QUOTE=මරු හිරා;546719]ගන්න එපා. ෆෝන් එක සුපිරි තමා. ඒත් කාලයක් ගියාම ලෝ ලයිට් පිනක් ඉශු එනවා. කැමරා එක පට්ට චා

2013 අපු phone වලට විතරයි බන් pink issue එක තියෙන්නේ.. 2014 ආපු ඒවාට නෑ...

infokosala
04-15-2015, 07:55 AM
හුඅවී එකට වැඩ HTC එක හොදයි මචන් ..සොෆ්ට් වෙයාර් කොලිටිය පට්ට පිනක් ඉශු එක ලොකු ලෙඩක් ණේඒ ෆොනේ එකේ තියෙන හ්හද ගන්න ලේසි..
පිනක් ඉශු එක එන්නේ කාමර එක ට අඩු එළියක් යටතේ ෂූට් කරොත් ......එක මචන් සොෆ්ට් වෙයාර් උප්ග්රෙඩ් එකක් දුන්නම හරිගස්සන් පුළුවන් ...HTC කියන්නේ බන් හුඅවී වලට වැඩ යුස් කොරන්න පුළුවන් හොද ෆොන් එකක් ...

:yes::yes:

Ireshpalitha
04-15-2015, 12:11 PM
machan mata I PHONE 5 eka gana hoda wistharayak denneko......
ekak ganna kiyala hadanne... 33k kiyanawa. full set with box
US idan apu yaluwek laga thiyenne

shanfdo
04-15-2015, 01:19 PM
Thanks for the valueble ideas brow..HTC Desire 820S ekee thathtwe kohomadhaaa..?:k0243:

chanakacm
04-16-2015, 09:01 AM
elz

මරු හිරා
04-16-2015, 10:21 AM
Call drop wena eka hadanna puluwan bn.
ඒක විතරක් නෙවෙයිනේ එකම අවුල. ඒකත් හැම එකකම හදන්නත් අමාරුයි

machan mata I PHONE 5 eka gana hoda wistharayak denneko......
ekak ganna kiyala hadanne... 33k kiyanawa. full set with box
US idan apu yaluwek laga thiyenne

condition හොඳටම තියනවා නම් ගත්තට වරදක් නෑ. ඔය ගණන් තමා වෙන්නෙ.

Thanks for the valueble ideas brow..HTC Desire 820S ekee thathtwe kohomadhaaa..?:k0243:

camera quality නම් හොඳටම මදි. තව හීට් වෙන කේස් එකක් තියනවා කියල ආරංචියි(ඒක හරියටම දන්නෙ නෑ). මාත් ගන්න ඉඳල අතෑරියේ ඒකයි. බැටරි එකත් ටිකක් විතර මදි

sameeramw
04-19-2015, 04:17 PM
එල එල... නියමයි... මාර වටිනවා.... REP ++

sahancharu
04-20-2015, 07:26 AM
නියමයි..ගොඩක් ස්තුතියි..:D:D:D:D:D:D:D:D:D:D:D:D :D:D

ajiya
04-20-2015, 03:31 PM
යකෝ ඉදලා ඉදලා ඇද්ද නුලේ අපේ පොන් ගැන නැනේ දම්මේ..... උබේ ඔය විස්තරේ හැටියට මගේ පෝන් එක‍ට රැ. 2000හේ කොලයක් අලවලා තමා විකුන ගන්න වෙන්නේ හි හි