PDA

View Full Version : අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු......



thilanka mihiranga
03-21-2016, 02:13 PM
අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු......


ඉතින් කොහොමද කට්ටියට.... ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. අවුරුද්දත් කිට්ටු වෙන නිසා මට පොඩි පෝස්ටුවක් අපේ අලුත් අවුරුද්ද ගැන දාන්න හිතුන.. අපේ සූම් අකේ කට්ටියත් ඉතින් අවුරුද්දට ගොඩක් දේවක් කරනවනෙ. අවුරුදු උත්සවයක් එහෙමත් තියෙනවනෙ.. මේපාරත් ඉතින් කට්ටියට හොදට තරග කරන පුලුවන් වේවි.. හරි අහෙනම් යමු පෝස්ට් එක පැත්තට...



http://i64.tinypic.com/21bq6ip.jpg


අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කිව්වට පොට්ටුවක් දැකපු කාලයක් මතක නෑ ඕන්.සිරාවටම කිව්වොත් අවුරුදු දෙක තුනකින්ම එරබදු ගහක් දැක්කෙ නෑ අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්......

අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. කැවුම්, කොකිස්, අතිරස වගේ දේවල් හදන්න, නෑදෑ ගෙවල් වල යන්න, තෑගි ගන්න, ඇදුම් ගන්න කීයක් දේවල් තියෙනවද?....

අවුරුදු මාසෙ සිංහළ ක්‍රමයට හදුන්වන්නෙ බක් මාසය කියල. බක් කියන්නේ භාග්‍යය කියන එකයි. භාග්‍ය , බග් වෙලා පස්සෙ බක් වෙලා. කඩේ මුදලාලි බක් + කි කරත්තෙන් ගිහිල්ල වෙනද හිස් වෙලා තියෙන කඩේ බක්+ කි භාග්‍යයෙන් පුරවනව. ඒවට ” බග්ස්”ලත් ඇදෙනව. උනුත් එන්නෙ භාග්‍ය තියෙන තැන්වලට විතරයි.

බක් කියනව මුදල් වලටත්. හන්ඩ්‍රඩ් බක්ස්… ෆිෆ්ටි බක්ස්…. ටෙන් බක්ස්. ඒත් ඔය කියන භාග්‍යම තමයි. බක්ස් තියෙනවා නම් හැම දාම බක්.. අත මිට ඇත්නම් හැම දාම අවුරුදු.

” අත මිට ඇත්නම් – ගෑණු ද පංජං” ඔය ගමේ ගොඩේ කියමනක්. අත මිට නැති කල ආදරය පස්ස දොරෙන් පැනල යනව. අත මිට නැතුව ගෑනු කොච්චර හිටියත් වැඩක් නෑ. මෙක්සිකන් කාරයෝ කියන්නෙ මෙහෙමයි. ” no money – no honey ”

“බක් මහටයි පොද වැස්ස වැටෙන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නෙ”

ගමේ ඉරිසියාකාර ඇස් වලින් වහන් වෙලා ආදරෙන් බැඳුනු පෙම් වත්තු බක් මහ වෙනකං ඉන්නවා එක් තැන් වෙන්ට. බක් මහට තමා අස්වනු කපල , අටු කොටු පිරිල සරු වෙන්නෙ.

අවුරුදු කාලෙට මං ආසම කරන දෙයක් තමයි කෙහෙල් කැන් ඉදෙන්න දුම් ගහන එක. තාත්ත කුස්සිය පැත්තෙ ලොකු වලක් හාරනව. වත්තෙන් කපාගත් කෙහෙල්කැන් ඕකට දාල දවස් දෙකතුනක් දුම් ගහනව. ඉක්මනට ඉදවගන්න වලේ පිදුරු අතුරල , කැප්පෙටිය කොළ එහෙම දාල කෙහෙල් කැන් සීරුවට අඩුක් කරල , වල හරහා ලී දඬු කීපයක් තියල වල තුලට පස් නොවැටෙන විදියට උඩින් ආවරණය කරල , එක් කොනකින් පිදුරු පුරවපු හිල් වෙච්චි මැටි මුට්ටියක් හරි සැමන් ටින් එකක් හරි තියල වල ඇතුළට දුම් පිඹිනව. තැනකින් දෙතැනකින් දුම් ලීක් වෙනව. එහෙම තැන් වලට පස් දාල තද කරන එකයි මට අයිති රාජ කාරිය. දැන් වගේ කාබයිට් ගහන්න ඕන නෑ. පරණ අවුරුද්දට කලින් දා අර කෙහෙල් කැන යස අපූරුවට කහ ගැහිල තියෙයි.

අවුරුද්ද ඉවරවේගෙන යනකොට හිතට දැනෙන දුක පාලුව කියන්න දෙයක් නෑ ඒක හැමෝම හොදට දන්නව.. හැමදාම අවුරුදු නම් කොච්චර හොඳද? ඉස්සර අපි විඳපු අවුරුදු දැන් තියෙනවද? අනික දැන් අවුරුදු විදිනව නෙවේ ගොඩක් මිනිස්සු අවුරුද්දට විදවනව... දැන්කාලෙ ඉන්න උන් දන්නවද දන්නෑ අවුරුදද කියන්නෙ මොකක්ද කියලවත්.. මොකද අද එහෙම කාලයක්නෙ බිහිවෙමින් තියෙන්නෙ..

දැන් කාලේ නම් මතක් වෙන්නේ No-limit , Fashion bug , house of fashion ය .. ඉස්සර මේ කාලයට කිව්වේ වසන්තය කියාය .. දැන් කියන්නේ රෙදි සීසන් එක කියාය .. අපිත් අනුන්ට බන කියා කියා පහුගිය දවසක රෙදි දඩයමේ ගියෙමු.. රෙදි ගන්නට යන්නේ අපිට තියෙන හොඳම රෙද්ද ඇඳගෙනය ..කට්ටිය රෙදි ගලෝගෙන අලුත් රෙදි තොරයි .. ගෑනු ළමයින්ට රෙදි දැක්කහම තමන් සමග ආ කොල්ලාද මතක නැත ..ඌ කොහේ හරි කොනකට වෙලා ඇදුම් තොරණ වෙන කෙල්ලෙක් දිහා බලාගෙන පැණි හලයි.. මේ චාන්ස් එක ලැබෙන්නේ මේ කාලයට විතරය .. වසන්ත කාලය කියන්නේ ඒ නිසා වෙන්ට ඇතිය .. අම්මලාද බාස්කට් වල බැහැගෙන රෙදි තොරයි... බාස්කට් එකෙන් එලියට ඇවිත් බලනකොට තමන් සමග ආ ළමයි ආගිය අතක් නැත .. තෝරගත්තු රෙදි වලට සල්ලි ගෙවන්නට ගියවිට රෙදි ගැලවෙයි ..පෝලිම ඒ තරම් දිගය .. කොල්ලෝ ටිකක් වැඩට අරන් ඉන්න නිසා අවුලක් නැත .. කවුන්ටර් වල ගෑනු දැරිවියෝ හිටියා නම් අඩුම ගානේ පෝලිමක් කිලෝ මීටර් 30 ක් 40 ක් වත් දිගට යනු ඇත .. නොකා නොබී තෝරාගත් රෙදි ටික ගෙදර ගෙනා වෙලේ පටන් කරන්නේ රෙදි වැනීමය.. රෙදි වැනීම කියන්නේ සෝදා වැනීම නොවේ.. වැනීම යනු සිංහල භාෂාවේ වර්ණනාව යන්නට සමාන පදයකි .. ෂොප් එකේදී රතු පාටට තිබුණු සාරිය ගෙදර ගෙනවහම තැඹිලි පාට වෙලාය .. අපේ ෂොප් වල හැටි එහෙමය .. ෂොප් එකේ ලියිට් නිසා පාට වෙනස් වෙයි .. මීට පස්සේ රෙදි තේරිය යුත්තේ ෂොප් එකේ ලියිට් ඕෆ් කරලාය..

මෙහෙම අවුරුදු කනවට වැඩිය හොඳයි කොට්ටෙ බදාගෙන ඇදට වෙලා නිදා ගන්න එක... ඉතින් මන් කියන්න හැදුවෙ ඔයාලට මේ අවුරුද්ද තවත් එක අවුරුද්දක් වෙන්නැතිව ලස්සනට ඉස්සර වගේ අවුරුද්ද අවුරුද්දක් වගේ සමරන්න... හැමෝටම ජය...



http://www.sundayobserver.lk/2009/04/12/z_jun-p08-Sinhala03.jpg

ලබන්නාවූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනව

damithperera
03-21-2016, 03:43 PM
එල එල තිලා නියම පෝස්ටුව....

janith nilanga
03-21-2016, 06:35 PM
Ela Ela Niyamai Thila & Rep ++

thilanka mihiranga
03-22-2016, 12:03 AM
එල එල තිලා නියම පෝස්ටුව....

තෑන්ක් වේවා:D:D:D

thilanka mihiranga
03-22-2016, 12:04 AM
Ela Ela Niyamai Thila & Rep ++

තෑන්කූ ජනිය..:):):)

kushanchathuranga
03-22-2016, 07:59 AM
ela ela

A$itha
03-22-2016, 10:31 AM
කියෙව්වා
උබද ලිව්වේ
ලස්සනට ලියලා තියෙනවා
rep 2+

dilanlakmal
03-22-2016, 11:42 AM
niyamai:yes:

jody
03-22-2016, 12:19 PM
Ela Ela :cool::cool:

POW
03-22-2016, 03:38 PM
:thumbsup:

Imal619
03-22-2016, 06:53 PM
එසේම වේවා කොල්ලා.....රේප්+

thilanka mihiranga
03-23-2016, 12:26 AM
කියෙව්වා
උබද ලිව්වේ
ලස්සනට ලියලා තියෙනවා
rep 2+


ගොඩක් දුරට... :D:D:D

thilanka mihiranga
03-23-2016, 12:29 AM
ela ela

:D

thilanka mihiranga
03-23-2016, 12:31 AM
niyamai:yes:

:P;);)

thilanka mihiranga
03-23-2016, 12:33 AM
Ela Ela :cool::cool:

:rolleyes::P

thilanka mihiranga
03-23-2016, 12:36 AM
:thumbsup:

:D