PDA

View Full Version : සත් වසරක අපගේ ගමන් මඟ



HEDZ
12-27-2017, 08:58 AM
https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/26165690_10215111134481695_2682615049065268664_n.j pg?oh=afd6834f22a27cd2cb4aab7a85f33c46&oe=5ACB160F

2010 දෙසැම්බර් මස ලංකිය වෙබ් පිටු අතරට අලුතින් එකතු වු අපට අදට සත් වසක් සපිරෙනවා. මෙහෙත් ආ අවුරුදු 7ක ගමන් මග තුල ආපසු හැරි බැලුවිට අපට හැගෙන්නේ ඉතාමත් සතුටු මුසුවු හැගිමක්. නොයෙක් කරදර බාධක වලට මුණ දෙමින් ආ මේ ගමන් මාර්ගයේ අප සමග අත්වැල් බැදගත් බොහෝ පිරිසක්ද සිටිනවා. දිර්ඝ ලිපියකට යන්නේ නැතුව මේ අවුරුදු හත ගැන කෙටි විස්තරයක් ඔයාලාට දැනගන්නට කියන්නම්.

අද වෙද්දි අපි 5000කට ආසන්න උපසිරැසි ගානක් ඔබ වෙත තිළිණ කර අවසානයි. මේ කාර්යබාර්යය බොහෝම වෙහෙස කර එකක්. අප නිතර නිතර ඔබට අපට සිදුවුන අපහසුතා ගැන ඔබව දැනුවත් කරන්නේ නැහැ. සමහර විට ඔබත් බලනවා ඇති ඇතැම් විට වෙබ් අඩවියේ කිසිදු දෙයක් පල නොවෙන්නේ හෝ ක්‍රියාත්මක නොවි යන්නේ ඇයි කියා. එයට හේතු කිහිපයක් අද පවසන්නම්.

අද වෙද්දි මේ අපගේ මහන්සිය කිසිම ගානකට ගන්නේ නැති ඇතැම් පුද්ගලයින් අප පල කරනා සබ් කිසිම හිරිකිතයක් නැතුව අපගේ නම් ගම් වෙනස් කරමින් ඔවුන්ගේ මෙන් පල කරනවා. මේ වගේ සබ් හොරකම් කරලා පල කරන වෙබ් අඩවි බොහෝමයක් තවත් උපසිරැසි දෙන වෙබ් අඩවි වලින් සබ් හොරකම් කරලා පල කලාත් ඔවුන්ගේ උපසිරැසි ගන්වන කෙනාගේ නම හරි ඉතුරු කරන්න වගබලා ගන්නවා. නමුදු අපි සමඟ තියන තරහාව හා ඊටත් වඩා ඇති ඊරිසියාව නිසා අඩුම තරමේ උපසිරැසි දෙන පුද්ගලයාගේ නම හෝ ඉතුරු නොකර පල කරනවා. මෙයින් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් එක දෙයයි. අප වෙබ් අඩවියේ උපසිරැසි නිර්මාපකයන් පිරිස අධෛර්යමත් කිරිමයි. මේ වෙන තුරු අපව නැති කරන්නට රිපොට් කිරීම් වගේම තවත් නොයෙකුත් දේ සිදු කර තිබෙනවා.

මැතක සිදුවු කාරණාව තමයි මාසයකට පමණ කලින් එස් එල් ටි පාරිභෝගිකයන්ට එක් වරම අප වෙබ් අඩවියට පිවිසිමට නොහැකි වුනා. SLT වෙතින් විමසිමක් කලාත් ඔවුන් පැවසුවේ වෙබ් අඩවියේ කුමක් හෝ ගැටළුවක් ඇති බවයි. අප පසුව අප සේවා සපයා ගන්න ආයතනය සමගින් ඒ ගැන සොයා බැලුවාත් එසේ කිසිම ගැටළුවක් වෙබ් අඩවියෙන් සොයාගන්නට නොහැකි වුනා. පසුව SLT ආයතනයේ කලමණාකාරීත්වයෙන් විමසූ කල ඔවුන් අපිට පවසා සිටියේ ඔවුන් අපව වාරණය කල බවයි. හේතුවට අප ලබාදෙන ටොරන්ට් ලින්ක් ආරක්ෂිත නොවන වඟයි. ලංකාවේ මුල් වෙබ් අඩවි 50 අතර අප ලබාදෙන ටොරන්ට් අඩවි දක්නට ලැබෙනවා. ඒ අඩවි වාරණය නොකට අපිව වාරණය කිරිමට හේතුව ගැන තවත් විස්තර ඇසු පසු ඔවුන් අපව නිදහස් කලා. කෙසේ වෙතත් අපට කිසිදු දැනුම්දීමක් නොකර අපව වාරණය කරන්නට ඔවුන්ට හැකියවක් තිබේදැයි අපි ඇසු පැනයට නම් ඔවුන්ගෙන් නිසි පිලිතුරක් මේ වෙන තෙක් ලැබුනේ නම් නැත.

මේ පළමු අවස්ථාව නොවේ. දෙතුන් වරක් අපව මේ ආකරයට ලංකාවේදි වාරණයන්ට ලක්වුනා. නමුත් මේ සියළු සිදුවිම් අප ඉතාමත් සංයමයෙන් දරා ගත්තා වගේම මුණ දුන්නා. ඇතැම් වෙබ් අඩවි වල කුමක් හෝ සිදුවිමක් උනොත් ඒකට අපේ නම ඇදැගෙන බනින තරමට අපට ඊර්ෂයා කරන පුද්ගලයින් සිටිනවා. ඇත්තටම අපිට සතුටට කාරණාවත් එයයි. මොකද කාට හරි අකුල් හෙලන්නේ බනින් හදන්නේ වට්ටන්න හදන්නේ ඇත්තටම ඒ දෙයින් තමන්ට තර්ජනයක් නම් පමණයි නිසා.

වෙබ් අඩවියට එල්ලවෙන තව චෝදනාවක් තමයි පොප් අප් එකක් වෙබ් අඩවියට පිවිසීමේදී දක්නට ලැබෙනවා කියලා. ඇත්තටම එක් යුසර් කෙනෙක්ට දිනකට එක් දැන්විමක් ටැබ් එකක ඔපන් වෙන්න අපි දාලා තියනවා. මේ ක්‍ර‍මය කරන්නේ වෙබ් අඩවියට යන විදයම හරි පාලනය කරගන්න. මේ සයිට් එකට එන හැමෝම ටොරන්ට් සයිට් වලට යන බව අනිවාර්ය කාරාණාවක්. ඔබ ඩිරෙක්ට් ලින්ක් සයිට් එකකට ගිහින් බැලුවොත් මේ වගේ එක දැන්විමක් නොවෙයි දැන්විම් පහක් දහයක් වරකට ක්ලික් කරන්න වෙනවා. නමුත් එවැනි වෙබ් අඩවි වලට ගිහින් එවැනි ඉවසිමකින් චිත්‍ර‍පටි ගන්න ගොඩක් අයට අපේ දවසට එකක් එන මේ ඇඩ් එක ගැන බොහෝම කෙන්තියක් තියනවා. මේ අවුරුදු හතට විතරක් අප මේ වෙබ් අඩවියට ලක්ෂ 5කට ආසන්න වු මුදලක් වියදම් කරලා තියනවා. ඒ වගේම ලබන වසරේ අපි vBulletin අලුත් සංස්කරණයට යන්නට උත්සහා කරනවා. මේ සදහා අපිට අඩුම තරමේ ඩොලර් 500කට ආසන්න අමතර මුදලක් දරන්න වෙනවා. ලංකාවේ මුදලින් ඒ සදහා රු 75,000කට වඩා වියදමක් දරන්නට සිදුවෙනවා. ඒ, අපි මාසිකව දරණ වියදමට අමතර මුදලක්. මේ වෙනකම් අද දිනයටත් පවා වෙබ් අඩවියට ඇතැම් විට ගෙවන්නේ අප පොද්ගලිකව ලබා ගන්නා මුදල් වලින්. ඇත්තටම 2013 වසරේ මුල්‍ය අර්බුදය නිසාම වෙබ් අඩවිය ටික කාලයක් නැති වුනා මාස හතරක කාලයක් නමුත් ගොඩක් අයගේ ඉල්ලිම මතම අපි නැවතත් කරළියට ආවේ කොහොම හරි අප අඛණ්ඩව සේවය සපයන බවට පොරොන්දු වෙමින්.

කොහොම හරි අදට අපිට අවුරුදු හතයි කලින් කිව්වා වගේම. අපේ සුම් පවුලට එකතු වෙන්න කැමැති කවුරුම හරි ඉන්නවා නම් ඉතින් අපිව සම්බන්ධ කරගන්න පුලුවන්. සයිට් එකේ ප්‍ර‍ශ්න ගැන අච්චර කිව්වාට සතුටු හිතෙන කාරණාව මේ තරම් කල් අප සමඟ රැදි සිටි දයාබර ප්‍රේක්ෂක රසික ඔබ සැම විතරයි. කොහේ කොතැන උපසිරැසි තිබුනාත් අපගෙන් උපසිරැසි ලබා ගන්න පිරිසක් ඉන්න එකත් සතුටට කාරණාවක්. ''මේ චිත්‍ර‍පටිය දෙන්නේ නැත්ද?'' ''ඔයාලගේ සබ් එනකම් අපි බලාගෙන ඉන්නේ'' වගේ ගොඩක් මැසේජ් අපට හැමදාම වගේ ලැබෙනවා. කෙටි ලිපියකින් ලියන්නම් කිවාට ලිපිය ටිකක් දිගු වුනා. අදට සත් වසරක් මෙසේ සපිරෙන අවස්ථාවේ... තවත් වෙනස් කම් සහිතව ලබන වසරේ එන්නට අපි සුදානම් වනෙවා.... ඒ zoom.lk වෙබ් අඩවියට අනුබද්ධිත තවත් නැවුම් වෙබ් අඩවි 2ක හා ආයතනයක ආරම්භයත් සමඟින්... එසේ නම් ඉදිරියටත් අපට ආදරය කරන අයගේ සහායෝගය නිරන්තරයෙක් බලාපොරොත්තු වෙනවා වගේම...රැදි සිටින්න අප සමඟම

kantha_DLA
12-27-2017, 09:09 AM
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........

මරු හිරා
12-28-2017, 11:29 AM
මෙච්චර කාලයක් ගියාද කියල හිතාගන්නත් බෑ. මේ අවුරුදු හතෙන් සෑහෙන්න කාලයක් මටත් ඉන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි. සූම් එකට ජය!

Seeker
12-28-2017, 01:43 PM
ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්... ජයෙන් ජයම වේවා...!!!

Dilzan
12-28-2017, 09:20 PM
කොච්චර බාදක කම්කටොලු ආවත්... ෆිල්ම් 1ක් හරි රසාස් වාදයකින් නැරබීමට හැකි උනේ ඔබලා නිසයි ... මාගේ හද පිරි ස්තුතිය.. සබ් කරන හැමටත් ඔබ සියලු දෙනාටත් ජයෙන් ජය වේවා...!!!!!

nisallakshan
12-29-2017, 01:03 PM
නිවටයන්ගේ නිවට ගති ඉතින් අපිට අරින්න බෑනේ. කොහොමත් එක එක විදි වලින් කාලෙකට සැරයක් එනවනේ.
අපේම අය කීපදෙනෙක් විතරයි දන්නේ ඒවා. අපේ සෙට් එක ඒවාට හැමදාමත් මූණ දුන්නා හොඳට. ඉස්සරහටත්
එහෙමයි කියලා දන්නවා. අපේ අය ඉතින් ඔය නංගි බබාලා වගේ අඬාගෙන පෝස්ට් දාන වැඩ, වටෙන්පිටෙන් සබ් හොරකන් කරලා අපේ අයව
අධෛර්යමත් කරන්න හදන ඒවා, රිපෝර්ට් කරන්න පුළුවන්
හැම විදියකින්ම රිපෝර්ට් කරලා බැරිම තැන මිනිස්සුන්ට අපි ගැන වෛරයක් ඇති වෙන විදියට තමන්ගේ බැරිකම්
වගහන්න එක එක ඒවා කරන්නේ නෑනේ. කියනවා නම් කොච්චර දේවල් තියේද නිවටයින්ගෙන් අපිට වැඩක් නෑ.
මෙච්චර කල් අපි නිහඬව අපේ ගමන ගියා එහෙමම දිගටම යමු ලොක්කා.
චීත්ත චීත්තමයි ඒවා වෙනස් වෙන්නේ නෑ ඉතින්.

POW
12-31-2017, 04:27 PM
Congratulations..!

dilanlakmal
01-01-2018, 09:47 AM
ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්... ජයෙන් ජයම වේවා...!!!

chathura1985
01-01-2018, 12:16 PM
ZOOM.LK OBALA KALA SEWATA BOHOMA PIN.
SERVER EKA TA SALLI HOYANA KRAMAYAK API HOYA GAMU

yohan
01-03-2018, 09:27 PM
එල එල හෙඩ්ස් මන් පරක්කුයි නෙහ්......අපේ පර න කුකුලෝ ටික කෝ....
ජයෙන් ජෙයිම් වේවා පුතිලා......

princekrish
01-03-2018, 11:07 PM
ඒ සත් වසරේ කොටස්කරුවෙක් වීම ගැන සතුටු වෙමි.
සුභ පැතුම් ලොකු අයියේ

asitha sandaruwan
01-04-2018, 07:19 AM
:D

Ravinrosh
02-11-2018, 10:43 PM
awurudu gaanak zoom eken thamai sub ekka films baluwe zoom ekata jayawewa..! :cool:

apkumara
03-01-2018, 06:55 PM
වචන වලින් මේ හැගීම විස්තර කරන්න බැ.......
සිංහල සබකින් කථාවක් බලන්න පටන් ගත්තේ ZOOM.LK වලින් ඒක එකෙන්ම පට්ටයි.................

Ravinrosh
11-18-2018, 04:15 PM
ZOOM ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්... ජයෙන් ජයම වේවා...!!!

D.shan
11-18-2018, 10:03 PM
ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්