PDA

View Full Version : වසර 18කට පසු චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ලංව#



Amila
03-19-2011, 07:10 PM
https://lh3.googleusercontent.com/-9iNtpmFN1pc/TYST1TMRG-I/AAAAAAAAAFE/XXHPY_2zCYM/s1600/D5000-moon-300mm-2009-10-11-0525-11-crop-b.jpg
පෘථිවිය හා එහි එකම උප ග්‍රහයා වන චන්ද්‍රයා අතර මධ්‍යන්‍ය පරතරය කිලෝ මීටර තුන් ලක්‍ෂ අසූ පන්දහසක් පමන වේ. පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර කක්‍ෂීය පරිභ්‍රමනයත් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමනයත් චන්ද්‍රයාගේ පෘථිවිය වටා පරිභ්‍රමනයත් අක්‍ෂීය භ්‍රමනයත් හේතුකොට ගෙන පෘථිවිය හා චන්ද්‍රයා අතර පරතරය වෙනස්වේ.මේ දිනවල පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝ මීටර තුන් ලක්‍ෂ පනස් හය දහසක් පමණවේ .1993 වසරින් පසු චන්ද්‍රයා පෘථිවියට මෙතරම් ආසන්න වූයේ මෙවරය.

මෙය ඉහත දැක්වූ පෘථිවියේ හා චන්ද්‍රයාගේ චලිතය නිසාම සිදුවන්නකි.මෙය කල්තියාම දැන සිටි දෙයකි.පසුගියදා ජපානයට ඇතිවූ භූමිකම්පාවෙන් පෘථිවියේ භ්‍රමණ අක්‍ෂයට යම් බලපෑම් ඇතිවූ බවට කටකතා ඇතත් විද්‍යාත්මක වශයෙන් පිළිගත් ආයතන ඒ පිළිබදව පැහැදිලි අදහස් දැක්වීමක් කර නැත.පෘථිවියේ භ්‍රමණ අක්‍ෂයේ ඇලවීම තවමත් අංශක 23.5කි.චන්ද්‍රයාගේ භ්‍රමණ අක්‍ෂයේ ඇලවීම අංශක 6.7කි.
2011 මාර්තු 19 අද දිනය මැදින් පුර පසලොස්වක දිනයේදී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නවීම නිසා වෙනදාට වඩා ලොකුවට දැක ගත හැකිය.එය බලන්න වටී.
චන්ද්‍රයා පෘථිවියට ආසන්න අද දිනය පුර පසලොස්වක පොහෝ දිනයක් වුවත් ග්‍රහණ කිසිවක් නැත.චන්ද්‍ර ගුරුත්වය වැඩිවන නිසා වඩදිය භාදිය තත්ත්ව වල යම් වෙනසක් ඇති වුවත් ජ්‍යොතිෂමය වශයෙන් සැලකිය යුතු බලපෑමක් නැත.

(උපුටා ගැනීම බ්ලොග් එකකිනි-lankajhothisha.blogspot)

Angel_senuri
03-19-2011, 10:04 PM
owmai ada hugak loku wela peene hada,lagatama awith wage

Demax
03-19-2011, 10:27 PM
ubata podi ledak hadigena ena patai machan.ikmanata beheth ganin

Angel_senuri
03-19-2011, 10:37 PM
ubata podi ledak hadigena ena patai machan.ikmanata beheth ganin

paw ane.ehema kiyanna epa.eka hari na

Amila
03-19-2011, 10:53 PM
ubata podi ledak hadigena ena patai machan.ikmanata beheth ganin
ow ban mama dan me udu burana gaman inne

Punisher
03-20-2011, 09:30 AM
ade mata penune nane