PDA

View Full Version : [Boxoffice movie Month]

Udara|රොකියා
04-17-2012, 10:25 AM
මම මාසය තුල බලපු චිත්‍රපටි ගැන යමක් කියන්න තමයි මෙම ත්‍රෙඩ් එක මම ආරම්භ කෙරුවේ. චිත්‍රපට නරබන්න යන්න හිතාගෙන ඉන්න අයට එය උදවුවක් වෙයි කියලා හිතනවා.

01. The Hunger Games (2012)

http://www.youtube.com/watch?v=qoUT7q2iTbQ

http://www.imdb.com/title/tt1392170/

මෙම චිත්‍රපටය නම් මම හිතාගෙන හිටිය මට්ටමේ තිබුනේ නැහැයි කියලයි මගේ මතය. මොකද imdb එකේ ඉහල අගයක් තිබුනත් චිත්‍රපටය බල අවසන් වුනාම නම් හිතුනේ ඒ තරම් දුරට හොඳ නෑ කියලයි.
කොහොම නමුත් මෙහි කතාව වෙන්නේ අහර නොමැතිව ජිවත් වෙන කාලයක දිස්ත්‍රික්ක මට්ටමින් වාර්ෂිකව පවත්වන තරඟයක ගැනයි. හැබැයි නිකම්ම තරඟයක් නෙමෙයි මරණය දක්වා සටන් කරන තරඟයක්. එම තරඟයට තමයි Hunger Game කියන්නේ. කණ්ඩායම දෙකක් අතර පවතින මෙම තරඟයෙන් ඉතුරු වෙන්නේ දෙන්නෙක් පමණයි. මෙහි ප්‍රදාන චරිතය Jennifer Lawrence විසින් රංගනයේ යෙදෙනවා

02. Battleship (2012)

http://www.youtube.com/watch?v=KsieadPPvJE

මෙයනම් අපි කවුරුත් අතර ජනප්‍රිය වුනු Transformers චිත්‍රපටය හදපු කට්ටියගෙම නිර්මාණයක්. විශේෂත්වය වෙන්නේ මෙහි ප්‍රධාන චරිතයකට සුප්‍රසිද්ද ගායිකා රිහානා රංගනයෙන් දායක වීමයි. මෙහි කතාව වෙන්නේ මුහුදේ ගිලි තියෙන පැරණි යුද නවුකාවක් සමඟ ඇමරිකානු හමුදාව කරන ක්‍රියාන්විතයක්. මෙයනම් බලනවානම් හොඳ චිත්‍රපටයක්. මොකද මෙහි හොඳ ශබ්ද ප්‍රයෝග උපයෝගී කරගෙන තියෙනවා. ඒවා උපරිමයෙන් රස විඳින්න ඕනේ නම් ලංකාවේ බලනවානම් ලිබටි ලයිට් එකට ගිහිල්ල බලන්න කියලා කියනවා.

03. Journey 2: The Mysterious Island (2012)

http://www.youtube.com/watch?v=x1aNIOIAiUk

මෙය ගැනනම් ඉතින් හුඟක් ඇය දන්නවනේ. චිත්‍රපටයේ මුල් කොටසට වඩා හොඳ මට්ටමක මෙය තියෙනවා කියලයි මගේ අදහස. කතාව ටිකක් අවුල් වුනාට චිත්‍රපටය ඉවරවන තුරු හොඳින් රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. විශේෂයෙන්ම වෙනදා දැඩි චරිත නිරුපණය කරන "රොක්" මෙම චරිතයේ ටිකක් වෙනස් විනෝදයට බර චරිතයක් නිරුපණය කරනවා. ඒ වගේම සුරූපී Vanessa Hudgens මෙහි ප්‍රදාන චරිත නිරුපණය කරනවා. මේ හැම කෙනෙක්ටම වැඩිය මමනම් Luis Guzmán ගේ චරිතය හුඟක් අගය කරනවා. ඔහුගේ විහිලු චිත්‍රපටය සජීවීව තියන්න හොඳින් උපකාරී වුනේ කියලයි මගේ මතය. මුල් චිත්‍රපටයේ හිටිය Josh Hutcherson ගේ සීයව සොයාගෙන යන ගමනක් ගැන තමයි චිත්‍රපටයේ කියවෙන්නේ.

04. Dr. Seuss' The Lorax (2012)

http://www.youtube.com/watch?v=-QVCIDVeelA

මෙයනම් ලංකාවේ 3D තියෙටර් එක ගැන බලන්න ටෙස් කරපු චිත්‍රපටයක්. චිත්රපටයනම් පුංචි කට්ටියත් එක්ක බලන්න කියපු චිත්‍රපටයක්. මොකද හරියට පාට පාට ලෝකයක් වගේ. ලෝකේ තියෙන සියලුම ගස් ලෝකෙන් තුරන් වෙලා ගියාට පස්සේ, පුංචි ළමයෙක්ට ගසක බීජයක් ලැබිලා එය පැල කරන්න යන කතාවක් තමයි මෙහි කතාව ලෙස ගලාගෙන යන්නේ. 3D ගැන කියනවනම් එච්චරම අවුලක් නෑ.

---------------------------------------------------------------------------

මේවා තමයි ඉදිරියේදී බලන්න හිතාගෙන ඉන්න චිත්‍රපටි ................

05. Snow White and the Huntsman (2012)

http://www.youtube.com/watch?v=0Moa6lGuhw4&feature=relmfu

මේකනම් අපි සුරංගනා කතාවල අහපු හිම කුමාරි ගේ කතාවක්. විශේෂත්වය වෙන්නේ මෙයට Thor චිත්‍රපටයේ තෝර් ලෙසට රංගනයේ යෙදුනු Chris Hemsworth සහ Twilight චිත්‍රපටයේ නිලි Kristen Stewart හිම කුමරිය ලෙස සහ සුපිරි නිලි Chris Hemsworth නපුරු රැජින ලෙස රංගනයේ යෙදෙනවා.

06. Abraham Lincoln: Vampire Hunter (2012)

http://www.youtube.com/watch?v=34x6m-ahGIo&feature=share

ඇමරිකාවේ Abraham Lincoln යන සුප්‍රසිද්ද චරිතය වටා ගෙතුණු චිත්‍රපටයක් මෙය. ඔහු විසින් ලොවට තර්ජනයක් වන වැම්පයර් වරු සමඟ සටන් වදින චිත්‍රපටයක්. වැඩි විස්ත්රණං කියන්න තරම් දාන්නේ නෑ....

මරු හිරා
04-17-2012, 10:55 AM
Rep++

Punisher
04-17-2012, 10:55 AM
02. Battleship (2012)

මේක නම් බලන්න යන්න ඉන්නේ.

Udara|රොකියා
04-17-2012, 11:00 AM
02. Battleship (2012)

මේක නම් බලන්න යන්න ඉන්නේ.

බලනවානම් Liberty Lite එකටම යන්න. MC-Platinum එකේනං සවුන්ඩ්ස් අවුල්.

Amila
04-17-2012, 11:03 AM
Battleship (2012) ekanam balanna yanna one :yes:

Punisher
04-17-2012, 11:07 AM
බලනවානම් Liberty Lite එකටම යන්න. MC-Platinum එකේනං සවුන්ඩ්ස් අවුල්.

අනිවා ලිබර්ටි ලයිට් එක හොදයි... MC එක මට අල්ලන්නේ නෑ බොරු ගනන් දාලා සල්ලි හුරගෙන කල හොල් එකක්

*maheshi*
04-17-2012, 11:26 AM
The Hunger Games (2012)
තාම බලන්න උනේ නම් නෑ.එකත් හොද ඇති වගේ හිතෙනවා

Castiel
04-17-2012, 12:20 PM
දුක තමා, හොඳ කොලිටි කොපියක් එන්න මාස දෙක තුනක්වත් යයි,

Anushiz
04-17-2012, 06:02 PM
The Lorax මේක නම් මම ආසාවෙන් බලපු එකක්

Udara|රොකියා
04-17-2012, 07:48 PM
The Hunger Games (2012)
තාම බලන්න උනේ නම් නෑ.එකත් හොද ඇති වගේ හිතෙනවා

The Hunger Games හිතපු තරම්ම හොඳ නෑ. මම කොහොමත් ආස නෑ අඳුරු චිත්‍රපටි වලට. කතාවත් එච්චර හොඳයි කියලා කියන්න බෑ

Angel_senuri
04-17-2012, 07:53 PM
mama lorax n journey 2 nam baluwa. nice wrk Rokiya. Keep it UP!!! :)

LKnerd
04-18-2012, 08:13 AM
mewage hoda copy awama sub denna puluwannam watinawa

ips
04-18-2012, 10:43 AM
Good Work bro.........

ips
04-18-2012, 10:47 AM
mewage hoda copy awama sub denna puluwannam watinawa
Ekanam aththa..........

Udara|රොකියා
04-18-2012, 06:06 PM
mewage hoda copy awama sub denna puluwannam watinawa

අනිවා මම ඇතුළු අපේ zoom එකේ උපසිරැසි යොදන කණ්ඩායමම ඒ වෙනුවෙන් ඉන්නවා. හොඳ පිටපත් ලැබුණු ගමන්ම උපසිරැසි දෙනවා

sujeewa
04-19-2012, 10:45 PM
Rep++

Udara|රොකියා
04-20-2012, 08:37 PM
John Carter (2012)

http://www.youtube.com/watch?v=6Rf55GTEZ_E

http://www.imdb.com/title/tt0401729/

ඔන්න මේකත් බැලුවා. චිත්‍රපටිය ගැන කියනවනම් .... මටනම් එච්චර ඇල්ලුවේ නෑ. "ස්ටාර් වොස්‌" වගේ චිත්‍රපට වලට ප්‍රිය කරන අයටනම් හොඳ වෙයි කියලා හිතනවා. මෙහි John Carter ලෙස රංගනය යෙදෙන්නේ Taylor Kitsch විසිනුයි. ඔහු තමයි battleship චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. චිත්‍රපටයේ කතාව වෙන්නේ වෙනත් ග්‍රහලෝකයකට යන John ට සටන් වදින්න වෙන කතාවක් තමයි දිව යන්නේ. මටනම් කතාව, ශබ්ද ප්‍රයෝග යන ඒවා අවුල්. බලන්න යන්න හිතාගෙන ඉන්නවනම් මමනම් නිර්දේශ නොකරමි.

ips
04-20-2012, 09:58 PM

:45::45::45:

copper
04-20-2012, 10:17 PM

මේකත් ලගදි ආපු කෝනැන් වගේ එකක්ද?

Udara|රොකියා
04-21-2012, 09:07 AM
මේකත් ලගදි ආපු කෝනැන් වගේ එකක්ද?

අපෝ නෑ කෝනැන් අහලකින්වත් තියන්න බෑ. මේක වෙන ග්‍රහ ලෝකෙකට ගිහිල්ල අමුතු ජාතියේ මිනිස්සු ටිකක් එක්ක ෆිල්ම් ඒක පටන් ගත්ත වෙලාවේ ඉඳලා ෆයිට් කරන ෆිල්ම් එකක්.