PDA

View Full Version : තමන් සමග තරගකාරීව කටයුතු කරන තවත් සයිට් එකකට මඩ ගැසීම හරිද?

Iujazz
04-28-2012, 07:30 AM
මේ මම කියන්න යන්නේ හැමෝටම වැදගත් වන දෙයක්. අපි හැමෝම දන්න දෙයක් තමයි මේ සයිට් එකයි තවත් මේ ගනයේම සයිට් එකකුයි අතර ලොකු තරගයක් තියෙන බව. මම මේ වෙබ් පි‍ටු දෙකේම රසිකයෙක්. ඉතින් යම් වැ‍රැද්දක් කොතන හරි සිද්ද වෙනවනම් ඒ ගැන කතා කලාට වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ. මම මේ දවස් ටිකේම දැකපු දෙයක් තමයි ඒ සයිට් එකේ නව ලිපියක් පල කරපු ගමන් කිහිප දෙනෙක් බොහොම පහත් මට්ටමේ කමෙන්ට් දාල තිබීම. මම නම් ඒක දකිනේ ඉතාම බාල මට්ටමේ දෙයක් හැටියට. මොකද හැමෝම දන්න දෙයක් තමයි සිංහල අපිටම වෙන් වෙච්ච වෙබ් සයිට් තියෙන්නේ කීයෙන් කීයද? ඉතින් මොකද්ද මේ ඇන කොටා ගැනිල්ල. මොනව බෙදා ගන්න බැරුවද? මේ සයිට් දෙකෙන්ම අපි හැමෝටම කරන්නේ ලොකු සේවයක්..! ඉතින් කරුණාකරලා අපේ සහොදරවරු කවුරුවත් ඒ වගේ පහත් වැඩ කවදාවත් කරන්න එපා. දැන් මේක කියවලා කවුරුවත් මට බනින්න හදන්න එපා. මම ඔය කාටවත් චෝදනා කරනවා නෙමෙයි. මම දන්නවා මෙතන ඉන්න බහුතරයක් මගෙ අදහස අනුමත කරන බව. නමුත් කිවයුතු දේ කිවයුතුයි......!

*maheshi*
04-28-2012, 07:47 AM
එක නම් ඇත්ත හැබැයි හැමදේම පාලනයක් සහිතව කරන්න ඕන කියලා තියනවනේ.මම හිතන්නේ zoom එකේ ඒ දේ නොවෙන්නේ අනිවාර්යෙන් යම් කිසි පාලනයක් තියන නිසා.
උදාහරනයක් ලෙස රෙජිස්ටර් වෙන්නේ නැතුව කිසිම දෙයක් ඩවුන්ලොඩ් කරන්නවත් අදහසක් වත් ප්‍රකාශකරන්න බෑ.මුල කාලේ ඒක නොතිබ්බත් පසු කාලයේ ඒ වගේ දෙයක් ඇති කලේ ඒ නිසා.එතකොට බනින්න උනත් ආපහු රෙජිස්ටර් වෙලා ඉන්න වෙනවා.ඒ කලත් ඇඩිමින්ට සියලු විස්තර හොයාගන්න පුලුවන් හැකියාවක් තියනවා.මම හිතන්නේ අන්න ඒ වගේ දෙවල් දියුනු කලා නම් හරි කියලා.

copper
04-28-2012, 07:54 AM
ඔය වෙබ් අඩවියේ අය වැඩි දෙනා මේ අඩවිය දරුණු ලෙස විවේචනය කරනවා මම දැකලා තියනවා.හැබැයි එම අඩවියේම කිප දෙනෙක් ඇවිත්
ඒ වෙලාවට ඒ ගැන පැහැදිලි කරලා කවුරු දැම්මත් උපසිරැසි එකක්නේ කියලා කියන අවස්ථා කියනවා.නමුත් විවේචනය කරනවා වැඩියි.
සමහර විට කොටවන්න කරන වැඩ වෙන්න පුලුවන්.එකේ ඇඩිමින්ලා ඒ ගැන සැලකිමෙන් සිටියා නම් හරි කියලා තමයි කියන්න වෙන්නේ.
idx ගැටලුව ආව දවස් වල මේකේ ඇති වුන තත්ව වලදි සුම් එකේ ඇඩිමින් හා මොඩරේටස්ලා තත්වය හොද විදියට පාලනය කලා මතක ඇති.
කිපදෙනයි නේ එකට පක්ෂව කතා කලේ.මොනදේ උනත් සයිට් එකක් කරන පාලන අධිකාරය හොදට ඉන්න ඕන.උනුත් දෙපැත්තට වැනෙන්න
ගියාම තමයි ඔය වගේ සින් වෙන්නේ

Iujazz
04-28-2012, 08:43 AM
එක නම් ඇත්ත හැබැයි හැමදේම පාලනයක් සහිතව කරන්න ඕන කියලා තියනවනේ.මම හිතන්නේ zoom එකේ ඒ දේ නොවෙන්නේ අනිවාර්යෙන් යම් කිසි පාලනයක් තියන නිසා.
උදාහරනයක් ලෙස රෙජිස්ටර් වෙන්නේ නැතුව කිසිම දෙයක් ඩවුන්ලොඩ් කරන්නවත් අදහසක් වත් ප්‍රකාශකරන්න බෑ.මුල කාලේ ඒක නොතිබ්බත් පසු කාලයේ ඒ වගේ දෙයක් ඇති කලේ ඒ නිසා.එතකොට බනින්න උනත් ආපහු රෙජිස්ටර් වෙලා ඉන්න වෙනවා.ඒ කලත් ඇඩිමින්ට සියලු විස්තර හොයාගන්න පුලුවන් හැකියාවක් තියනවා.මම හිතන්නේ අන්න ඒ වගේ දෙවල් දියුනු කලා නම් හරි කියලා.

ඒකනම් ඇත්ත...මාෂි අක්කේ..! :yes:

Punisher
04-28-2012, 08:49 AM
බැනගන්න එක නම් අනුමත කරන්න බෑ.අර මහේෂි හා කොපර් කිව්වා වගේ ඇඩ්මින්ලා අතේ තමයි වැඩේ තියෙන්නේ.එකේ එන කෙනෙක්ට කමෙන්ට් කොටන්න පුලුවන් නමක් දාලා එකයි ඔය සින් එක.අනික සූම් එක නිසා හොද වැඩක් උනා.ඉස්සර සබ් දාන්න ලිස්ට් හදාගෙන සතියට එක දෙක සබ් දාපු අය දැන් කලින් දෙනවා නොකියා සබ් එක ඉක්මනට දානවා.එකත් හොදයි නේ.තරගයක් තිබ්බම තියන වාසිය ඕකයි.

Iujazz
04-28-2012, 08:53 AM

ඒකන්ම් සහතික ඇත්ත සහෝදරයා. ඒ වාසියනම් තියෙනවා. මම කියන්නෙත් ඇනකොටා ගන්නැතිව මේ වැඩේ කරනවනම් කොච්චර හොදද කියලයි. :)

sts
04-28-2012, 09:18 AM
Mokakda me sididya

Angel_senuri
04-28-2012, 11:39 AM
oya me gana ea site eketh gihin danuwath karada? naththam meka dakin ona kenekta hithenna puluwan meke inna aya gihin ohoma karanawa kiyala.(coz iskoleka wunath classes 2k athare prashna athiwunama teachersla karanne gihin waraadi kala kiyala hithena ayata banina ekane.) ea nisa mulinma apakshapathi wemu. awankawama mamanam ea site eke hoda ewata hoda prathichara dakwala thiyenawa arenna adupadu thiyena ewa thibunath katha widiyata baninna hithalawath na. mama hithanne oya wade karanne sites dekatama nathi aya sites athara bedayak athi karanna. mama dakina hatiyata api kawuruwath randu wenna ona na.api denne hamotama rasawidinna deyakne.mama harima kamathi api hamotama ekathu wela me de karanna thibunanam. mokada ekamuthu wunama karanna bari deyak na. eth welawakata harima duka hithenawa samahara minissu katha karana widiya dakkama(eheth, meheth).

harsha0101
04-28-2012, 11:50 AM

:yes::yes::yes:

HEDZ
04-28-2012, 01:13 PM
තමන් සමග තරගකාරීව කටයුතු කරන තවත් සයිට් එකකට මඩ ගැසීම හරිද?

මතෘකාව දැක්කම නම් අපි ගිහින් මඩ ගහනවා කියලා හිතෙන්න පුලුවන්...ඇත්තටම අපිට පෞද්ගලික තරහක් නෑ කිසිම වෙබ් අඩවියක් එක්ක.විවිධ හේතු මත මෙහි එක එක කාලෙදි ඇතැම් ගැටලු පැන නැග්ගත් ඒ සදහා අපි සාර්ථකව මුණ දුන්නා වගේම අපි කිසි ලෙසක අන්කිසිදු වෙබ් අඩවියක් කෙරෙහි මඩ ප්‍රහාර එල්ල කලේ නැත.උපසිරැසි හොරකම් කරන වෙබ් අඩවියත් පටන් ගත්තාට පසු ඔය ඔබතුමා සදහන් කරපු වෙබ් අඩවියට පෞද්ගලිකව මම පණිවිඩක් යැව්වා මෙන්න මෙහෙම සයිට් දෙකේම උපසිරැසි හොරකම් කරන කෙනෙක් ඉන්නවා කියලා.මොකද කවුරු උනත් කරන උපසිරැසියකට වටිනා කමක් තියන නිසා එක කොල්ලකනවා දකින්න මම ආස නෑ.අවසානයේ කෙසේ උනත් ඒ හොර උපසිරැසි හොරකම් කරන වෙබ් අඩවියට විරුද්ධව සටන් කලේ අපි විතරයි.

අනිත් කාරනාව වන්නේ උපසිරැසි දාන්න පරණ ඔය කියන වෙබ් අඩවියේ සිටපු ක්‍රියාකාරි සමාජිකයන් කිහිප දෙනෙක් අප සමග එකතු උනා.ඒ ඔවුන්ගේ තිරණයක් මිස අප කිසිදු ආකාරයේ ඔවුන්ට බලපැමක් කලේ නම් නෑ.ඔවුන්ගේ ස්වකීය කැමැත්තෙන් පැමිණිම අපිට ඉමහත් ශක්තියක් උනා.ඒ බව නම් මතක් කරන්න ඕන.මඩ ගැසිම ගැන කතා කරපු නිසා තවත් කාරණාවක් සදහන් කරන්න කැමතියි.කවුරු උනත් උපසිරැසි එකක් දෙන්නේ මහන්සි වෙලා එය ප්‍රසිද්ධියේ විවේචනය කිරිම සදාචාරසම්පන්න වේද කියලා ඔබම සිතා බලන්න.මෙම වෙබ් අඩවියේ දෙන උපසිරැසි හරි නෑ අරක නෑ වෙන තේරුම්ක් තියෙන්නේ යැයි පවසමින් අපව විවේචනය කිරිම අදටත් සමහර වෙබ් අඩවිවල සිදුවෙයි.තව සමහරුන් මෙම වෙබ් අඩවියේ පල කරන ඇතැම් උපසිරැසි නම් වෙනස් කර ප්‍රසිද්ධ ෆොරම් වල පල කරනවා.ඔය වගේ විවිධ අකටයුතු කම් අපිට වෙනවා.

ලගදි ඉදන් වෙන තවත් දෙයක් තමයි අප ලගදිම කියලා දාන සමහර චිත්‍රපට බලන් ගිහින් එවට තමන්ගේ ලිස්ට් එකේ නොතියා උපසිරැසි දිම.අප උපසිරැසි එකක් දෙන්න පොරොන්දු උනොත් එක අනිවාර්යෙන් කොහොම හරි දෙනවා.අනික අපි අලුත් චිත්‍රපටවල උපසිරැසි දෙනවා නම් එක ගැන සදහනක් කරනවා මොකද කට්ටියට දැන ගන්න ඕන නිසා.මට තවත් කිපදෙනක් පැමිණිලි කලා ඇතැමුන් විසින් මෙම වෙබ් අඩවියේ උපසිරැසි ගන්වන අයට නම් යොජනා කරනවාලු වෙන සයිට් වලට එන්න, ඔයා සබ් එක කරලා ඉවරද වගේ එවා අහලා වෙන එවගේ කලින් දෙන්න හරි මේකේ ඉන්න කවුරු හරි එකට ගන්න හරි.
ඒ වගේ දෙවල් කිසිවක් හැබැයි අප නම් කරලා නෑ කියලා 200%ක් විශ්වාසෙන් කියන්න පුලුවන්.තවත් සමහරක් ඔය සදහන් කරපු වෙබ් අඩවියේ පිරිස් වෙන්නත් පලුවන් අපි දාන උපසිරැසි විවේචනය කරන එක.හොදම උදාහරනය අපි Sherlock Holmes 2: A Game of Shadows [2011] හොද පිටපත් නිකුත් වෙලා හරියටම දවස් 5කින් සබ් එක දුන්නා.එක දෙන බවට දන්වලා තිබුනා.නමුත් එකේ අවසාන පිටුවේ තිබෙන කමෙන්ට් බැලුවොත් තේරෙයි යම්කිසි පුද්ගලයෙක් ඇවිත් දාලා තියනවා
''කලින් දුන්නට වැඩක් නෑ කොපිය අවුල්.... '' කියලා.ඇත්තටම අපි 720p BR RIP එකකට දුන්නේ ඒ උපසිරැසි 1080p එකකට උනත් ගැලපෙනවා.දැන් ඔය කොපි එකට වඩා හොද කොපියක් අන්තර්ජාලේට නිකුත් වෙනවද? ඒ කමෙන්ට් එක දාලා තියෙන්නේ කවුද කියලා පෞද්ගලිකව අපි හොයාගත්තා.ඔවා දැම්මා කියලා මම හිතන්නේ නෑ අපේ උපසිරැසි දෙන කවුරුත් අධෛර්යමත් වෙනවා කියලා.අප උපසිරැසි කණ්ඩායමේ සියලු දෙනා තවත් ශක්තිමත් වෙනවා. ඔය වගේ දෙවල් වලින්.

මම ඔයා මේ කියලා තියන ත්‍රේඩ් එක උදේම දැක්කා ප්‍රතිචාරයක් නොදැක්වුවේ ඇත්තටම අපි මුකුත් ඒ වගේ දෙවල් නොවන නිසා.හැබැයි සමාජිකයෝ කිප දෙනෙක් කිව්වා මතෘකාව දාලා තියන අනුව අපිට ඇගිල්ල දික් කරලා වගේ තියන නිසා පිලිතුරක් දෙන්න කියලා ඒ නිසයි මේ දෙවල් කිව්වේ.ඇත්තටම මඩ ගහනවාට අප විරුධයි.කවුරු කලත් එවා වැරදියි.මේ ඔයා කියලා තියන දේවල් පුලුවන් නම් ඒ අඩවියෙත් සදහනක් කරන්න.මොකද අපි දුන්න උපසිරැසි එකක් ඒ අඩවියෙන් පසුකලයේ නිකුත් වුවහොත් ඒ උපසිරැසි එක ගැන නෙමෙයි කට්ටිය අපිට නොකියා බනින එකයි එකේ කමෙන්ට් වලින් කරන්නේ.
මොනවා උනත් ඇඩිමින් කෙනෙක්ට හැකියාවක් තියනවා තමන්ගේ වෙබ් අඩවිය රැක ගන්න.එක කරන්න ඕන දේවල් එයාට කරනන් පුලුවන්.සරලම දේ Register වෙන්න සිස්ටම් එකක් ඇතුලත් කිරිම වැනි දෑ.

අවසාන වශයෙක් මමත් සයිට් හදන්න ලොකු දැනුමක් තිබුන කෙනෙක් නෙමෙයි.අමාරුවෙන් ඉගෙන ගෙන මේ වගේ එකක් කරන්නේ.ඔනම වෙබ් අඩවියක් මොකක් හරි කරදරේක වැටුනොත් අපි උදව් කරන්නත් ලැස්තියි.මොකද තරගකලාට අපි සහොදරත්වය අගය කරනවා.ඔනේම දේක තරගයක් තියෙන්නේ ඔන.නමුත් කරදරයක් වෙලාවට එකෙන් ප්‍රයෝජන නොගෙන උදව් කරන්නත් අපි ඕන වෙලාවක සුදානම්. :yes: මම මේකට අදහසක් දැම්මේ මාතෘකාවෙන් අපිට ඇගිල්ල දික් කිරිමක් සිදුවුවායැයි හැගුන නිසා මිසක් කිසිම අහිතක් හෝ මේවා කියන්න උවමනාවක් තිබුන නිසා නොවේ.

Castiel
04-28-2012, 01:14 PM
සිද්දිය මොක්කද කියලා දන්නෙත් නෑ...අඩවි මොනාද කියලා දන්නෙත් නෑ...ඒ නිසා මුකුත් කියන එක මට සුදුසුත් නෑ...සිද්දිය මොකක්ද කියලා දැනුවත් උනාම කතාවට එන්නම්,

HEDZ
04-28-2012, 01:22 PM
සිද්දිය මොක්කද කියලා දන්නෙත් නෑ...අඩවි මොනාද කියලා දන්නෙත් නෑ...ඒ නිසා මුකුත් කියන එක මට සුදුසුත් නෑ...සිද්දිය මොකක්ද කියලා දැනුවත් උනාම කතාවට එන්නම්,

ලගදි කිසිදු සිදුවිමක් ඇති උනේ නෑ.මේ පරන කතාවක් වගේ.මමත් පිලිතුරක් නොදි සිටියේ එකයි.නමුත් අපි කලා යැයි කියපු නිසා අදහසක් දැක්වුවා.
ඒ ඇරෙන්න ගැටලුවක් නෑ.

Castiel
04-28-2012, 01:26 PM

මම ඔයකියන වෙබ් අඩවිය ගැන දන්නවා ඇති ඒත් මොකක්ද කියලා හරියට දන්නේ නෑ, සිංහල උපසිරැසි දාලා ෆිල්ම් බලපු කෙනෙක් නෙමේ ඒත් මම හා හා පුරා කියලා උපසිරැසියක් ගත්තේ zoom එකෙන් වෙනසකටත් එක්ක කියලා, කට්ටියට අසාදාරන උනා කියලා මං ත්‍රෙඩ් වල දැක්කා, කිසි දෙයක් නොදන්න නිසා මුකුත් කතා කලේ නෑ අලුත්තුත් නිසා මේ ෆෝරම් එකට,
HEDZ මචෝ ඕනම දේකට ඕන් මාත් ඉන්නවා සහයට,

Castiel
04-28-2012, 01:31 PM
ලගදි කිසිදු සිදුවිමක් ඇති උනේ නෑ.මේ පරන කතාවක් වගේ.මමත් පිලිතුරක් නොදි සිටියේ එකයි.නමුත් අපි කලා යැයි කියපු නිසා අදහසක් දැක්වුවා.
ඒ ඇරෙන්න ගැටලුවක් නෑ.

එහෙනම් එච්චරයි, අවශ්‍ය නැති කතා දුර දිග අදින්න ඕනකමක් නැහැනෙ එහෙනම්,

Iujazz
04-28-2012, 02:22 PM

නැහැ සහෝදරයා මම කොහෙත්ම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක්වත් වෙනත් කවු‍රැවත් ඉලක්ක කරගෙන නෙවෙයි. මම දැනට මාසයකට විතර කලින් මේ සයිට් එකට එකතු වුනත් මේ සයිට් එකට ඒ ටික කලට ලොකු ලෙන්ගතු කමක් තියෙනවා. ඉතින් පහුගිය කාලයටම මම මේ සයිට් එකේ සහ අනික් සයිට් එක අතර ඇතැම් විට මත ගැ‍ටුම් ඇතිවෙනවා දැක්කා. නමුත් ඊයෙ අනෙක් අඩවියේ පලවූ එක් ලිපියකට ඉතාම පහත් මට්ටමේ කමෙන්ට්ස් ‍රැසක් දාල තිබුනා. ඒ අතර zoom.lk සයිට් එකනම් මැක්සා වැනි වැකිත් අඩංගු වුනා. ඇත්තටම මට එවෙලෙ හිතුන දෙයක් තමයි මේ සයිට් දෙකම එකවගේ ජනප්‍රියයි. ඉතින් එහෙම තියෙද්දි මේ සයිට් එකේ කවු‍රැහරි සාමාජිකයෙක් එහෙම දෙයක් කලානම් ඒක හොද දෙයක් නෙවෙයි කියල අපි ඕන කෙනෙකුට වැටහෙනවනෙ. නැතුව කොහෙත්ම මම මේක මේ අඩවියේ ඇඩ්මින් වන ඔබට ඇගිල්ල දිගු කිරීමක් කොහෙත්ම අදහස් කලේ නැහැ. එහෙම දෙයක් මෙයින් ඉස්මතු වුනානම් ඒ ගැන මම කනගා‍ටු වෙනවා. අනික මෙහෙම විවුර්ත සංවාදයක් සිදුකරන්න පහසුකම් තියෙන්නේ මේ අඩවියේ නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

අනික් කිවයුතු දේ තමයි සමහර කමෙන්ට් වලින් අදහස් වුනා මම ඒ සයිට් එකට පක්ෂපාතීව කටයුතු කරන කෙනෙක් විදියට. නැහැ ඒක බොහොම වැරදි අදහසක්. මම දු‍ටු වැරදි දෙයක් ගැන අනික් අය දැනුවත් කිරීමයි මම කලේ. අනික ඇඩ්මින් වන ඔබතුමාට පුලුවනි මම මෙතෙක් දාපු ත්‍රෙඩ් සහ කමෙන්ට් පරීක්ෂා කරලා බලන්න මම එවැනි පක්ෂපාතී බාවයක් පෙන්නුම් කලාද කියලා. අනික මම මේ සයිට් එකට දවසකට දහ දොලොස් වතාවක් එනවා. අලුතින් දාලා තියෙන හැම ත්‍රෙඩ් එකක්ම වගේ කියවනවා. ඉතින් යම් මතභේදජනක කරුනක් ගැන කතා කල පමනින් එවැනි දෙයක් සිතීම වැරදියි. හැබැයි මේ සම්බන්දයෙන් මම නොදැන සිටි පැතිකඩ කිහිපයක් ගැන ඇඩ්මින් සහෝදරයාගේ කමෙන්ට් එකින් දැන ගන්න ලැබුනා. මොකද එම අඩවිය ඔබේ අඩහස් වලට ප්‍රතිචාර නොදැක්වීම හොද දෙයක් නෙවෙයි. ඉතින් මට කියන්න අවශය වුනේ මේ අඩවි දෙක අතර ගැටලු ඇතිකරන ආකාරයට කටයුතු කරන කවුරු හරි කෙනෙක් මේ ලිපිය කියවනවා නම් ඔහු ඒ කරන කටයුත්තේ වැ‍රැද්ද පෙන්වා දීමයි...!

Iujazz
04-28-2012, 02:27 PM
එහෙනම් එච්චරයි, අවශ්‍ය නැති කතා දුර දිග අදින්න ඕනකමක් නැහැනෙ එහෙනම්,

:)

chathubuddy
04-28-2012, 02:33 PM
ඒකෙන් හරි මේකෙන් හරි “මඩ ගහන්නේ“ හොඳ වැඩක් කරන නිසානේ. බුදුහාමුදුරුවන්ට ් ගල් පෙරලපු එකේ ඕවා ගැන හිතලා ලේ කෝප කරගන්න අවශ්‍ය නෑ මට නම් හිතෙන්නෙ. අපි අපේ පාඩුවේ හරි දේ හරියට කරනවා මිසක්.

HEDZ
04-28-2012, 03:53 PM
නැහැ සහෝදරයා මම කොහෙත්ම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක්වත් වෙනත් කවු‍රැවත් ඉලක්ක කරගෙන නෙවෙයි. මම දැනට මාසයකට විතර කලින් මේ සයිට් එකට එකතු වුනත් මේ සයිට් එකට ඒ ටික කලට ලොකු ලෙන්ගතු කමක් තියෙනවා. ඉතින් පහුගිය කාලයටම මම මේ සයිට් එකේ සහ අනික් සයිට් එක අතර ඇතැම් විට මත ගැ‍ටුම් ඇතිවෙනවා දැක්කා. නමුත් ඊයෙ අනෙක් අඩවියේ පලවූ එක් ලිපියකට ඉතාම පහත් මට්ටමේ කමෙන්ට්ස් ‍රැසක් දාල තිබුනා. ඒ අතර zoom.lk සයිට් එකනම් මැක්සා වැනි වැකිත් අඩංගු වුනා. ඇත්තටම මට එවෙලෙ හිතුන දෙයක් තමයි මේ සයිට් දෙකම එකවගේ ජනප්‍රියයි. ඉතින් එහෙම තියෙද්දි මේ සයිට් එකේ කවු‍රැහරි සාමාජිකයෙක් එහෙම දෙයක් කලානම් ඒක හොද දෙයක් නෙවෙයි කියල අපි ඕන කෙනෙකුට වැටහෙනවනෙ. නැතුව කොහෙත්ම මම මේක මේ අඩවියේ ඇඩ්මින් වන ඔබට ඇගිල්ල දිගු කිරීමක් කොහෙත්ම අදහස් කලේ නැහැ. එහෙම දෙයක් මෙයින් ඉස්මතු වුනානම් ඒ ගැන මම කනගා‍ටු වෙනවා. අනික මෙහෙම විවුර්ත සංවාදයක් සිදුකරන්න පහසුකම් තියෙන්නේ මේ අඩවියේ නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

අනික් කිවයුතු දේ තමයි සමහර කමෙන්ට් වලින් අදහස් වුනා මම ඒ සයිට් එකට පක්ෂපාතීව කටයුතු කරන කෙනෙක් විදියට. නැහැ ඒක බොහොම වැරදි අදහසක්. මම දු‍ටු වැරදි දෙයක් ගැන අනික් අය දැනුවත් කිරීමයි මම කලේ. අනික ඇඩ්මින් වන ඔබතුමාට පුලුවනි මම මෙතෙක් දාපු ත්‍රෙඩ් සහ කමෙන්ට් පරීක්ෂා කරලා බලන්න මම එවැනි පක්ෂපාතී බාවයක් පෙන්නුම් කලාද කියලා. අනික මම මේ සයිට් එකට දවසකට දහ දොලොස් වතාවක් එනවා. අලුතින් දාලා තියෙන හැම ත්‍රෙඩ් එකක්ම වගේ කියවනවා. ඉතින් යම් මතභේදජනක කරුනක් ගැන කතා කල පමනින් එවැනි දෙයක් සිතීම වැරදියි. හැබැයි මේ සම්බන්දයෙන් මම නොදැන සිටි පැතිකඩ කිහිපයක් ගැන ඇඩ්මින් සහෝදරයාගේ කමෙන්ට් එකින් දැන ගන්න ලැබුනා. මොකද එම අඩවිය ඔබේ අඩහස් වලට ප්‍රතිචාර නොදැක්වීම හොද දෙයක් නෙවෙයි. ඉතින් මට කියන්න අවශය වුනේ මේ අඩවි දෙක අතර ගැටලු ඇතිකරන ආකාරයට කටයුතු කරන කවුරු හරි කෙනෙක් මේ ලිපිය කියවනවා නම් ඔහු ඒ කරන කටයුත්තේ වැ‍රැද්ද පෙන්වා දීමයි...!

ඕන කෙනෙක්ට එනැම දෙයක් කියන්න පුලුවන්.. ''zoom.lk සයිට් එකනම් මැක්සා'' කියලා කිව්වා වගේම ''ඕකේ නම් පට්ට චාටර් තියන සබ් මෙලෝ එකෙකුට බලන්න බෑ'' කියන වැකිත් අඩංගු උනා.මම නම් අපේ සයිට් එකේ අපට හෝ වෙනත් වෙබ් අඩවියක නමක් ගැවි තිබෙන බැනලා හෝ මොනයම් විවේචනයක් කරලා තියනවා නම් දැක්ක ගමන් අයින් කරනවා වගේම ඒ අයට පොඩි අවවාදයකුත් යවනවා එක කරන්න එපා කියලා.එත් ඇතැම් විට ඔබ ඔය කියන සයිට් එකේ අපිට බැනපු කමෙන්ට් ඉතිරි වෙද්දි අනිත් එවානම් මැකෙනවා.මොකකට හරි බැනලා තියන එකක් දැක්කම කට්ටියම මොකක්ද කියලා දන්නේ නැති උනත් එක නිසා ඇදෙනවා.ඒක නිසා මම කිසිදු ඒ වගේ කමෙන්ට් එකක් තියන්නේ නෑ.මොකද මෙතන රන්ඩුවක් තිබිලා එක බලන්න එන අයගෙන් සයිට් එකට ටැෆික් එකක් වැඩි කරගන්න ඕන නැති නිසා.
තව දෙයක් වෙනත් උපසිරැසි ලබා දෙන කිසිදු වෙබ් අඩවියකට අප කිසිදු අයුරකින් මොනම දෙයක් වත් කරලා නෑ.අඩුමගානේ අපේ SPAM List එකටවත් අපි එවා ඇතුලත් කරලා තිබුනේ නෑ.මොකද අපි දිලා නැති උපසිරැසි එකක් හොයන කෙනෙක්ට මෙන්න මේ සයිට් එකේ තිබ්බා කියලා එකේ ලින්ක් එක දෙන්න පහසුවෙන් ඉඩ සලසලා තිබ්බා.නමුත් අපව එම අඩවි වලින් එවුන් පල කර නැති නමුත් අපි දිලා තියන එකක් ගැන දැම්මොත් එක ඉවත් කරන නිසා කට්ටිය මගෙන් ඇහුවා ''ඇයි මේ ඔයාලා විතරක් ඒ අයගේ සයිට් පෙන්වන්නේ'' කියලා තිබ්බ නිසා ලගදි ඒ හැම සයිට් එකක්ම මම ස්පෑම් ලිස්ට් එකට ඇතුලත් කලා.ඇතැමුන් එහෙම ලින්ක් දාන්න එක ප්‍රයෝජනයට අරන් අපේ ලගදිම ලිස්ට් එකේ තියන උපිසිරැසි ලබා දෙන්න නියමිත එවට ''අපෝ ඔක මේකෙන් දෙන්න කලින් මෙන්න මෙහන් දුන්නා වගේ'' එවා කියමින් පල කරපු අවස්ථා තිබුනා.එහෙම කරන්නේ කවුද කියන එක අපි හොයගෙන තියෙන්නේ.ඔවුන් ප්‍රසිද්ධ නොකෙරුවට අපි ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්නේ.

අනිත් එක මම ඔබට චෝදනා කලේ නෑ.මම කිව්වේ මේකේ මතෘකාව නිසා අපිට කෙලින්ම ඇගිල්ල දික් කලා වගේ දෙයක් හැගුන නිසයි.මම මේකේ දාන ත්‍රේඩ් හැම එකක්ම බලනවා ඔයා දාපු එවත් දැකලා තියනවා.කෙලින්ම වෙනත් අඩවියක් වෙනුවෙන් කතාකිරිම හා අපිට ඇගිල්ල දිගු කරලා වරදකරුවන් වගේ කියලා අදහසක් තිබුන නිසා මම එහෙම කිව්වේ.මේ විදියට හිතේ ප්‍රශ්නයක් තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම කතා කරන එක අගය කරනවා.

Iujazz
04-28-2012, 06:27 PM

මේ ත්‍රෙඩ් එක දැමීමෙන් ඇඩ්මින් සහොදරයගෙ හිත රිදුනනම් ඒගැන අවංකවම කණගා‍ටු වෙනවා. මෙහෙම විවුර්තව කතා කරල මේ ප්‍රශ්නයේ සැබෑව දැනගන්න ලැබීමත් මාව වරදවා වටහා නොගනීම සම්බන්දයෙනුත් ඔබට ස්තූති කරනවා. :):

LKnerd
04-29-2012, 08:51 AM
ඔය කියන සයිට් එක මම දන්නවා.ඕක ඉස්සර නම් සුපිරියටම තිබ්බා.හොද පාලනයකින් ක්‍රියාත්මක උනා.දැන් නම් ගන්න දෙයක් නෑ.එකේ අඩිමින්ලා වැහිවැහැලා.
අනික අද ගියාම අඩුම ගානේ ඩොමෙන් එක expire වෙන දවසවත් දන්නේ නෑති අය ඉන්නේ.මොකද මම හිතන්නේ අලුත් අය හරියට එක නොකරන නිසා තමයි ඔහොම වෙන්නේ.
ඉස්සර ඔය සයිට් එකට ඔහෝම උනාද? නැනේ.දැන් එකේ පාලනයක් නැතුව වැඩ වෙන්නේ.අනික මම දැකලා තියන දෙයක් තමයි වලියක් ඇදගන්නේ දවසක් විතර තියලා කමෙන්ට් 10ක් විතර වැටිලා තියන ෆිල්ම් වල.වලිදාගත්තම කමෙන්ට් වැඩි වෙනවා කට්ටිය ඔන්ලයින් ඉන්නවා රැන්ක් වැඩිවෙනවා.රන්ඩුවක යන වෙලාවක ඔකේ 50ක් විතර ඔන්ලයින් ඉන්නවා.ඔන්න ඕකයි එකේ දැන් තත්වය.එකේ කිසිම පාලනයක් නෑ.පරණ ඇඩිමින්ලාට වැඩ ඇති හැබැයි අඩුම ගානේ එයාලා ඔය ඔයා කියන සයිට් එක කෙරෙහි අවධානය යොමු කලා නම් හරි.නැතුව කාටවත් වැරැද්ද කියලා හරියන්නේ නෑනේ

මරු හිරා
04-29-2012, 08:57 AM
මම නම් මේ ගැන මුකුත් නොදනිමි :(

චන්ඩි_බන්ඩි
04-30-2012, 12:13 PM
කවුද අඩෝ වලිදාන්නෙ වරෙව් යකෝ කනවා :k0235::angry::k0230::P:ang:

~ VAMPIRE ~
04-30-2012, 03:21 PM
Jara Vada

sts
05-08-2012, 12:15 PM
මම ඔයකියන වෙබ් අඩවිය ගැන දන්නවා ඇති ඒත් මොකක්ද කියලා හරියට දන්නේ නෑ, සිංහල උපසිරැසි දාලා ෆිල්ම් බලපු කෙනෙක් නෙමේ ඒත් මම හා හා පුරා කියලා උපසිරැසියක් ගත්තේ zoom එකෙන් වෙනසකටත් එක්ක කියලා, කට්ටියට අසාදාරන උනා කියලා මං ත්‍රෙඩ් වල දැක්කා, කිසි දෙයක් නොදන්න නිසා මුකුත් කතා කලේ නෑ අලුත්තුත් නිසා මේ ෆෝරම් එකට,
HEDZ මචෝ ඕනම දේකට ඕන් මාත් ඉන්නවා සහයට,

mamath sinhala sub aran film balanna purudu une me site 1ka nisa tamai.

:yes::yes::yes:

sujeewa
05-08-2012, 06:52 PM
mamath sinhala sub aran film balanna purudu une me site 1ka nisa tamai.

:yes::yes::yes:

Mamath sinhala sub aran film balana purudu una ma site akan a wagama ma site akata puduma badimak mata athe wala thiyana akata hatuwa manju puniser creativen sts casital maru hira copper aktamge angel senuri maheshi miniya aselaasanka Black hunter Demax Naveen godage ade maka samagikayo hamoma maka wada karana sahodarayo sahodariyo waga nisa wana athe

harsha0101
05-08-2012, 07:09 PM
මම ඔයකියන වෙබ් අඩවිය ගැන දන්නවා ඇති ඒත් මොකක්ද කියලා හරියට දන්නේ නෑ, සිංහල උපසිරැසි දාලා ෆිල්ම් බලපු කෙනෙක් නෙමේ ඒත් මම හා හා පුරා කියලා උපසිරැසියක් ගත්තේ zoom එකෙන් වෙනසකටත් එක්ක කියලා, කට්ටියට අසාදාරන උනා කියලා මං ත්‍රෙඩ් වල දැක්කා, කිසි දෙයක් නොදන්න නිසා මුකුත් කතා කලේ නෑ අලුත්තුත් නිසා මේ ෆෝරම් එකට,
HEDZ මචෝ ඕනම දේකට ඕන් මාත් ඉන්නවා සහයට,

ඔව්. මමත් සිංහල උපසිරැසි දාලා ෆිල්ම් බලපු කෙනෙක් නෙමේ.අහම්බෙන් තමා මේ සයිට් එක හම්බ වුණේ.සයිට් එක හොඳ වටින යමක් කරන නිසා මාත් zoom එකට සම්බන්ධ වුණා

Ushantha
05-08-2012, 07:56 PM
ඇත්තටම මොකක්ද මේ අනිත් සයිට් එක.. ගේම ඉල්ලුවොත් කරමු ඩවුන්..:D:D:D:D