PDA

View Full Version : Subtitles Portal - The Vow (2012) Sinhala Subtitles



HEDZ
04-29-2012, 07:22 AM
The Vow (2012) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=101)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=101))


http://www.zoom.lk/forums/downloads/subs/vow/vow2.jpg
ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම මගේ නමවෙනි උපසිරැසියෙත් වැඩ ඉවර කලා. මෙදාපාර මම අරගෙන ආවේ ආදරණීය කතා තේමාවක් තියෙන සත්‍ය කතාවක් පදනම් කරගෙන මෙම වර්ෂයේ පෙබරවාරි 10 ප්‍රදර්ශනය ආරම්භ කරපු IMDB Rating 6.6/10 (http://www.imdb.com/title/tt1606389/) ලබාගෙන තියෙන ජනප්‍රිය චිත්‍රපටියක්. මේකේ BRRip කොපිය නිකුත් වෙලා දැනට සතියකට කිට්ටුයි. මම සබ් එක හදල තිබ්බ R5Line කොපියේ දෙබස් ගොඩක් අඩුවයි තිබුණේ. ඉතිං ඒකයි ටිකක් වැඩේට ප්‍රමාද උනේ. කට්ටියගෙන්ම ඒකට සමාව ඉල්ලනවා.සදාකාලිකව ම තමන්ගේ සහකාරියත් සමග ආදරයෙන් ගත කරන්න බලාපොරොත්තු වෙන සියළු දෙනාටම මෙම චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.

චිත්‍රපටිය ගැන විස්තර කරනවනම් විවාහ වෙලා ඉන්න කපල් එකක් ඔවුන්ගේ කාර් එකේ යනකොට අනතුරකට ලක් වෙනවා. එතනදී විවාහක බිරිඳට සිහිය ලැබුණයින් පස්සේ තමන් ගත කරපු කසාද ජීවිතය පිළිබඳ මතකයන් අමතක වෙනවා. මේක නිසා ඇයගේ සැමියා දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. එතැන් පටන් ඔහු තමාගේ බිරිඳට තමන් සමග ගතකරපු ඒ ජීවිතේ මතක් කරල දෙන්න දැඩි උත්සහයක නිරත වෙනවා.ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. ඉදිරියට සිද්ධවෙන්නේ මොකක්ද කියලා ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ.

චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් දෙකට පණපොවනChanning Tatum (http://www.imdb.com/name/nm1475594/) සහ Rachel McAdams (http://www.imdb.com/name/nm1046097/) ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. චිත්‍රපටිය අධ්‍යක‍ෂණය කරල තියෙන්නේ Michael Sucsy විසිනුයි ඔහුගැන තොරතුරු මෙතනින් (http://www.imdb.com/name/nm1302591/) බලාගන්න පුළුවන්.

ආ තව දෙයක් මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයෙත් මෙහි ප්‍රධාන නළුවා ඉන්නවා. ඒක 2011 නිර්මාණය වෙච්ච මැක්සම මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්. පුළුවන් නම් කස්ටිය ගෙස්ට් කරන්නකෝ මොකක්ද ෆිල්ම් එක කියලා.

හැමෝටම ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද සිංහල උපසිරැසි සහිත නවතම චිත්‍රපටි Zoom.lk හරහා වැඩි වැඩියෙන් බලන්නට ලැඛෙන නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරක් වේවායි පතමි.

කැමති නම් කමෙන්ටුවකුත් කොටාගෙන යන්න කියල ඉල්ලනවා.

ජයවේවා




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
04-29-2012, 08:30 AM
thanks machan

LKnerd
04-29-2012, 08:31 AM
එල ඔන්න මමත් ගත්තා

Punisher
04-29-2012, 09:07 AM
උදේ පාන්දරම ලස්සන ආදර කතාවක් දිලා වගේ...පට්ටනේ..මේක දෙනකම් උන්නේ.බාගෙන තියාගත්ත නිසා අද දවල්ටම බලන්න පුලුවන්.එලම තමයි

copper
04-29-2012, 09:11 AM
sub eka gaththa

Dilshan
04-29-2012, 09:25 AM
සිංහල උපසිරැසි නම් දැන් එන්න ඕන zoom එකටම
තමයි.සුරංග ගේ උපසිරැසි ගැන්විමේ හැකියාව ගැන අපි හොදට දන්නවනේ
බොහෝම ස්තුතියි සුරංග.තවත් හොද ෆිල්ම් එකකට උපසිරැසි ලැබෙනකම් බලා සිටිමි.

Castiel
04-29-2012, 09:32 AM
නීමයි, ෆිල්ම් එකත් සුපිරි, දැන් ආයෙත් සිංහල උපසිරැසිත් එක්කම බලන්න පුලුවන්, ස්තූතියි,

*maheshi*
04-29-2012, 09:36 AM
මේක නම් දෙනකම් හිටියේ කිව්වොත් හරි.මොකද මේ වගේ චිත්‍රපටි බලන්න ආසාවෙන් ඉන්නේ.හැමදාම බැලෙන්න වෙන එවා වගේ නෙමෙයිනේ.හින්දි නම් ආදර කතා ගොඩක්
තියනවා හම්බවෙනවා ඉංග්‍රිසි හොද කතා ලැබෙනවා ටිකක් අඩුයි.ඒ නිසා මේක දුන්න එකනම් ගොඩක් වටිනවා.ස්තුතියි

Gecko
04-29-2012, 10:53 AM
ela ela niyamai macho

Anushiz
04-29-2012, 10:57 AM
මම මේක දෙනකම් හිටියේ.මම ඉක්මනට දෙන්න කියලා කිව්වත් මතක ඇති.
බොහෝම ස්තුතියි.ඔයාලා මේ කරන වැඩේ නම් ඇත්තටම නියමයි!

dani_baba
04-29-2012, 04:28 PM
ස්තුතියි

TharinduFox
04-29-2012, 10:32 PM
thanks machan

tharaka
04-30-2012, 01:13 AM
thanx macho. ikmanata sub eka dunnata thanx.
thawath film ekak ikmanata denna.....