PDA

View Full Version : ගණදෙවියන්



Diga
05-01-2012, 09:59 AM
විභාග කාලයට අපි කොච්චර පාඩම් කරත් අපේ ‍හිතේ තියෙන බය,පීඩනය නැති කරගන්න පන්සල් ,පල්ලි දේවාල ‍ගානේ යන්න අපි පසුබට වෙන්නේ නැහැ.වැස්සකට වත් පන්සලකට ගොඩ වෙන්නේ නැති සමහරු විභාග කිට්ටු වෙනකොට දේවාල ගානෙ බඩගාන්නේ විභාග ලේසියෙන්ම ගොඩ දාගන්න වෙන්න ඇති.:cool:

මොනවා උනත් පොඩි කාලේ ඉදන් අපි කවුරුත් අදහන ආදරය කරන දෙවිකෙනෙක් ඉන්නවා.
ඒ තමයි ගණදෙවියන්.
o/L,A/Lකාලෙදි විතරක් නෙවෙයි Universityඑකේ Annual Exam කාලෙදිත් අපිට ගණදෙවියන්ව මතක් වෙනවනේ..:):
ඒක නිසා ගණසදෙවියන් ගැන මට ලැබුණු තොරතුරු ටිකක් හැමෝම අතරේ බෙදාගන්න මම හිතුවා.
මේ තොරතුරු විශ්වාස කරන එක හෝ විශ්වාස නොකරන එක තම තමන්ට බාරයි....
http://www.devshoppe.com/images/graphics/ganeshadivinepujahoma.jpg

ගණදෙවියන් සෞභාග්‍යයේ,සාර්ථක ්වෙය් දෙවියන් ලෙසත් බාධා සහ අවහිරතා දුරලන දෙවියන් ලෙසත්ලොව පුරා ඉමහත් පිළිගැනීමකට ලක්ව සිටිනවා.එමෙන්ම නුවණ,ඉගෙනීම,දැනුම ලබාගැනීම සහ බලය අදිය පිළිබදවද ගණදෙවියන්ට විශේෂ හැකියාවන් පවතිනවා.

ගණදෙවියන් ඉතාමත්ම ප්‍රීතිමත් දෙවිකෙනෙක්.ගණදෙවි න්ට තරහා යන්නේ නැහැ.ඔබ ගණදෙවියන්ට පහනක් පත්තු කරොත්,හදුන්කූරක් පත්තු කරොත්,මලක් පූජකරොත්,පැණිරස ආහාරයක් තිබ්බොත් හෝ ගණදෙවියන්ගේ මන්ත්‍ර CD නිවසේ දාලා තිබ්බොත් ගණදෙවියන් ඉතා සතුටට පත්වෙනවා,නමුත් එහෙම කරන්න බැරිවුණත් ගණදෙවියන්ට තරහා යන්නේ නැහැ.

ගණදෙවියන් ඉතා විනෝදකාමී දෙවිකෙනෙක් බ‍ව සදහන් වෙනවා.එයට කදිම උදාහරනයක් අපට අනුරාධපුර ප්‍රදේශයෙන් හමුවෙනවා.ගමේ සෙල්ලම් කරමින් හිටපු පොඩිවුන් පිරිසකට වැවක් අසල ගහක් යට තිබුණු පිලිමයක් හමුවෙනවා මේ පොඩිවුන් පිළිමය වැවට තල්ලු කරමින් "තඩි බඩා,බඩගෙඩියා" කියමින් පිළිමයට උසුලු විසුළු කරා.මේ සිද්දිය ඒ අසලින් ගිය ගැමියෙක් දැක්කා.ගණදෙවි පිළිමය මඩට තල්ලු කරමින්
සෙල්ලම් කරන 6,4 නොතේරෙන පොඩිවුන්ට බැනවැදුනු ගැමියා ඔවුනව එතනින් එලවලා ගණදෙවි පිළිමයහොදින් හොදලා නැවතත් ගහ යටින් තියලා වන්දනාමාන කරලා ගියා.
එදා රැ හීනෙන් ගණදෙවියන් ඇවිත්
"මෝඩයා මම පොඩිඑවුන් එක්ක විනෝදෙන් සෙල්ලම් කර කර ඉන්නකොට උඔ ඇවිල්ලා මගේ සතුට නැතිකරා මෝඩයා"කියලා ගැමියට දොස්කියලා තියෙනවා.(මෙය සත්‍ය සිදුවීමකි)

ගණදෙවියන්‍ට ඇතකුගේ ආකාරයේ හිසක් ලැබුණේ කොහොමද කියලා පුරාවෘත්ත කිහිපයකක් තියෙනවා.

එක් පැරණි කථාවකට අනුව ගණදෙවියන්ගේ පියා වන ශිව භාවනාව සදහා නිවසින් බැයැරට ගිය අවස්ථාවක
ගණදෙවියන්ගේ මව වන පාර්වතීය දිය නෑමට යන්න සිදුවෙලා.ශිව එදිනම ආපසු එයි කියලා ඇය නොසිතූ නිසා පාර්වතී තම පුත්‍රයා වන ගණේෂට නියම කලේ තම කුටියට කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදී මුරකරන ලෙසයි.
නමුත් ටික වෙලාවකට පසු ශිව ආපසු ආවා.පාර්වතීගේ කුටියට ශිව ඇතුළුවීමට උත්සාහ කරත් ගණේෂ් ඒකට ඉඩ දුන්නේ නැහැ.මෙයින් කෝපයට පත්වු ශිව ගණේෂ්ගේ හිස ගසා දැම්මා.
තමා අතින් වු වැරුද්ද නිවැරදි කරගන්න ශිව පාර්වතීට පොරෙන්දු වුනා තමාට සහ පාර්වතීට ඊලග දිනයේ මුලින්ම මුණගැහෙන කෙනාගෙ හිස ලබාගෙන එය ගණේෂ්ගේ හිස නැති සිරුරට සම්බන්ධ කළොත් ගණේෂට යලි ජීවිතය ලැබෙනවා කියලා.නමුත් පසුවදා ඔවුන්ට මුලින්ම මුණගැහෙන්නේ ශක්තිමත් ඇතෙක්.ශිව එම ඇතාගේ හිස කපාගෙන ඇවිත් එය තම පුත්‍රයා වු ගණේෂ්ගේ කද මත තැන්පත් කලා.

මේ හා සම්බන්ධ අනෙක් පුරාවෘත්තය නම්, පාර්වතීට ඉතා පියකරු පුතෙක් ලැබුණා.මේ දරුවා බැලීමට සියලුමදෙවිවරු රැස්වුණා.
නමුත් දෙවිවරු අතර සිටි ශනි ආවේ නැහැ දරුවා බලන්නට.ඒකට හේතුව ඒ වෙනකොට ශනිට
සාපයක් සිදුවෙලා තිබුණා.ඒ නිසා ශනිගේ ඇසට දකින්න ලැබෙන ඕනෑම දෙයක් දැවී අළුවී යනවා.
එහෙත් ශනිත් තමන්ගෙ පුතුව දැකබලා ගත යුතු බව පාර්වතී ශනිට බලකර සිටියා.ඒ අනුව ශනි ගණේෂ් පුතු දෙස බැලු විගස ගණේෂගේ හිස දැවී අළුවි ගියා.ඉන්පසු තමාගේ පුතු මරා දැමූ බවට පාර්වතී ශනිට ශාප කළා.
ඉන් පසු මේ ගැටුමට මහා බ්‍රහ්මයා මැදිහත් වුණා.මහා බ්‍රහ්මයා පාර්වතී සනසවමින් කියාසිටියේ
මුලින්ම මුණගැහෙන කෙනාගෙ හිස ලබාගෙන එය ගණේෂ්ගේ හිස නැති සිරුරට සම්බන්ධ කළොත් ගණේෂට යලි ජීවිතය ලැබෙනවා කියලා.ඒ අනුව විශ්ණු දෙවියන් ගමනට පිටත් වුණා.විශ්ණු දෙවියන්ට මුලින්ම මුණගැහුණේ ගහක් අසල නිදාගෙන සිටි ඇතෙක්.විශ්ණු දෙවියන් ඒ ඇතාගේ හිස කදින් වෙන්කරලා එම හිස ගණේෂ්ගේ කද මත තිබ්බා.

මුම්බායි පිහිටි ඉන්දියාවේ මහාරාෂධ ප්‍රාන්තයේ ගණදෙවියන්ට කැපවු පූජනීය ස්ථාන අටක් තියෙනවා.මේවා අෂ්ඨ විනායන් ලෙස හදුන්වනවා.දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රධාන පෙලේ ගනේෂ් පූජනීය ස්ථාන වන්නේ චිකූර්හි "කානිපකම්" තිරුචිරපල්ලිහි "ජම්බුකේෂවර ,රාමේෂවරම් හා සුචින්ද්‍රම්" තමිල්නාන්ඩුහි "කර්පක විනායකර්,විනායකර්, හම්ප්‍රි සහ ගෝඩි " ආදියයි.

ගණදෙවියන්ගේ පිහිට ලබාගතහැකි ක්‍රම

*රතු මලක් සහ කාසියක් උදේට තියලා වැදීම.
*පැණිරස ආහාරයක් තියලා වැදීම.
*පහනක් හෝ හදුන්කූරක් පත්තු කිරීම.
*ගණදෙවියන්ගේ මන්ත්‍ර අඩංගු CD නිවසේ දැමීම.
*ගණදෙවියන් ගැන අනිත් අයට පැවසීම.
*පින් කිරීම.

ඔබට වාසනාවක් අවශ්‍ය වු විටෙක ගණදෙවියන්ගෙන් මේ ක්‍රමයට ඉල්ලන්න.

*ගණදෙවියන්ගේ රූපයක් හෝ පිලිමයන් ලගට යන්න.
*ඔබේ එක අතක් ගණදෙවියන්ගේ හොඩවැල මත තියන්න.
*දැන් මෙසේ කියන්න
"මහා බලගතු ගණදෙවියනි,මට.......... සදහා වාසනාව අවශ්‍යයි.එය ඉටුකරගැනීම/ලබාගැනීම සදහා වාසනාව මට ලබාදෙන්න.
*දැන් අත ඉවතට ගන්න.සැහැල්ලුවෙන් සිටින්න කැමතිනම් පහුවදාත් මෙලෙස කරන්න.දින කිහිපයක්ම මෙම ඉල්ලීම එකදිගට කරන්න.

ගණපති ශ්ලෝකය

ගණපති ඕම් ජය ගණපති ඕම්
ගජමුග ඓංගර ගණපති ඕම්
ගණපති යාම් සිව ගණපති ඕම්
කුණඩලි මණඩල ගණපති ඕම්

මුෂික වාහන ගණපති ඕම්
මුලප් ප්‍රවාහණ ගණපති ඕම්
මා මුසුර දේසික ගණපති ඕම්
වල්ලභ මෝහණ ගණපති ඕම්
ගණපති ඕම් ...

විග්න විණායක ගණපති ඕම්
විගසිත නවමුග ගණපති ඕම්
උත්තුව තබකෝල ගණපති ඕම්
උත්තුව නාදන ගණපති ඕම්
ගණපති ඕම් .....

පාර්වතී පාරධි ගණපති ඕම්
පරම සිව ඥාන ගණපති ඕම්
පුර්ණ පුරාදණ ගණපති ඕම්
පුවණ පුරන්දර ගණපති ඕම්
ගණපති ඕම් ....

සුද්ද සදා සිව ගණපති ඕම්
සුන්දර කුන්ප්ර ගණපති ඕම්
නිත්තිය නත්තුව ගණපති ඕම්
නිර්මල සින්දය ගණපති ඕම්


මෙම ලිපියේ අඩංගු කරුණු සමහරක් විට මිත්‍යා විශ්වාස වෙන්න පුළුවන්.මට ලැබුණු තොරතුරු හැමෝම අතරේ බෙදාගන්න ඕන නිසයි මේ ලිපිය පලකරන්නේ.මේ ලිපිය කියවන ‍හැමෝම comment එකක් දලා යන්න.අඩුම තරමේ මට බැනල හරි comment එකක් දාන්න.

*Diගා *

Naveen
05-01-2012, 10:00 AM
:)

මරු හිරා
05-01-2012, 10:07 AM
You must spread some Reputation around before giving it to Diga again. :(

Punisher
05-01-2012, 10:07 AM
මමත් OL කාලේ ඔහොම කලානේ...

විස්තරේට තැන්ක්ස්

*maheshi*
05-01-2012, 10:09 AM
සැහෙන්න විස්තරයක් ලියලනේ..දැනුවත් කිරිමට රෙප්++

AselaAsanka
05-01-2012, 10:13 AM
Good Post Machan.......

harsha0101
05-01-2012, 10:30 AM
You must spread some Reputation around before giving it to Diga again lu ne

පොඩ්ඩා
05-01-2012, 11:41 AM
නියම පොස්ට් එක කොල්ලෝ...

Amila
05-01-2012, 06:13 PM
You must spread some Reputation around before giving it to Diga again.

mehema watenawane

Anushiz
05-01-2012, 06:15 PM
අහලා නැති ගොඩක් දේවල් දැනගත්තා..ගණසෙවියන ්ට අලියෙකුගේ හිසක් ආවේ ඇයි කියලා අද දැනගත්තේ
ස්තුතියි ලිපියට

Castiel
05-01-2012, 07:23 PM
ස්තූතියි තොරතුරු වලට මචෝ, වටින ලිපියක්,

Demax
05-01-2012, 07:58 PM
nodanna godak dewal danagaththa
thanks

BLacK HuNTeR
05-01-2012, 11:23 PM
නියම ලිපියක් මචෝ

sanjewa87
05-02-2012, 06:12 PM
මෙච්චර විස්තරයක් අදයි දන්නේ

sujeewa
05-03-2012, 08:47 PM
Good Post Machan.......

Diga
05-06-2012, 08:02 PM
Thanx :47_002::47_002:

Iujazz
05-06-2012, 09:48 PM
Thanks..! a good post! :yes:

Ali patiya
05-07-2012, 12:48 AM
නියමයි මචෝ වැදගත් ලිපියක්.. :thumbsup:

tanuja
08-09-2012, 07:53 PM
thanks!!!!