PDA

View Full Version : The Darkest Hour (2011) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-01-2012, 08:31 AM
The Darkest Hour (2011) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=121)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=121))



http://www.zoom.lk/forums/downloads/subs/darkesthr/darkesthr.jpg
ඔන්න මම මගේ සිව් වැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා.මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න බාරගත්තේ නම් මම නෙමෙයි.මම මේක උපසිරැසි දාන්නද කියලා අහනකොට ඇඩිමින් කිව්වා මේක වෙන කෙනෙක් ගත්තා කියලා.හැබැයි ඒ ගත්ත කෙනා උපසිරැසි එක බාර දෙනවා කියලා දන්වලා හිටියත් ලබා දෙනවද කියන සති දෙක තුනක ඉදන් යවපු කිසිම මේල් එකකට ප්‍රතිචාර දක්වලා නෑ.එහෙම බාර දෙන්නේ නැත්නම් ඒක දන්වලා යවන්න.නැත්නම් සිංහල උපසිරැසි එක්ක බලන්න ඉන්න අයට ලොකු අසාධරනයක් වෙනවනේ.කොහොම හරි ඉතින් මම මේක දාන්නද කියලා අහලා ආයේ මමම මේකේ උපසිරැසි භාරගත්තා.
Hush,Insidious,Sherlock homes තමයි මම උපසිරැසි ගන්වපු චිත්‍රපටි තුන.ශර්ලොක් හෝම්ස් එකේ පලවෙනි චිත්‍රපටිය පරණ උනත් එකට ඇත්තටම ලැබුන ප්‍රතිචාරනම් සතුටු හිතෙන එවා.එකට මම උන මහන්සිය සාර්ථකයි කියලා මට හිතුනා.මට පෞද්ගලිකව මැසෙජ් එවලා දන්වලා එවලා හා කමෙන්ට් එකකින් අදහස් දක්වපු හැමදෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා.

හරි උඩ තිබුනේ මගේ කතාව.දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.ෂොන් හා බෙන් දෙන්නා ඇමරිකාවේ ඉදන් මොස්කව් වලට තමන්ගේ ජිවිතේ ලොකුම පිම්මක් තියන්න ව්‍යාපාර වැඩකට එනවා.නමුත් බලාපොරොත්තු නොවන ලෙසට එය කඩවෙනවා.පස්සේ දෙන්නාම හිතේ දුක නැතිවෙන්න කියලා හිතාගෙන ක්ලබ් එකකට යනවා මත්පැන් බොන්න කියලා.මේ වෙලාවේ ඔවුන් දෙන්නට නැටලී සහා ඇනී කියලා ගැණු ළමයි දෙන්නෙක් මුණ ගැහෙනවා.ඔවුන් දෙන්නා නම් මොස්කව් වලට ඇවිත් තියෙන්නේ පොඩ්ඩක් විනෝද වෙලා යන්න.ඉතින් මේ හතර දෙනා කතා කර කර ඉන්න වෙලාවේ එකපාරටම මොස්කව් නගරයේ විදුලි බලය හදිසියේ විසන්දි වෙනවා.මොවුන් ක්ලබ් එකෙන් එළියට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා..ඒ වෙලාවෙම මොවුන් සියලු දෙනාටම නොපෙනන පිටසක්වල ජිවින් විශේෂයක් පහර දෙනවා.මේ පිටසක්වල ජිවින් කවුරුත් පෙන්නේ නෑ.ඉතින් මොවුන් කොයි වෙලාවේ කොයි පැත්තෙන් පහර දෙයිද කියලා කට්ටියට හිතාගන්න බැරිවෙනවා.නගරය මුලු මනින්ම පාලුවට යනවා.ෂොන්,බෙන්,නැට ී සහා ඇනී කියන කට්ටියට ඕන මොස්කව් වලින් පිටවෙලා තමන්ගේ මව් රට වෙන ඇමරිකාවට යාගන්න.මොවුන්ට එය කරන්න හැකි වෙයිද.මොවුන් මේ යන ගමනේ අතර මගදි තව ජිවිතය බේරගත් කිපදෙනෙක්ද හමුවෙනවා.මේ නොපෙනන සත්වයින්ට මුහුණ දිලා
මොවුන්ට නිරුපද්‍රතිව බේරිලා යන්න හැකි වෙයිද?නැත්නම් මේ අයගේ ජිවිත වලින් සියලු දෙනා වන්දිගෙවයිද?සියල් දැනගන්න මේ චිත්‍රපටය බලන්න වගේම උපසිරැසි ගැන අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri (http://www.zoom.lk/forums/members/24.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-01-2012, 08:43 AM
සෙනුරිගේ තවත් වැඩක්..නියමයි නියමයි.මේක නම් නොබලා හිටියේ හරි අමාරුවෙන්.දැන් නම් බලන්න පුලුවන්.
තැන්ක්ස් සෙනු

Udara|රොකියා
06-01-2012, 08:46 AM
නියමයි සෙනුරි ........

copper
06-01-2012, 09:02 AM
සෙනුරි ආපහු ගේමට බැහැලා වගේ.අරන් ඇවිත් තියෙන්නේ පට්ට මුවියක් නේ.නෙට් එකේ සිංහල උපසිරැසි දාන ගැණු ළමයින්ට ඉන්නේ මහේෂි සෙනුරියි විතරයි නේද? ඒ දෙන්නම ඉන්නෙත් zoom එකේ.එකත් නියමයි.

anushanga
06-01-2012, 09:20 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

LKnerd
06-01-2012, 09:37 AM
wow niyamai :clap:

harsha0101
06-01-2012, 10:25 AM
Thanks :):

BLacK HuNTeR
06-01-2012, 10:43 AM
downloading

ips
06-01-2012, 12:07 PM
Thanx....

මරු හිරා
06-01-2012, 12:24 PM
niiyammai niyamai..thanks a lot

Dilshan
06-01-2012, 04:14 PM
නියම වැඩක් සෙනුරි.ගොඩක් හොද වැඩක් ඔයාලත් උපසිරැසි යොදන එක.

Gecko
06-01-2012, 04:48 PM
තව තවත් උපසිරැසි දෙන්න ලැබේවා

Castiel
06-01-2012, 06:05 PM
ස්තූතියි, http://www.im-smiley.com/imgs/agreement/agreement003.gif

Anushiz
06-01-2012, 06:18 PM
:clap: great work

පොඩ්ඩා
06-01-2012, 11:35 PM
සෙනුටත් අලුත් ෆිල්ම් එකක් ගෙනාවට ස්තුතියි

tharaka
06-02-2012, 12:34 AM
ෆිල්ම් එක අරගෙන තිබ්බේ.
ඔන්න ඔයාගේ සබ් එකත් එක්කම දැන් බලන්න පුළුවන්.
ගොඩක් ස්තූතියි සබ් එකට.
තවත් ලස්සනම ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් එකක් දේවි කියලා හිතනවා.