View Full Version : කන ලග පුපුරයිද කියලා
janadhi
06-04-2012, 12:39 PM
සමහරුන්ට හිතේයි මේක පරණ topic එකක් කියලා හැබැයි පොඩි කලේ ඉදන් පිළියන්දල ජිවත් වූන අපිට නම් කවදාවත් බෝම්බ කියන topic එක අමතක කරන්න බැරිදෙයක්
නොගේගොඩ , මහරගම , කටු බැද්ද , මොරටුව නගර මැද ජිවත් වූන අපිට බෝම්බයක් කොයිවෙලාවේ කන ලග පුපුරයිද කියලා හැමවෙලාවෙම හිතේ කොනක බය තිබුනා .
නොගේගොඩ 28 Nov 2007
http://www.slnewsonline.net/LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_25.jpg
http://www.slnewsonline.net/LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_19.jpg
Mahinsa Pradeepani, a Grade 12 student of the Piliyandala Central College was one of the victims of Wednesday’s LTTE bomb blast at Nugegoda. She was among 19 men, women and children who perished in the LTTE’s deliberate attack on the civilian community.
http://www.slnewsonline.net/LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_15.jpg
http://www.slnewsonline.net/LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_09.jpg
කටුබැද්ද Date, June 6, 2008 7:35
http://www.spur.asn.au/LTTE_Bus_Bomb_20080606_Moratuwa_06.jpg
http://lankaenews.com/Sinhala/files/2088bombBlast_3J.jpg
http://3.bp.blogspot.com/_o_s3GVdJCi8/R8AYSL-wvfI/AAAAAAAAATg/Y_C2h9UahBI/s320/mount+lavinia+bus+bomb.jpg
පිළියන්දල 25th April 2008
http://www.lankaweb.com/news/items08/Piliyandala%20Bus%20bomb7.jpg
http://i25.tinypic.com/28l3oqr.jpg
http://i299.photobucket.com/albums/mm295/usermalinga/2-7.jpg
ඇත්තම කියනවනම් තවමත් දෙමල ජතිය ගැන මගේ හිතේ පොඩි තරහක් තියනවා
මේ thrad එකට rep දෙන්න හිතන්නවත් එපා ,
මම බලාපොරොත්තු වෙන්නේ යාලුවන්ගේ අදහස් සහ අද්දැකීම්.
දෙමළ ජාතිය ගැන තරහක් හිතේ තියන් ඉන්නෙ මොකටද??????
මේවට අපි හැමෝම වැරදියි.
janadhi
06-04-2012, 12:58 PM
සිංහලයෙක් හැටියට ඒ තරහ මගේ හිතේ හැමදාම තියෙයි.
Ushantha
06-04-2012, 05:23 PM
මටත් තියෙනවා අත්දැකීම් නම් බෝම්බ ගැන. කොටි ප්ලේන් වලින් කැළණිතිස්ස බලාගාරෙට බෝම්බ දාන වෙලාවේ එතන ඉස්සරහා හිටියේ. ඇටෑක් එක වෙන්න ටිකකට කලින් කරන්ට් එක කට් කට් කලා නේ. මම හිටියේ එදිරිසිංහ ගරාජ් එකට පොඩ්ඩක් මෙහා තට්ටු 3 බිල්ඩින් එකක. දැන් මමත් මෝඩ කමට roof top එකට නැග්ගා නේ සීන් එක බලන්න තව යාලුවෝ තුනක් එක්ක. ටික වෙලාවක් යන කොට දැන් හතර වටෙන්ම පැරා ගහනවා.
මෙන්න බොලේ එක සැරේට වෙඩි තියන්න ගත්තා 5.0 ගන් වලින්. දැන් වෙඩි යනවා පේනවා පේලියට කන ලග පත්තු වෙනවා වගේ. එක පාරටම ප්ලේන් එකක සද්දයක් ඇහෙන්න ගත්තා. දැන් වෙඩි තියන අයටත් හිතාගන්න බෑ කලුවර නිසා. ඒ උනාට බලාගාරේ උඩ හයි කරලා තිබ්බා ලොකු ලයිට් එකක්. ඒකේ මාර එළියක් තියෙන්නේ. ඒක එකපාරට වරාය පැත්තට හැරෙව්වා. මෙන්න බොලේ පහතින් එනවා ප්ලේන එකක්. වරාය පැත්තෙන් වෙඩි තියනවා හො ගාලා. නියම වැඩේ කියන්නේ මගෙත් එක්ක ඉදපු අනිත් තුන් දෙනා මාව දාලා දිව්වා මටත් නොකියා පහලට.
දැන් මට ඉන්න තැනින් පහලට දුවන්නත් බයයි. කොන්ක්රීට් කණුවක් අස්සට වෙලා පෝන් කට්ටේ වීඩියෝ ඔන් කරන් මමත් දැන් ගැහි ගැහී ඉන්නවා. මට අවංකවම ජීවිතේ පළවෙනි වතාවට මරන බය මොක්කද කියලා දැනුනා. මට මගේ දරැවා හම්බවෙන්න ඉන්න පවුල මතක් උනා. එක සැරේට බලාගාරේ උඩ ඉදන් ගහපු ලයිට් එක නිව්වා විතරයි දඩාං ගාලා සද්දයක් එක්ක මුලු බලාගාරෙම එළිය වෙලා කලුවර උනා. ප්ලේන් එකේ සද්දෙත් නැති උනා. දැන් බලාගාරේ ඇතුල ගිනි ගන්නවා. සීන් එක ඉවරයි. පැයක් විතර යද්දි කරන්ට් එකත් ආවා. මම ලග ඒ දවස්වල තිබුණේ SGH E 250 Phone එකක්.
අනේ කලුවර නිසා මෙලෝ දෙයක් වීඩියෝ එකේ නෑ. හැබැයි සද්ද ටික ඔක්කොම නම් තිබුණා. කොටි අන්තිම පාරට ඇටෑක් එක දීලා ප්ලේන් 2 විනාස වෙච්ච දවසෙත් මම ඔතන හිටියා. එදා නම් උන්ට බලාගාරෙට බෝම්බ දාන්න පුලුවන් උනේ නෑ. අනික මගේ පුංචි කෙනෙක්ගේ පුතෙකුත්, ඒ කියන්නේ මගේ අයියා කෙනේක් ආමි එකේ ඉදලා නැති උනා. මම නම් එදත් අදත් හෙටත් මුලු දෙමළ සංහතිය එක්කම පුදුම තරමේ වෛරෙකින් ඉන්නේ.
ඒ තරහා නම් මම මැරෙනකම්ම නැති වෙන එකක් නෑ.
Punisher
06-04-2012, 05:41 PM
ඒ කාලේ නම් මතක් කරද්දිත් බයයි..නුගේගොඩ නෝ ලිමිට් එක ගාව බොම්බේ පිපුරුන දවසේ හරියට ඒ තැනට මිටර් 100ක විතර දුරින් හිටියේ.සක්යා එකේ ක්ලාස් ඉවර වෙලා යන ගමන්.එදා ක්ලාස් එක අරින්න පරක්කු උනා එහෙම නැති උනා නම් ඉතින් මටත් සොරිම තමයි.මොකද ක්ලාස් ඉවර වෙලා හැමදාම කොල්ලෝ එක්ක ඔය හරියෙන් යනවා.
Ushantha
06-04-2012, 05:48 PM
http://www.youtube.com/watch?v=6LLqwm8ng5Q&oref=http%3A%2F%2Fwww.youtube.com%2Fresults%3Fsear ch_query%3Dltte%2Battack%2Barmy%2Btruck%26oq%3Dltt e%2Battack%2Barmy%26aq%3D0%26aqi%3Dg1%26aql%3D%26g s_l%3Dyoutube.3.0.0.1545.7625.0.9204.6.4.0.2.2.0.3 03.1058.2-3j1.4.0...0.0.zQ7cN9VlfCE
Castiel
06-04-2012, 08:03 PM
ඒ කාලේ නම් මතක් කරද්දිත් බයයි..නුගේගොඩ නෝ ලිමිට් එක ගාව බොම්බේ පිපුරුන දවසේ හරියට ඒ තැනට මිටර් 100ක විතර දුරින් හිටියේ.සක්යා එකේ ක්ලාස් ඉවර වෙලා යන ගමන්.එදා ක්ලාස් එක අරින්න පරක්කු උනා එහෙම නැති උනා නම් ඉතින් මටත් සොරිම තමයි.මොකද ක්ලාස් ඉවර වෙලා හැමදාම කොල්ලෝ එක්ක ඔය හරියෙන් යනවා.
එදා බංඩා යැව්වෙත් ළමයි පරිස්සමෙන් හන්දිය පැත්තේ දුමකුත් පේනවා කියලා... චාටර්ම දවසක් එදා...බසුත් නෑ...නුගේහොඩ ඉඳන් විලියම් එක ගාවට පයින්ම ගාටන්න උනා,
මරු හිරා
06-04-2012, 08:24 PM
මචන් කිසිම ජාතියක් ගැන තරහක් ඇති කරගන්න හොඳ කාලයක් නෙවෙයි මේක.. මේව වෙන්න අපේ සිංහලයොම හේතුවක් වෙලා තියනව එක පැත්තකින් බලද්දි.. අපේ සිංහලයො කලු ජූලිය වෙලාවෙ පාහරයො වගේ අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරා. කාන්තාවන් දූෂණය කරා... ඒ මදිවට උන්ව මංකොල්ලත් කෑව.. ඒව අපේ සිංහලයොන්ගෙ වැරදි.. ඒත් ඒ අමිහිරි අතීතෙ දැන් ඉවරයි.. ආයෙත් ජාති, ආගම් කුල භේද ගැන කියාගෙන කෙලගන්න කාලයක් උදා කරගන්න ඕන නෑ බන් අපිට... එක වෙබ් අඩවියක මුස්ලිම් මිනිස්සු එක්ක කෙලගන්න පෝස්ට් දානව ඔයාල කවුරුත් දැකල ඇති.. ඒ වගේ ජාති වාදෙ අවුස්සන්න නම් මම කොහෙත්ම කැමති නෑ.. අපි කවුරුත් මිනිස්සු.. අපි මේ ත්රෙඩ් එක බලල තේරුම් ගන්න ඕන දේ තමයි ආයෙත් මේ වගේ දේවල් වෙන්න නොදී සාමය ආරක්ෂා කරන එක
Ushantha
06-04-2012, 08:43 PM

සිංහල අපි විතරක් ඔහොම හිතුව කියලා වැඩක් තියේද බන්. කොහොමත් අපේ උන් එකෙක්ට එකෙක් නැති උන් නේ ඉන්නේ වැඩි හරියක්. උඹ නිකමට මුස්ලිම් එකෙක්ට ටෝකක් දාලා බලපන් ඔහොම කියනවද කියලා.
මරු හිරා
06-04-2012, 08:46 PM
සිංහල අපි විතරක් ඔහොම හිතුව කියලා වැඩක් තියේද බන්. කොහොමත් අපේ උන් එකෙක්ට එකෙක් නැති උන් නේ ඉන්නේ වැඩි හරියක්. උඹ නිකමට මුස්ලිම් එකෙක්ට ටෝකක් දාලා බලපන් ඔහොම කියනවද කියලා.
වෙන්න පුලුවන් අයියේ.. අපේ බැච් එකෙත් මුස්ලිම් එවුන් ඉන්නව.. ඒත් මම උන්ගෙ නම් එච්චර නරකක් දකින්නෙ නෑ.. අපේ රෑ තිබ්බ පිරිතටත් උන් ආව සිංහල කොල්ලො නාවට.. අයියෙ හැමෝම වැරදි නෑ.. ඒත් සමහරෙක් ඉන්න පුලුවන් ජාති වාදෙ අවුස්සන පරයො
Ushantha
06-04-2012, 08:51 PM

ඒක ඇත්ත මලේ මගෙත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ එකට කාගෙන බීගෙන ඉන්න උන්. කොහොමත් සිංහල අපි එක්ක සෙට් වෙන මුස්ලිම් අය ලග ගොඩක් වෙලාවට අන්තවාදී අදහස් නෑ. අනික උන් මහ ලොකුවට ආගම් බදාගෙන ඉන්නෙත් නෑ. ඒ උනාට බහුතරයක් දෙමළ මුස්ලිම් උන් එහෙම නෑ. උන් කොහොමත් අදින්නේ උන්ගේ ජාතියේ පැත්තට.
Ushantha
06-04-2012, 08:53 PM
අනික මල්ලි මමත් ආස නෑ ඔය ජාතිවාදී කතා කියාගෙන, කුණුහරැප කියාගෙන මේ පෝරම් එක සවුත්තු කරන්න. ඇත්තටම සූම් එකේ ඉන්නේ චාරයක් තියෙන උන්. මේ සයිට් එක අර මොකක්ද කිරි එක වගේ වෙන්න ඉඩ දෙන්න නරකයි කවදාවත්.
මරු හිරා
06-04-2012, 08:55 PM
ඒක ඇත්ත මලේ මගෙත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ එකට කාගෙන බීගෙන ඉන්න උන්. කොහොමත් සිංහල අපි එක්ක සෙට් වෙන මුස්ලිම් අය ලග ගොඩක් වෙලාවට අන්තවාදී අදහස් නෑ. අනික උන් මහ ලොකුවට ආගම් බදාගෙන ඉන්නෙත් නෑ. ඒ උනාට බහුතරයක් දෙමළ මුස්ලිම් උන් එහෙම නෑ. උන් කොහොමත් අදින්නේ උන්ගේ ජාතියේ පැත්තට.
යම්කිසි දෙයක් උණොත් සිංහලයො වන අපි අදින්නෙත් අපෙ පැත්තනෙ අයියෙ.. එක අතකට උන් එහෙම කරන එකත් සාමාන්යයි කියලයි මට හිතෙන්නෙ. අපි හොඳින් ඉන්න උත්සහ කරොත් උනුත් එහෙම ඉඳියි.. වෛරයෙන් වෛරය කවදාවත් සන්සිඳවන්න බෑනෙ
මරු හිරා
06-04-2012, 08:56 PM
අනික මල්ලි මමත් ආස නෑ ඔය ජාතිවාදී කතා කියාගෙන, කුණුහරැප කියාගෙන මේ පෝරම් එක සවුත්තු කරන්න. ඇත්තටම සූම් එකේ ඉන්නේ චාරයක් තියෙන උන්. මේ සයිට් එක අර මොකක්ද කිරි එක වගේ වෙන්න ඉඩ දෙන්න නරකයි කවදාවත්.
හරියටම හරි.
Ushantha
06-04-2012, 09:06 PM
යම්කිසි දෙයක් උණොත් සිංහලයො වන අපි අදින්නෙත් අපෙ පැත්තනෙ අයියෙ.. එක අතකට උන් එහෙම කරන එකත් සාමාන්යයි කියලයි මට හිතෙන්නෙ. අපි හොඳින් ඉන්න උත්සහ කරොත් උනුත් එහෙම ඉඳියි.. වෛරයෙන් වෛරය කවදාවත් සන්සිඳවන්න බෑනෙ
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා අපේ ආගමෙත් කියලා තිබුණට මම නම් හිතන්නේ අද කාලේ හැටියට ඕක ප්රායෝගිකව කරන්න අමාරැයි නේ. එහෙම කලොත් මෛත්රී කරන එකාට යන එන මං නැති වෙනවා නේ. මොනා කරන්න ද අබුද්දස්ස කාලේ කිව්වලු නේ.
මරු හිරා
06-04-2012, 09:14 PM

ආගම් වල තියන තියරි වලට සේරම කරන්න බැරි වෙන්න පුලුවන්.. ඒත් අපි කරන්න ඕන මොකක්ද ඇහුවොත් දෙන්න උත්තරේකුත් නෑ
1.සුළු ජාතින් ඔක්කොම මරල දාන්නද
2.උන් ඔක්කොම මේ රටෙන් පිටුවහල් කරන්නද
3.උන්ට බැන බැන උන්ව සමච්චලේට ලක් කරන්නද
4.උන්ටත් සිංහල වෙන්න කියන්නද
5.උන්ගෙ සංහතියම වඳ වෙන්න බෙහෙතක් දෙන්නද
බලන්න අයියෙ මේ එකක්වත් කරන්න හොඳ වත් පුලුවන්වත් වැඩ නෙවෙයි.. මේවගෙන් මොකක් හරි කරන්න ගියොත් වෙන්නෙ අන්තිමට ජාති ආගම් වලට බෙදිල ඇනකොටාගන්න එක... ඒ වගේ අපේ සහෝදර සහෝදරියො මැරෙන භීෂණයකට යන්න මම නම් ආපහු කවදාවත් කැමති නෑ..
Ushantha
06-05-2012, 06:02 PM

:yes::yes:
මරු හිරා
06-05-2012, 06:08 PM
:yes::yes:
:14_002:
tanuja
08-09-2012, 07:46 PM
:45:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.