PDA

View Full Version : Blood Diamond (2006) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-05-2012, 03:53 PM
Blood Diamond (2006) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=125)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=125))



http://www.zoom.lk/forums/downloads/subs/bloodd/bloodd.jpg
මේ මම ප්‍රථමයෙන්ම මේ අඩවිටය ලබා දෙන සිංහල උපසිරුසියයි.ඇත්තට ම මෙය ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම මෙතෙක් බලා තියෙන චිත්‍රපටි අතුරින් නරඹපු ඉතා සංවේදීම හා සුවිශේෂී ගනයේ නිර්මාණයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ මගේ ප්‍රියතම රංගන ශිල්පියා වෙන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහයකුයි. ඒවගේම මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ The Last Samurai කියන සුවිශේෂී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Edward Zwick විසිනුයි.

කතාව ගැන කියනවනම් මේක පසුබිම් වෙලා තියෙන්නේ සියෙරා ලියෝන් කියන දකුණු අප්‍රිකාවෙ දියමන්ති ආකරවලට ප්‍රසිද්ධියක් උසුලන රටේ සිවිල් යුධ සමයයි. මේ කතාව දිගහැරෙන්නේ දකුණු අප්‍රිකානු කුලී භටයෙක් සහ ධීවරයෙක් අතරයි. මේ ධීවරයා ජීවත්වන ගම්මානයට එල්ලවන හදිසි ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඔහුව ත්‍රස්ත ග්‍රහණයට නතු වෙනවා. ඉතින් ඔහුට තමන්ගෙ දරුවන්ට සහ බිරිදට මොකද වුනේ කියලවත් ඉන්පස්සෙ දැනගන්න ලැබෙන්නැහැ. ඇත්තමට මේ අතරෙ වන සිදුවීම් දාමයන් අතර ඔහුට තම ජීවිතය වෙනස් කල හැකි අන්දමේ යමක් මුන ගැසෙනවා. නමුත් මෙය ඔහුට පහසුවෙන් අත්පත් කරගන්න හැකිවේද? මෙය අත්පත් කරගැනීමට වෙර දරන්නේ ඔහු පමණමද? ඔහුට තම දරුවන් සහ බිරිද නැවත දැකගන්නට ලැබේවිද? එතකොට කවුද මේ දකුණු අප්‍රිකානුවා? ඉතින් මේ සියල්ලටම පිළිතුරු සොයාගන්න වෙන්නෙ ඕගොල්ලො මේ කතාව නැරඹුවායින් පස්සෙ. අනික් දේ තමයි මේ කතාවෙ ගොඩක් දේවල් මග හැරල බොහොම සුළුවෙන් තමයි මම මේ හැදින්වීම ඕගොල්ලන්ට ඉදිරිපත් කලේ. මොකද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම රසවිදින්න ඕගොල්ලනට නොහැකි වෙන නිසා. අනික් දේ තමයි මේ කතාව තුල දුක, සතුට,ආදරය,වෛරය,කුහ ත්වය, පළිගැනීම වගේ විවිධ සිතුවිලි වල සම්මිශ්‍රණයක් ගැබ් වෙලා තියෙනවා. ඒවගේම මෙහි පසුබිම් සංගීතයත් ඒ හැගීම් ඔප්නංවන්න ලබා දෙන්නේ ලොකු දායකත්වයක්. ඉතින් ඔස්කාර් සම්මාන ඇතුලු තවත් සම්මාන රාශියකින් පිදුම් ලබපු සහ IMDB දර්ශකයේ 8.0ක් වැනි ඉහල අගයක් ලබා ඇති මේ විශිෂ්ට සිනමා සිත්තම කලකට ඔබේ මතකයේ රැදෙනු ඇති බව නොඅනුමානයි






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Iujazz (http://www.zoom.lk/forums/member.php?u=4328) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-05-2012, 04:44 PM
මැක්ස ෆිල්ම් එකක්.... තෑන්ක්ස්

Udara|රොකියා
06-05-2012, 04:48 PM
මේක මම බලපු විශිෂ්ටම ගනයේ සිනමා නිර්මාණයක්. අප්‍රිකාවේ මිනිස්සුන්ගේ ජීවිත ගැන නොදන්නා පැත්තක මම දැනගත්තේ මේ චිත්‍රපටය නැරබුවට පසුවයි. එ වගේම කියන්න ඕනේ මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් තැනුණු චිත්‍රපටයක්. මේ තියෙන්නේ CNN (http://money.cnn.com/magazines/fortune/fortune_archive/2006/12/11/8395442/index.htm) පුවත් සේවය මෙහි සත්‍ය තත්වය ගැන කල පැහැදිලි කිරීමක්. එ වගේම මෙයින් දැකගන්න පුළුවන් තමන්ගේ බිමේ තියෙන දියමන්ති සුදු මිනිසුන් කොහොමද ඩැහැ ගන්නේ කියලා. මගේ චිත්‍රපට එකතුවේ අසාවෙන් සහ සුරක්ෂිතව තියාගෙන ඉන්න චිත්‍රපට වලින් එකක් මේක. Iujazz ට ස්තූතිවන්ත වෙනවා මෙවැනි සිනමා නිර්මයක් හුදෙක් ලාංකීය ප්‍රේක්ෂකයින් හමුවට සිංහල උපසිරැසි සමඟින්ම රැගෙන ආවට. ජය වේවා !

පොඩ්ඩා
06-05-2012, 05:31 PM
ඔන්න එහෙනම් මමත් ගත්තා.

udithshan
06-05-2012, 07:05 PM
මරු මචන්. ඩවුන්ෙලා්ඩ් කරන් බලන්න ඔන

Anushiz
06-05-2012, 07:09 PM
මේක හොදයි කියලා මම දැක්කා ඔයාලා ත්‍රේඩ් වලත් කියලා තිබ්බා.
එත් අරන් බලන්න බැරි උනා.දැන් එහෙනම් අරන් බලන්නම් ස්තුතියි

Castiel
06-05-2012, 07:12 PM
ස්තූතියි උපසිරැසියට

harsha0101
06-05-2012, 07:14 PM
thanks

Dokolla
06-05-2012, 07:28 PM
ela machan,... meka patta movie eka

Punisher
06-05-2012, 07:54 PM
මේක නම් බලන්න ඕන ආපහු

Demax
06-05-2012, 08:09 PM
patta machan niyamai :clap:

ips
06-05-2012, 09:23 PM
Thanks bro...

Zen
06-05-2012, 10:24 PM
වටින චිත්‍රපටියකට උපසිරැසි දුන්න එක නම් ගොඩක් වටිනවා තව අලුත් චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.

sudu pusa
06-05-2012, 10:48 PM
ෆිල්ම් එකනම් බලල ගොඩක් කල්
ආය බලනව දැන් සබ් එක්ක :thumbsup:

tharaka
06-06-2012, 01:48 AM
නියමයි.
ගොඩක් ස්තූතියි සහෝ.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
ජයවේවා

*maheshi*
06-06-2012, 08:47 AM
:thumbsup::thumbsup:

copper
06-06-2012, 10:33 AM
:14_002::14_002::40_002:

SobakaLisa
06-19-2012, 01:43 PM
ищу русский цифровой звук Blood diamond DTS/DD

sampathpg
06-19-2012, 03:18 PM
aran balanna ona....

sujeewa
06-19-2012, 06:10 PM
මැක්ස ෆිල්ම් එකක්.... තෑන්ක්ස්