PDA

View Full Version : Headhunters (2011) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-14-2012, 07:57 PM
Headhunters (2011) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=136)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=136))



http://www.zoom.lk/forums/downloads/subs/headhunters/HEADHUNTERS2.jpg
ඔන්න ඉතිං හැමෝටම ආයුබෝවන් කියල මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි මේ හදන්නේ. මේක මම Zoom.lk සයිබර් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය කරන මගේ 10 වෙනි නිර්මාණය. ඒකෙදි වෙනසක් කරන්න ඕනේ නිසා අපේ HEDZ මට බාරදුන්න මැක්සම මැක්සා නොර්වීජියානු චිත්‍රපටියක් තමයි ගෙනාවේ. මේකේදී මම උපසිරැසි යෙදීමට හසිතා මහේෂි කපුගමගේ සහෝදරියගේ දායකත්වයත් ලබා ගත්තා. මේක මම අපේ උපසිරැසි කණ්ඩායමේ තව කෙනෙක් එක්ක එකතු වෙලා කරන පළවෙනි නිර්මාණය. චිත්‍රපටියෙන් බාගයකට උපසිරැසි යොදලා ලබාදුන්න සහයෝගයට මහේෂිට මගේ අවංක ස්තූතිය පිරිනමනවා.මේ චිත්‍රපටියේ IMdb Rating7.5/10 (http://www.imdb.com/title/tt1614989/)ක ඉතා ඉහල අගයක් අරගෙන තියෙනවා.

දැන් ඉතින් අපේ විස්තර ඇතිනේ ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) සහ *maheshi* (http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-14-2012, 08:08 PM
ආ නියම දෙන්නෙක්නේ සබ් දාලා තියෙන්නේ.අරන් බලන්න ඕන ෆිල්ම් එක කොහොමදැයි කියලා.
තැන්ක්ස් දෙන්නටම

මරු හිරා
06-14-2012, 08:27 PM
ela maruuuz

anushanga
06-14-2012, 08:28 PM
නියමයි නියමයි. sub 1ක දුන්න හමෝටම පින්

Amila
06-14-2012, 08:30 PM
thanks dennatama

Zen
06-14-2012, 08:48 PM
සූරංග ඉදලා ඉදලා අරන් එන්නේ සුපිරි ගනයේ චිත්‍රපටි තමයි.Safe house එහෙමත් නියම කතාව.
මේකත් ඒ වගේම ඇති.ඔන්න අරගන්නවා

Udara|රොකියා
06-14-2012, 09:04 PM
ස්තුතියි දෙන්නටම

CREATIVEN
06-14-2012, 09:15 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

sanjewa87
06-14-2012, 11:03 PM
එල එල මේක ඩවුන්ලොඩ් කරන ගමන් :yes:

tharaka
06-15-2012, 12:38 AM
ස්තූතියි මචෝ. තවත් සුපිරි වැඩක් ඉක්මනින්ම.
තවත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා!
ජයවේවා!

අමතකවුනානේ.... මහේෂිත් උදව්කරලනේ,
දෙන්නටම ගොඩක් ස්තූතියි.

පොඩ්ඩා
06-15-2012, 07:51 AM
දැන් ෆිල්ම් දෙන විදියට බාන්නයි බලන්නයිතමයි වෙලාවක් නැත්තේ.හැමදාම අලුත් ෆිල්ම් ස් නේ.
බොහෝම ස්තුතියි දෙන්නම මහන්සිවෙලා සබ් දුන්නට.

Castiel
06-15-2012, 08:44 AM
දෙන්නගේම මහන්සිය අගය කරනවා... ස්තූතියි,

sujeewa
06-15-2012, 05:46 PM
තැන්ක්ස් දෙන්නටම