PDA

View Full Version : Wall-E [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-23-2012, 12:27 PM
Wall-E [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=142)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=142))


http://www.zoom.lk/forums/downloads/subs/WALL-E/WALL-E2.jpg
ලගදි මට බලන්න හම්බුන ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න හිතුනා.ත්‍රිමාණ සජිවිකරන කාටුන් වලට කවුරුත් වැඩිය උපසිරැසි දෙන්න පෙළබෙන්නේ නෑ.එත් මම දැක්කා අපේ සූම් එකේ යාලුවෝ කිප දෙනෙක්ම පරණ ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දිලා තිබුනා.ඉතින් මටත් හිතුනා ලස්සන කතාවකට උපසිරැසි එකක් දෙන්න.වැඩි විස්තර නැතුව මම මේකේ කතාවේ සාරංශය පොඩ්ඩක් කියන්නම්.මේක IMDB හි 8.5ක (http://www.imdb.com/title/tt0910970/) ඉතා විශාල ප්‍රතිචාරයක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙන වනේ චිත්‍රපටිය කොච්චර ලස්සන එකක්ද කියලා.මේකෙ කතාව ලියලා වගේම
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Toy-story කතා මාලාවත්,Up,Ratatouille ,Monsters, Inc.,Finding Nemo ,John Carter,A Bug's Life වගේ ලෝක ප්‍රසිද්ධ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටි ලියපු, අධ්‍යක්ෂණය කරපු සුප්‍රසිද්ධ Andrew Stanton (http://www.imdb.com/name/nm0004056/).

WALL-E (Waste Allocation Load Lifter – Earth Class) කියන්නෙ කෙටියෙන්ම කියපු කුණූ අයින් කරන පුංචි රොබෝ කෙනෙක්. මෙයාගෙ කතාව තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.මෙයා විතරයි මේ ලෝකෙටම ඉන්නෙ.නෑ,නෑ, එයා එක්ක තව චූටි යාළු කැරපොත්තෙක් ඉන්නවා.(කැරපොත්තො ලේසියෙන් විනාස වෙන්නෙ නෑ කියල අපි කවුරුත් දන්නවනෙ).මේ කතාව හදලා තියෙන්නෙ අනාගතේ වෙන්න ඉඩකඩ තියෙන සිද්ධියක් ගැන හිතලා.ඇත්තටම මේ කතාවෙ තියෙන විදියට ලෝකෙ විනාස වෙන්න බැරිත් නෑ.කොහොම වුනත් මේ පුංචි රොබෝ අතේ තමයි මුළු ලෝකෙම පැවැත්ම රැඳිලා තියෙන්න.හරිම සංවේදී කතාවක්.මම කලින් සඳහන් කරපු කතාවලින් එකක් හරි බැලුවානම්, මේ කතාව බලන්න කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ.පාඩුවක් වෙන්නෙ නෑ, අරගෙන බලන්න..

මේක පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්.එහෙනම් බලලා අදහසක් දාලා යන්න.අපි මහන්සිවෙලා උපසිරැසි දෙන එකේ අපිට තියන එකම සතුට ඔබගේ ප්‍රතිචාරය පමණක්ම නිසා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

SurangaWanni
06-23-2012, 12:45 PM
ස්තූතියි මහේෂි සබ් එකට.
පොඩ්ඩන්ට සබ් දෙන අයගෙන් ඔයා පළවෙනියනේ.
ජයවේවා.

මරු හිරා
06-23-2012, 12:49 PM
ජයවේවා.

CREATIVEN
06-23-2012, 12:50 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

CJA
06-23-2012, 12:55 PM
ස්තූතියි මහේෂි සහෝදරී.. ඇනිමේශන් එකකට සබ් දුන්න එක නම් ගොඩක් වටිනවා.. දිගටම මේ විදිහට සබ් දෙන්න..:thumbsup::thumbsup::thumbsup::th umbsup:

Punisher
06-23-2012, 12:55 PM
සිරාවටම අද බලන්න ෆිල්ම් එකක් නැතුව වස කම්මැලියේ හිටියේ.මේක නම් අද බලන්න පුලුවන් තැන්ක්ස් මාෂි ලස්සන ෆිල්ම් එකකට සබ් දුන්නට.

Naveen
06-23-2012, 01:15 PM
ස්තූතියි මහේෂි සබ් එකට

gamage
06-23-2012, 01:21 PM
thanks

Dilshan
06-23-2012, 01:35 PM
මරේ මරු කිව්වලු

Anushiz
06-23-2012, 01:43 PM
ඔයාලා දෙන චිත්‍රපටි නම් ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔයාලගේ පරිවර්තන කිරිමුත් හැම එකටම වඩා ලස්සනයි. :yes: :yes: මේ ෆිල්ම් එක බලලා තිබුනේ නෑ එත් ඔයාලා දුන්නම බලන්නේ නැතුව ඉන්නේ නෑ නේ.තවත් ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දෙන්න.ඔයාලා තමයි හොදම උපසිරැසි දෙන කට්ටිය,තව හොදම ලස්සන චිත්‍රපටි දෙන කට්ටිය. :yes::yes:

Udara|රොකියා
06-23-2012, 02:09 PM
මහේෂිට කියන්න අමතක වෙන්න ඇති මේ චිත්‍රපටය දැනට ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 57 වැනි තැනයි තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයකට ලේබෙන්න ඕනේ වටිනාම සම්මානය වන ඔස්කාර් සම්මානයද මෙම චිත්‍රපටයට ලැබිල තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂක වන ඔස්කා සම්මාන ලාබී Andrew Stanton තමයි ලොව පුරා ඉමහත් ජනප්‍රිය වුනු John Carter, Toy Story 1 2 3 4, Finding Nemo, චිත්‍රපටි රැසක් ලොවට දායාද කරල තියෙන්නේ. ඉතින් කවදත් වගේ අර්ථාන්විත උපසිරැසි ලබාදෙන සූම් උපසිරැසි කණ්ඩායමට ජය වගේම මහේශිටත් ස්තුතියි මෙවැනි සුපිරි නිර්මාණයකට උපසිරැසි ලබාදීම පිළිබඳව. ජය වේවා !

ips
06-23-2012, 02:54 PM
Thnx........

ips
06-23-2012, 03:13 PM
Andrew Stanton ගේ Film එකක් නම් ඉතින් අහන්න දෙයක් නැ....:cool::cool:

Castiel
06-23-2012, 06:43 PM
ස්තූතියි උපසිරැසියට...

Zen
06-23-2012, 07:03 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

AselaAsanka
06-23-2012, 07:11 PM
නියමයි ආ මහේෂි .......... ►

captain_haddock
06-23-2012, 07:28 PM
එල එල ස්තුතියි කිව්වා...
ඔන්න එහෙනම් කට්ටියටම පින්සිද්ද වෙන්න ෆිල්ම් එක බානෝ...
:thumbsup::thumbsup:

copper
06-23-2012, 08:16 PM
මාෂි ගේමට බැස්සා විතරයි සට සට ගලා ෆිල්ම් දෙනවනේ ලොවෙත් නැති වෙන්න.

sanjewa87
06-23-2012, 11:57 PM
:clap::clap::clap::clap:

tharaka
06-24-2012, 12:27 AM
කෙල්ලෝ දෙන්නත් ගේම අතහරින්නේ නැහැ නේද?
දිගට හරහට සබ් දෙනවනේ.
හුග දවසකින් ඇනිමේෂන් එකක් බැලුවේ නැහැ.
අපි තරුන කොල්ලෝ වුණාට තාම පොඩි උන් වගේ කාටූන් ඇනිමේෂන් බලනවා.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් එකක් දෙන්න ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා!

*maheshi*
06-24-2012, 08:32 AM
මහේෂිට කියන්න අමතක වෙන්න ඇති මේ චිත්‍රපටය දැනට ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 57 වැනි තැනයි තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයකට ලේබෙන්න ඕනේ වටිනාම සම්මානය වන ඔස්කාර් සම්මානයද මෙම චිත්‍රපටයට ලැබිල තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂක වන ඔස්කා සම්මාන ලාබී Andrew Stanton තමයි ලොව පුරා ඉමහත් ජනප්‍රිය වුනු John Carter, Toy Story 1 2 3 4, Finding Nemo, චිත්‍රපටි රැසක් ලොවට දායාද කරල තියෙන්නේ. ඉතින් කවදත් වගේ අර්ථාන්විත උපසිරැසි ලබාදෙන සූම් උපසිරැසි කණ්ඩායමට ජය වගේම මහේශිටත් ස්තුතියි මෙවැනි සුපිරි නිර්මාණයකට උපසිරැසි ලබාදීම පිළිබඳව. ජය වේවා !

ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 57 වැනි ස්ථානය තියනවා කියන එක නම් දැනන් හිටියේ නෑ.එකත් මතක් කරපු එක හොදයි...




බොහෝම ස්තුතියි හැමෝගෙම අදහස් වලට

Viraj_rox
06-25-2012, 10:59 PM
නියම ෆිල්ම් එකක් සබ් එකටයි ෆිල්ම් එක ගැන කිව්ව එකයි නම් වටිනවා