PDA

View Full Version : Desi Boyz[2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-23-2012, 08:54 PM
Desi Boyz[2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=143)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=143))



http://www.zoom.lk/forums/downloads/subs/desiboyz/desi3.jpg
ඔන්න මමත් මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම හදුන්වාදෙන්නයි හදන්නේ. මේක පට්ට හින්දි ෆිල්ම් එකක්. මොකද, කවුරුත් දන්නවනේ අක්ශේ කුමාර් රගපාන ෆිල්ම්ස් කොමඩි කියල.චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට ටිකක් කල් ගියා. අක්ශේ කුමාර් (ජෙරී), ජෝන් ඒබ්‍රහම් (නික්), දීපිකා පදුකෝන් (රාධිකා), සහ සංජය දත් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය IMDB රේටින් වල 5.5ක (http://www.imdb.com/title/tt1985981/)අගයක් අරං තියෙනවා.

කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. ජෙරී සහ නික් ජිවත්වන රට ආර්ථික අවපාතයකට ලක්ව ඇති නිසා ගොඩක් අයට රස්සා නැති වෙනවා. මේ දෙන්නත් ඒ ගොඩේ ඉන්නවා. මේ අතරේ ජෙරිගේ මියගිය සහෝදරියගේ පුතාගේ භාරකාරත්වය ලබාගන්න ජෙරිට ඕනේ වෙනවා. නමුත් රස්සාවල් නැතුව කොහොමද ළමයෙක් නඩත්තු කරන්නේ? රාධිකා නම් පොළොවේ පය ගහල යන කෙනෙක් නෙමේ. එයා හොයන්නේ අංග සම්පුර්ණ ජිවිතයක්.

යන එන මං නැතුව ඉන්න මේ දෙන්නගේ ජිවිත වලට කොහොමද සංජය දත්ගේ ඩේසි බෝයි කොම්පැනිය බලපාන්නේ? මෙයාල කොහොමද අභියෝග ජයගන්නේ? ජෙරිට ළමයාගේ අයිතිය ලැබෙයිද? ඒවගේම නික් සහ රාධිකා සෙට් වෙයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති, පළමු උපසිරැසි ගන්වීමනේ. ඒවට සමාව භාජනය කරන ගමන් කොමෙන්ට්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරැසි ගැන්වීමක් තුලින් හමුවෙමු. ජය වේවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසිරු මධුක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-23-2012, 09:02 PM
ela ela thanks wewa.!

Punisher
06-23-2012, 09:05 PM
දෙනවයි කියලා මෙහෙමත් ෆිල්ම් දෙනවද? නියමම නියමයිනේ..අලුත් යාලුවෙක් සබ් දාන්න පටන් අරන් වගේ.එකත් හොද හින්දි ෆිල්ම් එකකින්ම.තවත් එකකට උපසිරැසි දෙයි කියලා හිතනවා

copper
06-23-2012, 09:07 PM
සූම් එකේ සබ් දාන කොල්ලෝ දක්ෂයෝ කියන්නේ බොරුවටද පට්ට ෆිල්ම් දෙකතුනක්ම එක දවසේ..යසිරු මධුක යාලුවට බොහෝම ස්තුතියි.

පොඩ්ඩා
06-23-2012, 09:45 PM
නියම දෙන්නෙක් නේ ඉන්නේ.අනික ආක්ෂේ ඉන්නවා නම් සුපිරි කොමඩි ෆිල්ම් එකක් වෙන්න ඇති.අනිවා බාන්න ඕන.

CJA
06-23-2012, 09:47 PM
අඩේ මෙහෙමත් දෙනවද ඇත්තටම, පිස්සු කොල්ලෙක්නෙ, එල එල ඔය පටන් අරන් තියෙන්නෙ හින්දි පහරකින්ම.. දිගටම වැඩේ කරගෙන යමු.. ජයවේවා.. :clap::clap::clap::clap:

Viraj_rox
06-23-2012, 09:54 PM
downloading....

Naveen
06-23-2012, 09:55 PM
මම මේ ‍ෆිල්ම් එක බලලා තියෙනවා,නියම ‍ෆිල්ම් එක,ආයිමත් සිංහලෙන්ම බලන්න පුළුවන්,ස්තූතියි සිංහල උපසි‍රැසි වලට.ජයවේවා!!

Dilshan
06-23-2012, 10:18 PM
මේක බලන්න හිතුවත් කලින් සබ් තිබුනේ නැති නිසා ඔහේ හිටියා.දැන් නම් යසිරු සහෝදරයට පිංසිංද්ද වෙන්න සිංහලෙන්ම මේක බලන්න පුලුවන්..තැන්ක්ස් මචන්

Zen
06-23-2012, 10:52 PM
:thumbsup::thumbsup:

sanjewa87
06-23-2012, 11:56 PM
:40_002::40_002:

tharaka
06-24-2012, 12:21 AM
සිංහල සබ් තියෙනවනම් හින්දි ෆිල්ම් අනිවාර්‍යන්ම බලනවා.
අලුත් යාළුවෙක් නේද ? ZOOM එකට සාදරයෙන් පිළිගන්නවා.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉකමනින්ම සබ් එකක් දෙමු නේද?
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා!

CREATIVEN
06-24-2012, 08:28 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

*maheshi*
06-24-2012, 08:31 AM
ලස්සන හින්දි චිත්‍රපටියකින්ම පලවෙනි උපසිරැසි එක පටන් ගත්ත එක නම් හුගක් හොදයි.
තව ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා තරනවා.ස්තුතියි.මේක අරන් බලන්නම්

SurangaWanni
06-24-2012, 10:33 AM
මමත් මේක බලන්නේ නැතුව හිටියේ කවුරු හරි සබ් දෙයි කියල හිතලයි.
කොහොම උනත් අපේ සබ් ටීම් එකට අළුතෙන්ම ආපු යාළුවෙක් මේක
දීපු එකට ස්තූති කරන ගමන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න
සුභ පතනවා. ජයවේවා යසිරු!!!!

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

TharinduFox
06-24-2012, 03:59 PM
1st film ekama niyama ekak ne

Diga
06-24-2012, 10:52 PM
:cool:

Mal Baba
06-25-2012, 12:04 AM
Onna Mama Down Wenna Demma
Thanks Wewa

ips
06-25-2012, 02:40 PM
thnx...

Castiel
06-25-2012, 06:58 PM
ස්තූතියි උපසිරැසියට,

sujeewa
06-25-2012, 09:26 PM
ela ela thanks