PDA

View Full Version : Coming Soon [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-26-2012, 08:46 AM
Coming Soon [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=145)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=145))

http://www.zoom.lk/forums/downloads/subs/comingsoon/comingsoon.jpg

මගේ 9 වන උපසි‍රැසිය ලෙස අරගෙන ආවේ තායි Horror චිත්‍රපටියක්.Shutter (http://www.zoom.lk/forums/media.php?do=details&mid=87),Alone,4bia (http://www.zoom.lk/forums/media.php?do=details&mid=84) වැනි හොල්මන් චිත්‍රපට නිෂ්පාදනය කරපු අයගේ ඊළග චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුලුවන්.හොලිවුඩ් චිත්‍රපටවලට වඩා තායි චිත්‍රපටවල මනා තාත්වික බවක් අපට දකින්න පුළුවන් වීම විශේෂත්වයකි .මේ ‍ෆිල්ම් එක බාගෙන දැන් ගොඩක් කල් වෙනවා,හැබැයි ‍ෆිල්ම් එක බලන්න හම්බුණෙනම් ලගදි,ඔන්න බලලා ‍ෆිල්ම් එක හොද නිසා සිංහල උපසි‍රැසි සමගම මම අරගෙන ආවා.දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. චබා කියන්නේ උමතු වූ ගැහැණියක්,ඇය ගමේ ඉන්න ළමුන්ව පැහැරගෙන ඔවුන්ගේ ඇස් උගුල්ලලා දානවා,එක දවසක චබාගේ නවාතැනට ගමේ අය පැනලා ළමයින්ව බේරගෙන චබාව මරන්න එල්ලනවා.චබාගේ කතාව ඇතුළත් චිත්‍රපටයක් යම් කිසි කණ්ඩායමක් විසින් නිර්මාණය කරනවා.මේ චිත්‍රපටයේ චබාගේ චරිතය රගදක්වන්නේ ඉන්ග්චෑන් කියලා නිලියක්,නිෂ්පාදක කණ්ඩායම අතින් සිදුවූ අත්වැ‍රැද්දක් නිසා ඉන්ග්චෑන් මරණයට පත්වෙනවා,ඔවුන් නිර්මාණය කරපු චිත්‍රපටිය ඔවුන්ට මෙන්ම එරට ප්‍රේක්ෂකයන්ටද බලන්න පුළුවන් වෙයිද? බලලා යහතින් ඉන්න හැකිවෙයිද? චබා ද මියගිහින් ඇත්තේ චබාගේ චරිතය රගපාන ඉන්ග්චෑන් ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ චිත්‍රපටිය ඔබටත් නරඹන්න වෙනවා.

මෙහි සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 95යි.IMDb Ratings වල 6.1/10 (http://www.imdb.com/title/tt1307057/) අගයක් මෙය ලබාගෙන තියෙනවා. එක දෙයක් කියන්න තියෙනවා,මේ ‍ෆිල්ම් එක බලද්දි නම් තනියෙන් එහෙම බලන්න එපා.(විශේෂයෙන් හදිසි කම්පන හා ඉක්මනින් හිත සසල වන පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න.) ‍ෆිල්ම් එක බලලා හොද නරක කියන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.තවත් චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.ඔබට සුභ දවසක්.

සැ.යු - චිත්‍රපටයේ එන චරිතවල නම් වෙන් කර හදුනාගැනීමේ පහසුව තකා එම නම් ඉංග්‍රිසියෙන්ම දමා ඇති බව සලකන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-26-2012, 09:04 AM
PHOBIA 2 එක අපේ රොකියා සබ් දිපු නිසා බැලුවා.එකත් මරු ෆිල්ම් එක.ඒක හදපු අය නම් හැදුවේ ඉතින් මේකත් සුපිරිම තමයි නේ.කාලේකින් බය උනේ නෑ.අනික හොරර් ෆිල්ම් රෑට බලන කොට තමයි ජොලිය.මේක අරන් රෑට බලන්න ඕන.අපිබ බය කලාට ස්තුතියි හොදේ. :D 10 වෙනි සබ් එක නියමම එකකට දෙන්න.

Udara|රොකියා
06-26-2012, 09:26 AM
තායි හොරර් ෆිල්ම් නම් අතාරින්නෙ නෑ මම නම්. මේක මටත් මග හැරුණු චිත්‍රපටයක්.
තව හොඳ චිත්‍රපටයකට ඉක්මනටම සබ් දෙන්න ලැබේවා!

Hash
06-26-2012, 09:45 AM
නියමයි යාලුවා මේක අරන් බලන්නම් මම

TharinduFox
06-26-2012, 10:31 AM
නියම ෆිල්ම් එකක් පාටයි.අරන් බලන්න ඕන.තැන්ක්ස් මචා සබ් එකට

sanjewa87
06-26-2012, 12:28 PM
කාලේකින් හොද හොල්මන් එකක් බැලුවේ නැ.මේක බලමුකෝ එහෙනම්

මරු හිරා
06-26-2012, 04:13 PM
ela ela machan..thanks

Amila
06-26-2012, 06:42 PM
patta ne aniwa mama nam banawa.jayawewa

CREATIVEN
06-26-2012, 07:21 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap: