PDA

View Full Version : Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-11-2012, 08:03 PM
Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=156)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=156))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg
හුඟ දෙනෙක් අහල තිබුන දෙයක් තමයි සූම් එකෙන් අපිට ටි.වී සීරියස් වලට උපසිරැසි දෙන්නේ නැද්ද කියල. ඒක නිසා තමයි අපි පසුගිය දවස්වල ත්‍රෙඩ් එකක් මාර්ගයෙන් ඔබෙන් ඒ ගැන අදහස් විමසා තිබුනේ. නමුත් අපි ලබාදෙන්න ගිය හුඟක් ටෙලි කතා හුඟ දෙනෙක් එවකටත් නරබා අවසන් වෙලයි තිබුනේ. ඒ නිසා තමයි අපි හොඳ කතා මාලාවක් පමිනෙනකල් ඉවසල හිටියේ. දැනට අන්තර්ජාලය හරහා ටී.වී සීරියස් සඳහා උපසිරැසි ලබාදෙන අඩවි තිබුනත්, එම උපසිරැසි ලබාදෙන උපසිරැසි නිර්මාපකයින්ගේ කාර්යබහුලත්වයත් සමඟ අලුත් කොටසක උපසිරැසි ලබාදෙන්න සැහෙන්න වෙලාවක් ලබාගන්නවා. නමුත් zoom.lk උපසිරැසි කණ්ඩායමේ සාමුහික වැඩක් ලෙස සූම් තුලින් අපි සෑම සතියකම බදාදා දිනයේදී කෙසේ හෝ මේ ටෙලි නාට්‍ය මාලාවට අදාල කොටසට සිංහල උපසිරැසි ලබාදෙන්න ඔබට පොරොන්දු වෙනවා. එය HEDZ සමඟ මම ඇතිකරගත්ත එකඟතාවයක්.

දැන් බලමු අපි උපසිරැසි ලබාදෙන්න හදන කතා මාලාව ගැන. මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන "සිම්බෑඩ්" ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky|TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. මෙහි මුල් කොටස පුංචි තිරයේ දර්ශනය කිරීම් ඇරඹුවේ මේ මස (ජූලි) 7 වෙනි සෙනසුරාදයි. දැනට කොටස් 13 ක පමණ රූපගත කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා. මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු (හොලිවුඩ්) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් ටෙලි කතාවකනම් දාවන කාලය වෙන්නේ විනාඩි 45ක් වගෙයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල. එහෙනම් කතාව නරබන්න කියල ඇරයුම් කරන ගමන් අපේ මේ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි ලබාදීමේ ප්‍රථම වෑයම ගැන ඔබට හිතෙන දේ අකුරු කරලා යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලට උපසිරැසි ලබාදීම තීරණය වන්නේ හුදෙක්ම ඔබේ නිදහස් අදහස් මතයි. ඒ වගේම මේ අදහස රැගෙන ආ අපේ ඇඩ්මින වන HEDZ හටත් ස්තූති වන්ත වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් සමඟ ලබන සතියේ හමු වෙමු !





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
07-11-2012, 08:12 PM
Thankxx

Punisher
07-11-2012, 08:12 PM
ඉදලා ඉදලා ටිවි සිරිස් එකකුත් එහෙනම් දුන්නා නේද එකත් අලුත්ම අලුත් එකක්...මේ දැන්ම බානවෝ දැන්ම බානවා.

sts
07-11-2012, 08:13 PM
:yes::yes::yes:

MANJU
07-11-2012, 08:13 PM
ඔන්න ලොක්කා මම ආවා

MANJU
07-11-2012, 08:15 PM
මම ඔන්න පොඩි ප්‍රචාරක වියාපාරයක් ගෙනගියා වැඩේට රෙකි අයියගේ ෆට්ටයි හොදේ මාම අනිව බායි බටත් ලිනා බලත ඇහැකි

CJA
07-11-2012, 08:16 PM
පට්ටනෙ, කොහොම ස්තූති කරන්නද මංදා, එල සහෝ, එලම කිරි.. ජයවේවා.. :thumbsup::40_002::clap:

copper
07-11-2012, 08:18 PM
මරේ මරු නේ!!!! දැන් ඉතින් මේකත් කොපි කරලා දායිද දන්නේ නෑ.සැලෙන්න එපා.අපි ඉතින් හැමදාම අලුත් වැඩක් කලානේ.
නියමයි මචෝ!! මේක ගන්නම්.අලුත්ම එකක් නේ.

ajitha
07-11-2012, 08:18 PM
wow......ela.....patta

Udara|රොකියා
07-11-2012, 08:22 PM
මම ඔන්න පොඩි ප්‍රචාරක වියාපාරයක් ගෙනගියා වැඩේට රෙකි අයියගේ ෆට්ටයි හොදේ මාම අනිව බායි බටත් ලිනා බලත ඇහැකි

පබ්ලිසිටියට සාදර අනුග්‍රහය මංජු සනා ගෙනි

sujeewa
07-11-2012, 08:22 PM
දලා ඉදලා ටිවි සිරිස් එකකුත් එහෙනම් දුන්නා නේද Thanks

Rajitha_RN
07-11-2012, 08:25 PM
අලුත් වැඩේට මගෙන් සුභපැතුම්. එළකිරි.දිගටම දෙන්න.ජයවේවා සූම්..දිනේවා..දිනේව ..

Castiel
07-11-2012, 08:27 PM
එළ එළ රොකියෝ ඟුඩ් ලක්,

MANJU
07-11-2012, 08:36 PM
පබ්ලිසිටියට සාදර අනුග්‍රහය මංජු සනා ගෙනි



සූම්... සිංහල උපසිරසි ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් ලියූ වගනම්

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg

Sinbad (TV Series 2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/showthread.php?t=4170)

ඔබ අංක එක බව යලිත් තහවුරු කර හමාරයි

Hash
07-11-2012, 08:41 PM
ටිවිසිරිස් දෙන්න ගත්ත එක නම් මැක්සාම මැක්සා

Amila
07-11-2012, 08:44 PM
ඉදලා ඉදලා මේ කරලා තියෙන්නේ පට්ටම පට්ට වැඩක්.දැන් ඉතින් වෙන සයිට් කැලේ...
සූම් එකෙන් ටිවි සබ් වලටත් අත ගැහුවා එහෙනම්!

chinthaka100
07-11-2012, 09:03 PM
අලුත්ම ඒවාම විතරක් නෙමෙයි ..... පුලුවන්නම් පරණ වුනත් ඉස්තරම් ඹෂින්, fullhouse... etc..
ඒවට සබ් දන්න විදියක් නැද්ද

gamage
07-11-2012, 09:04 PM
නියමයි කියන්න වචන නෑ සුපිරි වැඩක් කියලා කියන්නම්

මරු හිරා
07-11-2012, 09:04 PM
eleth ela supirima thama ehenam

PASANJAYASINGHE
07-11-2012, 09:08 PM
Wonderful........
කියන්න වචන නැති තරම් සතුටුයි.....
ඔය හැමෝටම ගොඩක් ගොඩක් thanks.........
Good luck all of you.

Zen
07-11-2012, 09:10 PM
ටිවිසිරිස් එහෙනම් දැන එක දිගටම අපිට බලන්න පුලුවන් වේවි නේද තේරෙන සිංහලෙන්

Angel_senuri
07-11-2012, 09:10 PM
Nice startup Udara. mehema wadak patan gaththa eka aththatama hodai.Meka continue karagena yanna. Me season eka me lagadi neda awe? Super duper wrk!! Excellent!!!

CREATIVEN
07-11-2012, 09:16 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

CREATIVEN
07-11-2012, 09:21 PM
http://www.imdb.com/title/tt1979918/
මේකද_ඔය...?

sanjewa87
07-11-2012, 09:28 PM
මමත් මේ ගන්නවා ඔන්න

Udara|රොකියා
07-11-2012, 09:30 PM
http://www.imdb.com/title/tt1979918/
මේකද_ඔය...?


ඔවු. තාම පෙන්නලා තියෙන්නේ එක කොටසක් විතරක් නිසා රේටින් දාල නෑ.

CREATIVEN
07-11-2012, 09:34 PM
ඔවු. තාම පෙන්නලා තියෙන්නේ එක කොටසක් විතරක් නිසා රේටින් දාල නෑ.

එල..ඒත්_මම_බැලුව
_තවම_රිලීස්වෙලා_නෑ_ ියල_දාපුනිසා..:yes:
Not yet released

නියම_වැඩක්_යාලු_ජය_ ේවා

Gecko
07-11-2012, 09:59 PM
මරු වැඩක් මචන් දිගටම දාන්න

Shenali
07-11-2012, 10:03 PM
ටිවි සිරිස් දාන්නේ නැති එක විතරයි පොඩි අඩුවකට තිබ්බේ.මම හිතන්නේ දැන් ඒකත් හරි.මමත් මේක අරන් බලනවා මොකද මම ආස කරන චරිතයක් සින්බැඩ් කියන්නේ එයාගේ කතා පොත් වගේම ආව කානේ ගොඩක් එහෙමත් බලලා තියනවා.මේකත් ඒ නිසාම අරන් බලනවා :)

MANJU
07-11-2012, 10:28 PM
Nice startup Udara. mehema wadak patan gaththa eka aththatama hodai.Meka continue karagena yanna. Me season eka me lagadi neda awe? Super duper wrk!! Excellent!!!

මම ඉංගිරිසි මිස්ට කියල කියවගන්නං:shocked: අලි

පොඩ්ඩා
07-11-2012, 11:06 PM
නියමයි මම ආසම කරන විදියේ කතාවක් වගේ.බොහෝම ස්තුතියි මේවගේ නොබලපු ටිවි සිරිස් එකක් ගත්ත එක ගැන නම් ගොඩක් හොදයි... බොහෝමත්ම ස්තුතියි රොකියා.

දැන් ඔන්න බලන්නකෝ අනිත් අයත් මේක කොපි කරලා කවදාවත් නැතුව ටිවි සිරිස් වලටත් සබ් දෙන්න පටන් ගනි.හැම එකක්ම සූම් එකෙන් නේ දැන් කට්ටිය කොපි කරන්නේ.

tharaka
07-12-2012, 12:20 AM
නියමයි රොකියා. නියම වැඩක් පටන් අරන් තියෙන්නේ. අද එහෙනම් අළුත්ම දෙයක් Zoom එකෙන් කලා.
ගොඩක් ආඩම්බරයි. තවත් site වල tv series දෙනවා වගේ දෙන්න එපා.එතකොට tv series එපා වෙනවා
( එක කොටසක සබ් එක දීලා ඊළඟ එක දෙන්න මාසයක් විතර යනවා එතකොට කතාවත් අමතක වෙලා )
අපි දන්නවා Zoom එකෙන් කවදාවත්ම අතපසු කරන්නේ නැතුව කරගෙන යන බව.
නොවරදවාම හැම බදාදාවකම දෙන්න කට්ටිය ආශාවෙන් බලයි.තවත් ලස්සන tv series වලට වගේම ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා.

ඔයා බලපු ලඟදි ආව සබ් දාන්න හොඳ tv series තියෙනවනම් කියන්නකො, මටත් ආශාවක් තියෙනවා tv series එකකට සබ් දෙන්න,
tv series දෙක තුනක් දුන්නොත් හොඳ එකකට සබ් දාන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන්,
ජයවේවා.

1118lakmalkumara
07-12-2012, 12:20 AM
Ela thanks download wenna denmooooooooooooooo



MEkada ara ada re 8ta denawa kiwwe

vandort1
07-12-2012, 06:31 AM
udara me massege eka dakkot reply karanna mata terenne naha sinhala sub kohomada film ekata set karanne ane kiyala denna pz

vandort1
07-12-2012, 06:37 AM
mama zoom eke ena hama film ekakma balanawa habai sub natuwa mata terenna eka karanna sub ekka balanna udau karanna mamat asai comants karanna mama tama zoom ekata alut eth film okkoma aran balanawa sub natuwa idiriyedi sub ekka balanna balaporottu wenawa help me

ajitha
07-12-2012, 06:51 AM
film eke name (download kara mkv or avi name eka)ekai sub 2 eke name eka vidihata rename krpn. . .ethakota hari . . . .nethn oya gena thread ekak thbba eken blpn saho

Dokolla
07-12-2012, 07:42 AM
පිස්සු හැදෙයි කීවලු.. මට නම් දරාගන්න බැරි තරම් සතුටුයි.. zoom.lk එකට:thumbsup::thumbsup:යෙන් ජය..

SurangaWanni
07-12-2012, 08:17 AM
පට්ට පට පට කිවුවළු..................

නියමයි රොකියෝ. මම ඒත් බැළුවා මොකද ඉස්සර වගේ දිගටම ෆිල්ම් වලට සබ් දෙන්නේ නැතුව හිටියේ කියලා.

මේ තියෙන්නේ මැක්සාම මැක්සා වැඩක්.

වැඩේට සුබපතනවා.

පටන් ගත්ත වැඩේට මටත් සහයෝගයක් දෙන්න පුළුවන් වෙයි.

ඕනෑම උපකාරයක් මෙම ක්‍රියාදාමය වෙනුවෙන් කරන්නට පොරොන්දු වෙමින්

දැනට නවතින්නම් Zoom.lk දිනේවා!!!!!!!

ජය සහ සතුට............................

:thumbsup::thumbsup::thumbsup:


:51_002::51_002::51_002:

:clap::clap::clap::clap::clap:

911
07-12-2012, 08:20 AM
thanks.........
Good luck all of you.

*maheshi*
07-12-2012, 08:54 AM
කාලයක් ඉදන් කරන්න හිටපු වැඩක් රොකියා පටන් ගත්තා එහෙනම්.නියමයි මේක ගැන නම් දැනගෙනවත් හිටියේ නෑ
බලන්න කොහොමත් ටිවි සිරිස් එකක් නැතුව උන්නේ.මේක බලන්න පුලුවන් දැන්.

Udara|රොකියා
07-12-2012, 09:35 AM
udara me massege eka dakkot reply karanna mata terenne naha sinhala sub kohomada film ekata set karanne ane kiyala denna pz


mama zoom eke ena hama film ekakma balanawa habai sub natuwa mata terenna eka karanna sub ekka balanna udau karanna mamat asai comants karanna mama tama zoom ekata alut eth film okkoma aran balanawa sub natuwa idiriyedi sub ekka balanna balaporottu wenawa help me

ඔබ බාගත කරන උපසිරැසි ෆයිල් ගොනුවේ "Help" කියන ෆයිල් ඒකෙ අපි මේ ගැන දක්වා තියෙනවා. නමුත් ඔබ මෙතන අහපු නිසා උදවුවක් වශයෙන් නැවත කියන්නම්.

සෑම තිස්සෙම ඔබ බාගත කරන වීඩියෝ ගොනුවේ නම උපසිරැසි ගොනුවේ නමත් සමඟ ගැලපෙන්න ඕනේ. ඒ වගේම උපසිරැසි ෆයිල් ගොනු දෙකක් තියෙන්නේ ඕනේ (.idx සහ .sub) ඒ කියන්නේ උපසිරැසි එක්ක හරියට බලන්න ඔබට එම ෆෝල්ඩරය ඇතුලත ෆයිල් ගොබු තුනක් තියෙන්න ඕනේ . හරියට මේ වගේ . 1.) abc.idx, 2.) abc.sub, 3.) abc.avi / abc.mkv . බොහෝ විට ඔබ වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ ඩිරෙක් ලින්ක් වලින්නම් abc.mkv කියල හෝ ඩවුන්ලෝඩ් කරන්නේ ටොරන්ට් වලින්නම් abc.avi වගේ ෆයිල් එකක් එයි. ඔය හැම දෙයක්ම හරියට තියෙනවනම් උපසිරැසි හොඳින් දර්ශනය වෙන්න ඕනේ. තවමත් ඔබට එම ගැටලුව බලපනවානම් මේ සඳහා උදවු ත්‍රෙඩ් එකට හෝ මට PM එකක් මගින් හෝ දන්වන්න. අපි හැකි අයුරින් උදවු කරන්න.

Udara|රොකියා
07-12-2012, 09:39 AM
නියමයි රොකියා. නියම වැඩක් පටන් අරන් තියෙන්නේ. අද එහෙනම් අළුත්ම දෙයක් Zoom එකෙන් කලා.
ගොඩක් ආඩම්බරයි. තවත් site වල tv series දෙනවා වගේ දෙන්න එපා.එතකොට tv series එපා වෙනවා
( එක කොටසක සබ් එක දීලා ඊළඟ එක දෙන්න මාසයක් විතර යනවා එතකොට කතාවත් අමතක වෙලා )
අපි දන්නවා Zoom එකෙන් කවදාවත්ම අතපසු කරන්නේ නැතුව කරගෙන යන බව.
නොවරදවාම හැම බදාදාවකම දෙන්න කට්ටිය ආශාවෙන් බලයි.තවත් ලස්සන tv series වලට වගේම ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා.

ඔයා බලපු ලඟදි ආව සබ් දාන්න හොඳ tv series තියෙනවනම් කියන්නකො, මටත් ආශාවක් තියෙනවා tv series එකකට සබ් දෙන්න,
tv series දෙක තුනක් දුන්නොත් හොඳ එකකට සබ් දාන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන්,
ජයවේවා.

ඔවු හැම සතියෙම බදාදට තමයි දෙන්න ඉන්නේ. මම තව හොඳ tv series එකක් හම්බුනොත් කියන්නම්

Udara|රොකියා
07-12-2012, 09:41 AM
පට්ට පට පට කිවුවළු..................

නියමයි රොකියෝ. මම ඒත් බැළුවා මොකද ඉස්සර වගේ දිගටම ෆිල්ම් වලට සබ් දෙන්නේ නැතුව හිටියේ කියලා.

මේ තියෙන්නේ මැක්සාම මැක්සා වැඩක්.

වැඩේට සුබපතනවා.

පටන් ගත්ත වැඩේට මටත් සහයෝගයක් දෙන්න පුළුවන් වෙයි.

ඕනෑම උපකාරයක් මෙම ක්‍රියාදාමය වෙනුවෙන් කරන්නට පොරොන්දු වෙමින්

දැනට නවතින්නම් Zoom.lk දිනේවා!!!!!!!

ජය සහ සතුට............................

:thumbsup::thumbsup::thumbsup:


:51_002::51_002::51_002:

:clap::clap::clap::clap::clap:

අනිවාර්යෙන් සුරංග. මේක අපේ උපසිරැසි කණ්ඩායම එකතුවෙලා කරන වැඩක් නිසා ඔයාල හැම කෙනෙක්ගෙම උදවු ඉදිරියට බලාපොරොත්තු වෙනවා

Udara|රොකියා
07-12-2012, 09:42 AM
කාලයක් ඉදන් කරන්න හිටපු වැඩක් රොකියා පටන් ගත්තා එහෙනම්.නියමයි මේක ගැන නම් දැනගෙනවත් හිටියේ නෑ
බලන්න කොහොමත් ටිවි සිරිස් එකක් නැතුව උන්නේ.මේක බලන්න පුලුවන් දැන්.

ඉස්සරහට ඉතින් මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාලගෙත් උදවු අනිවාර්යෙන් ඕනේ වෙයි

RaviTH
07-12-2012, 10:32 AM
සිංහල උපසිරැසි කලාවේ තවත් අලුත් පිටුවක් උදාර සහෝදරයා සූම් එක්ක එකතු වෙලා පෙරලුවා වගේ.
හොදයි හොදයි ඩිරෙක්ට් ලින්ක් වැඩ කරන එකේ දැන්ම බාගන්න ඕන.
බොහෝම ස්තුතියි මචන්.

Mal Baba
07-12-2012, 11:05 AM
Maxza Tv Series Wedeth Patan Gaththa Ehenam

kasun sanjaya
07-12-2012, 11:42 AM
ela ela .:thumbsup::thumbsup::thumbsup:.kauru hare dana kanak enavana mata ART TV 1K YANA KYLE XY TV SERIES 1K DOWNLOAD KARAGANA LINK 1K DANAKO........

kickass
07-12-2012, 12:36 PM
ela ela
puluwannam kawru hari 720p direct link ekak dennakooooooooooo

TharinduFox
07-12-2012, 07:15 PM
නියමයි මෙන්න මේක විතරයි අඩුවට තිබ්බේ දැන් එකත් හරි!!! මචෝ අලුත් එවා වගේ හොද ටිවි සිරිස් වලටත් සබ් දිපල්ලා...
තැන්ක්ස් කොල්ලනේ