PDA

View Full Version : October Sky සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-12-2012, 05:55 PM
October Sky සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=157)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=157))



http://www.zoom.lk/forums/downloads/subs/october/octobersky.jpg
ඔන්න කට්ටියට මම ගෙනාවා මගේ පළවැනි උපසිරසි ගැන්වීම.ඒකට මම තෝරා ගත්තේ මම බලපු සුපිරිම ෆිල්ම් එකක්.octomber sky කියන්නේ ට්කක් අමුතුම විදිහේ චිත්‍රපටියක්.එක හදලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියවුනු "rocket boys" නවකතාව ඇසුරෙන්. ඇමරිකාවේ එක පිටිසර ගමක් තියනවා කොල්වුඩ් කියලා. ඇත්තටම එක ගමක් නෙවෙයි පතලක්. මෙහෙ ඉන්න හැමෝගෙම ඉරණම තමා මුළු ජීවිත කාලෙම මේ පතලට වෙලා ගල අඟුරු කඩන එක. එත් මේ නගරයේ හිටපු පොඩි කොල්ලෝ හතර දෙනෙක් මේ ඉරණම වෙනස් කර ගන්නවා. රුසියාව ස්පුට්නික් චන්ද්‍රිකාව අබ්යවකාශ ගතකිරීමත් සමගම මේ අයට රොකට් ගැන ආසාවක් ඇතිවෙනවා. නමුත් මේ නිසාම මේ අය ගමේ මිනිස්සුන්ගේ විහිළුවක් බවට පත් වෙනවා. ඉතුරු ටික කියනවාට වඩා හොඳයිනේ බලලම රසවිදින එක. මේක කොච්චර සුපිරිද කිව්වොත් imdb වර්ගීකරණය යටතේ 7.7 වැනි අගයක් ගන්න සමත්වෙලා තියන සම්මානලාබී චිත්‍රපටියක්.මෙහි රන්ගපානේ අපි කවුරුත් දන්න source code,prince of persia sands of time,zodiac,brokeback mountain,donnie darko,brothersවගේ ෆිල්ම් වල ප්‍රධාන චරිතය රගපාපු ජේක් ගිලන්හාල්. මේක shawshank redemption,saving private ryan වගේ සමකාලීන ඒවාට නොදෙවැනි ෆිල්ම් එකක්.ෆිල්ම් එක 1999 වුනාට මට මේ වෙනකල් මේවගේ අර්ථවත් චිත්‍රපටියක් හම්බුනේම නෑ. මේක ඔයාලා හමෝම බැලිය යුතු එකක් කිව්වොත් මම හරි. බැලුවට කිසිම පාඩුවක් වෙන එකක් නෑ.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවීන්ද්‍ර ශ්‍රී බණ්ඩාර තෙන්නකෝන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

MANJU
07-12-2012, 06:28 PM
අහ් තවත් එකක් බස්සල නේද ෆට්ටයි හොදේ

MANJU
07-12-2012, 06:30 PM
පලවෙනි වැඩේට අපෙන් සුබපැතුම් රවීන්ද්‍ර අයියට

පොඩ්ඩා
07-12-2012, 06:33 PM
මේක මම බැලුවා.මම මුලින් හිතුවේ අපෝ චාටර් එකක් කියලා පස්සේ බැලුවම තේරුනා මේක එක චිත්‍රපටියක් විතරක් නෙමෙයි කියලා.වෙනම වටින කතාවක් තියනවා කියලා..මේක බැලුවේ දැන් අවුරුදු 4කට 5කට කලින් සිඩි එකක.දැන් ඩවුන්ලොඩ් කරලා සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් වෙලා තියන එක නම් ලොකු දෙයක්.මේ වගේ වටික අනර්ඝ නිර්මාණ ගෙන එන්නේ සූම් එකෙන් විතරක් බව රහස් නෙමෙයිනේ. :):
උපසිරැසි දුන්න රවින්ද්‍ර තෙන්නකොන් යාලුවාටත් අනේක වාරයක් ස්තුතියි.තව ලස්සන චිත්‍රපටියක් උපසිරැසි එක්ක අරන් එවි යැයි සිතනවා. :yes:

CREATIVEN
07-12-2012, 06:44 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Udara|රොකියා
07-12-2012, 06:54 PM
ඔබ හොලිවුඩ් චිත්‍රපටි රසිකයෙක්නම් මේක නැරඹිය යුතුම චිත්‍රපටයක්. රවීන්ද්‍ර මේකේ හුඟක් විස්තර කියුවට එක දෙයක් කියන්න අමතක වෙලා වගේ. ඒ තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ගැන. ඔහුගේ නම "Joe Johnston". ඔහු ඔස්කාර් සම්මාන ලාභියෙක්. ඔහු තමයි ලොව පුරා මහත් ජනප්‍රිය වුනු Captain America: The First Avenger (2011) , Jurassic Park III , The Wolfman , Jumanji (1995), ඔබ ඔය චිත්‍රපටි එකක් හෝ බලල තියෙනවනම් මේ චිත්‍රපටය බලන එක අතහරින එකක් නෑ. මම බලපු ලස්සන සහ අමුතු ගනයේ සිනමා නිර්මාණයක්. උපසිරසිත් දීල තියෙන ඒකෙ තේරුම් ගන්නත් හුඟක් ලේසි වෙයි. මේ වගේ කලාත්මක චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නු "රවීන්ද්‍ර ශ්‍රී බණ්ඩාර" සොයුරාට ස්තූතියි෴

Udara|රොකියා
07-12-2012, 06:56 PM
ඇත්තටම zoom එකේ මේ වගේ උසස් නිර්මාණ රසවිඳින පිරිසක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි

sujeewa
07-12-2012, 07:00 PM
පලවෙනි වැඩේට අපෙන් සුබපැතුම් රවීන්ද්‍ර අයියට

Punisher
07-12-2012, 07:16 PM
පලවෙනි එකම ගින්දර ෆිල්ම් එකකටනේ දිලා තියෙන්නේ.කතා දෙකක් නෑ අනිවා අරන් බලනවා.
තව ලස්සන චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් එයි කියලා හිතනවා.බොහෝම ස්තුතියි.

MANJU
07-12-2012, 07:25 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

මාමෙ ගත්තයි මේක.....:):

මරු හිරා
07-12-2012, 07:53 PM
niyamayi fattama thanks

Naveen
07-12-2012, 08:16 PM
පලවෙනි උපසි‍රැසි නිර්මාණයට මගෙන් සුභ පැතුම් !!
මේක අනිවා අරන් බලනවා.
ස්තූතියි.

CJA
07-12-2012, 09:15 PM
niyamayi machax. patta film ekak wagea.. aniwaa baanawaa.. palawaeni upasiraesiyata suBapaethum..

RaviTH
07-12-2012, 10:54 PM
මේ වගේ තවත් සුපිරි එකකට උපසිරැසි දෙමු මචන්

1118lakmalkumara
07-13-2012, 12:10 AM
maxxxxxxa

tharaka
07-13-2012, 01:01 AM
මුලින්ම ZOOM උපසිරැසි අංශයට සාදරයෙන් පිළිගන්නවා.
ඒවගේම මුල්ම සබ් එකටත් මගෙන් සුභ පැතුම්.
පරණ එකක් වුණාට මම බලපු නැති එකක්.
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලටසබ් දෙන්න ලැබේවා.
ස්තූතියි.
ජයවේවා.

SurangaWanni
07-13-2012, 08:06 AM
මුලින්ම මමත් ඔයාව උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
මමත් මේ ෆිල්ම් එක බලලා නෑ.
දැන් උපසිරැසි එක්කම බැළුවහැකි.
බොහෝම ස්තූතියි රවීන්ද්‍ර.

ජයවේවා.......

Gecko
07-13-2012, 08:21 AM
චිත්‍රපටියටයි උපසිරැසි වලටයි බොහෝම ස්තුතියි

*maheshi*
07-13-2012, 11:34 AM
අලුත් යාලුවෙක් ලස්සන ෆිල්ම් එකකට දිලා නේ.මේක නම් බලන්න වෙලා නෑ.මේක අරන් බලන්න ඕන.
ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටියක උපසිරැසි අරන් එවි කියලා හිතනවා.

ips
07-13-2012, 12:35 PM
GOOD WORK BRO.....

PASANJAYASINGHE
07-13-2012, 06:54 PM
Thank you Thank you..........
දැන්ම Download කරන් බලනවා.
Good luck friend..........

නලුබබා
07-14-2012, 04:05 PM
සුබපැතුම් රවීන්ද්‍ර අයියට

kuma.lk
07-16-2012, 01:35 PM
හැමෝම හොඳයි කියනවම් නොබල බෑ නොවැ........ :yes:

Time Traveler
07-20-2012, 11:19 PM
මෙම චිත්‍රපටිය අදයි මට බලන්න පුලුවන් වුනේ.මේ ෆිල්ම් එක මුල හරිය බලනකොට ටිකක් කම්මැලියි කියා ඔයාලට සමහර විට සිතේවි.නමුත් මේ මූවි එක ඔයාලා ඉවරවෙනකම්ම බැලුවොත් ඔයාලට සිතේවි මෙය තමන් බලපු හොඳම චිත්‍රපටයක් කියලා.ඒ වගේම මෙහි මතකය ඔයාලගෙ ජීවිතකාලය පුරාවම පවතීවි.නොපසුබට වීර්යය පිළිබඳව පෙන්නුම් කෙරෙන ඉතා ලස්සන චිත්‍රපටියකි.