PDA

View Full Version : The Raven [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-15-2012, 11:26 PM
The Raven [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=161)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=161))




http://www.zoom.lk/forums/downloads/subs/raven/raven.jpg
ඔබ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත්තනම් හෝ ඉගෙන ගන්නවානම් "Edgar Allan Poe" කියන මහා කවියා ගැන නොදන්නවා වෙන්න බෑ. ඔහු 1809 වසරේ උපත ලැබ ඇමරිකානු සාහිත්‍යයේ ආදරය පිළිබඳව කවි වල නවතම පරිච්ජේදයක් ලියපු මහා කළා කරුවෙක්. නමුත් ඔහු අවාසනාවන්තයි. ඒ මන්ද ඔහු කොපමණ ආදර කවි ලියුවත් ඔහුගේ ආදරය බේරාගැනීමට ඔහුට තම ජීවිතය පවා ඇය වෙනුවෙන් කැපකරන්න සිද්ද වුනා.
ඒ මේ මහා කළා කරුවාගේ මරණය අදටත් රහසක් ලෙසට පැවතීම නිසයි. 1849වසරේ ඔක්තෝම්බර් 3 වෙනිදා ඔහු මරණාසන්නයේ සිටියදී සොගෙන තියෙන්නේ බල්ටිමෝ කියන පාර අසලදියි. ඒ මරණය මේ මහා ආදර නීය කවියා හට ඇතිවුනේ කොහොමද කියල තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ.

Arthur Conan Doyle විසින් සිතින් මවාගත් චරිතයක් වන Sherlock Holmes ගේ චරිතයට ඔබ කොතරම් ආදරය කරනවද ? ඔහුගේ චිත්‍රපටි නවකතා, ටෙලි නට්‍ය බැලීමට ඔබ කොතරම් ප්‍රියක් දක්වනවද ? එසේනම් මෙන්න ඒ සිතින් මවාගත් චරිතයෙන් ඔබ්බට ගිය සැබෑ ලෝකේ ජීවත්වුණු පුද්ගලයෙක්ගේ මරණය වටා පොලිස් පරිෂක වරයෙකු සමග කෙරෙන පරීක්ෂණය. කතාව ගැන හැඳින්වීමක් කරනවානම්, Edgar Allan Poe කියන පුද්ගලයා කොතරම් ප්‍රසිද්ද පුද්ගලයෙක් වුනත් ඔහු මිල මුදල් අතින් ඉතා දුර්වල තැනකයි ස්ථාන ගත වුනේ. නමුත් ඔහුගේ ආදරවන්තිය වුනේ එදා එම ප්‍රදේශයේ සිටි ධන කුවේරයෙකුගේ දියනියක්. පුද්ගලයෙක් විසින් Edgar Allan Poe විසින් රචනා කරන ලද කවි සහ කතා ඇත්ත ජිවිතයේ ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක කිරීම තුලින් ඔහු වටා සිටින මිනිසුන් විශාල පිරිසක් මිය යනවා. ඒ සමගම මොහුගේ ආදරවන්තියවත් මේ පුද්ගලයා විසින් පැහැරගෙන යනවා. අයව බේරාගැනීමට Allan Poe හට මේ මිනීමරුවා නොයෙකුත් ආකාරයේ හෝඩුවාවන් ලැබ දෙනවා. නමුත් ඒ හෝඩුවාවන් පිටුපස ගොස් මේ ඇයව බේරාගැනීමට හැකි වෙයිද ? මිනීමරුවා කවුරු වෙයිද ? Edgar Allan Poe හට අවසානයේ කුමක් වෙයිද ? චිත්‍රපටයේ මුල සිටම අග දක්වා ඇසිපිය නොගසා බලන්න හැකි නිර්මාණයක් මේ. ඒ වගේම ඔබ චිත්‍රපටි රසිකයෙක් නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්.

ඒ වගේම මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත්වුනේ අද(15) උදෑසනයි. ඒ වගේම මම මේ චිත්‍රපටයට තෙබෙන ආසාවටද මන්දා මට දිනක් ගතවන්නටත් පෙට මුළු චිත්‍රපටයේම ලයින් 1200 ක් උපසිරසි ගන්වා නිම කරන්න හැකි වුනා. මෙය මම විසින් ඉක්මනින්ම කරන ලද උපසිරසි ගැන්වීම වනවා ඇති.තවද මේ මගේ 25වන උපසිරැසි ගැන්විම කියලත් මතක් කරන්න ඕන. ඒ වගේම තව දෙයක් කියනවනම් මේ චිත්‍රපටයේ බොහෝ විට අඩංගු වුනේ Shakespeare ගේ ඉංග්‍රීසි වදනුයි. සමහර වදන් සිංහල ශබ්ධකෝෂ තුල පවා සොයාගැනීමට නොහැකි වුනා. නමුත් සාහිත්‍යමය වටිනාකම අඩු නොවන සේ උපසිරසි ගැන්වීම කරනු ලැබුවා. ලිපය සහ උපසිරැසි ගැන්වීම අවසන් කලේ 15/07/2012 රාත්‍රී 9.55 ටයි





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Zen
07-15-2012, 11:35 PM
අද උදේ ආව ෆිල්ම් එකක් පැය 12කින් විතර මෙන්න සිංහල සබ් එක්කම දිලා... :clap:
නියමයි උදාර.25 වැනි සබ් එකට උණුසුම් සුභපැතුම්.මේකත් අනිවාර්යෙන් අරගන්නවා.බොහෝම ස්තුතියි නැවතත්.

Hash
07-15-2012, 11:49 PM
නියමයි මචන් සුපිරි වැඩක්!

පොඩ්ඩා
07-15-2012, 11:53 PM
මෙන්න මේ තියෙන්නේ නියම වැඩ දෙන්න ඉන්න චිත්‍රපටි හොරෙන් දාන සයිට් වල අයට වඩා අපේ සූම් එකේ කොල්ලන්ගේ වටිනාකම මේකයි.නියමයි රොකියා. උබේ සබ් නම් නියමයි නේ.ගතියටම තියනවා.මේකත් අනිවාර්යෙන් හෙට අනිද්දම අරන් බලන්න ඕන.ජයවේවා සූම් එකට.

CJA
07-16-2012, 07:14 AM
පට්ට අයියෙ, මේක නම් නියමයි වගේ.. ගොඩක් ස්තූතියි සබ් එකට.. 25 වන උපසි‍රැසියට මගෙන් සුභ පැතුම්.. ජයවේවා...

:thumbsup::thumbsup::clap::clap:

Demax
07-16-2012, 07:43 AM
උදේ පාන්දරම මනස කලම්බන ෆිල්ම් එකක් දිලානේ.අදම බලන්න ඕන මේක බාලා තැන්ක්ස් මචන්.

BLacK HuNTeR
07-16-2012, 07:46 AM
ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා මචන්

Punisher
07-16-2012, 08:01 AM
ආව ගමන් සබ් දුන්නද? :O මරුනේ බන්.මම හිතන්නේ ඉක්මනටම සබ් දාපු ෆිල්ම් එක වෙන්න ඇති මේ.25වෙනි සබ් එක නියම එකකටම දුන්න එක ගැන නම් සතුටුයි! මම මේකට කවුරු හරි සබ් දෙයි කියලා හිතුවා එත් මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙම නෑ.
නියමයි සබ් එකත් එලටම ඇති.බලල තව කමෙන්ටුවක් කොටන්නම් කෝ.

*maheshi*
07-16-2012, 08:02 AM
ඕක තමයි කියන්නේ වැඩකාරයට බොරු බැ කියලා.කොහොමද වැඩේ ෆිල්ම් එක දවසින් දිලා.(දවසක්වත් ගිහින් නෑ වගේ) මට නම් මෙච්චර ඉක්මනට සබ් එකක් දාන්න බෑ.ඒ අතින් උදාර ඔයා නම් නියමයි :thumbsup::thumbsup::thumbsup:
25 වෙනි උපසිරැසි එකට සුභපැතුම්.

Dilshan
07-16-2012, 08:09 AM
බොරු කයිවාරු නැතුව සූම් එකේ කොල්ලෙක් මෙන්න ක්‍රියාවෙන්ම වැඩේ පෙන්නලා.මෙන්න මෙහෙමනේ සබ් දෙන්න ඕන.
අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට මගෙන් ඔබට අචාරය :yes:

gamage
07-16-2012, 08:33 AM
මෙන්න උණ උණු වෙම සබ් එකක් දිලා එල!!!

Anushiz
07-16-2012, 05:25 PM
අලුත්ම එකක් නේද? මේකේ කතාව හැටියට නම් බලන්න ආස හිතෙන එකක්.අරන්ම බලන්නම් කෝ :)

sts
07-16-2012, 09:23 PM
Mekath patta Film ekak wage.

heta bannawa.

නලුබබා
07-16-2012, 10:24 PM
නියමයි මචන් සුපිරි වැඩක්!

tharaka
07-17-2012, 12:07 AM
25 වෙනි සබ් එකට සුභ පතනවා.
තවත් ලස්සන ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් දෙන්න ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා

CREATIVEN
07-17-2012, 03:33 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

මරු හිරා
07-17-2012, 11:10 AM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif

PASANJAYASINGHE
07-17-2012, 01:58 PM
Thanks සහෝ sub එකට
Good luck.....

imax
07-18-2012, 01:35 PM
:clap::clap::clap: