PDA

View Full Version : SMS එකක් යවා මොබයිල් ෆෝන් එක ඕ‍‍‍ෆ් කරන්න.



thushan10
07-21-2012, 10:43 AM
සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත් හොයාගත්ත නිසා කට කහනව වගේ:P, මේ ගැන දන්නෙ නැති අයට කියන්න කියල හිතුනා. දන්න අය නම් කොහොමත් දන්නවනේ. ඔන්න එහෙනම් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ.

මෙහිදී අපේ මොබයිල් ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). තවත් සමහර SMS වලින් ‍ඒ SMS එක කියවල පහලට යන්න හදනකොට හරි Edit කරන්න හදනකොට හරි ෆෝන් එක ඔෆ් වෙනවා. ඒත් සමහර ෆෝන් වලට ආපු SMS වලින් නම් ෆෝන් එක ආයෙම ඔන් කරන්නේ නැහැලු (Restart). එහෙම උනාම අයෙම අපිට ෆෝන් එක ඔන් කරන්න වෙන‍වා. මම මේ දේ කියන දේ අහල මේ දේ කරන්න උත්සාහ කරනව නම් ‍රජෝ, ඔයාලගේ ෆෝන් වල වගකීම ඔයාලම ගන්න ඕන හොදේ. ‍

ඇත්තටම මේක හරි සරල SMS එකක් යවල කරන්න පුලුවන් දෙයක්. හැබැයි මේ SMS එකෙන් හැම ෆෝන් එකම ඕෆ් කරන්නත් බැහැ. NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110 ව‍ගේ ‍ෆෝන් තමයි මේකෙන් ඔෆ් කරන්න පුලුවන් වෙන්නේ.

මම මේ පහල දෙන SMS එකෙන් වෙන්නේ ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම හරි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). මේ SMS එක මකන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ලේසියෙන්. ඒත් SMS මකන්න නම් සමහර ෆෝන් වල SMS Open කරන්නම ඕන වෙනවනෙ. එහෙම ෆෝන් එකක් නම් Open නොකර Delete Messages වලින් අදාල SMS එක Mark කරල මකල දාන්න. මොකද කියනව නම් Open කරල මකන්න හදන හැම වෙලාවෙම ‍ෆෝන් එක ඕෆ් වෙනවනෙ. ඒකයි.


මෙන්න SMS එක
( ' ) 79 ක් ටයිප් කරල අදාල ෆෝන් එකට SMS එකක් යවන්න.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''' '''''''''''''''''''''''''''''''''''''''''''''''''' '''''''''''''''''''''''''''''''''''''''''''''''''' '''''''''''''''''''''''''''''''''''''''''
එහෙනම් ජය වේවා!

MANJU
07-21-2012, 10:46 AM
අපෝ ගුටිකන වැඩක්නේ මේක ෆොන් එක ජිල්ලබකටිවුනොත් චිල්ලමලේ වෙන්න කන්න පුලුවන්

*maheshi*
07-21-2012, 11:01 AM
NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110

පාවිච්චි කරන කෙනෙක් තමයි නැත්තේ..

මරු හිරා
07-21-2012, 12:23 PM
elaz

Time Traveler
07-21-2012, 02:23 PM
elaz

:yes:

Naveen
07-21-2012, 02:26 PM
:cool:

thushan10
07-21-2012, 02:36 PM
:announce::zoom::41_002:
මෙන්න මම Member වෙලා

Time Traveler
07-21-2012, 02:39 PM
:announce::zoom::41_002:
මෙන්න මම Member වෙලා

:yes:
http://www.worldlinedancenewsletter.com/Dancers/animated_dancing-boy.gif
:clap::clap:

Jithmi
07-21-2012, 04:12 PM
:announce::zoom::41_002:
මෙන්න මම Member වෙලා

සුභපැතුම්.. ඇත්තටම මේ ක්‍රමය අළුත් ඒවාට හරියන්නෙ නැද්ද?

MANJU
07-21-2012, 04:34 PM
:announce::zoom::41_002:
මෙන්න මම Member වෙලා

සුභපැතුම්

CJA
07-21-2012, 05:12 PM
elaz

CJA
07-21-2012, 05:13 PM
:announce::zoom::41_002:
මෙන්න මම Member වෙලා

:thumbsup::thumbsup: