PDA

View Full Version : Shanghai [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-29-2012, 06:56 AM
Shanghai [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=171)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=171))



http://www.zoom.lk/forums/downloads/subs/shanghai/shang2.jpg
කොහොමද කට්ටියට මම මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණය අරන් තමයි අද ආවේ.මේක නම් වෙනස්ම වෙනස් චිත්‍රපටියක්.ඒ වගේම IMDB හි 7.8ක විශාල රැන්ක් එකක් ලබාගත්ත චිත්‍රපටියක්.අපි බලන සුන්දර කතා වෙනුවෙට සමාජයේ ඇත්ත ගැන කතා කරන්න ගත්ත චිත්‍රපටියක්.ඔබ දේශපාලනයේ හොර මැරකම් වංචාකිරිම් හෙළිකරන චිත්‍රපට නැරඹිමට කැමතිද? sarkar,sarkar raj වගේ චිත්‍රපටි වලට ඔබ කැමතිනම් ඒ අයට මේ චිත්‍රපටිය බලන්න කැමති වේවි.මම කලින් කිව්වා වගේ කවුරු හරි මැරුව නිසා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා 20කට විතර ගහලා අන්තිමට දුෂ්ටයව මරණ කතාවක් නම් නෙමෙයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.මේ වගේ බැරෑරුම් චිත්‍රපටියකට මම උපසිරැසි දාන්න හිතුවේ ඇයි කියලා බලනවා ඇති.මම අකමැතිම දේ තමයි දේශපාලනය.කොහොම උනත් ඊයේ (28) උදේම 9ට විතර මට Hedz කිව්වා ෆිල්ම් එකක් තියනවා බාගයක් විතර දාලා දෙන්න පුලුවන්ද කියලා.ඒක නිසා මේක ඩවුන්ලොඩ් කරලා අරන් 10විතර පටන් අරන් දවල් 12වෙද්දි ක්ලාස් යන්න කලින්ම චිත්‍රපටියේ අඩක්ම වැඩ ඉවර කලා.මටම හිතුනා මේක මමම දිගටම දැම්මා නම් හොදයි කියලා.එක නිසා සම්පුර්ණ චිත්‍රපටිය මම භාරගත්තා.හැබැයි මම එනකොට උදාර (රොකියා) සබ් එකේ වැඩ ටිකක් කරලා එවලා තිබ්බා.එක නිසා තවත් ලේසි වුන නිසා මම ඊයේ (28)රැ 8 වෙද්දි වැඩ ඉවර කලා.වෙන චිත්‍රපටියක් පලකරපු නිසා මේක ඔයාලට ලැබෙන්නේ අද (29) උදේ තමයි.මේ ෆිල්ම් එකට සබ් දාන කොට ලොකු ප්‍රශ්නයකට මුණ පැවා.ටොරන්ට් එක ගන්න ඔයාලත් ඕන නම් බලන්න ඉංග්‍රිසි සබ් එක හරියටම විනාඩි 55 ඉදන් චිත්‍රපටියට වඩා පරක්කුවෙලා තමයි සබ් එක යන්නේ.එක කොහොම හරි ඇඩ්මින් එක්ක එකතු වෙලා දන්න සෙල්ලම් සේරම දාලා හදලා ඔයාලා වෙනුවෙන් ගානට හරියට වෙලාවට පෙන්න සබ් එක හැදුවා.මේකේ සිංදු 2ක් තියනවා එකේ සබ් කොපි එකේ තිබ්බ නැති නිසයි දාලා නැත්තේ නැතුව තිබිලා මගහැරියේ නම් නෑ.පුලුවන් හැමදේම අපි ලයින් හදලා සබ් එක ඉවර කරන්න කටයුතු කලා.

අම්මෝ උඩ කියවලා තියනවා නේද ගොඩක්! :D ගණන් ගන්න එපා ගැණු ළමයි උනාම ගොඩක් කියවනවා.දැන් චිත්‍රපටියේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙන්නම්.ඉන්දියා ේ ප්‍රාන්ත ආණ්ඩුවක් විසින් නගරය දියුණු කරනවා කියලා පාරවල් හදනවා කියලා අහිංසක ජනතාවගේ ඉඩම් කුණුකොල්ලයට අත්පත් කරගනිමින්,ඔවුන්ට ඉඩම්දෙන බව කියමින් රවටමින් ඔවුන්ගේ ඉඩම් බලෙන් ලියාගෙන ඔවුන්ව ඇත ප්‍රදේශ වල පදිංචි කරන්න යනවා.හුගක් මිනිසුන් මේකට විරුද්ධ උනත් ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉන්නේ නෑ.මේ අතර ඇමරිකාවේ ඉදන් ඩොක්ටර් අහමද් නැමැති පුද්ගලයෙක් මොවුන් වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව පෙනි සිටිනවා.ඔහුට උදව් කරන්නේ ඉන්දියාවේ පිරිසක්.ඒ අතර ගැණු ළමයෙක් සිටිනවා ශලනි කියලා.එයාට ඩොක්ටර් අහමද් ඉන්දියාවට එන්න කලින්ම අනතුරු ඇගවිමක් ලැබෙනවා එයාව ඝාතනය කරන්න සැලැස්මක් තියනවා එන්න එපා කියන්න කියලා.එත් අහමද් එක ගණන් නොගෙන නොබියව අසරණ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න පාරට බහිනවා.එයට ශලනිත් උදව් කරනවා.මේ අතර මගදි අර ආපු අනතුරු ඇගවිම ඇත්ත වෙනවා.ඩොක්ටර් අහමද්ව අනතුරකට පත් කරනවා.මේක කරන්නේ කවුද කියලා ශාක්ෂි ඇතුවම ඔප්පු කරන්න ශලනි සාක්ෂි සොයමින් යනවා.මේ ගමනේදි ඔහුට තවත් කෙනෙක් හමුවෙනවා ඔහු ජොගි නම් කැමරාකරණ ශිල්පියෙක්.මොවුන් ඇත්ත මිනිමරුවන් නිතිය ඉදිරියට අරන් එයිද?නැතිනම් ඔවුන්ගේ ජිවිත වලින් වන්දිගෙවිමට සිදුවෙයිද.නැත්නම් ඔවුන් හිටි හැටියේ අතුරුදහන් වූ අය වෙයිද? මේ සේරම දැන ගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.මෙහි ශලනිගේ චරිතයට Kalki Koechlin පණපොවන අතර ජොගි ගේ චරිතය නිරුපණය කරන්නේ Emraan Hashmi විසිනි. එහෙනම් අරන් බලලා අදහසක් කියලා යන්න.ඒ වගේම චිත්‍රපටියට සබ් දාන්න මාව දිරිමත් කරපු ඇඩ්මින්ටත් එය සදහා උදව් කරපු උදාර ටත් ස්තුති කරමින් අදහසක් දාලාම යන්න කියලා ඉල්ලමින් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් (http://www.zoom.lk/forums/member.php?u=4940) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

gamage
07-29-2012, 07:33 AM
ගැණු ළමයෙක් උනා කියලා චිත්‍රපටි තෝරාබේරා ගැණිමක් කරන්න කිසිවිටකත් අවශ්‍ය වෙන්නේ නෑ.චිත්‍රපටිය හොදයි නම් බය නැතුව ඒකය සබ් දෙන්න.අපි කවදාවත් අපෝ ගැණු ළමයෙක් වෙලත් මේ වගේ එවා ඔයාලා බලනවනේ කියලා හිතන්නේ නෑ.අපි ස්තුති වන්ත වෙනවා මේ වගේ චිත්‍රපටිවලට ඔයාලා උපසිරැසි ගන්වලා දෙනවට.අනිත් කාරණාව තමයි අන්තර්ජාලේ සිංහල උපසිරැසි ගැණූ ළමයි ඉන්නේ 3දෙනයි මම දන්න විදියට.3දෙනාම ඉන්නෙත් ZOOM එකේ.එයින් කෙනෙක් ඔයා.ඔයාලත් හොද ෆිල්ම් දෙන්න.මේ චිත්‍රපටියට බොහෝම ස්තුතියි.සුභ පැතුම්.
තවත් හොද එකකට දෙනකම් අපි බලන් ඉන්නවා. :yes: :yes:

Angel_senuri
07-29-2012, 07:40 AM
Thank you Shenali.. nice wrk.. keep it up!!!

Amila
07-29-2012, 07:41 AM
අදත් හින්දි එකක් දිලා නේද කොහොමද සුම් කොල්ලෝ කෙල්ලන්ගේ වැඩ දෙනකොට දෙනවා චිත්‍රපටි එක පිට එක!!
තව තවත් උපසිරැසි දාන්න හැකිවේවා!

akmeemana
07-29-2012, 08:00 AM
elakiri thanks
keep it up sister

*maheshi*
07-29-2012, 08:00 AM
Thanks Shenali ඔයත් දැන් මේ විදියට උපසිරැසි දාන්න පටන් ගත්ත එකනම් ඇත්තටම ගොඩාක් හොද දෙයක්.ඔයාටත් ඉක්මනට දැන් උපසිරැසි දෙන්න පුලුවන් එක තවත් හොදයි.

Hash
07-29-2012, 08:04 AM
අක්කියෙක්ද නංගියෙක්ද දන්නේ නම් නෑ මොනා උනත් ලොකු දෙයක් කලේ සබ් එක දිලා

Viraj_rox
07-29-2012, 08:24 AM
ඊයේ එකක් දුන්නා අද මෙන්න තවත් එකක් පට්ට පට පට

මරු හිරා
07-29-2012, 08:29 AM
thanks

Punisher
07-29-2012, 09:07 AM
මේක මම දෙන්න හිටියත් කාර්්‍යබහුල නිසා දෙන්න බැරි උනා.මම නොදුන්නට මොකෝ මේ දිලා තියෙන්නේ කොපි එක ඇවිත් දවසක් දෙකක් යද්දිම.බොහෝම ස්තුතියි

Udara|රොකියා
07-29-2012, 09:22 AM
නියමයි ! මම දැනගත්තා මේක ඉක්මනටම ඔයාට දෙන්න පුළුවන් වෙයි කියල. නියමයි. තවත් ලස්සන චිත්‍රපටයක්කට සබ් දාන්න !

Demax
07-29-2012, 09:23 AM
අලුත්ම ෆිල්ම් එකක් උණු උණු වෙම දිලා නේද මෙන්න මෙහෙමනේ ඉන්න ඕන.නියමයි කෙල්ලේ

copper
07-29-2012, 10:42 AM
එල එල ඔය තියෙන්නේ තවත් සුපිරිම චිත්‍රපටියකට සබ් දිලා..ඒක නම් හොදයි මේක අද අරන් බලන්න පුලුවන් එහෙනම් !

පොඩ්ඩා
07-29-2012, 11:53 AM
නියමම නියමයිනේ!!

CJA
07-29-2012, 03:42 PM
එල නියමයි අක්කෙ, තවත් හොද ‍ෆිල්ම් වලට සබ් දෙන්න.. nice wrk once again

TharinduFox
07-29-2012, 03:55 PM
ලස්සන ෆිල්ම් එකක් වගේ උපසිරැසි එකට තුති.

Naveen
07-29-2012, 06:18 PM
මේ ‍ෆිල්ම් එක දෙයි කියලා හිතුවා.
ස්තූතියි අපි වෙනුවෙන් මහන්සිවෙලා උපසි‍රැසි යෙදුවට.
තව තවත් උපසි‍රැසි යොදන්න ශක්තිය ධෛරයය ලැබේවා !

Dilshan
07-29-2012, 09:23 PM
නියමයිනේ හොද ෆිල්ම් එකක් වගේ අරන් බලන්නම් :)

PASANJAYASINGHE
07-29-2012, 09:28 PM
Thanks Friend.......

Castiel
07-29-2012, 10:54 PM
නියමයි නියමයි, ස්තූතියි උපසිරැසියට,

Shenali
07-29-2012, 11:14 PM
මාව දිරිමත් කරලා අදහසක් දාපු හැමකෙනාටම ගොඩාක් ස්තුතියි :yes:

dani_baba
07-29-2012, 11:21 PM
thanks 4 subtitle

BLacK HuNTeR
07-29-2012, 11:37 PM
වෙනස් විදියක ආරක් ගත්ත චිත්‍රපටියක් වගේ.අනිවාර්යෙන් අරන් බලන්නම් :):

tharaka
07-29-2012, 11:59 PM
ලස්සන ෆිල්ම් එකකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
ඉක්මනට ෆිල්ම් දෙන එකනම් ගොඩක් හොඳයි.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා.

RaviTH
07-30-2012, 06:51 AM
නියමයිනේ! හින්දිනම් තව වෙන මොන කතාද ඩවුන්ලොඩ් කරන්න තමය ිතියෙන්නේ.

sanjewa87
07-30-2012, 07:07 AM
:yes::thumbsup::thumbsup: