PDA

View Full Version : Chatur Singh Two Star [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-29-2012, 09:32 PM
Chatur Singh Two Star [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=172)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=172))



http://www.zoom.lk/forums/downloads/subs/chatur/chathur2.jpg
ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතිං මම ආයිත් ඔයාලට අළුත් අත්දැකීමක් එක්ක චිත්‍රපටයක් ගෙනාවා. හැබැයි මම මේ පොස්ට් එක ලිවුවට මේකේ නියම උරුමක්කාරයා අපේ අළුත් සාමාජිකයෙක්. මේක එයාගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. එයාගේ නම ඉසුරු මධුසංග පෙරේරා (Kim Prez).මම මේ උපසිරැසි නිර්මාණයේ සපෝටින් රෝල් එකක් විතරයි. මේකේ පූරෟණ අයිතිය ඉසුරු සතුයි. ඉතිං අපේ නැගී එන උපසිරැසි නිර්මාණ කරුවන්ව දිරිමත් කිරීමේ චේතනාවෙන් තමයි මම වැඩේට උදව් කලේ.

දැන් ඉතිං වැඩිය වැල්වටාරම් නැතුව කතාවට බහිමුකෝ. මේක ගිය අවුරුද්දේ ඉන්දියාවේ තිරගත වෙච්ච මැක්සාම මැක්සා කොමඩියක්.කතාවේ හැටියට චාතූර් සිං(සන්ජය දත්) කියන්නේ ඉන්දියානු පොලිස් දෙපාර්තමේන්තුවට සේවය කරන මෝඩ පහේ රහස් පරීක්ෂකයෙක්. ඔහුට සහ ඔහුගේ ගෝලයාට දකුණු අප්‍රිකාවේ ඉන්න ඉන්දියානු මිනිමරුවෙක්ව අල්ලගෙන එන්න මෙහෙයුමක් භාර දෙනවා. මෙම මෙහෙයුම සිදුකරන අතරතුර ඔහුටත්, සගයටත් විවිධාකාරයේ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොවුන්ට තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒක කරන්න ඔවුන් මොනවගේ උපක්‍රම භාවිතා කරනවාද? කියල ෆිල්ම් එක බාගෙනම බලන්න කියනවා.

සති අන්තයේ හොඳට විනෝදයෙන් ගතකරන අතරතුර බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මම නිර්දේශ කරනවා. ආ තව දෙයක් ඉසුරුගේ මේ වැඩේට ශක්තියක් දෙන්නත් එක්ක කස්ටියම තමන්ගේ අදහස් ඵලකර යනමෙන් මා සැමටම ආරාධනා කරනවා.

“ජයවේවා“

සැමට සතුටින් පිරි දිනයක් වේවා!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) සහ Kim Prez (http://www.zoom.lk/forums/member.php?u=7055) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dilshan
07-29-2012, 09:51 PM
තවත් සබ් එකක් මෙහෙම ෆිල්ම් දෙනවා නම් මොනා කරන්න බැරිද...අලුත් යාලුවාවත් සාදරයෙන් පිළිගන්නවා තව අලුත්ම අලුත් සුපිරි එකක් තොරගෙන සබ් දෙන්න .

1118lakmalkumara
07-29-2012, 09:55 PM
Ela Maxxxaa Kollekne ehanam ayubowewa kiyala download karami

Thanks Sahodaraya

Udara|රොකියා
07-29-2012, 10:01 PM
දෙන්නටම හුඟක් ස්තූතියි෴
ඒ වගේම උපසිරසි කණ්ඩායමට අලුතින් එකතුවුණු ඉසුරු සහෝදරයාටත් සුභ පතනවා ඉදිරියේ තවත් හොඳ නිර්මාණ ගේමට හැකි වෙන්න කියල!

Viraj_rox
07-29-2012, 10:01 PM
නියමයි! තව හොද ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ජයවේවා!

copper
07-29-2012, 10:49 PM
තවත් අලුත් යාලුවෙක් එකතු වෙලා නේද නියමයි නියමයි සාදරයෙන් පිළිගන්නවා.
ඔයාගේ චිත්‍රපටියටත් ගොඩාක් ස්තුතියි

Castiel
07-29-2012, 10:50 PM
නියමයි, තව තව ඉදිරියට දකින්න ලැබෙයි එහෙනම්,

dani_baba
07-29-2012, 11:20 PM
thanks 4 subtitle

BLacK HuNTeR
07-29-2012, 11:35 PM
එල එල බලලම කමෙන්ට් එකක් දාන්නම්කෝ.
අලුත් සබ් දාන්න එකතු උන යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා.

tharaka
07-30-2012, 12:04 AM
ලස්සන ෆිල්ම් එකකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
ඉක්මනට ෆිල්ම් දෙන එකනම් ගොඩක් හොඳයි.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා.
දෙන්නටම ජයවේවා.

CJA
07-30-2012, 01:23 AM
නියමයිනෙ, අලුත් යාලුවෙක්ගෙ සුපිරි වැඩක් වගේ, එල දිගටම සබ් දෙමු මචං, සුරංග අයියටත් ගොඩක් ස්තූතියි.. ජයවේවා දෙන්නටම...

Time Traveler
07-30-2012, 02:17 AM
සබ් දුන්නට හුඟක් ස්තූතියි යාලුවා!

මරු හිරා
07-31-2012, 03:45 PM
:cool:

sujeewa
07-31-2012, 07:17 PM
නියමයි

PASANJAYASINGHE
08-13-2012, 03:09 PM
හින්දි Film එකක් නේද.........
Thanks Friend.